_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *තිස් නවවෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
සමා එක්ක මැරුනු මළකදක් ගානට එනවා පේන තාදිව තමන්ගෙ ඇස් වලට අහුවෙනකොට යේශ් කිව්වෙ මෙහෙම ඇස් දෙකෙන් තාදිව අනික් තුන් දෙනාටත් පෙන්නන ගමන්...
______එතැන් සිට_________________
යන්න ඕනි නොවුනත් සමාගෙ බල කිරිල්ලට සමාගෙ ගෙදර ගිහින් හිටපු තාදි මිනිය ගේනවා කියලා සමාට ලැබුනු පණිවිඩෙ ඇහිලා සමාවත් ඇදගෙන එන්න ආවේ තමන් ජීවත් උනු අද ඉදන් ජීවත් වෙන්න අකමැති තමන්ගෙ ගෙදරට..
පාර දිගට සුදු කොඩි වැල්.වෙනදට තනියෙන් උන්නු ගෙදර වත්ත පුරා එක රොත්තට එක් වෙලා ඉන්න ගමෙ මිනිස්සු
සමාගෙ හයියෙන් ගේ දිහාවට ඇදෙන තාදිගෙ මලානික ඇස් වලට අහුවෙන්නෙ තමන්ගෙ ගේ වටා ඉන්න සහ ගේ වටා තියෙන අවමගුලක වෙනස්වීම්..
විශ්වාස කරන්න..සිද්ධිය උනු තැනේ ඉදන් මේ දැන් වෙනතුරුම තාදි තාම අඩලා නෑ
ලේ විලක් මැද්දෙ මැ|රි|ලා වැටිලා උන්නු අම්මව දැකල කලන්තෙ දැම්මාත්
සිහිය ආවාට පස්සෙ තාදි ඇඩුවෙ නෑ..
සමහරවිට
කම්පනේ නිසා වෙන්න ඇති.එහෙමත් නැත්නම් උප්පැන්නට අම්මා උනත් වැදුව අම්මා උනත් හදන්න බැරි උනු අම්මා වෙනුවෙන් ඒ හිතෙ ආදරයක් නැති නිසාවෙන්න ඇති
ම්හ්..මොනා උනත් ඉතින් ගිය දේ ගියා දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ..
අවසානෙදි උනෙ හැමදාමත් වගෙ තාදි තනි උනු එක විතරයි..
වටේ පිටේ යන ඇස් එක්ක ගෙදෙට්ට වටවෙලා ඉන්න ගමේ උන්දලගෙ අනුකම්පා ඇස් තාදි දිහාවට හැරිලා තියෙනවා තාදිට පේනකොට
සමාගෙ ඇගට වාරු වෙලා යන ගමන් හිටපු ගමනත් නතර කරලා තාදි ඉදගත්තෙ එතනම බිම ඇග පුරා තිබුනු අවසාන ශක්තියත් අත් ඇරලම දාලා
හිතුවෙවත් නැති වෙලාවක තාදිගෙ හයියට තාදිට වාරුවෙන්න ශක්තියක් උනු සමා තාදිගෙ ක්ශනික බිම ඉදගැනිල්ලට ගැස්සිලා ගියේ තාදිව අල්ලන් හිටපු අත් වලින් තාදිව ලාවට අත් ඇරෙනකොට
ලාවට අත් ඇරුනා විතරයි..සමාගෙ හයියෙන්ම නැගිටලා හිටපු තාදි බිම ඉන්දිලා ඒ ඔලුව වේගෙන්ම නැතත් ටිකක් තදට බිම වැදුනෙ වත්ත වටේ එක්වෙලා හිටපු මිනිස්සුන්ටත් යේශ් පෙන්නපු නිසා තාදි දිහා බලන් හිටපු කොල්ලො ටිකටත් ඉදන් ඉන්න පුටුවලින් ඉබේටම නැගිට්ටවෙලා කෑගැස්සෙනකොට..
..තාදි...
යෙධාරගෙ ඇස් වලට අහුවුනු දර්ශනෙත් එක්ක යෙධාරට උන් හිටි තැනුත් අමතක වෙලා ගියේ හරි ඉක්මනට..
කෑගැහුනා තත්පර ගානක් ගල් ගැහුනා..තාදි ගාවට යන්න ඕනි කියන දේ ඔලුවෙන් යෙධාරට එව්ව සැනින් තාදි ගාවට වට වුනු මිනිස්සුන්වත් පෙරලන් යෙධාර තාදි ගාවට දිව්වා.
*අනේ තාදි ඇස් අරින්නකො..අනේ තාදි*
වැදුනු පාරට ඇග දුර්වල වෙලා තිබ්බ නිසා තාදිට තමන්ගෙ සිහිය නැති වෙලා ගිහින් තමා තිබ්බෙ..
සමාට ඇඩෙනවා,යාලුවා වෙලත් තමන්ට තාදිව බලාගන්න බැරි උනු නිසා සහ තාදිගෙ ඇස් දැන්ටම මැ|රු|නු මළ කදක් ගානට පියවෙලා ගිහින් තියෙන හින්දා
අනික තමන් හරියට අල්ලගෙන හිටියා නම් තාදිගෙ ඔලුව වදින්නෙත් නෑ තාදිට සිහිය නැති වෙන්නෙ නෑ කියන දේත් සමාගෙ හිත කියනවා
ඉතින් කොහොමෙයි සමා නොහඩා ඉන්නෙ...
දෑත් දෙකම වෙව්ලුම් කෑවත් හදවත බයටම මහා හයියෙන් ගැහුනත්
අඩන ගමන්ම පියවුනු ඇස් අරින්න කිය කියා සමා තව තවත් හයියෙන් ඇඩුවා..
..තාදි...
කඩාගෙන බිදගෙන ආපු යෙධාර සමා අඩ අඩ සිහිය ගන්න හදන,සමාගෙ පපුවට බර වෙලා ඇස් පියන් ඉන්න තාදි ගාවින් නතර උනෙ
සීඝ්‍රගාමි දුම්රිය වගෙ ගැහෙන හදවතත් එක්ක..
*අනේ යෙ..ධා..ර අපේ තාදි..අනේ තාදි..*
පිස්සෙක් වගෙ ගමේ මිනිස්සුන්ව පෙරලන් ආව යෙධාරව ඇස් වලට අහුවුනු පාර සමා තාදිව එක අතකින් පෙන්නන ගමන් යෙධාරට කිව්වෙ යෙධාරව දැකලා බය උනු සමාගෙ හිතට හේතුවක් නැති සහනෙකුත් ආපු පාර
*වතුර ටිකක් ඉහලා සිහිය ගන්න ඉක්මනට ගෙනෙන් වතුර ටිකක්*
සමාත් යෙධාරත් ගැහෙන හිත් එක්කත් කොල්ලො හතර දෙනා දුවගෙන යෙධාර ගාවට ළං වෙද්දිත් ගමෙ උන්නු වැඩිහිටි පිරිස් සට පට ගාලා එහෙට මෙහෙට දුවලා ගියේ වතුර අරන් ඇවිත් තාදිට සිහිය ගන්න
මොනා කරන්නද? මොනාහරි වෙලාද?
සමා යෙධා යේශ් කේශ් ප්‍රබෝ මෙත්
හය දෙනාටම මෙලෝ හසරක් තේරුම් ගන්න කරන්න තේරෙන්නෙ නැති වෙද්දි
තාදි වැටුනු ගමන් කුස්සිය දිහාවට ගියපු ගෑනු කෙනෙක් ඇවිත් තාදිව ඒ ඇගට බර කරන් තාදිගෙ මූනට වතුර ඉස්සෙ වටේ පිටේ උන්නු අයත් *තව ටිකක් ගහපන් අක්කෙ* කියලා කියනකොට..
ඉස්සා ඉස්සා ඉස්සා..පොකිරිස්සා නෙමෙයි වතුර ඉස්සා තාදිව ඇගට බරකරගත්තු අර ගෑනු කෙනා...
ඔයාටත් තාම යන්න වෙලාව නෙමෙයි තාදිනි..
දෙයියො එහෙම කියලා තාදිට පියවි සිහිය අරන් දුන්නෙ වටේ පිටේම බය වෙලා හිටපු අයගෙ හිත් වල බය තුරන් කරලා
*අනේ තාදි* පැන්න ගමන් අඩන ගමන් හිටපු සමා තාදිව තුරුලු කරගත්තෙ
ලොකු සද්දයක් නැතුව ඉකිය අස්සෙන් සමාවෙයන් බන් කියලත් කියාගෙන
..තාදීහ්...
යෙධාරත් ඇස් වලට පිරුනු කදුලු වලට කම්බුල් වලින් යන්න දීගෙන ළං උනෙ සමාට තුරුල් වෙලා වැටෙනවට හුස්ම ගන්න තාදි ගාවට දණක් බිම නමලා නැමීගෙන
අදහන්න හිතට දැනෙන අය ගාව දෙයියොත් ප|ම්|දි|රි
මෙච්චර වෙලා ලෝකෙ පෙරලලා අඩන්න දේවල් උනත් නොහඩා හිටපු,මළමිනියක් වගෙ හැගිමක් දැනීමක් නැතුව හිටපු තාදි
වේගෙන් ඇස් හරෝලා යෙධාර දිහා බැලුවෙ මෙතුවක් වේලා ඇස් වලින් ගව්ගානක් දුර ගිහින් තිබුනු කදුලු මල් වැල් ටික ගානට තිතට ඇස් ගෙඩි දෙක ඇතුළට ඔබාගෙන..
"යෙ..ධා..ම්හ්.."
ඇස් ඇතුළට උල්පතක් වගෙ උනන කදුලු මල් වැල් එක්ක බොද උනු ඇස් වලින් යෙධා දිහා බලපු තාදි හරි හිමීට යෙධාරගෙ නම කියෝලා බෙල්ල එක පැත්තකට හරෝලා
ඇස් වලින් යෙධාරට කිව්වෙ *අවසානෙදි කෙළවුනෙත් මටමනෙ යෙධාර* කියලා
යෙධාට ඇඩෙනවා..කොලුකමත් අමතක වෙලා තාදි ඇස් වලින් කියපු දේ පිහියක් වගෙ ගිහින් ඒ හාට් එකෙ ඇනුනු පාර යෙධා අඩනවා..
*හත් දෙයියනෙ මේ අර සිරිමලයගෙ පුතන්ඩියා නේද?*
ඒ අස්සෙන් යෙධාව අදුන ගත්තු ගමේ ගෑනු ටිකත් එක එකාගෙ කනට ඕපෙ යවනවා
කඩාගෙන බිදගෙන ආපු කොල්ලො හතරත් යෙධාව දැක්ක ගමන් වෙනස් උනු තාදි දිහා බලා ඉන්න සමාටත් යෙධාගෙයි තාදිගෙයි මේ ඇඩිල්ල දරාගන්න බැරිවෙනකොට
ළං නොවී බොද උනු ඇස් වලින් එකිනෙකා දිහා බලා ඉදපු කොල්ලයි කෙල්ලයි
ගමේ උන්ට බම්බු ගහගන්න කියලා පැනපු ගමන් එකිනෙකා තදින් බදාගන්න ගත්තෙ
ඕපෙ යව යවා හිටපු ගමේ ඈයන්ගෙයි වත්ත වටේ වටවෙලා මේ දිහා බලන් උන්නු ඈයන්ගෙයි ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි වගෙ ලොකු වෙලා කටවල් බාගෙට ඇරෙනකොට
________________________
හිතේ තියෙන ටික ලස්සනට ලියවෙන්නෙ නැද්ද මන්දා අප්පාහ්..
කතාවක් ලියන්න මෙච්චර මේ මට අමාරු උනාමයි🥲 යැව් යැව් මටත් දෙයියන්ගෙම පිහිටයි..
අදහසක් කියන් යන්ඩො..ආසාවෙන් ඉන්නෙ අදහස් බලාගන්ඩ.