මතක තැනිබිමෙහි නුඹ නමින් අලුතෙන් ම කියා ප්‍රේමය අස්වද්දන්නට උවමනාවක් නොනැඟුනේ ම.....
ඒ තැනිබිම ඒ වන විටත් පල බර වී තිබූ බැවිනි
මගේ ජීවිතය අමාවක පවා හොඳ හැටි හැඳිනුවත් නුඹට එය හැඳිනීම පවා තහනම් විය
මරණ තර්ජන නොවූවත් යලිත් දෙවන වරටත් දුරකථන ඇමතුමකින් නුඹේ ජීවිතයෙන් ඈත්වී හිඳින්නට මට චෝදනා එල්ල විය
හද්දා පිටිසර මට නුඹව කිසි සේත් ම පෑහෙන්නේ නැති බව නුඹ තේරුම් නොගන්නේ මන්ද යැයි නොදනිමි
ගොයම් පැහෙන්නට වූයෙන් නුඹ ඇවිත් තිබූ බව ආරංචි වූයෙන් මම එදින කාමරයෙන් එලියට හෝ නොගියේ කියන්නට තහනම් ඒ හැඟීම බැරිවෙලාවත් මට කියැවේවි යන සිතිවිල්ල නිසාවෙනි
නුඹ මගේ වහල යටට පය තබාවි යැයි මම සිහිනයකින් හෝ නොසිතුවෙමි
දැනගෙන හිටියනම්.....
කවදාවත් මම ම ඇවිත් කීයටවත් දොර අරින්නට පවා නොසිතමි.......
පිටුපා යන්නට හෝ මගහරින්න ට නොහැකි නිමේෂයක වචන පවා අගුලු වැටුනි.......
''ඇයි ආවෙ නැත්තෙ......''
ඒ වසර දෙකක් පහුවට නුඹ මා සමග කියූ පලමු වචන කිහිපය විය
මම මොකුත් කියන්නට වචන පවා ගිලෙන මොහොතක......මගේ වාසනාවකට අම්මා ඒ කතාවට හරස් විය
''අපේ දරුවා මේ මහත්තයව අඳුරනවද...??''
මම එකවරම නුඹේ ඇස් දෙස බැලුවේ ......ඒ දේවල් නොකියන්නට අයදින බැල්මකිනි.....
''නැන්දෙ අපි යුනිවසිටි එකේ හොඳ යාලුවො
මම දන්නව ඔයාලට කුඹුරක් තියනව කියල
මගෙ අයිය එයාගෙ ප්‍රී ශූට් එක ටිකක් පිටිසර ගමක කුඹුරක වගේ කරන්න ඕනි කිව්වා
ඉතින් මම මෙයාටත් කිව්වා
මෙයා ආපු නැති නිසා මම ආවෙ අසනීපයක් වත් වෙලා ද බලන්න....''
''එහෙමද.....එන්න පුතේ ගෙට....ඉඳගන්න....''
''මට වතුර එකක් දෙනවද....''
''හරි පුතේ......පුතේ වතුර එකක් ගෙනත් දෙන්න මේ ලමයට....''
මොකුත් හිතාගන්නටවත් බැරුව මම තුෂ්නිම්භූත වුනෙමි
''මේ දරුවො එකම බැජ් එකේ ද......''
''අම්මෙ වතුර එක....''
''මට නෙවෙයි අර ලමයට දීපං.....''
''තැංකියු.....''
නුඹේ කට හඬ...නුඹේ බැල්ම පවා එදිනත් මට ලෙංගතු විය
මොන පවකට එදා මම ඒ ආදරේ හිතේ හංගගෙන නොහැඟුනා සේ ඉඳියා දැයි මමත් නොදනිමි
''පුතා කාල එහෙම ද.....''
''ඔව් නැන්දෙ අපි කෑම ගෙනාවා.....
හැම එකකට ම කරදර කරන්න බෑ නෙ..''
''ඉතින් අපේ මනුස්සය කැමති උනාද ඔය වැඩේට.....
ගොයම් පීදෙනකොට පිට මනුස්සයෙක් කුඹුර පැත්තට එනවට වත් කැමති නෑ ඔන්න...''
''අනේ එහෙම මොකුත් කිව්වෙනම් නෑ.....
මම සල්ලි දෙන්න හැදුවෙ සල්ලිත් එපා කිව්වා
හරි හිත හොඳ මනුස්සයෙක්......''
''මම දැන් යන්නත් ඕන මම හදිස්සියෙම ආවෙ මෙයා මගෙන් පොතක් ඉල්ලගත්තා ඒක තාම එයා අතේ ද එයාගෙ යාලුව අතේද අහන්න...''
''ඒක මගෙ අතේ.....
ඉන්න මම දෙන්නම්''
මම වචනයක් හෝ කතාකල නිසාද
නුඹේ ඉඟිය මා වටහාගත් නිසා ද මන්දා
නුඹේ ඇස්වල සතුට මුසු වූ කාන්තියක් තිබුණි
වියැලුනු වැරනියා මල් ඉත්ත මගේ ලඟ එදිනත් තිබූ නමුත් එය යල් පැනගිය ආත්ම තෘප්තියක් උදෙසා පාවිච්චි කිරීමට තරම් මට උවමනාවක් නොතිබුනි
කිසිවක් නොතිබූ පරණ සටහන් පොතක් එදා නුඹට දුන්නේ නුඹ නවතීවි යන සිතිවිල්ල ගැඹුරු දුකක් හමුවේ වුවද සිතෙහි මිහිඳන් කරගනිමිනි
මතු සම්බන්ධයි.....!!
__අහස්__