( දින පොතට පෑයූ උදුල සුපෙම් සඳ )
හෙණ ගහනව වගේ හිස මැද්දට කඩාහැලෙන දාරානිපාත වැහි කෝඩයක් විදියට...කොහොම ද මං මිනිස්සුන්ට ආදරේ දෙන්නෙ...ලඟ ඉන්න වරම් නැති බව දැනෙන වරක් පාසා ඔහුගෙ ආදරේ ප්‍රාර්ථනා කරන්නෙ ? කොහොමද මං එච්චර ආදරේ කරන ඔහු ගැන ආත්මාර්තකාමී වෙන්නෙ ? අනේ මට ජීවත් වෙන්න තිබුණ නම්.....''
°°°°°°°°°°°°°°°°°°°°°°°
2018 අගෝස්තු 16
එක දිගට ගලා ආ රිද්මයානුකූල භයානක චිත්තාලංකාර හද මත බැමි බඳින්නට ඉස්සර විය. ගමනාන්තය කොතැනකින් නිමවේවි දැ'යි නොදන්නා නමුදු එය අනාගත සුන්බුන් වේවි!
නටඹුන් විලස මතක සටහන් ඔහුත් සමඟ බැඳේවි.දිනෙක මා එය උමතුවෙන් සිහිපත් කරාවි
ඔහු ගිරාපලා මලක ලැවෙන්ඩර් පාට පෙත්තක් සේ සුසිනිඳු ය. දීප්තිමත් ය. පිණි පොදටත් අවු රැල්ලටත් එක සේ පිරිපුන් ය. ඔහුගේ ප්‍රේමය තැවරූ ලැවෙන්ඩර් හදවත මට ය. නමුත් ලොවකට ම රහසින් නුදුරු දිනයක මා හිමි මහපොළොවට නොවේ ද? හැඟීම් අනේකවිධ ය. විවිධාකාර ය. විටෙක එය සන්තතික ද? විවික්ත දැ'යි වැටහිය නොහැක....
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
''අනේ! ඉක්මනට මේ දවස් ටික ගෙවෙනව නම්....
ඇස් රතු කරගන්නෙ නැතුව මට එක රැයක් හරි නිදාගත්තැහැකි..... ''
මා කීවේ මට පමණක් ඇසෙන්නට ය....
* * * * * *
උස්සන්ගොඩ වෙරළ තීරය නොසිතූ පරිද්දෙන් ප්‍රේමණීය බව ඔහු කාටත් නෑසෙන්නට මුමුණන්නට විය. ඔහුගේ දෑස් මනාව දැකුම්කලු ය.
කාලයක් ලැබීමට මා විසින් ප්‍රිය කළ ඔහු දැන් මට වඩාත් ප්‍රිය ය . එය ආදරය ද ? ඔහු ගේ කැරලි ගැසී නලලත මත ඉපිල්ලෙන හිසකෙස් මුහුදු හුළඟින් කුල්මත් වී ඇති සැටියකි. මේ කඩවසම් තරුණයා කුමක් අරබයා මා පසුපස හඹා ආයේ ද ? මා ඔහුට දෙන්නේ ආදරය ද ? ඔහු මාව පිලිකුලක් සේ නොසලකයි. ඔහුගේ උර මගේ හිසට ම ය. නමුදු මගේ උරහිස ඔහුට ම ද ? කෙසේ නම් මං ඔහුගේ වන්නට ද ? දෙවන දිනයේ හැන්දෑව කෙතරම් ප්‍රියජනක ද? ඇවිලෙමින් තිබූ හද නිවන්නට ඔහු මේ දරන වෑයම කිමෙක් ද ? එය ද ආදර ය ?
සුළඟ හෙල්මැලි සේ ම මා දෙස හඹා ආ ඔහු ද හෙල්මැලි ය. තරු පොකුරක් බඳුව අනන්ත අහසක නිවි නිවී දැල්වෙන්නට තරම් හෝ ඊටත් වඩා විටෙක හිරු තරුව බඳුව ඔහු ගේ ලීලාව තේජස් ය.
ඔහුගේ භාවයන් පාසා ම කුඩා ලපටි ලදරුවෙකු ගේ හුරතලය ....ආයාචනාත්මක ප්‍රේමය ඇලී තිබෙන්නට විය ?
දහසක් ගිනි හදින් නිවෙන මොහොතක වෙරළ දෙස බලා නොබලා සිටි මට ඔහුගේ සියුම් ස්පර්ශය සසරකට නිවෙන්නට අස්වැසිල්ලක් විය. දකුණු උරෙන් පටන් ගත් ඔහුගේ වම් අත වම් උරය දක්වා කොඳු නාරටිය සීතල කරමින් දිවෙන්නට විය. ඔහුගේ ශක්තිමත් උදරයේ පැති පෙදෙස ත් සමඟ හාවූ ඔහුගේ වම් අතෙහි ඇඟිලි තුඩු මගේ දෙවුර තෙරපවන්නට විය
මුලු ගතම හිරිවැටී ගොසිනි. කරකියාගතහැක්කක් නොමැත. මා රූකඩයක් බඳුය. තෙරපවෙන ලජ්ජාශීලී හැඟීම් නෙතින් පවා කඳුලු වී අහකට පනින්නට විය....
'' ඉන්ධු....!
අපි අර බංකුවට යමුද ? ''
කෙමෙන් මා ඔහුට අවනත වන්නට විය....
ඉර ගිලගන්නට ආසන්න ඈත දියඹ ඉදිරිපිට මොහොතක් යැයි දැනුනු තරම් සියුම් කාලයක් මා ඔහුගේ දෑස් ඉදිරිපිට නතර වුණි!
_ භවයක් ම පාසා පෙම් බැඳි අහසක් ය නුඹ _
මතු සම්බන්දයි....!
__අහස්...✍__