හීනියට ලියැවෙන කවි පද අතර
හාංකවිස්සියක් නොදන්න ගානට
හදවත නුඹ ව ඔබ්බවන්නේ මටත් නොදැනෙන ගානට ය
වැව් දිය දෙගොඩතලා යන්නට වැස්සත්
ඒ වැහි කැට මගේ කඳුලු කැටි තරම් ඝණකම නොවන්නට ඇත
මක් නිසාද යත් මා එතුළ එබවූ ප්‍රේමයෙහි සාන්ද්‍රණය ඉතා අධික බැවිනි
සිසිරය පැමිණියත්
නුඹ මට හසුන් පත් ලී රෝමාන්තික වස්සානය
කොහොම අමතක කරන්න ද
මගේ ම හදවත පවා එය හෙලා දකින වග නුඹත් ඇතැම් විටෙක වටහනවා වන්නට ඇත
නමුත් නුඹට උරුමකම් නොකී පපුවක සංතාප හැර මා කුමක් හොවා දක්වන්න ද
මට මම ඔබව නොලබන්නට එදා දුන් දිවුරුමෙහි........
ඇත්තට ම කොනක හෝ ප්‍රේමය ලැගුම් ගන්නට ඇත
දෙනෙත් මුහුකුරා මනැසින්
සෑම නිස්කලංක තත්පරයක ම
මා නුඹ ව සිහිපත් කරනුයේ එනිසා වන්නට ඇත
හදවත අරබයා මිතුරෙකු ලෙස නුඹ ව දැකීමට පවා දෙනෙත් අකැමැති ය
ඉතින් මගහැරීම හැරුනුකොට
මම කියා මොන පිලියමක් යොදන්න දැ'යි නොදනිමි
නමුත් හදවතින් තවමත්
අසම්මතයේ වුවද
මම නුඹට පෙම් බඳිමි
මතු සම්බන්ධයි......!!
__අහස්__