පෙර කොටසට 👇
https://whatsapp.com/channel/0029VbD9WihKmCPZJAtjov0N/278
_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *විසිතුන්වන කොටස (23)*
පෙර කොටසින්,,,
*මං ඉදූ අයියට කැමති අප්පච්චී.මට එයාව බදින්න ඕනි.එයාව මට බදින්න දුන්නෙ නැත්නම් අශිනි කියලා සුදු හාමිනෙ කෙනෙක් ජීවතුන් අතර නෑ කියලා හිතාගන්න* කියලා
_____එතැන් සිට___________________
හිතුවෙවත් නැති විදිහට සුදු හාමිනේගෙ වචන එක්ක වලව්වට වෙලා මේ කතාවෙ මුල ඉදන් අගටම වෙනකම් අහන් උන්නු හැමොගෙම හුස්ම එකම වෙලාවෙ එක එක විදිහට නතර වෙලා ගියේ තත්පර ගානක්..
ඕපදූප කතාව රස විදිමින් උන්නු වලව්වෙ වැඩට ඉන්න අයගෙත් මුරට උන්නු පියදාස මාමගෙත් පපුවට අත් ගියේ පුදුමෙටම කටවලුත් බාගෙට ඇරෙද්දි..
කරොලිනා මහ මැණිකෙ.ඇස් ඉස්සරහා තමන්ව ම|රා දමන්න මිනිහෙක් ඇවිත් හිටගත්තත් බයෙ වෙව්ලන්න විතරක් දන්න මැණිකෙ, දැනුත් වෙනසක් නැතුව වෙව්ලන්න ගත්තෙ මැණිකෙට සාරි පොට අතේම මිරිකෙනකොට
කුසුමා..ගල් ගැහුනු මූණින් මහ නිළමෙ දිහත් නොබියව මහ නිළමෙ දිහා බලන් ඉන්න සුදු හාමිනේ දිහාත් බලන් ඉන්නෙ ගත රැදුනු චීත්ත පොටො අත්ලට මිරිකගෙන
අහිලි ලොකු කුමාරිහාමි..තමන්ගෙ එක කුස උපන් නංගිගෙ මුවින් පිටවුනු වචනත් එක්ක අහිලිට දැනුනෙ තමන්ගෙ මුලු ලෝකෙම එක තැනක නතර උනා වගෙ
සමහරක් විට මං මේ කරන නිර්වචනය ඒ දැනෙන දේට ළගින් යන්න තරම් කිට්ටුත් නැතුව ඇති..
කොහොම උනත් අහිලිට වගේම අහිලිට දැනෙන දේ අඩුවක් නැතුවම ඉදුවරටත් දැනෙනකොට හුස්මක් නොවැටෙන මළ මිනියක් ගානට සුදුමැලි වෙන මහ නිළමෙත් තමන්ගෙ පොඩි දුව දිහා බලන් හිටියෙ කියාගන්න බැරි හැගීමකින්..
තත්පරයක් දෙකක්..ම්හු විනාඩි බර ගානක්..
සුදු හාමිනේගෙ හිතුවක්කාර වචන එක්ක ගල් ගැහුනු කට්ටියටම පියවි සිහියට එන්න ටික වෙලාවක් ගත වෙලා ගියා.
මහ නිළමෙගෙත් කුසුමගෙත් ඇස් එකිනෙකා කෙරෙහි බැදිලා තියෙන්නෙ කියන්නෙ මොකද්ද කරන්නෙ මොකද්ද කියලා දෙන්නට දෙන්නා අහගන්නවා වගෙ..
අහිලිගෙ ගිනි ගහන ඇස් දෙකත් ඉදුවරගෙ අහිංසක ඇස් දෙකත් එකට එක යා වෙලා තියෙන්නෙ ආදරේ කරලා වෙන් වෙනවා වගෙ දැනෙන විරහා වේදනාවක් ඔයාටත් දැනෙනවද කියලා දෙන්නට දෙන්නා අහගන්නවා වගෙ..
තමන්ගෙ වචනත් එක්ක මොකුත්ම නොකියපු හැමොම තම තමන්ගෙ ලෝකවල ඉන්නවා වගෙ පේනකොට ආයෙම පාරක් සුදු හාමිනෙ කට හඩ අවදි කළෙ හැමොගෙම ඇස් සුදු හාමිනෙ ගාවට ක්ශනික එනකොට
*අප්පච්චි,අම්මා,අක්කා ඔයාලා මොනවා කිව්වත් මට ඉදූ අයියව ඕනා*
*ඔයාලා වලව් මාන්නෙ කරගහගෙන උන්නට මට ඕනෙ සතුටින් විවාහ වෙලා ජීවත් වෙන්න විතරයි*
*මේ යාන වාහන ඉඩකඩම් මොකුත්ම මට ඕනි නෑ.ඒ නිසා ප්ලීස් අප්පච්චි,මට මං කැමති දෙයක් කරන්න ඉඩ දෙන්න*
හැමෝගෙම පපු කැනැත්තෙ ගැස්ම වචනෙන් වචනෙ වැඩි කරගෙන සුදු හාමිනෙ එයාට ඕනි දේ කියවන් ගියෙ මහ නිළමෙ ගාවට ඇවිත් ඒ කකුල් පාමුල වැද වැටෙන ගමන්..
සුදු හාමිනේ හිතන් ඉන්නෙ ඉදුවරත් තමන්ට කැමති ,හැබැයි සමාජ පරතරෙ නිසා නොදන්න ගානට ඉන්නවා කියලා
කොහොමත් සුදු හාමිනෙ තියා කිසිම කෙනෙක් හිතන්නෙ නැ ඉදුවර තියා කිසිම පිරිමියෙක් අහිලි ලොකු කුමාරිහාමි වගෙ රළු ගෑනු ළමයෙකුට කැමති වෙයි කියලා
අද නම් මොනවා උනත් තමන් තමන්ගෙ ආදරේට කැමැත්ත ගන්නවම කියලා හිතාගෙන සුදු හාමිනේ අතුත් එක් කරගෙන වැටිලා ඇඩුවෙ තමන්ගෙ අප්පච්චිගෙ දෙපා මුල..
තමන්ගෙ පොඩි දුව තමන්ගෙ කකුල් පාමුල වැද වැටුනත් මහ නිළමෙ උන්නෙ වචනයක්වත් කියන්න බැරි තරමෙ අමුතුම හැගීමකින් උගුර හිරකරන්
මහ නිළමෙට දැනෙන්නෙ දැන් තමන්ව නිරුවත් වෙයි නිරුවත් වෙයි කියලා හැගීමක්..
මොකද සුදු හාමිනේගෙ වචනයක් ගානෙ හැමොගෙම ඇස් සුදු හාමිනේ දිහාවට ගියත් මහ නිළමෙගෙ ඇස් තරහින් වගෙම අමුතුම වේදනාවකින් රිදුම් දෙන අහිලිගෙ ගිනි ගහන ඇස් දිහාවටයි යොමු වෙලා තිබුනෙ
තමන්ගෙම ගතිගුණ ඕනිවටත් වඩා වැඩියෙන් තමන්ගෙ ලොකු දුවගෙ ඇගෙ දුවනවා කියලා මහ නිළමෙ දන්නෙ ඉස්සරෝම ඉදලා
අහිලි කියන්නෙ
මොකද්දො දේකට නරක වැඩ වලට යොමු නොවුනත් ඕනි උනොත් දෙපාරක් කරන්න හිතන්නෙ නැති කෙනෙක් කියලත් මහ නිළමෙ දන්නවා
දැන් දැන් දැනෙන බයත් එක්ක
සෙල් පිළිමයක් ගානට මහ නිළමෙ උන්නු තැනම උන්නෙ ඇස් දෙක වලව් මායිමෙන් පිටත තියෙන පොල් අක්කරයක් දිහාවට යවලා
මහ නිළමේ මේ විදිහට සද්ද නැතුව ඉන්නකොට දැන් කෝපෙන් කෑමොර දෙයි කියලා මහ නිළමෙ දිහා බලන් උන්නු අහිලි ,කුසුමා කියන දෙන්නා ඇරෙන්න අනික් හැමොටම ආවෙ ලොකු ප්‍රශ්නයක්..
හරි නම් මේ වෙද්දි මහනිළමෙ දෙගා නඩන්න ඕනි පෙරහැරක කුලප්පු උනු අලියෙක් වගෙ
*මොකෑ බන් මහ නිළමෙ ගල් ගිලලා වගෙ ඉන්නෙ.*
වලව්වෙ වැඩ කරන හැමොම කසු කුසු ගාන්න ගද්දි මහ මැණිකෙගෙත් ඉදුවරගෙත් පියදාසගෙ හිතෙත් ඔය කාරණෙ ඔය විදිහටම ලියවුනෙ ඒ ඇස් ගෙඩිවල ලොකුම ලොකු ප්‍රශ්නාර්ථයක් ඇදෙද්දි...
,,,
තවත් තත්පර ගානක් ගෙවිලා යද්දි කාටත් කලියෙන් තමන්ම වෙනදා වගෙ කට ඇරියොත් හොදයි කියලා තේරුනු මහ නිළමේ වහන් උන්නු කට ඇරියෙ එක අතකින් තමන්ගෙ දෙපා මුල උන්නු සුදු හාමිනෙගෙ කොණ්ඩ මුල අල්ලන ගමන්
*අප්..අප්පච්චී* කොණ්ඩ මුලින් දැනුනු වේදනාවට සුදු හාමිනේ කෙදිරි ගෑවේ තිබ්බ නිර්භීතකම දෙපා මුලට වැටිලා
*උබ මොකා කියලා හිතාගෙනද සුදු හාමිනේ කට දොඩවන්නෙ*
අපෙ මහත්තයා කියලා මුමුණපු මහ මැණිකෙ දිහත් නපුරු බැල්මකින් බලලා මහ නිළමේ කෑගැහුවෙ වලව්වෙ උලු උඩ යන්න
*එකියක් ඊයෙ මගුලක් කෙරුවා දැන් උබත් පටන් ගත්තද?*
හැරෙන අතට කම්බුල් පාරවල් හතරක් පහක්ම මහ නිළ්මෙ එල්ල කළේ සුදු හාමිනේගෙ තොල් පුපුරලා යන්න
එතනිනුත් නොනැවති මහ නිළමෙ ආයෙ ගහනකොට ඉදුවර කට ඇරියෙ ආයෙම පාරක් සුදු හාමිනෙට ගහන්න උස්සපු මහ නිළමෙගෙ අතත් උස්සපු තැනම නතර වෙනකොට
..මහ..මහ නිළමේ,සුදු හාමිනේ මාව බේරගන්ඩ වෙන්නැති ඔහොම කට දොඩවන්න ඇත්තෙ..
සුදු හාමිනෙ කිව්වෙ අවුරුදු ගානක ඉදන් ඒ පපු කැනැත්තෙ තියෙන හැබෑ සිතුවිලි කියලා දැන දැනත් ඉදුවර ඒවා නොදන්න ගානට කටහඩ අවදි කළෙ තමන්ගෙ නංගි විදිහට දකින සුදු හාමිනෙ ගුටි කනවා බලන්න බැරි තැන
*උබ මැදින් පයින්නැතුව හිටපන්* තමන්ගෙ ළමයෙක් වගෙ දැනෙන සුදු හාමිනෙ ගැන කොයිතරම් දුක හිතුනත් තමන්ගෙ ළමයව කාටත් වඩා වැඩියෙන් වටින නිසා කුසුමා ඉදුවරගෙ අතක් අල්ලගත්තෙ ඔහොම කියන ගමන්
..ටිකක් ඉන්ඩ අපෙ අම්මා මේ අපෙ සුදු හාමිනෙ.මහ නිළමෙ,සුදු හාමිනේ මටයි අපෙ අම්මටයි ලෙංගතු නිසයි ඔය කියන්ඩ ඇත්තෙ
ඒ නිසා සුදු හාමිනේ වෙනුවෙන් සමාව දීලා මේ ප්‍රශ්නෙ අහවර කොරන්ඩ
මගෙයි සුදු හාමිනෙ අතරයි නිළමෙ හිතනවා වගෙ කිසිම දෙයක් නැතුවා..
බාල්දුකම පෙනුමින් වගෙම කටහඩටත් පුරවන් ඉදුවර කිව්වෙ අත් දෙක එකතු කරලා වදින ගමන්
*උබ කවුද මිනිහො මං කරන්න ඕන දේවලුයි එපා දේවලුයි කියන්ඩ*
*කුසුමා අරන් පලයන් උබෙ පුතණ්ඩියාව*
ලැබුනු අවස්ථාවෙන් ඉදුවරවත් කුසුමවත් පිට කරන්න හිතන් මහ නිළමෙ විජහට වචන එක් කොලෙ කේන්තියෙන් තමන් දිහා ගිනි ගහන ඇස් වලින් බලා ඉන්න අහිලි දිහත් එක පාරක් බලලා
මහ නිළමේ කිව්ව දේ ඉහටත් උඩින් පිළිගත්තු කුසුමා *යමං සුදු පුතෙ* කියලා ඉදුවරගෙ අත පස්සට අදිනකොට
මහ නිළමෙ අල්ලන් උන්නු තමන්ගෙ කොණ්ඩ ගස් වලින් නිළමෙගෙ අත රිදුනත් කමක් නැ කියලා ගසලා දාලාම සුදු හාමිනේ ඉදුවරයි කුසුමයි උන්නු දිහාවට දුවන් ගිහින් ඉදුවරව බදාගත්තෙ හැමොගෙම ඇස් ගෙඩි පොල් ගෙඩි ප්‍රමාණෙ වෙනකොට
,,
තමන්ගෙ හිතට රිංගපු පිරිමි පරාණෙගෙ ඇත්ත ගැන මුලින්ම දැනගත්තු දාම අහිලි තීරණය කළේ බලා සැනසෙමි නෙලා ගනු බැරි විදිහටම ඉන්නවයි කියලා
රැයක් දවාලක් නැතුව කවදාමහරි දවසක ඉදුවර කාගෙම හරි බිරිදක් වෙලා කරකාර බැදලා යනවත් අහිලි හිතලා තියෙනවා
ඒත් මේ දැන්.එදා හිතපු විදිහට අනේ හා කියලා ඉන්න බැරිකමක් අහිලිට දැනෙන්නෙ මුලු ඇගම වේදනාවෙන් ඉරිසියාවෙන් පුපුරු ගසලා.
සමහරක්විට ඉදුවරගෙ ඇස් වල කතාව තමන්ට තේරුනු නිසාද එහෙමත් නැත්නම් මට නැත්නම් කාටත් නෑ කියන හැගීම ඉදුවර ගාව වැඩි පුර දැනෙන නිසාද එහෙමත් නැත්නම් දැන් තමන්ට ලබාගන්න බැරි කාරණාව නොදැන උනත් පරහට තියන්න පුලුවන් සුදු හාමිනේම තමන්ගෙ හිත ගත්තු පිරිමි පරාණෙ ඕනෙ කියලා කියන නිසාද කියන එක ගැන අහිලිටවත් හරිහැටි තෙරුමක් නෑ.
කොහොම නමුත් තමන්ගෙ අප්පච්චිවත් සසිතගෙ ඇගෙ එල්ලිලා ඉන්න සුදු හාමිනේව අයින් කරන්න උත්සාහයක් නොගෙන ගල් ගිලලා වගෙ ඉන්නකොට
අහිලිගෙ හිත මහා දුෂ්ඨ වලව් හාමිනේ කෙනෙක්ගෙ සිතුවිලි වලින් පිරිලා ගිහින් අහිලි කට අරින්න හැදුවෙ ඉදුවරගෙ ඇත්ත මේ දැන් හැමෝම ඉස්සරහා කියලා තමන්ට නොලැබෙන ඉදුවරව සුදු හාමිනේටත් නැති කරන්න
______________________