_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *දසවෙනි කොටස (10)*
පෙර කොටසින්,,,
උදේ ඉදන් ඇගපුරා තිබ්බ කුණු ජරාව සේරොම හේදිලා යන්ඩ සීතල කියලවත් නොහිතා නා කියා ගත්තු මං ලොකු කුමාරිහාමි ගැන දැනෙන හැගීම හිත අස්සට ලොක් කරලා දාන ගමන් ගෙයි පිළිකන්නෙන් ගේ ඇතුළට වැදුනෙ.. අපෙ අම්මා බත්... කියාගෙන.
_______එතැන් සිට_______
පහුවෙනිදා උදේම වේලාසනින්ම ඇහැරුනු මං මූණ අත පය හෝදගෙන බත් කටක්වත් බඩට නොදා වලව් මායිමට පැන්නේ ලොකු කුමාරිහාමිව හම්බවෙලා සමාව ඉල්ලලා ඉතුරු උනු සල්ලි ටික කුමාරිහාමිගෙ අතටම දීලා දාන්න..
කුකුළත් අතින්ම අරන් ආපු මට කජු ගහ අස්සෙන් පේන වලව්ව දිහා දැක්කාම තේරුනෙ තාම වලව් ඇත්තො නිදි කියලා..
උදේ 6.30ටවත් නෑ මං හිතන්නෙ.මට තියෙන කඩිකුලප්පුව වලව්වෙ ඈයොන්ට තියෙනවැ
ඉතින් උන්වහන්සෙලා උදෙන්ම අවදි වෙයිද? තව ටිකක් කොන්ද නමලා කජු ගහේ අත්තක් අස්සෙන් මං බැලුවෙ හොදට වලව්ව දිහා
කමක් නෑ ඔන්න ඔහෙ ඉමු.නිකන් හරි ආයෙම ගෙදර ගිහින් එන ඩිංගට ලොකු කුමාරිහාමි කොහෙ හරි ගියොත්
විනාඩි දහයක විතර විපරමෙන් පස්සෙ මං තීරණය කළේ කීයට හරි ලොකු කුමාරිහාමි එනකම් මෙතෙන්ටම වෙලා ඉන්ඩ.
ඊයෙ තිබුනු හිතෙ බරත් එක්ක නින්ද ගියෙත් නෑ..ඒ නිසා දැන් ඇස් දෙකෙ මිරිස් ගෑවුනා වගෙ දැවිල්ලයි..
ඔන්න ඔහෙ කමක් නෑ..දැන් වැදගත් ලොකු කුමාරිහාමිව හම්බවෙන එක විතරයි
මංනෙ දන්නෙ ඊයෙ ඇස් පියාගන්න මං කාපු කට්ටක්..
නිදිමතත් එක්කම එක පිට හොදට ඈනුම් යනකොට *ඇස් ඇරන් ඉදපන්* කියලා තදට හිතට කියාගත්තු මං හේත්තු උනෙ කජු ගහේ කදට අත් දෙක පපුව හරහා බැදගෙන..
,,,
*ආ ඉදු කොලුවො මොකො උබ මේ කුකුළත් අතින් අරගෙනම*
විනාඩියක් දෙකක් එක්ක විනාඩි දහයක් වගෙ ගෙවිලා යන තැනදි
යකඩ ගේට්ටුවට එහායින් තියෙන කජු ගහට හේත්තු වෙලා උන්නු මට කතා කළේ උදේ මුරට උන්නු පියදාස මාමා
මං එද්දි නම් උන්නෙ ඊයෙ රෑ හිටපු මනුස්සයා..දැන් වෙන්න ඇති මං හිතන්නෙ මුර සේවෙ මාරු වෙන්නෙ
ඒකනෙ පියදාස මාමා මෙතන ඉන්නෙ..
මුර සූට් එක ඇදලා පැහුණු රැවුලක් එක්ක ඉන්න පියදාස මාමා අහිංසකව හිනාවෙනකොට
එකපාරටම කියන්නෙ මොනද කියලා කටට
නොආවත් තත්පර ගානක හිතීමත් එක්කලා පියදාස මාමාට මං කිව්වෙ
.. අහ් නෑ මාමේ මේ මං ලොකු කුමාරිහාමිට පයිණ්ඩයක් කියන්න කියලා..
සැකයක් නොහිතෙන්න
*ආ තාම නම් නිදි ඇති මයෙ හිතෙ.මුන්නාස්සේලා නැගිටිද්දි උදේ අටත් පහු වෙනවා බන්*
මගෙ කතාව පිළිගත්ත පියදාස මාමා
වලව්ව දිහාත් අනිත් අතට අතේ බැදලා උන්නු පරණ ඔරලෝසුව දිහාත් බැලුවෙ මෙහෙම කියන ගමන්
.. කමක් නෑ මාමේ,නිකන් හරි ලොකු කුමාරිහාමිව හම්බෙන්න බැරි උනොත් පයිණ්ඩෙ කියන්න බැරි වෙනවා
කීයට හරි මං කුමාරිහාමි එනකම් ඉන්නම්කො..
ලා හිනාවක් දාන ගමන් පියදාස මාමාට මං කිව්වෙ යකඩ කූරු අස්සෙන් පේන වලව්ව දිහත් බලලා
තවත් විනාඩි ගානක් මා එක්ක කතා කරපු පියදාස මාමා යකඩ ගේට්ටුවෙන් වලව් වත්තට ඇතුලු වෙලා ගියේ පොත අත්සන් කරන්න
පියදාස මාමාත් ගිය එකෙ මෙතන හිටියා කියලා වැඩක් තියෙනවෑ
ඉතින් ඒ නිසාම
කීයට හරි අද නම් ගෙදර යන්නෙ ලොකු කුමාරිහාමිව හම්බෙලාම තමයි කියලා හිතාගෙන
හිමි හිමින් ඇවිදන් ඇවිත් කොන්ද හේත්තු කළේ සරුසාරෙට හැදුනු කජු ගහෙ ගස් කදට...
______________
හිතේ මිනුමෙන් පැයක් දෙකක්ම ඉබි ගමනින් ගෙවිලා ගියේ එක වෙලාවකට ගස් කදට හේත්තු වෙලාත් තවත් වෙලාවක කජු ගහේ කද වටේ ඇවිදලත් මං කාලේ ගෙවාගන්නකොට
හක්ක ඉරිලා යන්න වගෙ ඈනුම් යනවා ඇස් දෙක රත් වෙලා වගෙ දැවිල්ල අල්ලනවා
එකම විදිහට ඉදලා කකුල් දෙක හිරි වැටිලා..
ඒත් තාම ලොකු කුමාරිහාමි තියා මහ නිළමෙගෙ චායාවක්වත් වැටුනෙ නෑ මගෙ ඇස් වලට
අම්මපා පුලුවන් නම් මං යනවා වලව් ගේට්ටුවෙන් ඇතුලට ලොකු කුමාරිහාමිව හම්බෙන්ඩ
කොහෙද මං වගෙ ජාතියක් ජන්මයක් නැති ප|ඩ|ත්|ත|ර|යෙ|ක්|ව වලව්වෙ ඈයන්ගෙ ඇස් වලට උදෙන්ම මුලිච්චි උනොත් දවසම මූසල කොරා කියලා කස පාරවල් කන්න ඕනිත් මංමනෙ
ඉදලා එපා උනත් ලොකු කුමාරිහාමිව හම්බෙන්න මේ කට්ට කන්නම වෙන හින්දා කීයට හරි කුමාරිහාමිගෙ චායාවක් හරි පේනකම් ඉන්නවමයි කියලා හිතාගෙන මං ඉදගත්තෙ කජු ගහ මුල
,,,,
*hey*
..හ්හ් අහ්..
________________________
කවුරු වෙන්නැතිද ආවේ?
ලොකු කුමාරිහාමිව හම්බෙන්න පුලුවන් වෙයිද?
*Comment ආවහම ඊලග කොටසින් හමුවෙමු.👍*