පෙර කොටසට👇
https://whatsapp.com/channel/0029VbD9WihKmCPZJAtjov0N/286
_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *විසිහතරවන කොටස (24)*
පෙර කොටසින්,,,
කොහොම නමුත් තමන්ගෙ අප්පච්චිවත් සසිතගෙ ඇගෙ එල්ලිලා ඉන්න සුදු හාමිනේව අයින් කරන්න උත්සාහයක් නොගෙන ගල් ගිලලා වගෙ ඉන්නකොට
අහිලිගෙ හිත මහා දුෂ්ඨ වලව් හාමිනේ කෙනෙක්ගෙ සිතුවිලි වලින් පිරිලා ගිහින් අහිලි කට අරින්න හැදුවෙ ඉදුවරගෙ ඇත්ත මේ දැන් හැමෝම ඉස්සරහා කියලා තමන්ට නොලැබෙන ඉදුවරව සුදු හාමිනේටත් නැති කරවන්න
______එතැන් සිට________________
තමන්ට නොලැබෙන ඉදුවරව සුදු හාමිනේටත් නැති කරවන්න හිතාගෙන ලොකු කුමාරිහාමි කට අරිනකොට ලොකු කුමාරිහාමිගෙ හැම ඉරියව්වක් දිහාම බලා උන්නු මහ නිළමෙ විජහට කටහඩ අවදි කලේ සැකේට වගෙ අහිලි කියන්න කට හදපු දේ ගැන තේරිලා
*සුදු හාමිනේ.මූව මට කියලා ම|රා ගන්න ඕනි නම් උබ වලව්වෙන් අඩියක් හරි තියපන්*
ක්ශනිකව හිත ඇතුළෙ තියෙන බය තිගැස්ම පාලනේ කරන් අහිලිගෙ කටට වාරණ දාලා මහ නිළමේ කෑගැහුවෙ කේන්තිය දිව අගට අරන්
මහ නිළමෙගෙ කෑගැහිමත් එක්ක කට අරින්න හදපු අහිලි කට වහගෙන පැත්තකට වෙන්නෙ තමන්ගෙ අප්පච්චි මේ දැන් හරියට මේ වෙලාවෙම කට අරින්න හේතුව තමන් කරන්න ගිය දේ වැටහුනු නිසා කියන එක අහිලිට තෙරුනු හින්දා
ඔයා කරපු දේ හොදයි අප්පච්චි.නැත්නම් විනාස වෙන්නෙ ඔයාව විතරක් නෙමෙයි අපි හැමෝම වගේම මේ බෙරලිගල්ල වලව්වෙ නම්බුව
කේන්තියෙන් දගලන තමන්ගෙ පියාට උඩගු බැල්මක් හෙලලා අහිලි කට කොණෙන් හිනාවක් දැම්මෙ තනි හිතට මෙහෙම හිතලා
චන්ඩියා වගෙ ඉදුවර ගාවට ගියපු සුදු හාමිනෙ තමන්ගෙ අප්පච්චිගෙ වචන මාලාවත් එක්ක කන් කෙදිරි ගාන්න ගන්නෙ අප්පච්චි කිව්වොත් දෙයක් කරනවා කියලා දන්න හින්දා
පව් අහිංසකි..
සුදු නෙළුමක් වගෙ ඉන්න අහිංසකීට ඕනි කොහොම හරි තමන් ආදරේ කරන පිරිමි පරානෙව තමන්ගෙ කරගන්න
කලින් කිව්වනෙ ඉදුවර කැමති ලොකු කුමාරිහාමිට කියන දේ සුදු හාමිනෙ නොදන්න බව
ඉතින් ඒ නිසා තමන්ගෙ ආදරේ වෙනුවෙන් ඉදුවරටත් කට අරින්න බැරිකොට තමන්ම කොහොම හරි අඩලා දොඩලා ඉදුවරට කැමැත්ත ගන්නවා කියලා හිතාගෙන සුදු හාමිනෙ දබර කරන්නෙ මෙච්චර කල් ඔලුවක් උස්සලා කතා නොකරපු මහ නිළමෙ ඉස්සරහා
කාටවත්ම කටක් අරින්න නොදී සුදු හාමිනේ ඉදුවරව ඕනිමයි කියලා මහා සද්දෙට හඩා වැටෙනකොට කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව ඉන්න ඉදුවර දිහා බලපු අහිලි කට අරින්න තීරණෙ කළේ සුදු හාමිනේ ඉදුවරගෙ හුස්මක්වත් වදින විදිහ ඉන්නවා බලන්න බැරිකමට
" සුදු හාමිනේ කරුණාකරලා වරෙන් මෙහෙට"
මහ නිළමෙ කෑගැහුවටත් වඩා මහ සද්දෙන් ගිනි ගහන ඇස් වලින් ගිනි තිය තිය අහිලි කතා කළේ බිම හැපි හැපි අඩන තමන්ගෙ නංගිට
..ඇති යාන්තම් ලොකු කුමාරිහාමි කට ඇරියා. ඉදුවරත් හිතනවා කරකියාගන්න දෙයක් නැතිව උන්නු තමන්ට අහිලිගෙ කටට පණ ඒමත් එක්ක ආපු නිදහස් සැනසිල්ල හින්දා
මොන මංගල්‍යයෙ උනත් මහ මැණිකෙ නම් සාරි පොටත් මිරිකන් බයෙ ගැහෙද්දි අහිලි
අඩියට දෙකට පඩි ටික බැහැලා ගිහින් බිම හැපිලා වැලපෙන සුදු හාමිනෙගෙ කොණ්ඩ මුලින් අල්ලන් සුදු හාමිනේව නැගිට්ටව ගත්තෙ ඉදුවරව ඇල්ලුවට කේන්තිය නොකියා කියමින්..
අහිලිගෙ දැඩි ග්‍රහණයත් එක්ක පොළො තලෙ ඉදන් අඩියක් දෙකක් ඉහළට එසවුනු සුදු හාමිනෙ වේදනවෙන් කෙදිරි ගාන්න ගත්තෙ අහිලි අල්ලපු ග්‍රහණෙ ඒ තරම්ම රිදෙන නිසා
අහිලිගෙ ගිනි ගහන ඇස් එදා බොරලු පාරෙදි රතු ගැහුනටත් වඩා රත ගැහිලා
" ඈ බොල ප|ර|ට්|ටි|යේ තොගෙ තැන නොදැනද උබ මේ අහිංසකයවත් බිල්ලට දීගෙන මගුල් නටන්න හදන්නෙ"
තමන්ගෙ අතේ ග්‍රහණය තව ටිකක් වැඩිකරලා සුදු හාමිනෙගෙ කට දෙපැත්තෙන් අල්ලලා අහිලි අහන්නෙ දත් අතරින්
*අක්..කාහ්..*
එන්න එන්න වැඩිවෙන වේදනාවත් එක්ක සුදු හාමිනේට වචනයක්වත් කියාගන්න බෑ
අහිලිගෙ හම සුදු හාමිනේට වඩා සියුමැලි තමයි.හැබැයි අහිලි සුදු හාමිනේට වඩා ශක්තිමත්.
දනිස් පොල් කටු දෙකත් බාගෙට නැමිලා ඔලුවත් වේදනාවෙන් පස්සට ඇදිලා සුදු හාමිනේගෙ ඇස් වලින් කදුලු කැට උල්පතකින් වතුර වැටෙනවා වගෙ වැටෙනකොට අහිලි අත දිග ඇරලා සුදු හාමිනෙගෙ කනට ගැහුවේ තමන් අල්ලන් උන්නු සුදු හාමිනෙගෙ කොණ්ඩ මුලත් අතෑරලා
,,,
කොණ්ඩ මුලත් අතෑරලා දුන්නු කනේ පාරෙ සැරට සුදු හාමිනෙ විසි වෙලා ගිහින් වැටුනෙ වලව්වෙ දොරකඩෙ පඩිය ගාවට
දැන් නම් මේ දිහා බලා ඉන්න හැමොගෙම හිත් ලතැවෙන්නෙ සුදු හාමිනෙ ගැන දුකින්..
මහ නිළමෙට පවා දුකයි සුදු නෙළුම් මලක් වගෙ ඉන්න පොඩි දුව ලොකු දුවගෙන් ගුටි කනවා දකිනකොට
ඒත් මක් කරන්නද?ඇත්ත කියලා වෙන් කරනවට වඩා ගුටි බැට වලින් මේ ප්‍රශ්නෙ නැති කරලා දාන එක කෝකටත් වඩා වැඩි හොද වෙනකොට
තමන්ගෙ දරුවෙක් වගෙ ගුටි කාපු සුදු හාමිනේව දකිනකොට කුසුමට නම් ඉවසුමක් නැති වෙනකොට
*මෙහෙ වරෙන් යන්න උබ නිසා තමා මේ සේරෝම* කියලා ඉදුවරගෙ අතකින් ඇදන් කුසුමා වලව් වත්තෙන් යන්න හැරුනෙ අඩියට දෙකට...
,,,
කුසුමා ඉදුවරත් ඇදගෙන
වලව් වත්තෙන් එළියට යනවත් එක්කම මහ නිළමෙත් සුදු හාමිනේව වලව් ගේ ඇතුළට ඇදන් ගියේ අහිලිත් ඒ පිටිපස්සෙන්ම
වලව්ව ඇතුළට අඩිය තියනකොට
මහ මැණිකෙ නම් තාම ඉන්නෙ හිටපු විදිහටම හැබැයි වැඩි හද ගැස්මකින්..
අහිලි හින්දම ඊයෙ ඇති උනු ප්‍රශ්නෙ විසදිලා ගියා.ඒත් මහ නිළමේ සුදු හාමිනේව ඇදන් ගියපු විදිහට වගෙම සුදු හාමිනෙගෙ අතේ වැරැද්දක් ඉහටත් උඩින් පේන්න තියෙනකොට මහ මැණිකෙ දන්නවා අද මේ ප්‍රශ්නෙ ලේසියෙන් නම් විසදෙන්නෙ නෑ කියන්න
මුරට උන්නු පියදාසටත් වලව් වැඩට ඉන්න මිනිස්සුන්ටත් වේදනාබර සුසුමවල් තමන්ගෙ මුවින් පිටවෙනකොට
මහ නිළමෙ මහ සද්දෙට *මැණිකෙ ඇතුලට ආව නම්* කියලා කතා කළෙ මහ මැණිකෙ වගේම නිළමෙගෙ සද්දෙ ඇහුනු හැමෝවමත් තිගස්සලා
___ Eshu,,,
වලව් මායිමෙන් බොරලු පාර දිගෙ තමන්ගෙ සුදු පුතාවත් ඇදගෙන ගෙට ගොඩ උනු කුසුමා මතක ඇති කාලෙකට නොගහපු ඉදුවරට අත පුරොලා කනට එකක් එල්ල කළේ ගෙට ගොඩ උනු මුල් තත්පරෙදි වගේ
*උබට සතුටුයිද දැන්? වීරයා වගෙ ගිහින් උබෙ ලොකු කුමාරිහාමිව බේරගෙන අර අහිංසක කෙල්ලට ගුටි ගැස්සුවනෙ*
පරල උනු කුසුමා හිස බිමට පාත් කරන් තමන්ගෙ ඉස්සරහා හිටන් ඉන්න ඉදුවරට ආයෙමත් පාරක් ගැහුවෙ සුදු හාමිනේ ගැන හදවතෙ කැකෑරෙන දුකින්..
*පලයන් දැන්ම ලෑස්ති වෙයන්,ඉන්නැ උබ මේ ගමෙ තව එක තත්පරයක්වත්*
*මමයි වැරදි උබව මෙහෙ එක්කන් ආවට.ආයෙ මං මළත් උබට මේ ගමට එන්න බෑ*
ඉදුවරගෙ අතට උරහිස්සට දොරකඩ ගාව පොල් ගහෙන් වැටිලා තිබුනු හනස්සත් අරගෙන ඇති පදමෙට සලකපු කුසුමා ඉදුවරගෙ ඇස් දොඹ ගෙඩි කරලා කියලා දැම්මෙ පාර දිගෙ එනකම් කල්පනා කරලා අවසානෙදි තමන් ගත්තු තීරණය
..අපෙ අම්ම.. කුසුමගෙ වචන ඉවර වෙනවත් එක්කලම ඉදුවර කට ඇරියෙ යන්න බෑ කියන්න
කතා කරන්න එපා උබ.මේවා පුතෙ උබ විහින් හිසෙ දාගත්තු හිසකුඩිච්චවල්
වචනයක් කියන්න ඉඩ නොතියා ආපහු කුසුමා ඉදුවරට කිව්වෙ දබරැගිල්ලත් දිග් කරන්.
මට යන්න බෑ අපෙ අම්මා.ආයෙ එහෙම මොකුත් වෙන එකක් නෑ
කියලා කියන්න ඉදුවර කොච්චර උත්සාහ කළත් කුසුමගෙන් ඒකට ඉඩක් නැති වෙනකොට කුසුමා අඩියට දෙකට ඉදුවරගෙ කාමරේට ගිහින් ලෑස්ති කරන්න ගත්තෙ ඉදුවරව ගමින් පිටමං කරන්න ඕනි කරන රෙදි පෙරෙදි ටික..
_____________________
අදහසක් කියන් ගියොත් මං සතුටින් 😪👍