Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 25 2026 @ 04:57

හෘද ලිලී - 9



_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *නවවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

ටිකක් වෙලා ගිහින් යෙධාගෙ හෙලවීමත් එක්ක කන්දක් වගෙ හිටපු කොල්ලො සෙට් එක ඇදට කඩා වැටුනෙ 
මහා කෑගැහිමක් එක්ක..

_____එතැන් සිට__________________

කෑගැහිලි මරා ගැනිලි හූ කියවිලි එක්ක කොල්ලො පස් දෙනාම එදා දවස ගෙවලා දැම්මෙ සුපුරුදු ජීවන රටාවෙ විදිහටමයි..

අද ඉතින් කොල්ලො ටිකගෙ තුන්වෙනි දවස..

දැන් යන්නෙ මිස් කෙයිමිගෙ ict වල එක දෙක පාඩම් එකතු කරලා ළමයින්ට පාඩම් කරන්න ලේසි විදිහට හදපු තොරතුරු තාක්ෂණවේදය හැදින්වීම පාඩමේ ශෝට් නෝට් ඉගැන්නිල්ල...

*ස්වර්ණමය නියාය එහෙම මතක තියාගන්න දරුවනෙ.පේපරේට උත්තර ලියනකොට රූප සටහනත් ඇදලම උත්තරේ ලියන එක හුගක් හොදයි*

*පොඩි mcq දෙකක් වගෙ තමයි ඉතින් ඒලෙවල් වලට නම් අහන්නෙ.මේ පාඩම් පුතෙ ඉතින් පොඩි පාඩම්නෙ*

*ඒ නිසා අදම ඔයාලගෙ මතකෙට දාගන්න..හතරවෙනි පාඩමේ gate ඉදන් පටන් ගන්න පාඩම් ටිකේ ඉදන් තමයි හුගක් අමාරු පාඩම් ටික පටන් ගන්නෙ*

ගගා මිස් කෙයිමි

කහ පාට සාරි පොට අතකින් අල්ලන් අනික් අතේ තියන හුනු කූරේන් බෝඩ් එකේ ඇදුනු රූප සටහන පෙන්නන ගමන් එයාගෙ පාඩම උගන්නගෙන යනවා..


මිස් කෙයිමිගෙ ගුරු සෙනෙහස නිසාම පන්තියෙ අවසාන පෝළිමෙ හිටපු දඩබ්බරයො දෙතුන් දෙනෙක් ඇරෙන්න
අනික් හැමෝම මිස් කෙයිමි උගන්නන දේවල් ටිකට ඇහුම්කන් දීගෙන ඉන්නවා

යෙධා උනත් සියලු එපාවිලි අත් හැරලා මේ වෙනකොට මෙත් පිටකවරෙ දැම්ම ict ලියන පොත අරගෙන කම්බුලටත් අතක් තියාගෙන කෙයිමි දෙන ශෝට් නෝට් එක ලියාගෙන යනවා..

කෙයිමි..පළමු පත්වීම උනත්,හැමෝගෙම හිත් ආකර්ශනේ කරගන්න පුලුවන් ගතියක් තියෙන කෙල්ලෙක්..

සමහරවිට ඒ එයාගෙ හිත තුළ තියෙන අව්‍යාජකම නිසාම වෙන්නැති..

හැමෝටම එයාගෙ ලස්සනම ලස්සන හිනාව තෑගි කරලා තමන් භාරගත්ත වගකීම් ඉස්සර ඉදන්ම කැපවීමෙන් හරියාකාරව කරන්නෙ ඒ හැමදේම තමන්ට ලැබුනු දේව ආශිර්වාද කියලා හිතලා...

තවත් ටික වෙලාවක් උගන්නලා ඉවර වෙලා කෙයිමි සාර්ථකව 1,2 පාඩම් දෙක ඉවර කරද්දි පන්තියේ උන්නු ළමයින්ගෙ කන් බෙර වල අවදානෙ එනවුස්මන්ට් එකට වැටෙන්න

පාසලේ විවේක වෙලාවෙ බෙල් එක වැදුනෙ සිංහල,දෙමළ,ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්..

,,,

භාෂා තුනෙන්ම වැදුනු බෙල් එකෙ හඩට කෙයිමි එයාගෙ ලිලී මලක් තිබුනු බෝතලේ අරන් ළමයි හැමෝටම ආයුබෝවන් කියලා පන්තියෙන් එලියට යන්න ගියේ තමන් දිහා බලා ඉන්න යෙධා දිහත් එකපාරක් බලලා...

ඇස් හතර වෙන වෙනම අමුතු කතාවක්..එයාලා විතරක් දන්න කවුරුත් නොදන්න අමුතු කතාවක්...

බෙල් එකත් එක්ක හම්බුනු විවේක වෙලාවට පන්ති දෙකේම උන්නු ළමයි තම තමන්ගෙ බඩවල් පුරවගන්න ලෑස්ති වෙද්දි තාදි ඉස්සරහ හිටන් ඉද්දිම උස පැනීමෙ තරග ඉසව් වලට සහභාගි වෙන යෙධා තාදිගෙ ඔලුව උඩින් පැනලා

පන්තියෙන් එළියට දුවන් ගියේ යෙධා තමන්ගෙ ඔලුව උඩින් පැනලා ගිය පාරට තාදි බය වෙලා පපුවට අතක් තියන් යෙධා යන හැටි බලන් ඉද්දි..

,,
ටික් ටික් ටික්..

10.30 ටිකින් ටික ටිකින් ටික 10.55 වගෙ වෙනකොට 
තම තමන්ගෙ ඉදන් උන්නුපුටුත් උස්ස ගෙන 12 F පන්තුයෙ කොල්ලො කෙල්ලො එහා පන්තියට ගියෙ ඊලග පරිච්ඡේද හතරම වජිර සර් ඇවිත් භාරගත්තු නිසා...

හරි නම් sft වලට තියෙන්නෙ දවසට පිරියඩ් දෙකයි..හැබැයි වජිර සර් හිනාවක් දාලා හරි ලස්සනට පීරියඩ් හතර බවට ඒක පෙරල ගන්නෙ හරිම සැහැල්ලුවෙන්..

තමන් ඉදන් ඉන්න පුටුව එක අතකින් උස්සන් අනික් අතින් පොත් ටිකත් අරන් තාදිත් අනික් ළමයි වගෙ එහා පන්ති කාමරේට ඇවිදන් යනකොට යෙධා තාදිවත් හප්පගෙනම පුටුව උස්සන් ගියේ

.. අහකට වෙයන් පොඩි එකී..කියලා විරිත්තගෙන

______𝓐.𝓔.𝓒 ______,,,,,,

ඉන්ටවෙල් එකෙන් ඇරඹුනු කාල පරිච්ඡේද හතරම වජිර සර්ගෙ ඉගැන්නිල්ලත් එක්ක ගෙවිලා ගියේ 1.40 ට ටෙක් වැසියො ටිකට ගෙදර බලා යන්න අවස්ථාව උදා කරලා..

තාදි නම් තමන්ගෙ බෑග් එකත් පිටෙ එල්ලන් වැනි වැනි වගෙ බස් හෝල්ට් එකට ඇවිදන් යනවා..

*තාදි* ඉගෙන ගන්න පොඩ්ඩක්වත් ආසා නැති හැබැයි ට්‍රයි කළොත් කාටත් වඩා හොදට ඉගෙන ගන්න හැකියාවක් තිබ්බ කෙල්ලෙක්.

දහම් පාසල් අවසාන විභාගෙ ලියලා උනත් දහම් පාසලෙම අයගෙන් පාස් වෙලා තිබ්බෙත් තාදි විතරයි..

ඕලෙවල් කාලෙ උනත් පන්තියෙ හය දහය අතර තාදි අනිවාරෙන් හිටියාමයි

ඒත් පවට පින දෙන්ඩ බෑ කියනවනෙ..තාදි තමන්ට ඉගෙන ගන්න පුලුවන් කියලා දැන දැනත් ඉගෙන ගන්න එකට කිසි ආසාවක් නැතුව ජොබ් එකකට යන්න ඒලෙවල් රිසාල්ට් ඕනි නිසා ඒලෙවල් කරනවා..

තාදිගෙ යාලුවා සමා නිට්ට්ඹුව පැත්තට යන නිසාත් තාදිට යාලුවො කියන්න වෙන අය හිටියෙ නැතිනිසත් හෙමි හෙමින් බිම බලාගෙන තාදි අඩි තිය තිය බස් හෝල්‍ට් එක දිහාවට ඇවිදන් ගියා..

,,

හෙමි හෙමින් අඩි තිය තියා තාදි ඇවිදන් බස් හෝල්ට් එකට එනකොට එක් දෑස් දෙකක් තාදි දිහාවට වැටුනෙ හරි අහම්බෙන් කටේ තිබ්බ අයිස් පැකට් එකත් උරෝ උරෝ..

ඕ යෑස් තාදිගෙ උස පොල් නැට්ටා.යෙධා..

ගර්ල්ස් ස්කූල් එකෙ කෙල්ලොන්ගෙන් ගිය සතියෙ දැක්ක කෙල්ල දිහා බලන් ඉද්දි ඒ කෙල්ල ගාවින් අට වසරෙ පොඩි එකෙක් 
වගෙ ඇවිදන් ආව තාදිව යෙධාගෙ ඇස් වලට අහු උනා..

.. මේ පොඩි හු* ත් මේ පැත්තටද යන්නෙ..

තාදිව ඇස් වලට අහුවුනු ගමන් යෙධා කියෙව්වෙ තමන්ගෙ හිතට

.. මිනිහා මැරිච්චි ගෑනි වගෙ මොකද මේකි බිම බලාගෙනම ඇවිදන් එන්නෙ...

තාදි ඇවිදන් එන දිහා බලාගෙන යෙධා ආයෙම හිතුවා

තාදි බිම බලාගෙන යෙධා තාදි දිහා බලාගෙන තව මිනිත්තුවක් වගෙ ගෙවෙද්දි 

යෙධා ඉන්න බවක් නොදැන තාදි ඇවිත් හිටගත්තෙ යෙධා ගාවින් හැබැයි බිමට බර උනු මූණ ඒ විදිහටම තියාගෙන

,,

තත්පරයක් දෙකක්..

යෙධා වගේම අනික් කොල්ලො හතර දෙනත් බිමට ඔලුව හරවන් ඉන්න කෙල්ල දිහා බලන් ඉන්නෙ මේකිගෙ වයස 17 ක් උනාට මොකද කොල්ලො සෙට් එක එක්ක ඉද්දි දරුකමට හදාගන්න පුලුවන් එකියක්නෙ මේකි කියන බැල්මට් එකෙන්..

තාදි පුංචියි..කෙට්ටු නිසාමද මන්දා වයසට වඩා හුගාක් ලාබාල පෙනුමක් ලැබිලා තිබ්බා

ටෙක් වාසී ගොඩෙ ඉන්න දොලහා දහතුන ඔක්කොම කෙල්ලො විසි දෙනාගෙන් පුංචිම කෙල්ල තාදි උනෙත් මං හිතන්නෙ ඒ නිසා..

තමන් ළගටම වෙලා ඔලුව බිමට හරවන් අත් දෙකෙන් බෑග් එකෙ පටිය මිරිකන් එක කකුලකින් පොලොව හාර හාර ඉන්න කෙල්ලව දැකලා 

හිතට දැනුනු #පොඩි එකියක්නෙ කියන හැගීමකට යෙධා තාදිගෙ හිසටත් වඩා ලොකු තමන්ගෙ විසල් අතක් අරගෙන තිබ්බේ තාදිගෙ බිමට හැර වුනු පුංචි හිසෙන්...

" හහ්.හ්හ්." 

හිතුවෙවත් නැති වෙලාවක පොලොව දිහා බලන් සපත්තුවකින් ගල් කැට එහා මෙහා කර කර ඉද්දි

තමන්ගෙ ඔලුව උඩට පාත් උනු බර දෙයින් තාදි ගැස්සිලා ඔලුව ඉස්සුවෙ බය වෙලා

තාදිගෙ ඇස් ලොකු වෙලා ලාවට කටත් ඇරිලා..ඒ මූණ ආයෙම රතු පාටට ළග රෝස පාටක් වෙලා.

"ඇ..යි..ඇ..යි.." 

තමන්ගෙ ඔලුවට ලොකු අතක් තියන් ඉන්න යෙධා දිහා කලබලෙන් බලන ගමන් තාදි අහන්නෙ එක අතකින් යෙධා ඔලුවට තියන් ඉන්න අතෙ මැණික් කටුව ගාවිනුත් අල්ලලා..

..මොකද තමුසෙ සසර කල කිරිලා වගෙ.

ගෙදරින් ඇවිත් නැද්ද එක්කන් යන්න..

තමන් දිහා බයෙන් බලා ඉන්න කෙල්ල දිහා බලාගෙන ඒ හීනි අතක් රැදුනු තමන්ගෙ අතත් ඒ හිසෙන් අරන් සාක්කුවට ඔබාගන්න ගමන් යෙධ අහන්නෙ තාදිගෙන්..

" ආ..නෑ.නෙමෙ ඔව්.ඇහ්..වීල් එක එනකම් ඉන්නෙ " 

තාදි කියන්නෙ යෙධාගෙන් අඩියක් විතර ඈත් වෙන ගමන් කලබලෙන් බයෙන්..

*හප්පෙ චුට්ටං බට්ටිච්චි.වීල් එක එන්නැ කියලා බය උනාද අනේ*

*බය වෙන්ඩ එපා මේ මෙත් ඔයාව කරේ තියාගෙන බස් එකේ අරන් ගිහින් ගෙදරින්ම බස්සන්නම්*

යෙධාගෙයි තාදිගෙයි කතාවට මෙච්චර වෙලා ඇහුම්කන් දීගෙන හිටපු මෙත් යෙධාවත් තල්ලු කරගෙන තාදි ගාවට එන ගමන් කිව්වා..

" අහ්.එපා " මෙත් යෙධාවත් තල්ලු කරන් ලගට එන්නෙ තමන්ව උස්සගන්න කියලා හ්තපු තාදි ඒ සැනින් එපා කියලා සද්දෙට කියන ගමන් පිටිපස්සට පැන්නෙ හෝල්ට් එකෙ හ්ටපු අයගෙ ඇස් මේ අය ගාවට වැටෙන විදිහට

*අනේ රත්තරනේ,බිය වෙන්න කාරි නෑ.ඔබව ඔසවාගන්න මා පැමිනියෙනෑ*

මෙත් කියන්නෙ තමාට බයෙ අඩියක් පස්සට පැනලා කොල්ලෙක්ගෙ ඇගේ හැප්පුනු තාදි දිහා බලලා රංගනේ දාලා ..

*පව් යකෝ,ඔය කෙල්ලට ඉන්ඩ දීපන්*

තාදිගෙ බයට තද රතු වෙලා තියෙන මූණ දැකලා යේශ්,කේශ්,ප්‍රබෝ මෙත්ට කිව්වෙ මෙත්ගෙ බෑග් එකෙන් ඇදලා මෙත්වත් ලගට ගන්න ගමන්..

.. කට තිබ්බට තමුසේ හෙන බයයිනෙ..

ඒ පාර යෙධා ලැබුනු චාන්ස් එකෙන් තාදිට සමච්චල් කරන්නෙ කට කොනෙ හිනාවක් දාන්.

" පතට පතේ පොල් ගස් වගෙ ඉද්දි කාටද බය නොහිතෙන්නෙ.

අනික අපේ ගෙදර කණ්නාඩි තියෙන නිසා මං දන්නවා ඔයාලට මාව එක අතින් අල්ලලා උස්සලා වීසි කරන්න පුලුවන් කියලා "

යෙධාටත් රවලා තාදි කියවන් යන්නෙ වට පිටෙත් බලලා..

තමන්ට රවලා වටපිට බලන කෙල්ලගෙ කතාවට යෙධාට දත් ටික පේන්නම හිනාවක් යද්දි

අනික් කොල්ලො හතර දෙනත් හිනා උනෙ

තාදිටත් තමන්ගෙ වීල් එක එනවා ඇස් වලට අහුවෙද්දි...

________________________