Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 13 2026 @ 06:18

අහංකාර වලව් හාමිනේ - 8

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *අටවන කොටස (08)*

ලොකු කුමාරිහාමිගෙ කේන්තියෙ හැටියට තව තත්පරයක් හරි පරක්කු උනොත් මට වෙන්නෙ කොහෙ හරි ගස් කදක එල්ලෙන්න හින්දා සයිකලෙත් පැත්තකට කරලා අඩිය දෙක ඉක්මන් කරලා මං ඇදුනෙ බොරලු පාරෙ ඉස්සරහට

*ඉන්න*

______එතැන් සිට_________________

සයිකලෙ පැත්තකට කරලා බොරලු පාර දිගෙ අඩි දෙකක් විතර ඉස්සරහට ඇදෙනකොට කලුවර ගස් වංගුවෙන් මගෙ ඇස් ඉස්සරහට ආවෙ මූණ තද රතු කරගත් සුදු හාමිනේ..

*ඉන්න ඉදු අයියා,අක්කා කොහොමද ඔයාට ඔහොම කතා කරන්නෙ*

මගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන ගාවට මං ළගට ආපු සුදු හාමිනේ මගෙ දකුණු අතින් අල්ලගත්තෙ මට පිටිපස්සට වෙන්න තිබ්බ ලොකු කුමාරිහාමිගෙ වාහනේ දිහා කේන්තියෙන් බලන ගමන් 

මෙච්චර කේන්තියක්..දෙයියනෙ මං සුදු හාමිනේගෙ ඇස් වලින් දැක්කමයි 

හැමදාම අහිංසකව තියෙන ඇස් දැන් ලොකු කුමාරිහාමිටම දෙවෙනි නොවෙන්න රතු වෙලා ගිහින්..

අපෙ අම්මගෙ පිහිටයි මට .

කලු පාට බෙන්ස් කාර් එකෙ උන්නු ලොකු කුමාරිහාමි මේ අල්ලපනල්ලේ මහ සද්දෙට දොර පියන වහන ගමන් කාර් එකෙන් බැහැගත්තෙ සුදු හාමිනෙ අල්ලන් ඉන්න මගෙ අත දිහාවට ඒ ගිනි ගහන ඇස් රදවන ගමන් 

මේ නම් වෙන්න යන්නේ හොද වැඩක් නෙමෙයි..


විජහට ලොකු කුමාරිහාමිගෙ ගිනි ගහන ඇස් වැටුනු සුදු හාමිනෙගෙ අත මගෙ අතින් අයින් කරලා සුදු හාමිනෙගෙන් මං ඈත් උනෙ එක අඩියට අඩි දෙකක්ම 

එක අඩියට අඩි දෙකක්ම සුදු හාමිනෙගෙන් ඈත් උනු මං 

.අබ දැම්මත් පුපුරන තරම් කේන්තියකින් මට විරුද්ධ පැත්තෙ ඉදන් මා දිහාත් සුදු හාමිනේ දිහත් බලන ලොකු කුමාරිහාමි දිහත් 

..මගෙ පැත්තෙ ඉදන් වෙනදට තියෙන අහිංසකකම කොහෙදෝ හංගන් ලොකු කුමාරිහාමි දිහා කන්න වගෙ බලන් ඉන්න සුදු හාමිනෙ දිහත් මාරුවෙන් මාරුවට ඇස් අරන් ගියේ මේ දෙන්නා බොරලු පාරෙ කෙස්වලු පටල ගනී කියලා දැනුනු සාධාරණ බයෙන්..

මං වගේ අප්පෙක්ව දන්නැති පහත් එකෙක්ට සුදු හාමිනේ පෙම් බදින බව අමුතුවෙන් මට හංගන්න දෙයක් නෙවෙයි..

ටවුන් එකේ ගරාජ් එකේ වැඩ කරලා අපෙ අම්මව බලන්න එන නිමාඩු දවස් වල පටන්ම සුදු හාමිනේගෙ පිවිතුරු ඇස් මගෙ පස්සෙන් වැටුනේ ඒ හිතෙ තියෙන කතාව නොකියා කියමින්..

පහත් උනත් මාත් මනුස්සයෙක්..ඉතින් ඒ නිසාම ගෑනියෙක් හැරෙන්නෙ මොකාටද කියලා තේරුනු මං සුදු හාමිනේගෙ හිත නොරිදෙන්න සුදු හාමිනේ ඉගි කරපු ඉගි බිගි නොතෙරුනු ගානට මෙතුවක් කල් උන්නෙ
මහ නිළමෙගෙ උදහසට අහුවෙන්න බයෙත් සුදු හාමිනේ ගැන මගෙ හිතෙ එහෙව් විශේෂයක් ඇති නොවුනු නිසාත් 

" සුදු හාමිනේ උබ.."

තනියම සුදු හාමිනෙගෙ ආදර ඉගි බිගි ගැන අතීත මතකෙ හිටපු මං ගැස්සිලා මේ ලෝකෙට ආවෙ ලොකු කුමාරිහාමිගෙ වලව් තේජස ඕනවටත් වඩා පිරුණු කේන්ති කටහඩට 

*සුදු හාමිනේ තමයි ලොකු කුමාරිහාමි*

ලොකු කුමාරිහාමිගෙ කටින් පිටවුනු සද්දෙට 
දෙවැනි නොවෙන්න සුදු හාමිනේත් ලොකු කුමාරිහාමිට උත්තර බැන්දේ 
මගෙ පපුව බයටම ගිඩි ගිඩි ගාලා ගැහෙනකොට 

" උබේ කට අඩු කරගනින් සුදු හාමිනේ.උබේ අප්පච්චි උබව හුරතල් කොලාට උබේ අක්කා එහෙම නෑ "

ගාම්භීර විලාසෙට අත් පිටිපස්සට බැදගත් ලොකු කුමාරිහාමි අඩියෙන් අඩිය මාත් සුදු හාමිනෙත් උන්නු දිහාවට ආවේ ගිනි ගහන ඇස් තද රතට හරවන් 

*ම්හ්.මං ඔයාට බය නෑ අක්කා.බය වෙලා ඉන්න මං පොඩිත් නෑනෙ*

*ලැජ්ජ නැද්ද ඔයාට මේ අහිංසකයාට ඔහොම කතා කළාට?*

*ඉදු අයියා ඔයාට මොකුත් කළේ නෑනෙ අක්කා.අනික එයා ඔයාට වඩා අවුරුදු හතරක්ම වැඩිමල්*

*ඔයාගෙ නූගත්කම ප්‍රදර්ශනෙ කරලා ලැජ්ජ වෙන්න එපා* 

දබරැගිල්ල ලොකු කුමාරිහාමි දිහාවට දිග් කරලා සුදු හාමිනේ රේල් පීල්ලේ දුවන කෝච්චියක වේගෙට ගැලපෙන්න ලොකු කුමාරිහාමිට දොස් කියාගෙන යනකොට මං අතරමං උනෙ කොල්ලෙක් වෙලා මෙහෙම කොන්ද පණ නෑ වගෙ නොඉද කතා කරනවද ?නැත්නම් වලව් පැලැන්තියෙ අය අස්සට පැනලා කට කියවන් යන්න තත්වයක් නැති නිසා පුරුදු බාල්දු වෙන්ම මේ දෙන්නට ප්‍රශ්නෙ විසදගන්න 
ඉඩ දෙනවද කියන විසදුම් දෙක අතර 

" අප්පට බොල මේකිගෙ කට. මුට බනිද්දි උබෙ පපුකෙනිත්ත රිදෙනවද? 

හිතන් ඉන්නෙ මූව කරකාර බදින්ඩ වෙන්නැති " 

සුදු හාමිනේගෙ මූණට එබෙන ගමන් ලොකු කුමාරිහාමි කියාගෙන ගියේ තද රතු දෙතොල් කොණ ඇද කරලා සමච්චලෙන් 

*අක්කා* 
ලොකු කුමාරිහාමිගෙ කතාවත් එක්ක සුදු හාමිනේ අඩියක් පොළොවෙ හප්පලා කෑගැහුවෙ මගෙ ඇස් තත්පරෙන් තත්පරේට පොර කිකිළියො වගෙ ඉන්න අක්කයි නංගියි දිහාවට යොමු වෙනකොට 

" කට..ගලෝනවා උබේ දත් වහල්ල.. කට වහගෙන ගිහින් නැගපන් වාහනේට

මේ වගෙ උන් ඉස්සරහා උබ මට කට ගහන් එනවද?" 

හැරෙන තැපෑලෙන් අසෝක මල් පොකුරු පිටින් විසිවෙන්න ලොකු කුමාරිහාමි සුදු හාමිනේට කම්බුල් පාරක් දුන්නෙ ඒ සුදු අල්ල සුදු හාමිනේගෙ සුදු කම්බුලෙ ගිනි පිටවෙන්නම වැදෙන්න 

.. සුදු හාමිනේ...

ඒ සැනින්

ලොකු කුමාරිහාමිගෙ අත්ලෙ සැරට පස්සට විසික් උනු සුදු හාමිනේව කම්බි වැටේ වැදෙන්න කලියෙන් මං ඇදලා ගත්තෙ ඉක්මනට 

.. සුදු හාමිනෙ සුදු හාමිනේ
දෙයියනෙ ලොකු කුමාරිහාමි සුදු හාමිනෙගෙ තොලත් පැලිලා ලේ එනවා

විකාරද ලොකු කුමාරිහාමිට මං වගෙ එකෙක් නිසා තමන්ගෙ නංගිට අත උස්සන්න..

කම්බි වැට දිහාවට වැටෙන්න නොදී අල්ලගත්තු සුදු හාමිනේගෙ මූණ පුරා ඇස් යවපු මං ලොකු කුමාරිහාමිට කෑගැහුවෙ මගෙ ඇස් වලට සුදු හාමිගෙ සුදු කම්බුලක රතට රතේ රැදිලා තිබුණු ඇගිලි පාරවල් 
අහුවෙනකොට 

*රි..දෙ..න්නෑ ඉ..දූ අයියේ*

ඇස් දෙකෙම කදුලු කැට පුරවන් සුදු හාමිනේ මගෙ පපුවට බර වෙලා මගෙ දිහා බැලුවේ දැනෙන වේදනාව දතකින් ඒ රෝස පාට දෙතොල් කොනකුත් හපන් දරාගන්න ගමන්

.. ලොකු කුමාරිහාමි කරුණාකරලා වලව්වට යන්ඩ

මං පයින් බැරි නම් මොන තූත්තුකුඩියක හරි ගිහින් වාහන කෑලි හොයන් ඇවිත් හදලා දීලා යන්නම් සුදු හාමිනෙගෙ වාහනේ

නිකන් බොරුවට මේ අහිංසකීට මං වගෙ අප්පෙක්ගෙ ජාතකේවත් නැති කොල්ලෙක් හින්දා තලන්න ඕන වෙන්නැනෙ කුමාරිහාමි ..

බයාදුකම බැද්දට විසි කරලා දන්නෙම නැතුව එළියට පැන්න පිරිමිකම ඉස්සරහට 
දාන් මං එක එල්ලෙ ලොකු කුමාරිහාමි දිහා බැලුවේ මේක ඉල්ලීමක් නෙමෙයි අණක් කියලා පෙන්නන්න 

" ත..මූ..තමුසෙ "

.. ලොකු කුමාරිහාමි,පින්සිද්ද වෙයි මට කියලා ඔය කණ රත් කොරගන්නෙ නැතුව යන්ඩ

මට තව ඩිංගක් ගියාම අමතක වෙයි මගෙ ඇස් ඉස්සරහා ඉන්නෙ බෙරලිගල්ල වලව්වෙ ලොකු කුමාරිහාමි කියන එක 

සුදු හාමිනේව මං අපෙ අම්මා එක්ක වලව්වට එවන්නම්

යන්ඩ ලොකු කුමාරිහාමි ...

මා එක්ක කට ගහන්න ආපු කුමාරිහාමිගෙ තිගැස්සුනු මූණට එබෙන ගමන් මං කිව්වෙ ටිකක් සද්දෙන්..

තත්පරයක් දෙකක් එක්ක විනාඩි පහක් විතර දත්මිටි කන ගමන් මා දිහාම බලා උන්නු ලොකු කුමාරිහාමි ඒ ගිනි ගහන ඇස් වල කදුලු පිරීගෙනම එනකොට 

අඩියට දෙකට වාහනේට ගිහින් නැගලා රිවස් කරලා බොරලු පාරෙ නොපෙනී ගියේ ඇහේ බැල්ම අංශකයක්වත් නොකර මගෙ ඇස් ලොකු කුමාරිහමි ගිය දිහාටම වැටිලා තියෙනකොට 

________________________

මොකද හිතෙන්නෙ...