'' ජීවිතයේ මුණගැහුණු වාසනාවන්ත යෙහෙලිය ට.....
පලමුව මට සමාවෙන්න...දෙවනුවත් තෙවනුවත් මට සමාවෙන්න
ඔබ සමඟ නොකියා සිටිය යුතු හා ඔබ නොදැන සිටිය යුතු බොහෝ දේ දැන් ඔබ දැනගෙන අවසන් ය
මෙතෙක් කල් ඔබ මිතුරියක් ලෙස හදවතට ලං වූ වාර අනන්තය......
ඔබේ අයියාව අනාචාරයෙන් මිදීම සඳහා ඔබ එකඟ නම් මම ඔබට එක් යෝජනාවක් කරමි.....
නමුත් ඔහු තවදුරටත් ප්‍රේමය විශ්වාස කරයි නම් පමණක් ඒ යෝජනාව සාර්ථක විය හැකි ය......
කරුණාකර මෙය කියවූ පසු ඉරා විසි කරන්න.....
මිතුරු කම මත ඔබ විශ්වාසය කඩ නොකරාවි යැයි සිතමි
මේ කොලය යට ඇති ලියුම් කවරය ඔහුට ගෙනිහින් දෙන්න.....නමුත් ඔබ කැමති නම්
නොකියා ම පිටත් වීම ගැන කනස්සල්ල ප්‍රකාශ කරමි......''
වියැලුනු වැරනියා මල් ඉත්ත........
නුඹට දුන්නේ ඇය නිසා පමණක් ම ය
පෙම්වතෙකු අහිමි වීමේ දුක ට වඩා සොහොයුරෙකු අහිමි වීමේ දුක බර වැඩිය
මට කිසිලෙසකින් එහි කොටස් කාරයෙකු වීම අනවශ්‍යය වී තිබිණි
එතැනින් පසුව කුමක් කෙලෙස සිදුවූවා දැයි නොදනිමි
නැන්දලා ගෙදරට එන දිනය ලං ව තිබුණි
සියල්ලෝම එදින ට පවා ලකය ට සූදානම් වෙන්නට පටන් ගැනිනි
කලු පාට කාර් එකක් මිදුල හරස්කරන්නට විය
සරමකට කෝට් එකක් ඇඳි නෝන්ජල් පෙනුමක් තියන කපුවෙක් එයින් බැස දොරකඩට විත් විදුලි සීනුව නාද කරන්නට විය
තාත්තා ත් අම්මාත් ගිහින් ඒ මිනිහා එක්ක හරි හරියට කතා කරන්නට විය........
''අපේ නෑයො වෙන දරුවෙකුත් මේ හෙට අනිද්දට කෙල්ලව බලන්න එනව කියල නම් කිව්වා.......ඒ උනාට ඉතින් තීන්දු කරගෙන තියනවෑ ......
කමක් නෑ ඒ මහ්ත්තයලටත් දිනයක් දාගෙන එන්ඩ කියන්ඩ....''
තාත්තාගේ උස් හඬ මුසු සංවාද අතර නුඹව සිහි නොවුනාමත් නොවේ......
නමුත් කොහොමනම් ඒ නුඹ වෙන්න ද
''චූටි මැණිකේ.....''
''කියන්න තාත්තෙ.....''
''කොලඹ මහත්තයෙක් එනවලු හෙට ඔය දරුවව බලන්ඩ.......''
''හෙට....''
''තාත්ත කැමති කෙනෙක් ට මාත් කැමතියි......මගෙන් අහන්න ඕනි නෑ.....''
''මේ දරුවා අරියාදුවට කතාකරන්නෙ මොකද....
මම උඹට වරදක් කරන්ඩ හැදුවෙ නෑ....''
''ඒ තාත්තට පේන හැටි....
මොකද මම මෙච්චර කාලෙකට තාත්තගෙ වචනෙකට පිටුපෑවෙ නෑ නෙ......
ඉතිං මේකටත් එහෙම තමයි.......''
නුඹ ආ ගිය තැන්......
නුඹ කතාකළ මිහිරි වචන.....
එදාත් හිත තුළ මල් වියන් බඳින්නට විය
දිනෙක නුඹේ වෙන්නට නොහැකි වූවොත් හැමදාම තනිකඩව ඉන්නට අදිටන් කරගත් හිත.....ඒ තරමට ම බොලඳ දැ'යි විටෙක හදවත කියන්නට විය
දුක කියන්නට මහවැලි ඉවුර හෝ ලඟපාතක නැත..........
හදවතෙහි සංතාප හැරලන්නට එදාත් සරසවි බිම මත .......
පෙර ලෙසම කඳුලු උහුලන් ඉන්නට මල් පෙති ඇතිරෙන්නට ඇත......
සීරුණු පාවහන් පැලඳි
සුසුම් අතර සන්තාප අතුරන යුවතියන් ඉස්සර මම වගේම එදත්....ඒ මල් පෙති මත
මහ උජාරුවෙන් මෙන් කඳුලු කැටි අතුරන්නට ඇත......
ඒ මල් පෙති පාගන්නට ඇත......
දුප්පත් කම හිස පොරවාගත් මට නුඹව අකැප වූයේ ම නැත.....
නමුත් මට නුඹව තහනම් විය.......
සරසවිය ඒ තරමටම මට පවා ඉස්සර ලෙංගතු ය
.................
වැව් තලය පවා නිසංසලව සුසුම් දරා හිටි හැටි අපූරු ය.......
මා සිතින් නුඹව සිපගත් වාර අනන්තවත් වන්නට ඇත
නමුත් ඒ මතකවලට සමුදෙන්නට දිනයක් ලහි ලහියේ ම පැමිණෙන වග ද හදවතට ඒවන විටත් වැටහී තිබුණි
මතු සම්බන්ධයි......!!
__අහස්__