(දින පොතට පෑයූ උදුල සුපෙම් සඳ)
අද රෑ රැහැයියො කෑගහන සද්දෙ කොච්චර මූසලද ? තරුත් නෑ! වැහි කලුවර විතරමයි.
කඳු මුදුනට බහින අකුණු සැරයකින් ගිය වතාවේ දෙදරා ගියපු එකල ප්‍රේමණීය සෙවනැලිවලින් සරුවූ කොබෝලීල ගස දැන් මලානික ය....වියපත් ව ගිය මැහැල්ලක් සේ එය ද හිටි වන ම ඉබාගාතේ බලා හිඳියි
තොරතෝංචියක් නැතුවම වාගේ විටෙක අසහනකාරී ප්‍රේමයෙහි තත් සුසරලන්නට බට හිරිකඩ කුඩාවට පිපුණු තණ මල් කිතිකවමින් සීරුවට පෙති මත තෙරපවෙන්නට ගත් උත්සාහය අති සාර්ථක අන්දමින් නිමැවෙන්නට විය
සහස් පවා අනන්තය දෙසට දෑස් දිගුකර එහි උස් මිටි තැන් වල තවත් අඳුරු පැහැය සිතුවම් කරන්නට විය
ඔහු නිමග්නව ඇත්තේ බොහෝ ලොකු කල්පනාවක ද ? එය මා ගැන ද ? අන් කවරෙකුගේ හෝ ප්‍රහර්ෂයෙන් පරිපූර්ණ හැඟීම් දාමයක් ගැන ද ?
කුමක් හෝ විය හැක....!
නමුත් එය විමසා සමච්චල් කිරීමට හෝ එකිනෙකා අරබයා දෑස් අතර හුරතල් වීමට හෝ ඔහුගේ දෙතොල් සිප ගන්නට හෝ ඊටත් වැඩියෙන් හෝ යමකට වඩා මට අවශ්‍යය වූ යේ ඔහු සමඟ ගෙවෙන මොහොතකුදු සතුටින් ගෞරවයෙන් නිමකර දැමීමට ය.
ඔහුගේ මනැස තුළ ඇඳෙන මා නැමැති ප්‍ර්‍රතිබිම්බය ගෞරවාන්විත කාරුණික ලයාන්විත හා ශිෂ්ටත්වයෙන් පරිපූර්ණ අයෙකු ලෙස ට පමණක් ඔහුගේ ම හදවත තුළ පසාරු කිරීමට ය....
අවාසනාවකට මෙන් එය අත්තනෝමතික බැරෑරුම් කාර්‍යයකි....
මට ඇති කාලය සීමිත බව මා පමණක් අත්‍යාවශ්‍යයයෙන් ම වටහා ඇත
ඔහුගේ ස්නේහයෙන් එක් අංශු මාත්‍රයක් වුවද, දිනක් පාසා මරණ මංචකයක සැතැපෙන්නට ලංවන හදවතකට ඉතා රසවත් ය
එය මීවිතක් සේ ය....
ඉතින් විටෙක මම ලෝභයෙහි අන්තය ස්පර්ශකලා යැයි මම ම සිතන්නට පෙලඹුනු වාර අනන්තය
''ඉන්ධු....!
තාම ලියනවද අනේ
ඕක ලියල ඉවර වෙන්නකො...''
''හ්ම්ම්......''
__භවයක් ම පාසා පෙම් බැඳි අහසක් ය නුඹ __
මතු සම්බන්ධයි !
__අහස්...✍__