Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 24 2026 @ 09:32

හෘද ලිලී - 38

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *තිස් අටවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,


කියන්න ඕනි ටික කෙටියෙන් කියලා සමා එහාපැත්තෙන් ඇමතුම විසන්දි කලෙ එද්දි ආයෙම කෝල් කරන්න කියලත් කියලා

_____එතැන් සිට__________________

සමා එක්ක රැදුනු ඇමතුම ඉවර උනායින් පස්සෙ දොර ගාව මුරට හිටපු යේශ්ට කතා කරලා කොල්ලො ටික සමා කිව්ව විස්තරෙ කියලා දැම්මෙ

තාදි ගැනත් හදවතින්ම දුක් වෙන ගමන්.

දැන් දැන් කොල්ලො ටිකට හිතෙනවා යෙධා තාදිට සැර නොකර හිටියෙ තාදි ගැන හෙව්වෙ තාදිගෙ පවුල් විස්තර කලින් ඉදන් දැනන් හිටපු නිසා කියලා

ඒත් හැබැයි කොල්ලො ටිකට හිතාගන්න බෑ යෙධාරට පිස්සු නටන්න තරම් මේ ටික දවසට යෙධාරගෙ හිත කෙල්ලට මේ තරම් ආදරේද කියන එක නම්..

මොකද යෙධාර කියන්නෙ තාදි වගෙ කෙල්ලෙක්ව තමන්ගෙ චොයිස් එකක් කරගන්න කොල්ලෙක් නෙමෙයි

යෙධාර හැම වෙලේම ලයින් කලේ ඇගපත තියෙන කොණ්ඩෙ දිගට තුයෙන කොල්ලො සාමාන්‍යයෙන් ආසා ජාතුයෙ අහිංසක කෙල්ලෙක්ට

තාදිව ඇග පතින් නැතත් අහිංසකකමෙන්වත් ලගින් තියන්න බැරිකොට

මෙච්චර ආදරයක් යෙධාර වගෙ සීරියස් කරයි කියලා නොහිතන එකෙක්ගෙන් එන්නෙ කොහොමද කියලා යෙධාව පොඩි කාලෙ ඉදන් දන්න මෙත්ටවත් හිතාගන්න බෑ

අනික් අය නොදන්නවා උනාට මෙත් දන්නවා යෙධාර මාසෙ අග අතුරුදහන් වෙන්නෙ කෙල්ලෙක්ව හොයන් ඔනැඑපාකම් ඉෂ්ට කරගන්න කියලා

නවය වසරෙ ඉදන් මෙත් යෙධා දෙන්නම අනික් තුන් දෙනා හම්බෙන්න කලින් ඉදන් ඕන තරම් කෙල්ලො එක්ක ඉදලා තියෙනවා

හම්බුනාට පස්සෙ තමා මෙත් ඇරෙන්න යෙධා ගෑනු සම්බන්ද කේස් අනික් උන්ට හංගන්න ගත්තෙ 

ඒ නිසාමයි මෙත්ටයි යෙධාටයි ලව් එෆෙයාසුත් තිබිලා නැත්තෙ.කෙල්ලො හොයන්නෙ නැත්තෙ

ඉතිම් මෙත්ට කොහොමත් හිතාගන්න බෑ යෙධාරව මෙච්චර පිස්සු වැට්ටුවෙ ඇත්තටම තාදිට තියෙන ලව් එකක් නිසාද කියන්න 

කොහොම නමුත් මේ වෙලාවෙ කරන්න ඕනි යෙධාව සන්සුන් කරන දේ නිසා

 යෙධාට සිහිය ආව ගමන් යෙධා කරන්නෙ කෙල්ලව හොයන් යන එක තමයි කියලා ගෙස් කරපු කොල්ලො ටික කතා වෙලා මෙත්ව යැව්වෙ කෙයිමි මිස්ට කියලා ඉස්කොලේ න් පයින්න පොටක් පාදගන්න කෙයිමිට බෝලයක් බස්සවන්න..


,,,

යෙධාට සිහිය ආවහම ප්‍රශ්න නැතුවම ඉස්කොලේන් පයින්න පොටක් පාදගන්න ගියපු මෙත් දන්න දහම් ගැට ටිකත් දාලා කෙයිමිගෙ හිත හොදකමත් නිසා ඉස්කොලේ න් පයින්න පර්මිෂන් අරන් ආවෙ සතුටු හිතින්

*මොකො වැඩෙ පිට් නැ දෙල්ද?*

මෙත් ආපු ගමන් අනික් තුන් දෙනා ඇහුවෙ බොරුවට මූණ අමුතු කරන් ආව මෙත්ව දැකලා ඇදල් අරන් පොරව පුටුවකින් වාඩි කරොන ගමන්

*ඔව් හු| මුට සිහිය ආවාට පස්සෙ සිට් රූම් මිස්ට කියලා චෙක් කරලා ගෙදර යන්න දෙන්න කිව්වා*

මුල ටික අවුලෙන් කියලා අවසන් ටික හිනාවකින් මෙත් කියලා දැම්මෙ අනික් තුන් දෙනාව පොඩ්ඩකට රවට්ටලා

*තෝ නම් ප| මේ වෙලාවෙත් ආතල් ගන්නවද?*
කේශ් මෙත්ට පයින් ගැහුවෙ අනික් දෙන්නත් අත් වලින් මෙත්ට පාරක් දෙනකොට


ඇයි යකො හෙනකදයා වගෙ ඇගෙන් නැතත් වැඩ වලින් හිටපු යෙධා ඇදට වැටුලා ඉන්නවා


අරෙහෙ පු* ගිනි ගන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා.මූ මෙතන ආතල් ගන්නවා

හා දෙකට කඩලා බෝක්කුවක් අස්සෙ ගහන්න හිතෙන්නැද්ද?

කොල්ලො ටික ආයෙම පාරක් මෙත්ට ගැහුවෙ හොද කුනුහරප ටිකකුත් කියන ගමන්...


____ 𝓐.𝓔.𝓒 *හෘදලිලී*


පැයක් දෙකක් ම්හු..පැය 6 1/2ක්..

මේ ගෙවුනු වෙලාව ඇතුළත නින්දක හිටපු යෙධා ඇහැරලා සිට් රූම් මිසිට පොරව පෙන්නලා

කෙයිමි මිස්ටත් වැදලා ඉස්කොලේන් ඇවිත් ඇදුම් චේන්ජ් කරන් යෙධාව සන්සුන් කරන් කොල්ලො ටික ඇවිත් හිටියෙ තාදි උන්නු 
ගෙදරට මිනිය ගේන හින්දා ගේ අස් කරන ඒවාට උදව් දෙන්න...

යෙධා ඇතුලු කොල්ලො ටික තාදි උන්නු ගෙදරට එනකොට දවල් 2ට වගෙ ඇති...

එන්න කලින් සමාට කෝල් කරපු පාර සමා කිව්වා තාදිව එහෙ එක්කන් ගියා කියලා.

කොල්ලො ටිකටත් ඕනි උනා මුලින්ම තාදිව බලන්න යන්න ඒත් මෙච්චර පිස්සුවක් නටපු යෙධාට තාදිට මුහුණ දෙන්න බෑ කියලා 
සමාගෙ ගෙදර නොයා ඕනි උනා

ඉතින් ඒ නිසාම කොල්ලො ටික එක්ක යෙධා තාදිගෙ ගෙදරට ආවෙ මිනිය ගේන්න ගේ අස් කරන්න උදව් දෙන්න.

දැන් වෙලාව හවස 6.30යි..ගේ අස්පස් කරන වැඩ සේරටම උදව් දීලා තාදිනිගෙ ගේ ඉස්සරහා තිබ්බ ඇබරෙල්ලා ගහ ගාව පුටු පහක් තියන් කොල්ලො ටික ඉන්නෙ වටේ පිටේ රොයිටර් ටිකගේ ඕප දූප ටිකට කන දිලා

*ඔයාට කියන්න අක්කෙ,ඔය ගෑනු ළමයා අරකි ඔය සම්බන්දෙ පටන් ගත්තු කාලෙ ඉදන් ගෙදර හිටියෙ තනියම*

*තනියම උයන් කනවා ඉස්කොලේ වැඩ ටික කරගන්නවා.ඕලෙවල් උනත් පාස් වෙලා ඒලෙවල් වලටත් ඉස්කොලේ ගියා මිසක් අම්මා මෙහෙම උනා මාත් විනාස වෙන්න ඕනි කියලා නොහිතපු ගෑනු ළමයෙක්*

°*ඒක නම් ඇත්ත.අපිටවත් පුලුවන් ද බන් ගෙදරක තනියෙන් ඉන්න.මේ කෙල්ල අනෙ නැන්දෙ ගාලා අපෙන්වත් උදව් නොගෙන හිටපු කෙල්ලෙක්නෙ*

*අර මැරුවයි කියන මිනිහගෙ පුතා ඇවිත් ප්‍රශ්නයක් ඇති කළාට පස්සෙ නෙ අපි උනත් මේ ප්‍රශ්න දැනගත්තෙ.එතකන් අපිවත් දැනන් හිටියවැ තාදි කෙල්ල ඔහොම හිටියා කියන්න*

තාදිගෙ ගෙදෙට්ට වට උනු ගම වටේ රොයිටර් ටික එකාට එකා සෙකන්ඩ් නොවී විස්තරේ පත්තරේ පළ කරන්නෙ තමන් තරම් මේ දේවල් දන්න වෙන කෙනෙක් නැති ගානට

රට වටේ ඉන්න රොයිටර් ටික ඔහොම පත්තරෙ විස්තරෙ කියනකොට 

මෙවට ඇහුම් කන් දීගෙන ඉන්න කොල්ලො පස්දෙනාගෙ නම් හිත් තාදි වෙනුවෙන් උණු වෙන්නෙ එක සීරුවට

*මට නම් හිතාගන්නත් බෑ බන් ඒකි ඔච්චර ප්‍රශ්න තියෙද්දි හින වෙලා කාටවත් නොතෙරෙන විදිහට හිටියා කියලා*

ඇහෙන දේවල් එක්ක කට වහන් ඉන්න බැරි තැන යේශ් කිව්වෙ මූණ බිමට බර කරන් ඉන්න යෙධාගෙ පිටටත් තට්ටුවක් දාලා 

*ඒකනෙ බන්.රෑට තනියෙන් ඉන්නවා කියන්නෙ,ඒකිට පට්ට ගටක් තියෙන්න එපැයි*

*මට නම් මාර දුකයි බන්.යෙධා මචං, දැන්වත් යංකො ඒකිව බලන්න.ඇයි උබ ඒකිව බලන්න නොයන්නෙ*

කේශුත් යේශ්ගෙ කතාවට පොහොර දාන ගමන් යෙධාගෙන් ඇහුවෙ මෙත් ප්‍රබොගෙ යේශ්ගෙ ඇසුත් යෙධාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් යෙධා දිහාවට හැරෙනකොට 

... ඒකිට මං කොහොමද බන් මූණ දෙන්නෙ...

තත්පර ගානක් නිහඩව ඉදලා යෙධාර කිව්වෙ බිමට හරවන් උන්නු මූණ උස්සලා රතු උනු ඇස් කොල්ලො ටික ගාවට අරන් ඇවිත්

*උබ මොකුත් කළෙ නෑනෙ මචං*

යෙධාරගෙ රතු උනු වේදනාබර ඇස් ගාව යෙධාරගෙ උරහිස්ස වටා අතක් යවලා යෙධාරව තමන් ගාවට ළං කර ගන්න ගමන් ප්‍රබෝ උත්තර බැන්දෙ යෙධාරට

...මට ඒකි ගැන බලන්න තිබ්බා බන්.ඒකි ඉන්නෙ තනියෙන් කියලා දැන දැනත් මං ඇයි ඒකිව පරිස්සම් නොකරෙ බන්..

ප්‍රබෝගෙ උරහිස්සෙ මූණ ගහගන්න ගමන් යෙධාර කිව්වෙ දුකින්

*මොකුත් උනෙ නැනෙ යෙධා.අනික කොල්ලෙක් කොහොමද කෙල්ලෙක්ව රකින්නෙ.එහෙම වෙලා තිබ්බා නම් ඔය ගෑනු ඒකි ගැන ඔහොම නෙමෙනෙ බන් කියන්නෙ*

පුටුව ඇදලා යෙධා ගාවට ළං වෙන ගමන් කේශ් කිව්වෙ යෙධාගෙ හිස පිරිමැදලා

... අර කැ* ඒකිටත් කෙටුවා එහෙම නම්.අර වේ* කරපු ඒවාට මගෙ අහිංසකිත් වන්දි ගෙවන්න ඕනි බන්

කොච්චර දුකක් ඒ හිතෙ හංගන් ඉන්න ඇද්ද? මට බැරිඋනා ඒකිගෙ ඇගට කඩා පයිනවා ඇරෙන්න ඒකිට අඩන්න පපුවක් දෙන්න..

කොල්ලො කියන සැනසිලි බස් කනකට නොගෙන යෙධාර තව තවත් හිතෙ තියෙන දුක කියාගෙන යන්නෙ ප්‍රබෝගෙ උරහිස්සෙ හංගන් ඉන්න මූණ තව තවත් තෙරපනගමන් 

*උබ මොනා කරන්නද බන්.උබයි එකියි යාලු වෙලා උන්නා නම් කොල්ලා විදිහට කරන්න තිබ්බා.එහෙම නෙමෙනෙ බන්*

*අනික බලපන් උබ දගලපු නිසා අද හොයලා බැලුවෙ නැත්නම් අපි මේ ගැන නිකන්වත් දැනගන්නවද?*

*නැනෙ.ඒ නිසා අපි ගිහින් ඒකිට කතා කරමු.අද ඉදන් උබ ඒකිට සැනසෙන්න පපුව දියන් යෙධා*

යෙධාගෙ වචන සේරම අහන් හිටපු මෙත් යෙධාට කිව්වෙ

ඉස්සරටත් වඩා කෙල්ලට දැනුයි එහෙම කෙනෙක් ඕනි වෙන්නෙ කියලා නොකියා 

*ඔව් මචං දැන් තමා ඒකිට ඕනි එහෙම එක්කෙනෙක්ව.උබට පුලුවන් නම් ඒකිව බලාගන්න*

*උබෙ හිතෙ ඒකි ගැන තියෙන හැගීම අවංකමයිද? අපි ඕන හු| ට ඉන්නවා ආඅද ඉදන් උබ ඒකිට හයියක් වෙයන්*

*හොදට හිතපන් ඒ අහිංසකීට දැන් කවුරුත් නෑ , උබේ හිතෙ තියෙන්නෙ ඇත්තක් නම් තවත් පරක්කු නොවි කෙල්ල ගාවට පලයන්*

 සමා එක්ක මැරුනු මළකදක් ගානට එනවා පේන තාදිව තමන්ගෙ ඇස් වලට අහුවෙනකොට යේශ් කිව්වෙ මෙහෙම ඇස් දෙකෙන් තාදිව අනික් තුන් දෙනාටත් පෙන්නන ගමන්...

_______________________

තාදිගෙයි යෙධාගෙයි ජීවිත වෙනස් වෙයිද? 
නැත්නම් ගැහැණු රූපෙ නිසා යෙධාරට තමන්ගෙ හිතෙ තියෙන දේ තෝරලා බේරලා ගන්න බැරි වෙයිද?

පටන් ගැනීමක් පමණයි ළමයි..දිගටම කතාව එක්ක ඉන්න...මං A.Eshani Chathumika ... 

අදහස් කියන් යන්න..