( දිනපොතට පෑයූ උදුල සුපෙම් සඳ )
ආයාසයෙන් හෝ විටෙක නිරායාසයෙන් ද කැටෙන ගැටෙන බේරෙන දහදිය බිඳු මගේ නළලත මත නොසෑහෙන්නට තිබෙන බැව් සංවේදනයෙන් මා වටහන්නට විය
ගැටෙන සුසුම් වහින පිණිකැටි වටා සුදු පැහැති දුමාර මවන්නට වී තිබිණි.......
අතිශ්‍යෝක්තියෙන් වැනිය හැකි ඔහුගේ දෙනෙත් මහප්‍රාණ අක්ශර යොදා ප්‍රේමය පිණි දියෙන් කටින්නට විය . විටක ඔහුගේ දෙතොල් මත ඉතා සංයමයෙන් මා බැලුවා නොව බැලෙන්නට ඇත. එය පියකරුය.මෘදු මෙන් දිස්විය .....එය සෞම්‍යය නොවේද ? මෙය නම් උපහාසයකි ? එහි රක්ත රුධිරය ලැගුම් ගත් විට කෙසේ වී දැයි මා මනැසින් කැටයම් කරන්නට විය
වලාකොත් අවුලුවා සඳ තම කිරණින් ගිණියම් වූ සේද අතුරන්නට පටන් ගත් හ....මේ කුමන අපහසුතාවක් ද ? එය වැටහිය හැකි ද ? එය ආශාව ද ? එසේ නම් කුමක් ද ඒ දොළ ?
ඔහු ද මනැසින් පවා ආදරය ට එහා යමක් කැටපත් කරන්නට ඇති ය. එය පවිටු සිතිවිල්ලක් ද ?
පින්නෙන් තෙත් වූ ඔහුගේ කැරැලි ගැසෙමින් මුහුණට එබුනු කෙහෙ රැල්ලක් දිගේ පිණිබිඳු දහසක් හාවී එක් වූ වතුර බින්දුවක් දඟරගැසී පහලට පහලට රූටන්නට විය. ඔහු ද විටෙක ඔහුගේ මල් පෙත්තක් සේ සියුම් තොල් දෙස මා බැලූ වාර නොදැක්කාම නොවන්නට ඇත ? මට එය තුවාල කර තලා දමන්නට ම සිතෙන්නේ කුමක් නිසා ද ?
මගේ නළලත මත රැඳි කෙස් රොදක් ඔහුගේ සීතල ඇඟිලි තුඩු අගින් සීරුවට පිරිමදිමින් පැත්තකට කරන්නට විය....ඔහු මගේ කොන්ඩ ගුලිය ලිහාලූ හැටි.....
ඇතැම් විට ඉවසීමට සීමාවෙන් ඔබ්බට මා කැටුව යාමට ඔහුගේ තුරුණු ඇස් වටා තෙතබරිත වූ ඇහිපිල්ලම් සමත් වූවා නොවෙද ?
ඉවසන්නට බැරිම තැන සියලු පසුබටවීම් පසෙක ලා වරක් එක් සියුම් ස්පර්ශයකින් මගේ දෙතොල් ඔහුගේ මෘදු දෙතොල් මත මොහොතකට ගෑවෙන්නට ඇත......
මා කුමක් කලාදැයි මගේම සිත සිතීමටත් පෙර ම කුමක් කල යුතුද යන ප්‍රශ්ණාර්ථය හදවත මූලයෙන් ම නැගී එන්නට විය.....
ඇතැම් විට මා එයින් පලා යා යුතුව ඇත.... මා නැගී සිටින්නට ගත් උත්සාහය පවා ව්‍යර්ථව ගිය හැටි!
ඔහු ගේ හංකිති කවන ඇඟිලිතුඩු පෙරැත්ත කරමින් කෙස් අතරින් හිස් කබොල දෙගේ ගාටන්නට විය. කෙසේ නම් තවත් ඔහුගේ දෑස් දෙස බලන්නද එය මගේ පලමු හාදුව කොට !'
සුසුම් කැටි එකමත එක ගැටෙන්නට විය .එහි උණුහුම පවා හොඳින් දැනෙනා නිමේශයක ඔහුගේ තදබල ග්‍රහණය පවා තවත් සුවපහසුවට දැනුනු හැටි !
හදවතින් පවා මා ලතෝනි නගමින් සිනාසෙන මොහොතක ඔහුගේ දෙතොල් එක් පෙලකට මගේ මුවඟ මත සැරිසරන්නට වී මොහොතකුදු ගත නොවූයේ මන්ද
'' ඉන්ධු.......!!
සොරි...... සොරි
අයියෝ !
එහෙනම් මං යනවා
ආයෙ අහ අහ ඉන්න ඕනි නෑ නෙ ? ''
'' භානු.........එන්න ''
''නෑ නෑ මං යන්නම්
ගුඩ් නයිට් දෙන්....''
භානු ආ ගමන්ම ආපිට දුවන්නට විය.
මා ඔහුගේ යටි තොල තුවාල කල හැටි...එක් වරම මා ඔහුව තල්ලු කර දැමූ හැටි!
දැන් මා ඔහුට මුහුණ දිය යුත්තේ කෙලෙසක ද ? රැය පහන්වන තුරු ඔහුව නොපෙනී හිඳින්නට ද ? ප්‍රශ්ණ එක පිට එක හදවත මත කැරලි ගසන්නට විය....
බිය ,ලැජ්ජාව, ප්‍රීතිය හා මුසු වූ හැඟීම් ගණනාවක් මනැසට එබුනු විගස ඔහුව තනි කර මා ටෙන්ට් එක තුළට වී එය ආවරණය කර ගත් හැටි.....!
ඔහුගේ පොරවනය පවා ටෙන්ට් එක තුළ ය...
ඔහු ගිනිමෙලය ඉදිරිපිට ටෙන්ට් එක අසල අසුන්ගෙන බර කල්පනාවක ය. ඔහු බලා ඉන්නවා ඇත්තේ අනන්ත අහස දෙස ද ? කැළඹෙන සයුරු රළ දෙස ද ? සුවඳට හැඩ වූ පතොක් මල් දෙස ද ? ඔහුට මට මෙන් සීතල ඇති ද ? මා පොරවණයක් ඔහුට දිය යුතු ද ? ඔහුට ඇතුළට පිවිසීමට මා මෙහි ආවරණය විවර කළ යුතු ද ?
සිතිවිලි සේ ම සිත ද කෙමෙන් කෙමෙන් පහන් වන්නට විය.....
මා ටෙන්ට් එක තුළ සිට ඔහුගේ සෘජු හා ශක්තිමත් කොඳු නාරටියට හේත්තු වුනෙමි ! ඉවක් බවක් නොමැති නිසොල්මන් වරුවක ඔහුගේ සුසුම් වල හඬ පවා නෑසෙන්නට විය... ඔහු නිහඬ ය...
'' ඔයාට හුඟක් රිදුනද සහස් ?
මට සමාවෙන්න.... ''
'' ඇයි ? ''
මෙතරම් නිස්කලංක හෝරාවක පවා නිහඬ බව බිඳින්නට ඔහුට වුවමනා නැති සැටියක් ය.....
'' මට ඔයාව විශ්වාසයි සහස්......මමයි සීමාව පැන්නෙ......අවුරුදු තුන හමාරක් ම ඔයා මාව මෙච්චර පරිස්සම් කලේ ඇයි සහස් ?......
මට සමාවෙන්න සහස් ''
ඔහු නිහඬ බව නොබින්ඳේ ඇයි ද ? ඔහු කුමක් අරබයා මේ නිස්කලංක පරිසරය වෙත ගැලී සිටින්නේ ද ?
මගේ දෑතින් ම මා කවුලු ආවරණය හැර දමන්නට වූ හැටි !/?
'' මම නිදාගන්නව
ඔයත් ඕනි නම්.......
ඇතුලට එන්න
එලිය හුඟක් සීතලයි ''
_භවයක් ම පාසා පෙම් බැඳි අහසක් ය නුඹ_
මතු සම්බන්දයි.....!
__අහස්...✍__