පෙර කොටසට 👇
https://whatsapp.com/channel/0029VbD9WihKmCPZJAtjov0N/248
_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *විසිදෙවැනි කොටස (22)*
පෙර කොටසින්,,,,
*ඒකනෙ නිළමෙ ඔහොම ඉන්නෙ.උන්වහන්සේට පරම්පරාව අරන් යන්න උන්නු එකම කෙනත් ඔහොම කළාම නිළමෙට උනත් ජීවිතෙ කළකිරෙනවා තමයි* කියලා කියනකොට බොරලු පාරෙ දිගෙ කුසුමා එපා කියද්දි වලව්ව දිහාවට ඇවිදන් ආව ඉදුවර මුරට උන්නු පියදාසවත් පාස් කරගෙන වලව් මිදුලට ඇතුල් උනෙ
වේගෙන්.
____එතැන් සිට___________________
මුරට උන්නු පියදාසත් නොහිතපු වෙලාවක මිදුලට ඇතුල් උනු ඉදුවර දැකලා පුදුම උනේ ඒ හිත ඇතුලෙ විසාල බයක් ඇති වෙනකොට
මුට පයිත්තියන්ද මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් වලව්වට බයක් හැකක් නැතුව එන්න
අතක එල්ලිලා අඩන කුසුමවත් ගනන් නොගෙන චන්ඩියා වගෙ වලව් මිදුල මැද නතර උනු ඉදුවර දිහා බලාගෙන පියදාස හිතන්නෙ පපුව අතගාගෙන
ඉදුවර චන්ඩියා වගේ ආවට ඇවිත් කරන්නෙ තියෙන ගින්නට පිදුරු දැම්මා වගෙ වැඩක් කියලා ආදරෙන් අන්ධ උනු ඉදුවරට නොතෙරුනාට බෙරලිගල්ල වලව්වත් එක්ක මුල් බැහැලා ජිවත් උනු පියදාසටත් කුසුමටත් හොදට තේරෙනවා
ඒත් මක් කරන්නද? අම්මා උනු කුසුමට පුතණ්ඩියව නතර කොරන්න බැයි නම් තමන්ට නතර කළහැකිවෑ..
වලව් මිදුලට ඇදෙන ඉදුවර දිහත් පස්සෙන් අඩ අඩ ඇදෙන කුසුම දිහත් විස්සෝපෙන් බලලා පියදාස ආයෙම මුරකුටියට වැදුනෙ බර උනු හුස්මවල් කීපයක්ම පිට කරගෙන..
පියදාස මුරකුටියට වැදෙනකොට ඉදුවර ගිහින් නතර උනේ වලව් දොරකඩ ගාව.
එතකොටම තමයි
ආඩම්බර ලීලාව පිටට පෙන්නලා ඉදුවරව බලන්න වලව්වෙන් එළියට යන්න ආව
පහත මාලේ ඉදන් වලව්වෙ ඉස්සරහට ඇදුනු ලොකු කුමාරිහාමිත් වලව්ව ඇතුළින් එළිමහනට ආවේ
..ලොකු කුමාරිහාමි..
මරණ බියත් බාල්දුකමත් පැත්තකින් තියලා ලොකු කුමාරිහාමිගෙ නිර්දෝශිකම පෙන්නන්න හිතන් ආව ඉදුවරගෙ ඇස් ලොකු වෙන්නෙ වෙනදා පේන අහංකාරකමින්ම වලව්වෙ දොරෙන් එළියට ආපු අහිලිගෙ රූපෙ ගාව
"සසිත"
නොහිතපු වෙලාවක ගිනි ගහන ඇස් වලට පෙවුනු ඉදුවරගෙ රූපෙ ගාව වලව්ව ඉස්තෝප්පුවෙ පඩිපෙළ බහින්න හදපු අහිලිත් ගල් වෙන්නෙ හීනෙන්වත් ඉදුවර මෙතන ඉදි කියලා නොහිතපු නිසා
.. ලොකු කුමාරිහාමි හොදින්ද?කෝ මහ නිළමේ උන්දැ කුමාරිහාමිට තැලුවද?..
තත්පර ගානක් අහිලිගෙ රුවේ පිටට පේන සෑම අංශුවක්ම පිරික්සලා ඉදුවර ඇහුවෙ අහිලිගෙන්
තමන්ගෙ උඩ ඉදන් යටටම ඒ අහිංසක ඇස් වලින් පීරලා තමන්ගෙන් අහපු ප්‍රශ්නයත් එක්ක ඒ ගිනි ගහන ඇස් වලට ලාවට කදුලු බිංදු වල තෙත දැනුනෙ ඉදුවරගෙ සෙනෙහෙබර වදන් එක එල්ලෙම ගිහින් අහිලිගෙ ගල් හිත පත්ලට වැදුනු හින්දා
අපි කවුරුත් කැමති අපි ආදරේ කරන මනුස්සයා අපිට ආදරේ කරනවට
ඕනිම ආදර ප්‍රශ්නෙක මිනිස්සු ගහ මරාගන්නෙත් ඕකට
අහිලිට නම් කිසිම අඩුවක් නැතුව අහිලි ආදරේ කරන මනුස්සයගෙන් ආදරේ හොයා බැලීම නොඅඩුව ලැබෙනවා පේනකොට කවදාවත් මේ ආදරේ ලබන්න පිනක් තමන්ට නැති නිසා අහිලි තමන්ගෙ අහංකාර ලොකු කුමාරිහාමිගෙ චරිතයට පණ පොවන්න ගත්තෙ තමන්ගෙම හිතට තරවටු කරගෙන
"හහ්.තමුසෙලා ඔක්කොම හිතන් ඉන්නෙ මාත් මේ අනික් ගෑනු වගෙ ගුටි කකා කදුලු බිබී ඉදිවී කියලද?
මතක තියාගනින් ඉදුවර මං ලොකු කුමාරිහාමි.එහෙම මේ මොකාගෙවත් ගැටවලට මං අහුවෙන්නෙ නෑ
අහුකරන්නත් බෑ."
පුදුම අහංකාරෙකින් අත් දෙකත් පිටිපස්සට බැදන් තේජස පෙන්නන ගමන් අහිලි කිව්වෙ ආඩම්බරෙන්
අහිලිගෙ වෙනදා තේජසම තමන්ගෙ ඇස් වලට පේනකොට ඉදුවරගෙ ඇස් නම් දිලිසුනෙ සතුටට
මොකද මෙහෙම ලොකු කුමාරිහාමි ඉන්නවා කියන්නෙ කිසි ප්‍රශ්නයක් වෙලා නැති හින්දා
ගුටියක් දෙකක් නම් කන්න ඇති.ඒක නම් ඉදුවරට සහසුද්දක් සේ පැහැදිලි.ඒත් මෙහෙම ආඩම්බරෙන් කතා කරනවා කියන්නෙ ලැව් ගින්නක් වගෙ ඇවිලෙන්න තිබ්බ ගිනි කන්ද අවසාන වෙලා හැම ප්‍රශ්නයක්ම හරි අතට විසදිලා කියන එක කියලා ඉදුවරට තේරුනා
අහිලියි ඉදුවරයි මේ විදිහට වලව්වෙ ඉස්සරහට වෙලා ඉන්නකොට මේ දෙන්නගෙ කතා බහ ඇහුනෙ පහත මාලෙ උන්නු වලව්වෙ ඈයන්ට
පහත මාලෙට වෙලා තම තමන්ගෙ කල්පනා ලෝකවල උන්නු තුන්දෙනාගෙන කල්පනා ලොව මල් වනේට ඉදුවරගෙ කටහඩ ඇහුනහම තුන් දෙනාම කල්පනා ලොවින් බෙරලිගල්ල වලව්වට වැටුනෙ කලබලෙන්
*මූ මොකටද මෙහාට ආවේ මැ|රු|ම් කන්න හිතිලද?*
ඉදුවරගෙ කටහඩ ඇහුනු මහ නිළමේට කියවුනෙ මිටි කැවුනු දත් අස්සෙන්
*දෙයියනෙ ඉදු අයියා* ඉදුවරගෙ කටහඩ ඇහුනු සැනින් සුදු හාමිනෙගෙ ඇස් දිලිසෙන්න ගත්තෙ කදුලු බෝල අස්සෙන්.
ඉදුවරගෙ සද්දෙත් එක්ක පහත මාලෙ උන්නු හැමදෙනාම වලව්වෙ දොරකඩට එන්න හදනකොර කාටත් කලියෙන් දුවන් ගිය සුදු හාමිනේ වේගෙන් ගිහින් තුරුලු උනේ වලව්වෙ මිදුලෙ දොරකඩට වෙලා අහිලිගෙ ගිනි ගහන ඇස්වල පීනමින් උන්නු ඉදුවරගෙ පපුවට
..අහ් ස්ස්..
*දෙ..යියනෙ ඉදු අයියා සමාවෙන්න සමාවෙන්න*
වේගෙන් කඩාගෙන බිදගෙන තුරුල් උනු පාර තාමත් අලුත් පිට තියෙන ඉදුවරගෙ තුවාල තද උනෙ සුදු හාමිනෙගෙ ඇගට
ඒකයි ඉදුවරගෙ කටින් වේදනාවක් පිටවුනෙ
*ඉදූ අයියා හුගක් රිදෙනවද?*
ඉදුවරගේ වේදනාබර කෙදිරිල්ලට ඉදුවරගෙ පපුවෙන් විතරක් ඈත් උනු සුදු හාමිනේ ඉන්නෙ කොහෙද කවුද කියලවත් නොබලා ඉදුවරගෙ පපුව වැහුනු උඩුකය කමිසෙ දිගෙ අතැගිලි යවන්නෙ කදුලු පුරෝගෙන
සුදු හාමිනෙගෙ ආදරබර සැලකිල්ල ඉස්සරහා කුසුමගෙ ඇස් බයෙන් වගේම අහිලිගෙ ඇස් ගිනි ගන්නෙ ඉරිසියාවට කේන්තියෙන්
අහිලිට හිතයි මේ දැන් ගිහින් කෑගහලා මේ මිනිහා අයිති මට කියන්න
සුදු හාමිනේට කම්බුල් පාරක් දීලා ඉදුවරව ඇල්ලුව අත් මිරිකලා දාන්න
ඒත් කෝ තමන්ට හයියක්..මොන ප්‍රශ්නෙට මුහුණ දුන්නත් තමන්ගෙ හිතෙ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් අහිලි ගාව නැති උනෙ ඉස්සර ඉදන්
සුදු හාමිනෙගෙ හැසිරීම ඉස්සරහා ඉදුවරට නම් ලොකු අපහසුවක් දැනෙනකොට වලව්ව ඇතුලින් එළියට ආවෙ කේන්ති ගියපු මහ නිළමෙත් බයෙ ගැහෙන කරොලිනා මහ මැණිකෙත්
වලව්වෙන් දොරකඩට එද්දිම කේන්ති ගිය මහ නිළමෙට තව දුං විසික් උනෙ කිසි ලැජ්ජ බයක් නැතුව තමන්ගෙ පොඩි දුව ඉන්න හැටියට
මුන් දෙන්නටම එකම මිනිහට පෙම් බදිනවා ඇරෙන්න වෙන මිනිස්සු හිටියෙම නැද්ද?
මහ නිළමෙට හිත ඇතුළින් කියවුනෙ වලව් මිදුලට වෙලා බයේ ඇකිලෙන කුසුමගෙ රුවත් පේනකොට
මොනවයින් මොනවා වෙයිද කියලා මහ මැණිකෙටත් ඕපදූප කතා හොයන්න අස්සෙන් එබුනු වලව්වෙ වැඩට ඉන්න අයටත් නොතෙරෙනකොට මහ නිළමෙ සද්දෙට කිව්වෙ ඕකාගෙන් අයින් වෙයන් සුදු හාමිනෙ මැ|රු|ම් නොකා කියලා
*හ්..හ්.අප්ප.ච්චි..*
ඉදුවරව දැක්කහම ඉන්න තැනත් අමතක උනු සුදු හාමිනේ මේ ලෝකෙට ගේන්න මහ නිළමෙගෙ කටහඩට පුලුවන් උනා
මහ නිළමෙගෙ කේන්ති කටහඩට සුදු හාමිනෙ විගහින් ඉදුවරගෙන් ඈත් වෙලා අහිලි උන්නු තැනට සමාන්තරව පහලින් බිත්ති කුලුනට ගුලි උනෙ ඒ නිසා
*ඈ බොල කොල්ලො තොට කොහෙන් ආව හයියක්ද මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් වලව්වටම එන්න*
සැනින් එසැනින් අහිලිගෙ, සුදු හාමිනෙගෙ වගෙම හිටපු අනික් අයගෙත් හිත් ගස්සලා මහ නිළමේ ඊගාවට හැරුනෙ ඉදුවරගෙ දිහාවට
චන්ඩිය වගෙ ආවා.හැබැයි දැන් නම් ඉදුවරගෙ අහිංසක හිත පොඩ්ඩක් ගැස්සිලා
කරදඩු උස් මහත් උනාට මේ ඉන්නෙ තමන්ගෙ ගමේ බලපුලුවන්කාරයා.ඉතින් අහිංසකයෙක් උනු ඉදුවරට බය හිතෙන එක අහන්න දෙයක්ද?
මහ නිළමෙගෙ කතාවත් එක්ක ඉදුවරගෙ හිත කෝච්චියක් යන වේගෙ තරමට ගැහෙන්න ගන්නකොට හිස පාත් කරන් බාල්දුවෙන් ඉදුවර කිව්වෙ
..ලොකු කුමාරිහාමියි මායි වරදක් කළේ නෑ කියලා ඔබතුමාට කියන්නයි මං ආවෙ..කියලා
*මං දන්නවා බොල මොකුත් උන්නැ කියන්න.මගෙ ලොකු කුමාරිහාමිට උබ වගෙ ප|ඩ|ත්|ත|ර|යෙක් එක්ක ලගින්න ඕන කමක් නෑ*
*උබේ කද තිබ්බට උබට ලොකු කුමාරිහාමිව සතුටින් තියන්න අඩුම ගානේ කාසි පනම්වත් තියෙන එකක්ද?*
දාන්න පුලුවන් අන්තෙටම ඉදුවරව පාගලා දාලා මහ නිළමෙ ඉදුවරගෙ තත්වෙ කියලා දෙන්නෙ ඒ කතාවට ඉදුවරගෙ හිස තව ටිකක් පාතටම නැවෙනකොට
ඇත්ත තමයි මං වගෙ මජං කොල්ලෙක්ට ලොකු කුමාරිහාමිට එක වේලක්වත් කන්න හිටින්න දෙන්න පුලුවන් ද?
ඉදුවරගෙ හිත ඉදුවරට පහර දෙන්නෙ මහ නිළමේ උලුප්පලා පෙන්නපු තමන්ගෙ තරාතිරමෙන්
මේ අස්සෙ නම් සුදු හාමිනේටයි ලොකු කුමාරිහාමිටයි කේන්ති ගිහින් තියෙන්නෙ තමන්ගෙ අප්පච්චිගෙ කතාවලට
හිතයි අහිලිට නම් කන් දෙකෙ ඇබ ගහගන්නම මහ නිළමෙට දෙකක් කියන්න.ඒත් ඒකෙන් වෙන්නෙ නැති උනු සැකේ ආපහු උඩට එන එක නිසා පුලුවන් තරම් දත් ඇදි පූට්ටු කරගෙන අහිලි ඉවසන්න ගත්තෙ ඉදුවරට තිබ්බ ආදරේටම
*අප්පච්චී..ඉදූ අයියට ඔහොම කතා කරන්න එපා.*
අහිලි කට වහගත්තට ආදරේ නාමෙන් සුදු හාමිනේ කට ඇරියෙ මහ නිළමෙ දිහා එක එල්ලෙ බලමින්
*මේකි ගිය උඩ බොල* ඒ සැනින් මහ නිළමෙ තව තවත් පරල උනෙ සුදු හාමිනෙගෙ වචන වලින්
*ලොකු කුමාරිහාමිටයි ඕනි උනෙ ඉදූ අයියව මගෙන් ඈත් කරන්න.සමහරවිට අප්පච්චිත් උදව් කරන්න ඇති අක්කට*
*ඒ නිසා බොරුවට ඉදූ අයියට ඔහොම කතා කරන්න එපා.කවුරු නොදන්නවා උනත් මං දන්නවා ඉදූ අයියා කියන්නෙ කාටවත් ලේසියෙන් හොයාගන්න බැරි හොද කොල්ලෙක් කියලා*
සුදු හාමිනේ කිසි බයක් නැතුව ඉදුවර වෙනුවෙන් කතා කලේ කුසුමගෙ හිතේ සුදු හාමිනේ ගැන තියෙන ලෙංගතුකම වැඩි කරලා
කුසුමගෙ හිතෙ ලෙංගතුකම වැඩි උනත් ඉදුවරට සුදු හාමිනෙගෙ මූණ බලන්න බැරි අපහසුවකුත් අහිලිට තමන්ගෙ හදවතට උල් පිහියකින් ඇන්නා වගෙ වේදනාවකුත් මහ මැණිකෙට විසාල බයකුත් මහ නිළමෙට
බයක් එක්ක කේන්තියකුත් ඇති උනෙ සුදු හාමිනෙගෙ වචන ඉස්සරහා
ලොකු කුමාරිහාමිව නම් මුට ළං වෙන එකෙන් ඈත් කරන්න පුලුවන් .ඒත් කොහොමද මං සුදු හාමිනේව ඈත් කරන්නෙ
මහ නිළමෙ හිතන්න ගත්තෙ ඇත්ත කියන්නත් බැරි නිසා ලොකු ප්‍රශ්නෙකින්
කිසිම සංවාදයක් නොවී තත්පර ගානක් වලව්වම නිහඩ කරලා දානකොට අහිංසක සුදු නෙළුම වගෙ උන්නු සුදු හාමිනෙ කිව්වෙ
*මං ඉදූ අයියට කැමති අප්පච්චී.මට එයාව බදින්න ඕනි.එයාව මට බදින්න දුන්නෙ නැත්නම් අශිනි කියලා සුදු හාමිනෙ කෙනෙක් ජීවතුන් අතර නෑ කියලා හිතාගන්න* කියලා
________________________
යැව් යැව් යැව්.බාල්දි දාන්නෙ මං නම් නෙමෙයි ඔන්න සුදු හාමිනෙ තමයි