කහට ගැහී පරණ වී තිබූ තේ ගොට්ට මා අතට ගත්තේ ලැජ්ජාවෙනි
එය කහට බැඳීම සාමාන්‍ය දෙයකි
එයට අපිරිසිදු බව යැයි කිව නොහැක
කුඹුරට කහට බොන්නට ගේන්නේ සුද්ද කල පොල් කටු ය
මල්ලේ තිබූ පොල් රොටී තුනක් හා කට්ට සම්බල දොලෙන් හේදූ පර කොලයක් මත මා තැබූයේ ලැජ්ජාව බිය කුතුහලය මුසු ව තිබූ වැටහිය නොහැකි හැඟීමකිනි
පොල්කටුවෙහි නුඹ කහට නොබොන බව නම් මා තරයේ ම විශ්වාස කල දෙයකි
නුඹ ව හොහඳුනන ගානට මම යලිත් නුඹව නෑසෙන දොල ගාව කොන්ක්‍රීට් ලැල්ල මත වාඩිවී උන්නේ කිසිත් හිතාගත නොහැකි ව ය
වැරනියා මල් පිපී අමු සුවඳ හැමූයේ....යලිත් සරසවි බිමේ මතක අතීතයට ගෙන යමින් ය
නුවර වැව රවුම අසල නුඹේ පියා ම විත්
නුඹව ගනන් නොගෙන ඉන්නට යැයි කියූ හැටි......
නුඹට මා නොගැලපෙන බව කියූ හැටි.....
ඒ මතක සිහිපත් කරන විට දෙනෙත් කදුලුවලින් පුරවා සන්තෑසි සුසුම් කෙලවර මුදාහරිනවා හැර අන් විකල්පයක් යෙදීමට පවා මා අපොහොසත් ය
විටෙක සියල්ල නුඹේ සැපවත් ජීවිතය උදෙසා යැයි මම ම හදවත අස්වසාලන්නේ කර කියා ගන්නට කිසිවක් මට නොමැති බැවිනි
තාත්තා අම්මා පවා දැන් ඉගෙනීම රස්සාව ගැන හිතනවාටත් වඩා හිතන්නේ මගේ බරින් නිදහස් වීමට ය
තාත්තාගේ සිත රිදවීම ද වහ කෑමක් වැනිය ඉතින්
යලි යලිත් නුඹ ම ඇවිත් හදවත සින්නක්කරයේ ම අයිතිකර ගන්නට ප්‍රයත්න දැරීම ද වරදකි
නුඹ වරදකාරයෙකු ලෙස මා හඳුනාගත් එකම තැන එතැන ය
දිගු කතාවක නිමාවකින් පසු නැවතත් තාත්තා උදැල්ල අතට ගත්තේ ය
මඩ තැවරුනු කොක් මොට දොලපාරින් හෝදාගෙන මම යලිත් අඹ ගස යට ට ගියෙමි
||වැරනියා මල් ඉත්ත||
නුඹ කහට බිව්වාද නොබිව්වාද යැයි නොදන්නා මුත් පොල් කටු දෙක ම හිස් ය
මුරුක්කු මල්ලක් හා වැරනියා මල් ඉත්තක් අඹ ගස යට තිබූ ගල් පොත්ත උඩ තියා තිබුනි
මුරුක්කු නම් මගේ ප්‍රියතම කෑමක් ය
තාත්තා කෙරෙහි ඒ මොහොතේ ඇති වූ ආදරය සෙනෙහස වචන කල නොහැකි තරම් ය
'' තාත්තේ.....ඔයාද මුරුක්කු ගෙනාවෙ...''
''නෑ.....
උඹේ තියන පෙරේතකමට ඒකත් කටේ ගැහුවද....
අර ආපු මහත්තය කකා හිටිය මුරුක්කු මල්ල.......අමතක වෙලා වෙන්ඩ ඇති......
ඕක කන්ඩ එපා විසික්කරහං......''
මතු සම්බන්ධයි......!!
__අහස්__