||බුලත් ඉරුවක ලියුනු හසරැළි||
සංතාපලන අහසත් සුසුම්ලන වැහි පොදත් නිසා....ගිණියම් වී තිබූ පොළොව දුම් දමා නිවෙන්නට විය
හැන්දෑව යන්තම් කලු ගැහෙද්දී සිතට එකිනෙක කුතුහලය පිරුණු සිතිවිලි සමූහයක් ගොනු වෙන්නට විය
කෙසේ නමුත් මා මගේ ජීවිතයට මුහුණ දෙන්නට අදිටන් කර ගත්තේ අන් විකල්පයක් නොවූ නිසා ම පමණි.....
එදා දවල් වෙන්නට මත්තෙන් එනවා කී කොළඹ මහත්තයා ගේ වාහනයට වැලි මිරිකෙන සද්දය මිදුල මැද හරියෙන් ඇසුනි......
ඒ වන විටත් කණ්ණාඩි මේසය ලඟ අම්මා මාව ලෑස්ති කරමින් ඉඳියා ය
කපු රෙද්දෙන් කල කණ පාට වාටියක් තිබූ අම්මාගේ ලා කහ පාට සාරියට මා හැඩ බව ඈ කියද්දී ඇතිවූ ලැජ්ජා සහගත සිතිවිල්ල තවමත් සිතට සිනහ ගෙන දෙන්නකි
ගුලියක් ගැසූ කොණ්ඩය උඩින් මල් පොකුරක් ගැසූ ඇය බුලත් හෙප්පුව සුදු කපු රෙද්දකින් වසා මා අතට දී සාලයට පිටත් වුණි
ටික වෙලාවකින් ඈ දොර රෙද්ද යන්තමට මෑත් කර මට එන්නට යැයි ඉඟි කල විට බුලත් හෙප්පුව වැසූ සුදු රෙද්ද මත දෑස් තියා මා පිටත් වුයේ හිතේ හෝදිස්සියට මෙනි.....ඇරත් නන්නාඳුනන අයෙකු ගේ ඇස් දෙස ලැජ්ජාව පිරුණු මනැසින් කොහොම බලන්නද
''අක්ක ලස්සන වෙලා.....''
සුපුරුදු ඇගේ කටහඬ ඇසෙන්නට වූයෙන් ඇවිත් හිඳින්නේ නුඹ ම බව මම වටහන්නට විය
දෙනෙත් තවත් ලැජ්ජාවෙන් තෙත් වුනේ සතුට මුසු කඳුලු කැට ද සමඟ ය....
ලාවට මගේ සුළැඟිලි පිරිමදිමින් නුඹ බුලත් හෙප්පුව ගනිද්දී නම් මට දැනුනේ කරන්ට් එක වැදෙනවා වගේ විය
නුඹ දෙස බලන්නට හදවත දහස් වරක් අයදිද්දී කට කොනේ සිනහවක් ගවසාගෙන නුඹට දණ නමා වැඳ නුඹේ අම්මාටත් තාත්තාටත් වඳින්නට විය.......
කුමක් හෝ විපර්යාසයක් සිදුවන්නට ඇත......
එක්වරම නුඹේ අම්මා තාත්තා මට කැමති වූයේ ඇයිද කියා මා මගෙන් පවා විමසූවෙමි.....
නුඹ යන තුරු ම හිඳ මා හීන්සීරුවට බුලත් හෙප්පුවේ සුදු රෙද්ද ඉවත් කර බැලූයේ මගේ සැකය හැර ගැනීමට පමණි
තව දුරටත් රුධිරයෙහි පවා ප්‍රේමණීයත්වය ගැබ් කරමින්...නුඹ අතට ගත් බුලත් කොලයෙන් ඉරුවක් පමණක් ඉතිරි කර තිබුණි.............
මතු සම්බන්ධයි.....!!
__අහස්...✍️__