(දින පොතට පෑයූ උදුල සුපෙම් සඳ)
විටෙක සිහිල් සේද ඝණකම් වලා කඩින් ද විටෙක ක්‍රිම්සන් පාට හැන්දෑ මවාපාමින් ද තවත් විටෙක අදවන් වැහිකුලු තෙරපවන්නා සේ ද
විටෙක නිලෙන් පැහැසර වූ සේ ද විටෙක ප්‍රේමණීය වූ සේ ද විටෙක ආයාසයෙන් ම ගොරහැඬි වූ සේ ද විටෙක සුයාමයක් වූ ද නැතිනම් අස්වැසිල්ලක් වූ ද....
සුවිසල් අහස් ගැබ ඔහු ය
විටෙක හරසරක් සතුටක් දිය පොදක් හෝ නොමැති ව ලතැවෙමින් ද මලානික සුළඟ සමඟ ඔතෑනි වෙමින් ද
විටෙක සන්තාපලන්නාවූ සේ කැලඹවෙන්නා වූ ද විටෙක සුසුම්ලන්නා සේ දෙදරුම්කන්නා වූ ද
විටෙක රැයෙහි ප්‍රේමණීයම මල් පූදවන්නාවූ ද
නැගී එන හිරු දෙස බලා ම මියැදෙන සූරිය මලක් වෙත පස් පිඬක් වූ ද වසන්තය මලින් සරසන්නා වූ ද ග්‍රීස්මයේ විචිත්‍රවත් කොල වලින් වැසීයන්නා වූ ද
දිය සිඳී පිපාසිත වන්නා වූ ද ඔහුගෙන් දිය පොදක් පමණක් ම බලාපොරොත්තුවෙන් ලමැදෙහි ඇති සියලු සාරයන් ඔහුට උරා බොන්නට දී බලාහිඳින මහ පොළොව මම ය
මුහුණට මුහුනලා රැයක් දහවලක් පාසා ම මුණගැහෙන්නට පමණක් දෛවය වරම් දුන් එක ම පෙම්වතුන් අප පමණක් ද ? මෙය අල්ලාප සල්ලාපයේ යෙදෙන අදූරදර්ශී නොහොඹිනා හමුවීමක් ද ?
හිමිවීමක් නොලද ඔහුගේ ස්පර්ශය ලද බිමක පහස කුමක් අරබයා ද ? එය සතුට ද ? ප්‍රේමය එය ද ?.......එය කිනම් වූ මනෝභාවයකින් උපන්නක් විය හැකිද ? මා නිහඬ විය යුතු ද ? ඔහුව අනුගමනය කරමින් පෙරලා ප්‍රේමකල යුතු ද ? ඔහුගේ ප්‍රහර්ෂයක් තුළින් සතුට හදවතට උකහා ගත යුතු ද ?
නිමක් නැති නැවතුම් කොපමණක් ද ? මා නික්මෙන තැනෙක ඔහු නවතීවිද ? ඔහු රිදවා ගනීවිද ? එයට මා ඔහුව පෙළඹවාගත යුතු ද ?
විසල් වූ චිත්තවේගයන් නොයෙකුත් ලෙසින් හදවත කූරු ගාන්නට විය....
'' සහස්.....කෝ අභිනු ?''
'' ඇයි අභිනුව අහන්නෙ...?''
'' භානු පේන්න නැති නිසා.....මට බඩිගිනියි....අපි කන්න යමු ද ?''
''............
හ්ම්ම්...''
''ඉන්ධු.....!''
'' ම්......''
''අද දවස බෝරිං නේ ද ?''
''ටිකක්....''
'' ඔයා ඇයි මගෙන් මුකුත් අහන්නෙ නැත්තෙ.....''
'' මොනා ද ? ''
'' මොනාහරි.....ම ''
''අද හුඟක් සීතලයි නේද ?''
''හ්ම්ම්.....''
දෑතම සාක්කු අස්සේ සඟවාගත් ඔහු කිනම් වර්ගයක මිනිසෙක් ද ?
මා ඔහුගෙන් කුමක් ඇසිය යුතු ද ? ඔහු නිරවුල් ය....අව්‍යාජය.....එය ම විටෙක හදවතට මහා හුඟක් බර පීඩනයකි. මගේ ම හදවත වටා වෙලා ඇති යදම කෙතරම් ශක්තිමත් දැයි මට ද වැටහිය නොහැක. ඒතරමට ම එය තදය එය ප්‍රබල අම්ලයක් බඳුව දියකර දැමීමෙහි උකටලී නොවූ ප්‍රේමණීයම සහ එකම දෑස් හිම් පුද්ගලයා ඔහු ය.....
බැදපු කුකුලු මස් කොත්තු මී සමඟ රසවත් ය .පිච්චූ බඩ ඉරිඟු ඔහුගේ පියකරු මුව වටා දැලි පිසි විට රැවුල බා සිටි මුහුණ සමච්චල් සහගත විටෙක මා සිනාසිය යුතු ද ? ඔහු බියර් බොන්නට පටන් ගන්නට විය. රතු පාටින් තෙත බරිත ඇස් මොකුත් නොකියා මා දෙස ලදරුවෙකු මවකගෙන් තමන්ගේ ප්‍රියතම ගීතය ගයන්නට අයදිනවාක් මෙන් බලාසිටි ඒ බැල්ම හුරුබුහුටි ය.
ප්‍රිය ජනක ය ලජ්ජාශීලී ය......
චාරිකාවෙහි පලමු දින රැය සුකුමල සේ පහන් වෙන්නට විය ටෙන්ට් දෙකක් අතර මෙතෙක් හාවී සිටි හිත් භෞතික ව වෙන් විනි
රැය සිසාරා වැහි දියෙන් කලුවරම පොඟන්නට ඇත......
_භවයක් ම පාසා පෙම් බැඳි අහසක් ය නුඹ_
මතු සම්භන්දයි....!
__අහස්...✍__