Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 19 2026 @ 12:57

අහංකාර වලව් හාමිනේ - 11

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________ 
 
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*  
 
°° *එකොළොස්වන කොටස (11)* 
 
පෙර කොටසින්,,, 
 
*hey*  
 
..හ්හ් අහ්.. 
 
______ එතැන් සිට________ 
 
කජු ගහ පාමුල වාඩි උනු මං මුලු ඇගේම බර ගස් කදට භාර දීලා ඇස් දෙක අරන් ගියේ කජු ගහ පුරෝලා තියෙන රතු උනු කජු පුහුලං දිහාවට  
 
බඩත්ගිනි..වෙනදට උදේ හය හයමාර වෙද්දි බඩ කට පුරෝගන්න මට අද උදේ අපේ අම්මගෙ එළකිරි එකත් බොන්න සිහියක් නැති උනේ ලොකු කුමාරිහාමිව හම්බෙන එක ඒ තරමටම මට වටින හින්දා 
 
ඒත් කෝ ලොකු කුමාරිහාමි..ගොයම් කාලෙ එන හින්දා අඩුම ගානේ මේ වෙද්දි මහ නිළමෙවත් වලව්වෙන් එළියට ඇවිත් වලව්වට අයිති කෙත් වතු දිහාවට ගාටන්න ඕනා. 
 
බර හුස්මවල් කීපයක්ම පිට කරන ගමන් රතු උනු කජු පුහුලමක් දෑතින්ම බදන් දත තියන ලේන් අප්පු දිහා මං බැලන් හිටියෙ ලා හිනාවකින්.. 
 
*hey*  
 
අත් දෙකෙන් බදාගන්නවත් බැරි රතු කජු පුහුලමට හිටු කියලා වැඩේ දෙන ලේන් අප්පු දිහා බලන් හිටපු මං ගැස්සිලා ගියේ මගෙ වම් කණ පැත්තට වෙන්න වලව් මායිමෙන් ඇහුනු නාදුනන ගෑනු කටහඩට 
 
... අහ් හ්හ්.. ගැස්සුනු පාරට ඉදන් උන්නු බිමින් නැගිටපු මං නැගිටපු පාරට ගස් කදේ වැදුනු ඔලුව පිටිපස්සත් අත ගගාම ඇස් අරන් ගියේ කටහඩ ඇහුනු දිහාවට 
 
*hey boy.What are you doing?* 
(හෙලො පිරිමි ළමයො,ඔයා මොකද කරන්නෙ) 
 
වලව් වත්තෙ ඉදන් කජු ගහ දිහාවට එබුනු ඉස්සරහටත් නැති යටටත් නැති ඇදුමක් ඇදන් ඉන්න ලොකු කුමාරිහාමිගෙ වයස වගෙ පෙනුමක් තියෙන ගැහැනු ළමයා මං උන්නු දිහාවට ඇගිල්ලක් දිග් කරලා  
ඉංග්‍රීසියෙන් කතා කළේ මට  
 
ඉංග්‍රීසි..කතා කරන්න බැරි උනත් කියන දේවල් මට තේරුම් ගන්න පුලුවන්  
 
ඒ නිසාම මට මේ ගෑනු ළමයා මගෙන් ඇහුව දේ තේරුනා.හැබැයි ඇදන් ඉන්න ඇදුමත් එක්ක වහගන්න ඕනි ඒවා එළියෙ තියෙන නිසා උත්තර දෙන්න තියා එයා දිහා බලන්නත් මට දැනෙන්නෙ ලොකු අපහසුවක් 
 
හින්ද මොකුත් නොකියා මං බිම බලාගත්තෙ මට කොහොමත් වැදගත් ලොකු කුමාරිහාමි මිසක සංවරයක් නැති ගෑනු ළමයා නොවන හින්දා 
 
*handsome boy.can you  
hear me?* 
(ලස්සන පිරිමි ළමයො,ඔයාට මාව ඇහෙනවද?) 
 
එයා දිහා එක වතාවක් බලලා බිම බලාගත්තු නිසාද මන්දා ඒ ගෑනු ළමයා ආයෙම වතාවක් මට කතා කළේ ඉංග්‍රීසියෙන්  
 
මොන වදයක්ද මන්දා   
මේ ගෑනු කෙනා නම් අහල ගම් හතකවත් ගමක කෙල්ලක් නම් වෙන්න බෑ  
 
සිංහල වචනයක්වත් නොකියා ඉංග්‍රීසියෙන් ම හැර බැර ගාන බඩයි යට චුට්ටයි රෙදි කෑල්ලකින් වහන් ඉන්න ගෑනු කෙනා ගැන නොරිස්සුමෙන් මෙහෙම හිතුවෙ ගමෙ කෙල්ලො ඔහොම අදින්න තියා ඔව්වා දිහා ඇහැක්වත් ඇරලා නොබලන හින්දා  
 
පුලුවන් තරම් ඔලුව බිමට හරවන් අර ගෑනු ළමයා දිහා නොබලා මං තනි හිතටම කියවගත්තෙ මේ ගෑනු ළමයට වලව්ව ඇතුළට බැරි නම් මට නොපෙනෙන ඕන තූත්තුකුඩියකට යන්න බැරි ඇයි කියලා 
 
ගමේ එකාලා මොකෙක් හරි දැක්කොත් මටත් අහගන්න වෙන්නෙ හොද පදෙන්.ඊටත් වඩා මේ කටේ සද්දෙට මහ නිළමේ ආවොත් 
 
හාහ්..ඉදූවො උබව නගුලක බැදලා හායි මුලු කෙත් වතු සේරෝම. 
 
ඔයා ගිහින් මගෙ ලොකු කුමාරිහාමිව එවන්නකො අප්පා.ඇස් යටින් ගමෙ එකෙක් දෙන්නෙක් හරි ඉන්නවද කියලා මං බැලුවෙ හෙමින් සැරේ අර ගෑනු ළමයත් ගියාද කියලා බලන ගමන්  
 
*shaaki,What''s wrong?* 
(ශාකි,මොකද්ද ප්‍රශ්නෙ?) 
 
තත්පර ගානක් ගෙවිලා යද්දි කල්පනා ලෝකෙට මල් වනෙ පේන්න මට ඇහුනෙ මෙතුවක් වෙලා පුන පුනා එනකම් බලා උන්නු ලොකු කුමාරිහාමිගෙ කලබල කටහඩ  
 
\"*No problem, Ahi. There''s a handsome guy standing here near the cashew tree.\"* 
(ප්‍රශ්නයක් නෑ අහි,මේ ලස්සන කොල්ලෙක් මෙතන කජු ගහ ගාව ඉන්නවා) 
 
ලොකු කුමාරිහාමිගෙ වචන ටික ඉවර වෙනවත් එක්කම අර ගෑනු ළමයා ආයෙම මාව පෙන්නන ගමන් english වලින් කිව්වෙ මං මෙතන ඉන්නවා කියලද කොහෙද  
 
*\"who are you man?* 
 
මගෙ අහිංසක ඇස් ගෙඩි දෙකට උදෙ පිපුනු මලක් වගෙ ලස්සනට ඉන්න ලොකු කුමාරිහාමිගෙ රුව පේනකොට ආයෙම අර ඉංග්‍රිරිසි කෙල්ල මැදින් ඇඩ් එකක් දැම්මේ ලොකු කුමාරිහාමිගෙ ඇස් අර ඉංග්‍රිසි ගෑනු ළමයගෙන් මා දිහාවට වැටෙනකොට 
 
ගිනි ගහන ඇස්.මාව දැක්ක පමාවට ලොකු වෙලා ගියෙ පුදුමෙන්.. 
 
ලොකු කුමාරිහාමි..තොල් අස්සෙන් හෙමිහිට මුමුණන ගමන් මං ලොකු කුමාරිහාමි දිහා බැලුවෙ බයාදු අහිංසකකමකින්  
 
ඔයා මෙයාව දන්නවද? මගෙ දිහා එක එල්ලෙ බලන් ඉන්න ලොකු කුමාරිහාමිගෙ සුදු අතකට තට්ටු කරන ගමන් ඊගාවට අර ඉංග්‍රිසි කෙල්ල මගෙ ලොකු කුමාරිහාමිගෙන් ඇහුවෙ එහෙමද කොහෙද?  
 
*\"Maybe he''s a beggar who came asking for food. Piyadasa will come and check. Let''s go.\"* 
 
(කෑම ඉල්ලන් ආපු හිගන්නෙක් වෙන්නැති..පියදාස ඇවිත් බලයි එන්න යමු ) 
 
තත්පර ගානක් නිහඩව උන්නු ලොකු කුමාරිහාමි තරහින් ඉංග්‍රිසියෙන්ම මොන මොනවදො කියලා පියදාස කියාගෙන අඩියට දෙකට අර ගෑනු ළමයවත් ඇදන් ගියෙ මාත් අඩියට දෙකට ලොකු කුමාරිහාමි කියාගෙන වලව් මායිමට ළං වෙද්දි 
 
\"පියදාස කවුද මන්දා හිගන්නෙක් ඉන්නවා අර කජු ගහ ගාව.හිගන්නෙක්ද හොරෙක්ද දන්නෙත් නෑ 
 
ඔහොමද මනුස්සයො සිකියුරුටි ජොබ් එක කරන්නෙ 
 
දෙන දෙයක් දීලා ඉක්මනට එතනින් යවනවා,මේ වගෙ උන් දැන් බයක් සැකක් නැතුව වලව් මායිමටත් එනවා 
 
මේවට වග කියන්න ඕනෙ සුදු හාමිනෙ.මං බලාගන්නම්කො ඕකි ගැන \" 
 
ලොකු කුමාරිහාමි එක්ක වචනයක් හරි කතා කරන්න හිතන් වේගෙන් පියදාස මාමා උන්නු මුර කුටිය ගාවට ආපු මගෙ කකුල් දෙක ලප් තැනම ලොප් උනෙ ලොකු කුමාරිහාමිගෙ වචන වලින්  
 
*ලොකු කුමාරිහාමි ඒ අපෙ ඉදුවර කොලුවා.ඕකාට ලොකු කුමාරිහාමිව තමා හම්බෙන්ඩ ඕනයි කිව්වෙ* 
 
යටහත් පහත්ව පියදාස මාමා ලොකු කුමාරිහාමිට කියනවා මං අහගෙන  
 
\"මට ඔය ආතක් පාතක් නැති උන් එක්ක කතාවක් නෑ පියදාස.සල්ලි නම් ඉල්ලන්නෙ කීයක් හරි දීලා යවන්න 
 
සුදු හාමිනේ ඇතුළට ගන්න කිව්වත් ආයෙ ඔහොම උන් වලව්වෙ ඇතුළට ගන්නවා එහෙම නෙමෙයි \"  
 
පියදාසටත් සැර කරලා මාව දාන්න පුලුවන් අන්තිම පහත් තත්වෙට දාලා මට ඇහුනෙ ලොකු කුමාරිහාමි ඉංග්‍රිසියෙන්ම මොනවදො කියන ගමන් යනවා 
 
*හිගන්නා,හොරා* *ආතක් පාතක් නැති එකා*  
 
මගෙ කන් අස්සෙ දෝංකාර දෙන්නෙ ලොකු කුමාරිහාමි මාව ආදේශ කරපු නම් ගම් වචන ටික  
 
තමන්ගෙ නංගි වැටෙන්න යද්දි අල්ලගෙන ප්‍රශ්නෙ මැද්දට පැන්න එකට ඔය තරම්ම නපුරු වෙන්න ඕනිද ලොකු කුමාරිහාමි  
 
මහ නිළමෙත් ඔයිට වඩා නම්බුනාම දෙනවා ලොකු කුමාරිහාමි ගමේ උන්ට  
 
වම් පපුවෙන් හීනියට වේදනාවක් උගුර මුලටත් දැනෙන්නම විහිදෙනකොට මගෙ ඇස් වලට කදුලු පිරුනෙ අප්පෙක් නැතිව හැදුනත් අවුරුදු 25ටම මෙච්චර පහත් කතාවක් ඇහුව පළවෙනි දවස අද උනු හින්දා 
 
කොච්චර ඔයා නපුරුයි උද්ධච්චයි කියලා හිතුවට ඔච්චර නපුරුයි කියලා මං හිතුවේ නැ ලොකු කුමාරිහාමි.. 
 
අච්චර හොද සුදු හාමිනෙ ඉන්ඩැද්දිත් මගෙ හිතෙ ඔය ගිනි ගහන ඇස් පරිස්සමට තැන්පත් උනෙ ඇයිද කියලා එදා මුණ ගැහුනු පලවෙනි දවසෙ ඉදන් මං හැමදාකම තනි හිතට හිතුවා 
 
එදා ඇවිත් බත් එක දීලා සැරට කතා කරලා ගියත් මට ඔයාව පෙවුනෙ හිතෙ තියෙන දේ නොපෙන්නලා බොරු සැරක් දාලා ආදරේ පෙන්නන කෙනෙක් විදිහට  
 
මට වැරදුනා.මොකද්දො දෙයක් නිසා සුදු හාමිනේ හොද උනත් ලොකු කුමාරිහාමි මහ නිළමෙටත් වඩා හපන් නරක කෙල්ලෙක්.. 
 
ආයෙ නෑ ලොකු කුමාරිහාමි..මං පසුතැවෙනවා නිකන් හරි ලොකු කුමාරිහාමි ගැන අමුතුම දෙයක් මගෙ හදවතට දැනුනට  
 
ආයෙ මේ ආතක් පාතක් නැති එකා ලොකු කුමාරිහාමිගෙ හුස්ම වැදෙන්නවත් එන්නෑ 
 
මට ඔය ගිනි ගහන ඇස් ආයෙ දකින්න ඕනෙත් නෑ.. 
 
ඇස් වල පිරුනු කදුලු එක දෙක කම්බුල් දිගෙ බේරෙනකොට සාක්කුවෙ තිබුනු සල්ලිත් බඩු ටිකත් ගේට්ටුව ගාවම දාලා පියදාස මාමාටත් නොකියම වලව් ගේට්ටුවෙන් එහාට ඇවිත් බොරලු පාර දිගෙ ඉස්සරහට ඇවිදන් ගියේ මේවට වැරදි වෙන කවුරුත් නෙමෙ උබමයි කියලා හිතට කියන ගමන්.. 
 
________________________ 
 
කියොනවා කියලා දැනගන්න react කරන් යන්න බැයිද?. 
එතකොට ඊගාව කොටසින් හමුවෙමු...