( දිනපොතට පෑයූ උදුල සුපෙම් සඳ )
2018 අගෝස්තු 17
පිපුණු කුසුමක වු'ව සුවඳ හිමිවිය යුත්තේ පිපෙන්නට සාරය දුන් බිමට ම පමණක් නොවේ ද ? අනන්ත අහස පවා නිහඬ නිමේශයක කෙළවරක් නොදත් ප්‍රේමයෙන් පිපී වියපත් වෙමින් යන සියුමැලිම මල් පියල්ලකට තවමත් ඉඩෝරය ඉවසීමට නම් උදෑසන පින්නක ක්ශාරය හෝ උරා බිය යුතුය.......
මා දුටු ප්‍රේමය එතරම් ම සුන්දර ය...ප්‍රේමණීය ය..
නමුත් මේ වියපත් වෙමින් ඉකිගසන මලානික මල ට මිලිනව පරව යාමට නම් තවත් එක් තද අව් රැල්ලක් ප්‍රමාණවත් ය
ඔහු ලියා දුන් දායාදය තව කොතෙක් කල් මා රැකිය යුතුද ?
° ° ° ° ° ° °
එදින රැය ගිණියම් වූ හැටි!...ඔහුගේ ආයාචනාත්මක බැල්ම ළදරුවෙකු සේ මගෙන් ඉල්වූ අවසරය මා කඳුලු පිරුණු දෑසින් යුතුව ග්‍රහණය කරගත් හැටි!...පිපෙන කෝමල නියඟලා මලෙක රත් පැහැය පෙති පුරා රටා ඇඳි හැටි!.....ජීවිතයේ පළමු සහ එකම වතාව ට මා ඔහුගේ හදවතෙහි අනන්තය ස්පර්ශ කරන්නට ඇත......
හදගැස්ම එක පිට එක වැඩිවෙමින් තිබූ අනියම් හෝරාවක කෙලෙස ලියන්නද මා පපුව බදාගත් වනම සිහිසුන් වූ හැටි !
* * * * *
පෞද්ගලික රෝහලක ඇඳක් මතින් මට සිහිය එන විට පවා සිදුවී ඇත්තේ කුමක්දැයි මට වටහන්නට පවා නොහැකි නිමේශයක්.....ඇතැම් විට සියල්ල ම මගෙන් අහිමිව ගොස් ඇති නිමේෂයක් මා කිසිදු හැඟීමකින් තොරව අත්විඳින්නට විය....
ජීවිතයේ නිස්කලංක බව කොතෙක් දැයි මට යන්තමින් දැනෙන්නට විය...
'' සහස් කෝ ? ''
'' ෂ්.....කතාකරන්න හොඳ නෑ ලමයො ඔයාට දැන් ලොකු ඔපරේශන් එකක් කරල තියෙන්නෙ ''
භානු මුමුනන්න ට විය
'' හ්ම්.....ඉන්ධු! ඔන්න ඔයා වාසනාවන්තයි හරි ද ?
ඔයාට හාර්ට් එකක් හම්බුනා
නිර්ණාමික දායකයෙක් ගෙන්
ම්......සහස්ට හදිස්සියෙම රට යන්න වුනා....බිස්නස් වැඩකට ''
'' අභී ඩොක්ට එනවා අයින් වෙන්න...''
භානුගේ වදනින් ඇය හා අභිනු එතැනින් මදක් පසුපසට විය
'' දැන් කොහොමද පුතා ඔයාට ? ''
'' හොඳයි ඩොක්ට....
කවුද ඩොක්ට මට හාර්ට් එක දුන්නෙ ? ''
'' ඇක්සිඩන්ට් එකකින් මොළේ මැරුණු පේශන් කෙනෙක්....!
පුතා මාස එක හමාරක් තිස්සෙ කෝම එකේ ඉද්දි එයාගෙ අම්මල තමයි හාර්ට් එක දෙන්න එකඟ වුනේ ! ''
'' මෙයාගෙ කන්ඩිශන් එක හොඳයි.....යාලුව ව බලාගන්න හොඳට
සති දෙකකින් විතර ගෙදර යන්න පුලුවන්
හැබැයි මාස තුනක් හතරක් යනකල් මහන්සිවෙන්න කතාකරන්න යන්න එහෙම තහනම්!''
'' හරි ඩොක්ට.....තැංකියු''
කඳුලු පුරවාගත් අභිනුගේ භාවයන් සතුටකට එහා යමක් නිරූපණය කරනුයේ මන් ද ? ඔවුන් පවා නිහඬ හෝරාවක සහස් කුමක් කරනවා ඇතිද ? හදවතට ඔහුව නොරුස්සන්නේ ද ? හදවත ඔහුව ප්‍රතික්ශේප කරන්නේ ද ? වෙනදාට ඔහු මතක්වෙන ක්ශණයෙන් ගැස්ම ඇස්වලට පවා දනවන හදවත හාත්පසින් ම දැන් මලානික ය. ඇරත් මගේ හදවත නොවූ යෙන් යැ'යි මා එයට දොස් නගන්නට විය.....
_භවයක් ම පාසා පෙම් බැඳි අහසක් ය නුඹ_
මතු සම්බන්දයි !
__අහස්...✍__