( දින පොතට පෑයූ උදුල සුපෙම් සඳ )
ඉතින් මම සහස් ගෙ උරහිසට බර වුණි.මදක් බියෙන් මදක් චකිතයෙන් හා මදක් ප්‍රමෝදයෙන් ද සිත එයට එකඟ වූ බැවිනි...
දිග......සුසුමක් නිදහස් කරල දානවටත් වඩා මහා ලොකු බරක් ඒ වෙලාවෙදි මගේ හදවත සිසාරා නිදහස් වන්නට විය. සහස් ඈත ඉර බහින අහස දිහාවට ඇස් හරවා හිඳින්නට විය....
'' ඒ අහස කොච්චර ලස්සනට පේනවද සහස් ? ''
මා විමසන්නට පටන් ගතිමි
නුහුරු වම් අතින් මගේ හිස සීරුවට පිරිමදින්නට පටන්ගත් ඔහු දිග සුසුමක ආයාසයෙන් පිළිවදන් නගන්නට විය...
'' මං කොහොමද ඒකෙ දිගක් පළලක් හොයන්නෙ ? ''
'' මේ අපි මුණගැහෙන අන්තිම වතාව නම්............
ඔයා මට අන්තිමේටම කියන්නෙ මොනවගේ දෙයක් ද සහස් ? ''
'' ඉතින් මේ අන්තිම වතාව නෙවෙයි නෙ........
ම්.......''
'' ඊලඟ තත්පරේ ගැන ඔයාට එච්චර ඉක්මනට විනිශ්චය කරන්න පුලුවන් ද සහස්.... ? ''
'' ආදරෙයි..... ''
'' ආදරෙයි ? ''
'' ඔව් මට ඔයාට අන්තිමට කියන්න ඕනි වචනය
' මං ආදරෙයි '.....''
'' හ්ම්.......''
යලිත් හිස මත පැටවුනු මහා බර කුමක්දැයි මට වචනයෙන් විස්තර කිරීමට පවා අපහසු නිමේශයකත් හදවත පවා ඔහුගේ වචන අග නිරවුල් ය. නිසොල්මන් ය.....
නමුත් ප්‍රේමය තිගැස්සී කිලිපොලා යන්නට විය රැහැයියන් එකා දෙන්නා කෑගසන්නට පටන් ගත්හ. තත්පරයකට හෝ එතැනින් නික්මීමට මට අනවශ්‍යය .....
මුහුද දෙසින් වෙරළට හමන සුළං රළ පවා තවමත් නැවුම් ය. එය පරිපූර්ණ ය.
ගිණිමැලය දෙසින් එන මස් පිච්චෙන සුවඳට නැහැය පවා කුල්මත් වන්නට වූයෙන් බඩිගින්නද දැන් හොඳින් දැනේ......
නමුත් ලා අඳුරු පරිසරය, දියබත් වන ඉර තරම් නග්න සිතිවිලි හදවතට එක් කරන වෙනත් දසුනක් වෙරළ තීරයක කොයින් ද ?
'' මොනාද තනියම හිතන්නෙ ? ''
''බලන්න අර ඉර.....කොච්චර ලස්සන ද ? මගෙ අන්තිම හුස්මත් ඔයාගෙ උරහිස උඩ හෙලන්න තිබ්බා නම්.......''
'' ඔයාට නම් හොඳට ම ට්‍රැක් ''
'' ම්ම්.......''
°°°°°°°°°°°°°°
'' ඒයි ඉන්ධු.... බඩිගිනි නැද්ද ?
ඔය මනුස්සයගෙ උරිස්සත් කැක්කුම ඇති....
අපි බාබකියු හැදුවා....පුච්චපු මාලුත් තියේ....ඔයාට ඕනි නම් කෝක් බිව්වෑකි.....සහස් ට බියර් තියෙනවා....''
'' මගේ හිස ඔහුගේ උර මතින් එසවුනේ ඉබේටම ය. මං නිසා ඔහු පීඩා විඳිය යුතු නැත. අඩුම තරමේ පුංචි හෝ පීඩාවක් කුමකට ද ?
'' හරි භානු අපි යමු එහෙනම්.....''
'' භානු ඔයා යන්න අපි දෙන්නා තව ටිකකින් එන්නම්....''
මගේ උරහිසින් අල්ලා මාව නැවැත්වූ ඔහු යලිත් මගේ හිස ඔහුගේ උර මතින් තියාගත්තේ ය.
එච්චරක් ලොකු සතුටක් හදවතෙහි නැගී ආ හැටි !
'' අපෝ ඉතින් උඹල දෙන්න නම්...''
භානු හැරී යන්නට විය. මම යලිත් හිස ඔහුගේ උරින් ඉවතට ගතිමි.
'' ඇයි ? '' ඔහු විමසී ය
'' ඇයි අහන්නෙ ඇයි ? ''
'' ඇයි නැගිටල යන්න හැදුවෙ ?
ඇයි ඔලුව අහකට ගත්තෙ ?
පිරිමියෙක් තමන්ගෙ උරිස්ස තව එකියකගෙ ඔලුව තියාගන්න දෙන්නෙ ආතල් එකක් ගන්න නෙවෙයි
ඒ තමයි ආදරේ අස්සෙ දි පිරිමියෙක් තමන් ආදරේ කරන එකීව නිවන තැන
හරියට දරුවෙකුට අම්මෙක්ගෙ උකුල වගේ......
මට මගෙ හදවත ඇරුනාම ඉන්ධු! ඔයාට දෙන්න තියෙන උපරිම තැන එතන විතරයි
ඉතින් ඔයා ඒකත් ප්‍රතික්ශේප කරද්දි මට ඉවසන්න බෑ......
මට සමාවෙන්න......
කාත් කෞරුත් නෑ මට....ඔයා දන්නව
එහෙම කරන්න එපා ඉන්ධු !
මටත් රිදෙනව
රිදෙන හදවතක් මටත් තියෙනව ''
ඔහුගේ දෙනෙත් වලින් කඳුලු ඉලිප්පෙන්නට විය....එය දරාගත නොහැකිය...ඉතින් ඔහු උරහිස මත තියූවේ කුමක් ද ? ආදරය එය ද ?
''ඔයාට රිදෙනව ඇති සහස්.....දැන් ගොඩක් වෙලා හිටපු නිසා....
මම කැමති නෑ මම නිසා ඔයාට රිදෙනවට ''
ප්‍රේමය යනු විටෙක උසුලාගෙන සිටිය නොහැකි බරකි. එය වේදනාකාරී ය. ඇත්තට ම ඔහු වැන්නකුගේ ප්‍රේමයක් ලැබීමට තරම් මා නොවටින අයෙකි
ප්‍රේමය ඇස්වලින් පටන්ගෙන ඇතුලාන්තය දක්වා ම ගමන් කරන්නකි. එය ආත්මය සංතර්පණය කර ගනියි. පසුව ආත්මය තුරුළුකර උණුහුමින් වෙලා ගනියි. වෙලාවක් අවේලාවක් නොමැතිවම හදවත කූද්දයි. මට මා ද ඔහුට ඔහු ද සීමා විරහිත ලෝකයක දරදඬු වහලුන් සේ සිරගත කර දමයි . ඉතින් එය නැති වුවොත් වේදනාව ඇතිවනුයේ උණුහුම ගිලිහුනු ආත්මයට ම ය
'' ඉතින් මම රිදෙනව කිව්වෙ කොයි වෙලාවෙද ? ''
'' ඔයා රිදෙන තැන් මට කිව්වෙ කොයි වෙලාවෙද සහස් ? ''
_ භවයක් ම පාසා පෙම් බැඳි අහසක් ය නුඹ _
මතු සම්බන්දයි ......!
__අහස්...✍__