Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 24 2026 @ 10:32

හෘද ලිලී - 8



_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *අටවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,


යන්න දැන් ගිහින් විසික් කරලා එන්න " කියලා..

_________එතැන් සිට_________________ 


අකමැත්තෙන් උනත් නමුත් නොකර ඉන්න බැරි කමට කුණු එක දාලා තිබ්බ පොහොර උරෙත් ඇගිලි දෙකකින් අල්ලන් තුන්දෙනා යන්න ගියෙ කුණු එක විසි කරලා එන්න..

තාදි නම් දැන් ආපහු හිනා වෙනවා නාටිකාංගනාවො තුන් දෙනා කුණු එක අල්ලන් ගිය හැටි දැකලා 

" මුන් තරම් කොළඹ උන්වත් පොශ් නැද්ද මන්දා බන්.හොදම වැඩේ "

තමන් ලගට ආපු සමාගෙ කරවටා අතක් දාගන්න ගමන් තාදි කියන්නෙ හිනා වෙවි..

*ආයෙත් අහලා,අර මෙනෝලි ආන් ඒකි යාලු වෙලා ඉන්නෙ එහා පන්තියෙ විනුග එක්කනෙ*

*ඉතින් ඕකි කොහොමත් අඩි දෙකක් උඩින් යන්නෙ.අනිත් ඩබලත් ඉතින් අරකි එක්කම යනවා ඇති උඩින්*

සමාත් තාදිගෙ ඇගට බර වෙන ගමන් කියන්නෙ ඔහොම

" හම්මට නෑ සිරාවටම.ඒත් කවුද බන් විනුග කියන්නෙ.උබ දන්නවනෙ මං ඔය කොල්ලො ගැන දන්නැ කියන්න

ලංකාවෙ උන් වගෙද කොරියාවෙ උන්
සෑ වාව් මතක් වෙද්දිත් කුචී කූචි සොෆ්ට් "

මූණත් අමුතු කරන් හුරතල් විදිහට පොඩි ඇක්ට් එකකුත් දාපු තාදි ඊගාවට ගිහින් වාඩි උන්‍ර යෙධාට ඉස්සරහින් තිබ්බ තමන්ට වෙන් උනු පුටුවෙ.

යෙධාවත් ගනන් නොගෙන පුටුවට ඇවිත් ඉදගත්ත තාදි තමන්ගෙ පුටු කකුලෙ තියෙන යෙධාගෙ කකුල දැකලා නොදැක්ක ගානට තමන්ගෙ වැඩක් කරන්න ගත්තෙ යෙධා තියන් උන්නු කකුලට තමන්ගෙ කකුලෙන් පයින් ගහන ගමන්..

.. තමුසෙ වීසි වෙලා යන්න ආසද?..

ඒ සැනින් යෙධා අහන්නෙ දකුණු අතින් තාදිගෙ ඔලුවට ටොක්කක් අයින ගමන්

" ආව් ඕයි.ඇණයක් නොවී ඉන්නවකො.තමුසෙ නම් හරිම කරදරකාරී " 

යෙධාගෙන් වැදුනු ටොක්කට තාදිගෙ මූණයි කන් පෙති දෙකයි තද රතු වෙද්දි යෙධා දිහා හැරී නොබලම යෙධාගෙ කකුලට ආයෙ ගහන ගමන් තාදි මේසෙ උඩ තිබ්බ බිසිල්බෝඩ් එක අතට ගත්තෙ

බිසිල් බෝඩ් එකෙ තිබ්බ කාල සටහන හරියට සමා ලියන් ඇවිල්ලද කියලා බලන්න...

____ විනාඩියක් දෙකක්..ම්හු පැයක්.

7.30 බෙල් එකත් වැදිලා යෙධා ,තාදි එක්ක දොළහ වසරෙ හැම ළමයම උදේ රැස්වීමටත් සහභාගි වෙලා දැන් ඉන්නෙ පළමු පරිච්ඡේදය උනු SFT subject එක ඉගෙන ගන්න එහා පන්තියට වෙලා වජිර සර් එක්ක 

කලින් කිව්වත් වගෙ වජිර සර් නීතීකාරයා..කොහොමත් කොල්ලොම වැඩිපුර ඉන්න tech එකක් පාලනෙ කරන් යන්න නීතී ,සැර වැර නැතුව බෑනෙ..

ඉතින් පළවෙනි පාඩමටත් කලින් වජිර සර් අලුත් ළමයි සෙට් එකට කියලා දැම්මෙ ටෙක් එකෙ තිබ්බ නීතී සෙට් එක ගැන.

*හෙට ඉදන් පාඩම් කරලා ගෙදරින් අත්සන් කරන් ගේන්න තියෙන අත්සන් පොත හදන් එන්න ඕන* 

*1.30 බෙල් එක ගැහුවත් අපි තව උගන්නනවා නම් අරක යයි මේක යයි නොගා හැම කෙනාම ඉන්නත් ඕන*

*බොරු මරිසි දාලා පැනලා නම් යන්න හිතන්න එපා පුතෙ උබලට වඩා ක|බ්|බෝ හදලා අපි කැම්පසුත් යැව්වා*

ඩෙස් එකකට බර වෙලා වජිර සර් අලුත් මූණු දිහා තියුනු විදිහට නමුත් හිනා මූණකින් බලන ගමන් නීති ගැන කියෙව්වා..

*එතකොට විශේශම දේ ලව්..මගුල් නටලා නම් අහුවෙන්න එපා පුතේ දෙන්නවම අස් කරලා තමා පස්ස බලන්නෙ*

*උබලගෙ අම්මලා තාත්තලා ඇවිත් අනෙ හුනේ ගාලා ඇඩුවත් වැඩක් නෑ අස් කරන එක අස් කරනවා*

*මේවා කරන්න ඉන්න ඒවා නෙමෙයි කරපු ඒවා.ඒ නිසා විශේශෙන්ම මේ කාරණේ ඔලුවට දාන් ඉදපල්ලා*

පොඩි නිහැඩියාවකට පස්සෙ වජිර සර් ආයෙම කිව්වෙ හැමෝම දිහා බලලා..

පන්තියෙ කොල්ලො ටිකගෙ මූණූ ටික තමයි දැන් නම් බලන්න ම වටින මූණු ටික.

තැලිච්ච කජු ලෙලි වගේ,ඒ තරම් සර් දැන් කිව්ව නීතිය කොල්ලොන්ට තිත්ත කරවිල වගෙ..

කෙල්ලො ටිකත් ලාවට ඒ නීතියත් එක්ක එක එකාගෙ මූණු දිහා බලා ගද්දි 

*සර් ඊයෙ වගෙ දහතුනෙ උන් ගේමට ආවොත්* කියලා 

යෙධාට එහා පැත්තෙන් ඉදන් උන්නු කේශ් නැගිටින ගමන් වජිර සර්ගෙන් ඇහුවෙ පන්තියෙ ළමයි හැමොගෙම ඇස් කේශ් දිහාවටයි සර් දිහාවටයි වැටෙද්දි..

*ආ උන්ගෙ නහරෙ අපි ඊයෙම කැපුවා.උබලත් වලි දාගන්න යන්නෙ නැතුව ඕනම ප්‍රශ්නයක් ඇවිත් අපිට කිය්හන්*

*ඒ ප්‍රශ්න නෙමෙ උබලගෙ ගෙවල් ප්‍රශ්න,ආර්ථික ප්‍රශ්න උනත් කියපල්ලා.උබලා හොද තැනකට යනවා බලන්න තමයි අපි මෙච්චර කට්ට කන්නෙ*

*මං නීතී කාරයා උනාට,උබලට එන ඕනම ප්‍රශ්නෙකදි සාධාරණ විදිහට මං උබලා හැම එකා එක්කම ඉන්නවා*

*ගෑනු ළමයි ටිකටත් එක්ක කියන්නෙ,කොල්ලො ටිකට විතරක් නෙමෙ.උබලත් ඕනම දෙයක් මට කියනවලා*

පුටුවෙන් නැගිට්ට කේශ්ට ඉදගන්න කියලා අතින් සන් කරපු සර් එකදිගට කියවන් ගියෙ පන්තිය පුරාම ඇස් යවලා..

පන්තිය පුරත් ඇස් යවලා ඔය විදිහටම ටික වෙලාවක් දේශනෙ දීපු සර් ළමයි හැමෝටම පොත් ගන්න කියලා ලිව්වෙ sft පළමු පාඩම වන වර්ගඵලය හා පරිමාව කියන මාර්තුකාව බෝඩ් එකෙ ලොකු අකුරින්...

එතනින් පටන් ගත්ත sft ඉගැන්නිල්ල පන්තියෙ උන්නු 12 E,F පන්ති දෙකේම ළමයිව හති වට්ටමින් උගන්නලා ඉවර උනේ දෙයියො බලලා වගෙ ගහපු 10.30 ඉන්ටවල් බෙල් එක ගාවින්...

__

දෙයියො බැලුවා වගෙ ඉන්ටවෙල් එකෙදි sft වලින් මිදුණු ළමයි තම තමන්ගෙ නඩ එක්ක දැන් ඉන්නෙ කෑම කන ගමන් තැන් තැන් වල...

යෙධාලගෙ සෙට් එකත් පන්තියට වෙලා කාක්කො ටික වගෙ බත් මුල් ටික දිග ඇරගෙන කෑම ටික බඩට හලා ගන්න ගමන් ඉන්නෙ පැහැදිලි සාගින්නෙන්..


තාදියි සමායිත් අර නාටිකාංගනාවො ටිකත් යෙධාලට ඉස්සරහා පෝළිමට වෙලා හිමින් සැරේ 
කැම පෙට්ටි වල තිබ්බ කෑම ටිකට වග කියන්නෙ වජිර සර් දාපු නීති ටික ගැන කියවමින්..

*හපෝ බන් ඉගෙන ගන්නමනෙ තියෙන්නෙ.7.30 වෙද්දි ටෙක් එක ඇතුලෙ ඉන්නත් ඕනි*

*අතර මැද්දෙන් ටෙක් එකෙන් එලියකට යන්න බෑ ගේට් එක වහනවා*

*කොහෙවත් නැතුව ඇති ඔහොම නීතී*

නාටිකාංගනාවන්ගෙන් තේශි මූණත් ඇද කරගෙන බත් කටක් මුවට හලා ගන්න ගමන් කියන්නෙ අනික් ගෑනු ළමයි ටිකගෙ මූනු දිහා බලලා.

" ඒ ඒක නම් ඇත්ත.මට අද ඉස්කොලේ එන එකත් එපා උනා"

තේශිගෙ කතාවට එකග වෙන ගමන් තාදි කියන්නෙ නීති එක්ක කන්නත් එපා උනු පාර කෑම පෙට්ටියත් වහලා

*ඔය කිව්වට ඕවා ඔය විදිහටම වෙයිද?*

අනික් හැමොම තම තමන්ගෙ බඩවල් පුරව ගන්න ගමන් ඉද්දි සමා අහන්නෙ හැමෝගෙන්ම නීති ටික ඇහුව ගමන් තමන්ගෙ ඔලුවට ආපු ප්‍රශ්නෙ රිලීස් කරලා 

*කරනවා.අපේ අයියා ඉගෙන ගත්තෙත් මේකෙ..බත් මුලක්වත් ඩස්පින් එකක තියෙන්න බෑ ගහනවා .අයියලා ඉද්දි මුලු ටෙක් එකටම ඩස්පින් තිබ්බෙත් නැලු බත් මුල් දානවා කියලා වජිර සර් කඩලා දාලා*

මේ වෙනකම් මොකුත් නොකියවපු 
කේන්‍යා මූණත් බයෙන් පුරෝගෙන කෙල්ලො සෙට් එකට එක දිගට කියවන් ගියෙ කෙල්ලො සෙට් එකගෙ මූණු දිහාත් බලලා..

ඇත්තද? ඒක අහපු පාර කෙල්ලො ටික වගෙම කේන්‍යාගෙ වදන් ඇහුනු පන්තියෙ කොල්ලො ටිකත් කේන්‍යාගෙ දිහා බලා හිටියෙ ඇස් වල එපාවීමක් තියලා...

*ඔව් අනේ.අර අත්සන් පොතෙ බොරු අත්සන් ගැහුවොත් එවෙලෙම ගෙදෙට්ට කෝල්*

*පස්සෙ ඔෆිස් එකට යන්න වෙනවා.ලව් වලටත් ඔහොමයි.අයියලා ඉද්දිත් කපල් තුනක් අස් කරලා තිබ්බා*

කේන්‍යා මුලු පන්තිය දිහාම බලමින් ඉතුරු වදන් ටිකත් කියවන් ගියේ ඒක අහලා පන්තියෙ ළමයි හැමෝම එකිනෙකා දිහා බලා ගද්දි..

"අනික් අයට වඩා සැප දීලා තියෙන්නෙ මෙච්චර නීති කන්දක් රකින්න ඕනි නිසා තමයි"

කේන්‍යා කිව්ව හැම වචනෙකටම හොදින් සවන් දිපු තාදි අවසානෙදි ඔලුවත් හොල්ල හොල්ල කිව්වෙ ඔහොම..

ඒක ඇහුනු හැමෝම ඒ කාරණාව නම් ඇත්ත කියලා හිතද්දි යෙධා ඇතුලු කොල්ලො පස් දෙනා මූණට මූණ බලාගත්තෙ

සැපේ ඉන්න කියලා ආවට හිරේට වැටුනා වගෙ වැඩක් නෙමෙද උනෙ බන් කියලා බැල්මට් එකකින්..

________________

පැයක් දෙකක්..ම්හු පැයක් දෙකක් එක්ක පැය හතරක්...

ඉන්ටවෙල් එක ඉවර උනාම පටන් ගත්ත Et,Ict 
පීරියඩ් වලට පස්සෙ දොලජෙ වසරෙ දෙවෙනි දවසත් අහවර කරලා කොල්ලො පස් දෙනා දැන් ඉන්නෙ තමන්ගෙ හොස්ටල් කාමරේට වෙලා ගෙදරදි කරන් එන්න කිව්ව වැඩ ටික කරන ගමන්


යේශ්,කේශ්,ප්‍රබෝ තුන් දෙනා බැහැලම දුන්නුවැඩ ටික කරනවා..

මෙත් නම් බලා ගත්තු අත ඔහෙ බලාගෙන *අනේ දෙයියනෙ මට උනු වියෝයා* කියන සීන් එකෙ ඉන්නවා

යෙධා නම් ආපුවෙලාවෙ ඉදන් ඇදට පැනලා පැත්ත ගහලා නිදන් ඉන්නවා 

*යෙධා මෙත්.දැන්වත් මේ වැඩ ටික කරපන්කො*

*මතකනෙ කිව්වා අනුන්ගෙ අකුරු තමන්ගෙ පොතෙ තියෙන්න බැ කියලා*

ඇදෙ පැත්ත වැටිලා උඩුකය නිරුවත්ව නිදන් ඉන්න යෙධාට 
පයින් පාරක් දෙන ගමන්
ප්‍රබෝ කියන්නෙ මෙත් දිහත් බලලා


*ඈ බන්.මං ඉස්කොලේ යන්නම ඕනිද?හු * ටොයිලට් එකට යන්නත් ඕනි අවේලාවට තනි තනියෙන්*

බලා ගත්තු අත බලා උන්නු මෙත් ප්‍රබෝ දිහාවට හැරෙන ගමන් කියන්නෙ තාමත් 
සැපට නිදන් ඉන්න යෙධා දිහත් බලලා 


*මටත් හැබැයි ඕක හිතුනා.නීති තදයි බන්.අද උනත්බලපන්කො අනිත් හැම එකාම එහෙ මෙහෙ ඇවිදින ගමන් හිටියෙ*

*අර සෙනේශ් කාරයා එහෙම කිව්වා උන්ගෙ මිස්ලා උන්ට තාම ඉගැන්නුවෙවත් නෑ කියලා* 

යේශුත් මෙත්ගෙ කතාවට උල්පන්දම් දෙමින් කිව්වෙ ඉදන් හිටපු අසුනෙන් නැගිටලා ඇද බදන් මුනින් අතට හැරිලා නිදන් ඉන්න යෙධාගෙ කොන්දට පැනලා  

*නෑ සිරාවටම.යකෝ අර කෙල්ල කිව්වත් වගෙ අපිට සැප දීලා තියෙන්නෙ එහෙනම් මේ හින්දා තමා*

*අපෝ මටත් බෑ බන් මුලු දවසම ඉගෙන ගන්න.අනික මේ අවුරුදු දෙක ඔය විදිහට ගෙවිලා ගියොත් නම් මං පෙට්ටියෙ ඉදිවී*

කේශුත් යෙධාගෙ ඇගෙ ඉන්න යේශ්ගෙ ඇගට පත බෑවෙන ගමන් එහෙම කිව්වෙ කොන්දට දැනුනු බරට යෙධාගෙ නින්ද කැඩෙද්දි..

.. නැගිටපන් හු*..

කොන්දට දැනුනු බර ගාවදි නින්ද කැඩුනු යෙධා කේන්තියෙන් කියන්නෙ එක ඇහැක් ඇරලා අනික් ඇහැ වහලා..

*බෑ මයෙ අම්මා,නැගිටපන් දෙයියා* 

මෙතුත් පියාසලා තුරුල් වෙවී ආදරේ වගෙ සීන් කෝන් එකකින් දුවගෙන ඇවිත් කේශ්ගෙ ඇගට පැන්නෙ ප්‍රබෝ ත් ඒ සැනින් කට්ටියගෙ ඇගට කඩා පනිද්දි..

එකිනෙකාගෙ කොදුවල් උඩ නැගගෙන දැන් පස්දෙනාම ඉන්නෙ දන්න කියන ඔක්කොටම කුනුහරප ටික ශ්‍රී මුඛයෙන් පිට කරන ගමන්...

යෙධා තමයි හොදම කුනුහරප ටික කියන්නෙ .මොකද යෙධානෙ යටම ඉන්නෙ...

ටිකක් වෙලා ගිහින් යෙධාගෙ හෙලවීමත් එක්ක කන්දක් වගෙ හිටපු කොල්ලො සෙට් එක ඇදට කඩා වැටුනෙ 
මහා කෑගැහිමක් එක්ක..

_______________________