Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 16 2026 @ 08:25

අහංකාර වලව් හාමිනේ - 9

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *නවවෙනි කොටස (09)*

අඩියට දෙකට වාහනේට ගිහින් නැගලා රිවස් කරලා බොරලු පාරෙ නොපෙනී ගියේ ඇහේ බැල්ම අංශකයක්වත් නොකර මගෙ ඇස් ලොකු කුමාරිහමි ගිය දිහාටම වැටිලා තියෙනකොට 

____එතැන් සිට____________________

ලොකු කුමාරිහාමි බොරලු පාරේ නොපෙනි ගියාටත් පස්සෙ සුදු හාමිනෙ මෙතුවක් වෙලා දරන් උන්නු කදුලු ගංගාව දිග ඇරියෙ මගෙ පපුවට තුරුල් වෙලා 

.. සුදු හාමිනේ නාඩා ඉන්නකො,ලොකු කුමාරිහාමි සුදු හාමිනේට ආදරේ නිසායි ඔය..

හෙමින් සැරේ මගෙ පපුවෙන් සුදු හාමිනේව ඈත් කරන ගමන් ගමේ එකෙක්ගෙ හරි ඇහැක් අපි දිහාවට තියෙනවද කියලා විපරම් කළේ මොකෙක් හරි එකෙක් කට කැඩුණු කතාවක් වලව්වෙ කනේ තිබ්බොත් අද හවස් වෙද්දිම මට අපෙ අම්මත් එක්ක බෙරලි ඇළේ මියැදෙන්න වෙන හින්දා 

*නෑ..ඉ..දු..අයි..යෙ*

.. සුදු හාමිනේ නාඩා යන්නකො අපෙ ගෙදර,ගමෙ මොකාහරි දැක්කොත් විසුමක් වෙන්නෑ

ලොකු කුමාරිහාමිත් වලව්වට ගියෙ කේන්තියෙන්

මං විජහට ටවුන් ගිහින් ඇවිත් සුදු හාමිනෙගෙ වාහනෙ හදලා දෙන්නම්කො..

කදුලු මල් වලට රතු උනු සුදු හාමිනේගෙ පියුමක් වගෙ මූණ දිහා බලලා ඇස් වලින් පාර පෙන්නලා අඩියට දෙකට සුදු හාමිනේගෙන් ඈත් වෙලා බොරලු පාර දිගෙ මං ඇදුනෙ ඉස්සරහට

__________


හෝරා දෙක තුනක් ටවුන් එකේ කරක් ගහලා වාහනේ හදන්න ඕන කරන කෑලි ටිකත් උස්සන් මං ආයෙම ආවේ බෙරලිගල්ල වලව්වට...


හවස හයේ හෝරාවත් පහුවෙලා හින්දා පියදාස මාමා වෙනුවට රෑ මුරට උන්නෙ මිටි මහත කවදාවත් නොදැකපු මනුස්සයෙක්.

.. සර් මං සුදු හාමිනේගෙ වාහනේ හදන්න ආවේ.. හිස පොඩ්ඩක් පාත් කරලා ලා හිනාවක් එක්ක මං කිව්වෙ මුර කුටියෙ ඉදන් මගෙ ඉහෙ ඉදන් පල්ලෙහාටම පරික්සා කොරන මුරකාර මහත්තයට 

*ආ මේ ඒ කොලුවද?.උබලගෙ අම්මට පණිවිඩයක් දුන්නා බන් මං හිතන්නෙ .උබ මේ ටවුමෙ ඉදන් ගෙදර නොයාම වලව්වට එන්ඩ ඇත්තෙ?*

මං කවුද කියලා හදුන්වලා දෙනවත් එක්කම මං දිහා සැකෙන් වගෙ බලමින් උන්නු මුරකාරයා මා දිහාවට අනුකම්පා බැල්මක් දැම්මෙ මගෙ නළල රැලි වෙනකොට 

.. පණිවිඩයක් කිව්වෙ.. මුරකාරයා කිව්ව කතාව නොතෙරුනු නිසා මං කිව්ව කතාවෙ දිග පළලක් බලාපොරොත්තු උනෙ මුරට ඉන්න මුරකාරයගෙන් 

*අපේ ලොකු කුමාරිහාමි ටවුන් එකෙ මහත්තයෙක් ගෙන්නලා සුදු හාමිනෙගෙ වාහනේ හැදෙව්වනෙ කොලුවො*

*උබේ අම්මට පයින්ඩෙ කියෙව්වා මං ගිහින්.දැන් ඉතින් මක් කොරන්ඩද?උබ පලයන් කොල්ලො ආපහු ගෙදර.ඔය ඉතිරි සල්ලි උබටම තියාගන්නයි කිව්වා*

මුරකාරයා මා දිහාත් මගෙ අතෙ තිබ්බ සිලිකවරෙ දිහාත් බලලා මුරකුටියෙ දොර වැහුවෙ මගෙ පිටටත් තට්ටුවක් දාලා 

ලොකු කුමාරිහාමි.එහෙනම් බැන්නට ඔයා මගෙන් වාඩු ගත්තෙ මෙහෙමද?

අතේ එල්ලන් ආව සිලිකවරෙ දිහාත් බලලා ගේට්ටුවට උඩින් පේන වලව්වෙ වහලෙ දිහත් බලලා මං පිටකළෙ බර හුස්මක්...

පපුවෙන් හීනි වේදනාවක් එනවා ලොකු කුමාරිහාමි මට වයිර බදින විදිහට

මේ අහිංසකයාගෙ හිත නංගිගෙන් උනත් කතාවක් අහනවට මනාප නැති කමටයි ලොකු කුමාරිහාමි හිතන්නත් කලින් ඉස්සෙල්ලා මගෙ මේ මූසල කටෙන් කුමාරිහාමිගෙ හිත රිදෙන්න වචන පිටවුනේ.

මේ අහිංසකයා හීනෙන්වත් මයෙ ලොකු කුමාරිහාමිට මොකද්දො හේතුවකට දොසක් නගන්න කැමති නෑ

එක අතකට මාව දැක්ක පළමු දා ඉදන් අද වෙනකම්ම ලොකු කුමාරිහාමිගෙ හිතෙ මං ගැන තියෙන්නෙ මහ අප්‍රසාදයක් නෙ.

ලොකු කුමාරිහාමි හිතන් ඇති නේද මං සුදු හාමිනේ රවට්ටන් වලව්වට පංගාත්තු වෙන්න එනවයි කියලා 

කමක් නෑ ලොකු කුමාරිහාමි,මං කවුද කුමාරිහාමිගෙ හිතෙ මං ගැන හොදක් හිතන්න වෙනස් කොරන්ට..

වලව්ව ඇතුලෙ ඉන්න ලොකු කුමාරිහාමි තියා වලව්වෙ ගල් කැටයක්වත් නොපෙනුනත් හිත අග්ගිස්සෙන් දැනෙන වේදනාවට මගෙ හිතටම මුමුණ ගත්තු මං බර හුස්මක් පිට කරලා ආපහු හැරිලා ආවේ වලව්වෙ ගේට්ටුවෙන් බොරලු පාරට..

බොරලු පාර දිගෙ තෝන්තුවෙන් ඇවිදන් ආපු මං දෙවැට දිගෙ අපෙ ගෙයි වත්තට ගොඩ උනෙ අපෙ අම්මා මං එනකම් මග බලා ඉන්නවා මගෙ ඇස් වලට අහුවෙනකොට

*දෙයියනෙ මයෙ සුදු පුතෙ,උබ ගියාද කොලුවො කෙලින්ම වලව්වට*

ගෙට ගොඩ වෙන්නත් කලින් මා දිහාවට දුවගෙන ආපු අපෙ අම්මා මගෙ බාහුවක් පිරිමැද්දෙ මං ගැන උපන්න දුකෙන්

.. කමක් නෑ අපෙ අම්මා,මේ බඩු ටිකයි සල්ලියි මයෙ කාමරෙන් තියන්නකො

මගෙ ඇගෙ ජරාව උදේ ඉදන් හිටපු පාරනෙ.මං ගිහින් විජහට නාගෙන එන්නම්..

සුදු හාමිනේගෙ වාහනෙ හදන්න ගත්තු වාහන කෑලි ටිකයි ඉතුරු සල්ලි ටිකයි අම්මගෙ අතෙ තිබ්බ මං අපෙ අම්මා මොකුත් කියන්න කලියෙන්ම ගෙයි පිටිපස්සට ආවේ වැලේ වනලා තිබ්බ තුවා පටත් අරන්

,,,,

පනිට්ටුව ළිදට දාලා වතුර බාල්දි එකින් එක හිසට හලාගන්න ගමන් මං කල්පනා කළේ සුදු නෙළුමක් වගෙ ඉන්න සුදු හාමිනේ ගැන නොහිතෙන අමුතුම හැගීමක් කටු පදුර වගෙ කොයිවෙලෙත් රිද්දන ලොකු කුමාරිහාමි ගැන දැනෙන්නෙ ඇයිද කියලා 

දැකපු පළවෙනි දවසෙ ලෙංගතුකමකින් ඒ රූපෙ දිහා නොබැලුවත් මොකද එදා ඉදන් ඒ රූපෙ මගෙ හිත අස්සක පරිස්සමට තැන්පත් වෙලා තියෙන්නෙ ඒ ගිනි ගහන ඇස් ගෙඩි දෙක මං දැකපු ලස්සනම පිස්සු වට්ටන ඇස් ගෙඩි දෙක වෙලා 

මං මහා පිස්සෙක්ද කුමාරිහාමි..ඔච්චර නපුරු යක්සණියක් වගෙ ඉන්න ඔයාටම මේ හිතෙ අමුතු ලෙංගතුකමක් ඇති වෙන්න තරම්

වෙන අයට ඔයාගෙ ගතිගුණ හින්දා ඔයාව එපා උනත් මගෙ හිත කියන්නෙම ලොකු කුමාරිහාමිව මේ පපුවට තුරුලු කරන් හෙමි හෙමින් ලොකු කුමාරිහාමිට හරි වැරැද්ද උගන්නන්ඩ කියලා

ම්හ්.ලොකු කුමාරිහාමි අහස නම් මේ හිගන්නා කවදාවත් අහස අල්ලන්ඩ බැරි මහ පොළොව

උදේ ඉදන් ඇගපුරා තිබ්බ කුණු ජරාව සේරොම හේදිලා යන්ඩ සීතල කියලවත් නොහිතා නා කියා ගත්තු මං ලොකු කුමාරිහාමි ගැන දැනෙන හැගීම හිත අස්සට ලොක් කරලා දාන ගමන් ගෙයි පිළිකන්නෙන් ගේ ඇතුළට වැදුනෙ.. අපෙ අම්මා බත්... කියාගෙන.

______________________

නොසෑහෙන්න අපේ මජං කොල්ලගෙ හිත් පොඩ්ඩ රිදිලා තියෙන්නේ😫💔🫀

පාඨක නර්ස්ලයි ඩොක්ටර්ස්ලයි පෝළිමට එන්න ඉදුවරට බෙහෙත් කරන්න 🌚🩺