_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *හතළිස්වෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
ඕපෙ යව යවා හිටපු ගමේ ඈයන්ගෙයි වත්ත වටේ වටවෙලා මේ දිහා බලන් උන්නු ඈයන්ගෙයි ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි වගෙ ලොකු වෙලා කටවල් බාගෙට ඇරෙනකොට
_____එතැන් සිට___________________
තත්පරයක් දෙකක් ..ම්හු විනාඩි බර ගානක්..
හිතේ තිබ්බ හැම දුකක්ම පසුතැවීමක්ම බයක්ම නැති වෙලා දූරින් භූත වෙලා යනකම්ම යෙධායි යෙධාගෙ ඇගට වාරු වෙලා ඒ බෙල්ල අස්සෙ මූණ ගහන් ඉන්න තාදියි ගෙවලා දැම්මේ ඇස් රිදෙනකම්ම අඩලා
යෙධාරගෙ ඇඩිල්ල නම් දැන් නතර වෙලා ගිහින්..ඒ එක අතකින් තාදිව ඇගට බර කරන් අනිත් අතින් ඒ කොණ්ඩ ගස් අස්සෙ ඇගිලි යවලා තාදිව සනසන ගමන් තමයි යෙධාර දැන් ඉන්නෙ
ඒත්
තාදිට නම් තවම අඩලා මදි..තාදිටත් නෙමෙ රිදෙන ඒ හාට් එකටයි ඇස් වලටයි තමා තාම අඩලා මදි
අනික,,,
මොකද්දො හේතුවකට යෙධාර ගාවදි තාදිව ඕපන් වෙනවා වැඩි.යෙධාරගෙ හෙවන අස්සට වෙලා කාගෙන්වත් බලාපොරොත්තු නොවුනු රැකවරනෙ ලබන්නත් තාදිගෙ හිත ආසා වෙනවා වැඩී
ඉතින් ඒ නිසාමද මන්දා යෙධාර තමන්ව තුරුලු කරන් දැන් තමන්ට මේ වෙන හයිය ඈත් කරගන්නත් රිදුනු හිතට දරාගන්නත් තාදිට තවත් අමාරු වෙනවා වැඩී.
කොහොමත් මේ අහිංසකීව
මතක ඇති කාලෙක කවුරුත් බදාගෙන නැ..අඩුම වදිනකොට ගුරුවරු ඔලුව අතගාපු පාරවල් ඇරෙන්න ඒ ඔලුව ආදරෙන් අතගාපු කෙනෙක් තාදිට ඉදලත් නෑ
එදා අර රබර් වත්ත මැද්දෙ යෙධාගෙන්ම භාගෙට බදාගැනිල්ලක් එක්ක අමුතුම දෙයක් තාදිට ලැබුනා ඇරෙන්න
ලොකු උනායින් පස්සෙ තාදිට ලැබුනෙ අනුකම්පා සහගත බැලිලි විතරමයි.
මේ වගෙ දරුවො පව්.අහිංසකයි අසරණයි.ආදරේ දෙන්න බැයි නම් එක්කො හදන්නෙ නැතුව ඉන්න ඕනි..
අවසානෙදි අසරණ වෙන්නෙ උන් මිසක් නටන්න ඕනි වන්නම් නටලා මැ|රි|ලා යන නමට අම්මලා අප්පලා උනු අයත් නෙමෙයි..
එක අතකට ඉතින් කොහේවත් අග්ගිස්සක ඉන්න මං මේවාට පු* ගිනි තියන් නටන එකෙන් වැඩකුත් නැ
කාගෙ කාගෙත් වෙලාවල් තමයි ...අනික මං දෙයියො නෙමෙයි නිසා වෙනස් කරන්නත් බෑනෙ..කොහොමත් මං පුවක් මල අතට අරන් නටලා වැඩක්ම නෑ.
යෙධාරගෙ රස්නෙ ඇගට බරවෙලා ඇඩිල්ල නතර කරගන්න බැරිව අඩන තාදිගෙ ඇස් වලට යෙධාර එයාගෙ අතැගිලි යවන තමන්ගෙ ඔලුවෙන් දැනෙන සනීපෙ ඉස්සරහා
වරෙන් යන්න පොඩි ඇලට් එකක් දාමු කියලා කියනකොට
දෙපාරක් නොහිතා හා කියපු තාදි ඒ බෙල්ල මුල හංගන් හිටපු මූණ තව ටිකක් බෙල්ල අස්සෙ ගහගන්න ගමන් ඇස් පියගත්තෙ හයියක් නැතුව වෙව්ලන වම් අත අරන් ඇවිත් යෙධාරගෙ ටීශර්ට් එකෙ අස්සක් ඇගිලි වලට අල්ල ගන්න ගමන් අනික් අත යෙධාරගෙ උරහිස්සෙන් පල්ලට වැටෙන්න ඉඩ දීලා
,,,,
එක අතකින් ටීශර්ට් එකෙ තැනක් ගුලි කරන් අනික් අත උරහිස්සෙන් පහලට වැටෙන්න දීලා තාදි යෙධාගෙ රස්නෙ අස්සෙ සනීපෙට ඇස් පියාගන්නකොට තාදිව වාරු කරන් හිටපු යෙධාරට තේරුනා තාදි අඩපු අමාරුවටත් එක්ක තමන්ගෙ අස්සෙම නින්දකට වැටුනා කියන්න
කොල්ලාගෙ හිතෙ තිබ්බ දුක දැන් 50%ක් වගෙ අඩුයි..හැබැයි තාදි අසරණ වෙලා ඉන්න හැටි පේන ගානෙ ඒ කදුලු වල තෙත තමන්ගෙ ඇගට දැනෙන ගානෙ කොල්ලගෙ හිත උඩට ලෝකෙම තියෙන දුක එක පොට්ටනියකට එකතු වෙලා වැටෙන්නෙ ලොකු පසුතැවිල්ලක් ඉතුරු කරලා දාලා
ඒත් හැබැයි යෙධාර දුක් උනා පසුතැවිලි උනා කියලා යෙධා තාදිට කරපු බම්බුවක් නම් නෑ
කළා නම් ඒ වැරදි දෙකයි.එක තමන්ගෙ තාත්තාගෙ හොර ගෑනි තාදිගෙ අම්මා කියලා දැනන් මල පැනලා අවුරුදු ගානකට කලින් මේ ගෙදෙට්ට මුලින්ම අඩිය තියපු පාර ඒ සුදු මූණෙ රතු ඇගිලි හිටින්න ගහලා බයින්න ඕනි ගෑනිට කියන්න ඕනි ටිකත් තාදිට කියලා බැනපු එකයි
තාමත් නොදන්න හැබැයි නොහිතා කරන තාදිගෙ හිත තමන්ගෙ හිත අස්සට ඔබාගන්න වැඩ කටයුතු කරපු එක විතරයි...
ඒ ඇරෙන්න යෙධාර මේන් කියල එක ල|බ්* ක්වත් තාදිට කරලා නෑ..
තමන් තමා තාදි තනි උනු එකට වගකියන්න ඕනි කියලා යෙධාර නැටුවට ළමයි ඉදගෙනත් මගුල් නටපු යෙධාරගෙ තාත්තා උනු සිරිමලුත් තාදිගෙ අම්මා උනු මලීගෙත් වැරදි වලට යෙධාරට කරන්න දෙයක් තිබ්බෙත් නෑ...
තාදිව ඒ ඇස් වලට මේ ගෙදරදිම අහුවුනු මුල් වතාවෙදි කරන්න පුලුවන් අන්තිම දේ කරන්න ආවාත් එදා උනත් මේ අහිංසකී ගුටි කාලා බැනුම් ඇහුවා මිසක එදාත් යෙධාට කරන්න පුලුවන් පු* තිබ්බෙත් නෑ..
හරි නම් මේ වෙද්දි එකිනෙකා මරාගන්න ඕනි අනියම් පෙම් පැටලිල්ලෙ මියදුනු වැරදිකාරයො දෙන්නගෙ ළමයි දෙන්නාගෙ මේ අදහාගන්න බැරි වැඩේ එක්ක
මේ සීන් එක දැනන් උන්නු ගමේ උන්දලාගෙයි සමාගෙ දෙමව්පියන්ගෙයි ඇස් ගෙඩි වල *මොකද්ද යකො මේ උනේ* කියලා මුන් දෙන්නගෙ බදාගැනිල්ල පටන් ගැන්මෙ ඉදන් ලියවෙලා තියෙනකොට
මේ මොකුත් නොදන්න කොල්ලො හතරත් සමාත් බරට බරේ හුස්ම අතෑරලා එකිනෙකාට තුරුල් වෙලා ඉන්න යෙධාර දිහායි තාදි දිහායි දුකින් බලා ඉන්නකොට
නිදන් ඉන්න තාදිව වස්තුවක් වගෙ ඇග අස්සට තද කරගන්න ගමන් යෙධාර ඇදුනෙ තාදිව තමන්ගෙ ඇස් වලට අහුවුනු පව්කාර අතීතේ ඒ දවස දිහාවට....
_______________________
යං යං අතීතෙට ඇවිදන් යං..හැබැයි ඊළග එපියෙන්...
යෙධාර කොයිවෙලෙත් හංගපු රහස ඔන්න හෙළි කළා.
අදහස් කියන් යන්ඩ.ඔයාලා හිතුවද ඉතින් ඔහොම දෙයක් ම්ම්...🌚