( දින පොතට පෑයූ උදුල සුපෙම් සඳ )
දිනපොත් පිටු පෙරලන මොහොතක් පාසා ම ඔහු නමින් කුමක් හෝ ලියා තිබූ මැදියම් හවසක ඇඟිලි තුඩු කෙමෙන් දිරාපත් වෙමින් ඇති බව වටහන්නට බොල් සුළඟ දරන උත්සාහය කෙතරම් ම තියුණු දැයි මා නොවැටහූ තැනක් නැත
2024 ජනවාරි 27
නුඹ අහසක් ය. නුඹ කෙලෙසක නම් ඉතින් මියෙන්නට ද?
ඒ හසරැළි ඒ බොකුටු හිසකෙස් ....ඒ නෙත් කැල්ම පවා නොවන්නට මා දැනුදු මිලින වී අවසන් මල් රොණක් නොවේ ද.......
අද ඒ ප්‍රහර්ෂය වඩා විනිවිදව උකහා ගැනීමට
ඒ වෙරළ තීරයෙහි ම
ඒ මල් සුවඳ ලඟම
මට අවසර ලැබෙන්නට නියමිත ය
'' හුදෙක් හටගත් නියා නුඹේ සුවඳ ලඟ මා මියැදෙන්නට පැතුවේ ද මෙතැනම ය ''
ඒ බිඳෙන රැළි ම ය
ඒ ගල්පරය ම ය
එකම වෙනස ඒ බංකුවෙහි ලහඳුවත් දැන් නැත
ඇතැම් විට නුඹට පෙම් පිරූ මගේ ගැහුණු හදවත වැනි'
° ° ° ° ° °
ඔහු ගේ සුවඳ පිරුණු ඒ ප්‍රේමණීය මිනිස් ආත්මය ප්‍රාතිහාරයක් සේ මා දෙසට වඩින්න ට විය.
මතක යලිත් තුරුණු වියට පා තබන්නට විය. පෙර මෙන් නිහඬ නොවූ හදවත ගැහෙන්නට විය.
ඒ ඔහු ම ය.
ගාඩ්නියා මලක් අත තබාගෙන පිය මනිනු යේ ඔහු ම ය.
ඒ කැරලි ගැහුණු හිසකෙස්. ඒ මායාකාරී තද කලු පාට ඇස්........
සෙවණල්ල පවා ඔහු ගේ ම ය.
විශ්වයට මෙතරම් ප්‍රේමණීය ව මැවිය හැකි ද ? එතරම් ප්‍රේමණීයව?
'' අම්මා....
ඇයි අනේ අද පරක්කු
පහත් පහු වෙලා.....
ඔයා බෙහෙත් බීලත් නෑ''
'' මං මොකට ද බෙහෙත් බොන්නෙ?
දොස්තර මහත්තයෙක් ගෙදර ඉන්දැද්දි
තව අවුරුදු කීය ද ''
අනික රවුම් ගහල දැන් ද ගෙදර ආවෙ....?''
'' ඉතින් නිවාඩු නිසානෙ අනේ...
මං අද අභිනු අංකල් ලගෙ ගෙදර ගියා ''
'' ඉතින් මට කිව්වනම් මාත් එනවනෙ.... ''
'' මට ත් ඕනි මගෙ තාත්තා වගේ වෙන්න....''
'' එච්චර හිත හොඳ මනුස්සයෙක්
මං කවදාවත් දැකල නෑ දරුවො
එයා ඉන්න තැනක දැන් දරුමල්ලොත් එක්ක සතුටින් ඉන්නව ඇති
පුතාගෙ තාත්තට තිබ්බෙ හරියට මේ ගාඩ්නියා මලේ සුවඳ වගේ පිරුණු හිතක් ''
සුසුම් දැන් නම් පපුවට බර ම ය
'' අම්මව දාල ගියා කියල
අම්ම තාත්තට වෛර කරල නැද්ද ? ''
'' අඩුතරමෙ මට වෛර කරන්න හරි තැනක් ඉතුරුකරල ගියා නම්.....
කොච්චර දෙයක් ද පුතේ
තාත්තා එක පාරක් හරි ඔයාව දැක්ක නම්
එයා ම රැවටෙයි මේ එයා කියල......
තාත්තා ඔයාට සෑහෙන්න ආදරේ කරයි පුතේ.....''
'' අම්ම හැමදාම බිඳෙන රැළි දිහා බලාගෙන කල්පනා කරන දේවල්
ඔය පොත්වල කුරුටු ගාන දේවල් මොනාද කියන්න මම දන්නෙ නෑ
ඒත් අම්ම මට අදටත් ආදරේ කරන්නෙ
තාත්තගෙ හදවතින් අම්මෙ......''
'' මො......''
'' මං කියන්න හැදුවෙ තාත්තා ගෙ ආදරෙන් පිරිච්ච අම්මගෙ හදවතින් කියල ''
'' භානු මට මොනාද එව්වෙ....?''
'' ලොකු බත් ගෙඩියක් එව්වා....''
'' එයා ඔහොම්ම ම යි......''
'' අම්ම දන්නව ද
එක පොතක අන්තිම පිටුවෙ මෙන්න මෙහෙම ලස්සන වචන ටිකක් තිබ්බා.....
* * * * *
ගහකට වතුර දී මල් පූදන්න
මුලක් නොසිඹි පස් පිඬක් ඇතොත්
ඒ මියුණු මම මිස
පණ ගැහෙන හදවත නම් නොවේ.....
නුඹෙන් සමු ගත නොහැකි වරදට
පසු වදන් දෙකක් තුළ මුණ ගැහෙන ප්‍රේමයේ අසත්‍ය
නුඹ ප්‍රේමයෙන් පිළිගත් දින
නුඹේ ගැබෙහි මගේ මල් රොන් විකසිතවන දින
හදක් නොමැති ආත්මය ම
ඒ අපරිමිත සතුටින් නිවමි
සමු නොගෙන සමු ගනිමි!
* * * * *
'' මේ කොල්ලට දැන් පොත් කියවන්නත් වෙලාව තියෙද? ''
'' ඒ ක තමයි අම්මෙ මං ජීවිතේ කියවපු කියවන ලස්සන ම වගේ ම එක ම පොත ''
'' කවුද ඉතින් ඔය ලස්සන පොත දුන්නෙ ''
'' අභිනු අංකල් ''
මේරූ ගැබත් ඔහු සේ ම නිහඬ නමුත් ප්‍රියජනක ය.....
දායාද පවරා දුන් වගටත්.... ඔහු එහි සතුටින් තවකෙකු සමඟ ජීවත් වන වගටත් මට ලියා එවූ ලිපි දෙක අදත් දින පොත තුළ ඇත....
එය මා නිවෙන තැන නොවෙ ද
ඔහු ගේ උර සේ ම
හුරු පුරුදු මේ තුරුණු උරහිස ද මගේ හිස උදෙසා ම ය
ඉතින් ඒ උදුළ සුපෙම් සඳ
දායාදයෙන් පවා මා නිවූවා නොවෙ ද?
භවයක් ම පාසා ණය ගැතිව පෙම් පුරන්නට
ඒ සෙනෙහස ප්‍රමාණවත් ය.....නුඹ සහස් වූ අහසක් ම ය
'' අම්මේ......
අපි ගෙදර යමු.....''
_භවයක් ම පාසා පෙම් බැඳි අහසක් ය නුඹ_
සමාප්තයි!
__අහස්...✍️__