Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 19 2026 @ 12:57

අහංකාර වලව් හාමිනේ - 12

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________ 
 
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*  
 
°° *දොළොස්වන කොටස (12)* 
 
පෙර කොටසින්,,,, 
 
ඇස් වල පිරුනු කදුලු එක දෙක කම්බුල් දිගෙ බේරෙනකොට සාක්කුවෙ තිබුනු සල්ලිත් බඩු ටිකත් ගේට්ටුව ගාවම දාලා පියදාස මාමාටත් නොකියම වලව් ගේට්ටුවෙන් එහාට ඇවිත් බොරලු පාර දිගෙ ඉස්සරහට ඇවිදන් ගියේ මේවට වැරදි වෙන කවුරුත් නෙමෙ උබමයි කියලා හිතට කියන ගමන්.. 
 
______එතැන් සිට__________________ 
 
දවසක් දෙකක් එක්කලා සුමානයක්ම ගෙවිලා ගියේ බෙරලිගල්ල ගමේ කෙත්වල ගොයම් නෙලන්න කාලේ ළං කරලා  
 
එදා සිද්ධියෙන් පස්සෙ ඉදුවර ලොකු කුමාරිහාමිවත් ලොකු කුමාරිහාමි  
ඉදුවරවත් ඇස් දෙකට දැක්කෙ නෑ 
 
*සුදු පුතේ,මොකෑ බන් ඔය ගෑනි මැරුණු මිනිහා වගෙ.උබ මේ සුමානෙම ඔහොමයි*  
 
ගෙයි ඉස්සරහා පිළ උඩට වෙලා පැයකට කලියෙන් දුන්නු තේක නොබී අතේ තියාගෙනම ගව් ගානක කල්පනාවක ඉන්න ඉදුවරගෙ උරහිස්සට පාරක් දීලා ඉදුවරගෙ අම්මා කතා කළේ කම්බුලටත් අතක් තියාගෙන  
 
ඉදුවරගෙ අම්මා උරහිස්සට ගහලා කතා කරපු පාර දුර ගව් ගානක් ගිහින් හිටපු ඉදුවර ගැස්සිලා ඒ සැනින් ආවෙ පියවි සිහියට 
 
.. ඇයි අම්මා..කටින් නොකියා ඇස් වල ඒ ප්‍රශ්නෙ තියාගෙන ඉදුවර බැලුවෙ කුසුමා දිහා  
 
*ඈ බොල සුදු පුතේ,මොකෑ මයෙ අම්මා උබට මේ ටික දොහක ඉදන් වෙලා තියෙන්නෙ* 
 
*මේ සුමානෙම උබ හිටියෙ ඉන්නම් වාලේ*  
 
තමන් දිහා කිසි හැගීමක් නැතුව බලන් ඉන්න තමන්ගෙ සුදු පුතාගෙ රෝම පිරුණු පපුව හෙමින් සැරේ අතගාන ගමන් කුසුමා කියන්නෙ මහ දුකකින් 
 
.. මොකුත් නෑ අපෙ අම්මා.මං කල්පනා කළේ ගෙවල් ගානෙ නොයා පොඩියට ගරාජ් කෑල්ලක් ගෙදර ඉස්සරහින් දාගන්න.. 
 
කල්පනා කළේ ලොකු කුමාරිහාමි ගැන උනත් අම්මට කියන්න බැරි හින්දා ඉදුවර කිව්වෙ ඔහොම 
 
*ඒක නම් හොදයි පුතේ,සුදු හාමිනෙත් මායිත් ඕං ඕකම කතා උනා* 
 
*උබට නොකියම සුදු හාමිනෙ මඩු කෑල්ලක් ගහලා දෙන්නයි හිටියෙ තව සුමානයක් දෙකක් ගියහම* 
 
මීට ටික දොහකට කලින් වලව්වෙදි සුදු හාමිනේව හම්බුණාම සුදු හාම්නේ කිව්ව වදන් මතකෙට ගත්තෙ කුසුමා 
 
කුසුමගෙ වචනත් එක්ක මෙච්චර වෙලා ඔහේ කිසි හැගීමක් නැතිව උන්නු ඉදුවර උන්නු තැනින් නැගිට ගත්තෙ අඩියට දෙකට 
 
.. අපෙ අම්මා මේ.වලව්වෙ උන්ගෙන් මට තඹ දොයිතුවක දෙයක් එපා 
 
මං හම්බ කරනවනෙ අපෙ අම්මා.මගෙ වැඩ මං කරගන්නම්.. 
 
නැගිටපු සැනින් කුසුමා දිහාවට හැරුනු ඉදුවර මහ සද්දෙට කෑගැහුවෙ පොඩි කාලෙන් පස්සෙ මේ වෙනකම් තමන්ට සද්දෙන් කතා නොකරපු ඉදුවරගෙ වෙනස ඉස්සරහා කුසුමාට ඉබේටම අඩියක් පිටිපස්සට යැවෙද්දි  
 
*සු..දු පුතේ*  
 
කවදාවත් නොදැකපු තමන්ගෙ පුතාගෙ කේන්ති ඇස් දිහා බයෙන් බලන ගමන් කුසුමා කෙදිරි ගෑවෙ පපුවට අතක් තියාගෙන 
 
ඉදුවරට.. 
 
කුසුමගෙ වචන ඉවර වෙනවත් එක්කම ඒ කන් දෙකෙ දෝංකාර දෙන්න ගත්තෙ මීට සුමානෙකට කලින් ලොකු කුමාරිහාමි නාදුනන ගෑනු කෙනෙකුයි පියදාසයි ඉස්සරහා තමන්ව දාන්න පුලුවන් අඩියටම දාලා කතා කරපු වචන ටික 
 
ඉතින් ඒකමයි මේ සුමානෙ පුරාම රිදුනු වේදනාව කේන්තියක් බවට හැරවිලා ඉදුවරට මහ සද්දෙන් කෑගැහුනෙ  
 
කතාවක් අහලා නැද්ද හැමවෙලේම කේන්ති යන අයට වඩා නපුරුම ඉදලා හිටලා කේන්ති යන අය කියලා 
 
ඉතින් මේ වෙලාවෙ කුසුමහෙ ඇස් ඉස්සරහා ඉන්න 
කුසුමගෙ සුදු පුතාටත් වෙලා තියෙන්නෙ ආන්න ඒ දේ... 
 
කරදඩු උස්මහත් උනත් හරි තේරෙන කාලෙ පටන් ටවුමෙ ජීවත් උනත් ටවුමෙ ඉදන් ගමේ නතර උනු කාලෙවත් ඒ ඇස් කේන්තියකට ගොරකා මද වගේ රතු වෙලා තියා අත් ගොබ වල නළල පුරා නහර ඉලිප්පිලාවත් තියෙනවා කුසුමා දැකලා නොතිබුනු පාර කුසුමගෙ ඇස් වල බයටම පිරුනෙ කදුලු අහුරු පිටින්  
 
,,, 
 
තත්පරයක් දෙකක්..කුලප්පු උනු මීහරකෙක් වගෙ නහයෙන් කේන්තියට රත් උනු හුස්ම පිට කරන ගමන් උන්නු ඉදුවර තමන්ගෙ අම්මගෙ ඇස් වල කදුලු තමන්ගෙ ගොරකා මද උනු ඇස් වලට අහු වුනු සැනින් තේ කෝප්පෙත් පැත්තකට විසි කරලා අඩියට දෙකට දෙවැටත් පැනලා ගෙදරින් ගියෙ එළියට.. 
 
එතනින් නැවතුන්නැති ඉදුවර බුර බුරා නැගෙන කේන්තියත් එක්කම පොඩි කාලෙ ඉදන් දුකටත් සතුටටත් පොඩි හරි කේන්තියටත් යන බැද්ද ඇතුලෙ වමට වෙන්න පිහිටලා තිබුනු උල්පත් වතුරින් පිරෙන මල් පිරුණු පුංචි ළිද හොයාගෙන ගියේ ඉක්මනින්... 
 
බොරලු පාරෙන් බැද්දට..බැද්ද ඇතුළින් වමට .. 
 
කේන්තියෙන්ම ඒ දිහාවට ඇදුනු ඉදුවර පුංචි ළිද ගාව තිබ්බ පළාතකටම ඇතිරුනු ගල් කුල උඩට නැග්ගෙ තාමත් පහව නොගිය කේන්තියෙන් 
 
කේන්තියක් කිව්වට ඉදුවරගෙ හිතෙ තියෙන්නෙ එදා ලොකු කුමාරිහාමිගෙන් වින්ද අවනම්බුවෙ වේදනාව 
 
කෙල්ලෙක් නැතත් කොල්ලෙක් කියන්නෙ කිසිම එකෙක්ට ඔලුව නමන්න කැමති මිනිස්සු නෙමෙ.. 
 
හිගන්නෙක් උනත් පිරිමි කියන්නෙ මොකාගෙන්වත් කතා නොහා මැරෙන්න වැටුනත් උදව් නොඉල්ලන ජාතියක්.. 
 
එහෙව් එකෙ ඉදුවර කියන්නෙ ඕනිවටත් වඩා අහිංසක ටවුමේ ඉන්න කාලෙදි උනත් කා එක්කවත් දබර කරගන්න නොගිහින් සාමකාමීව හිටපු කොල්ලෙක්.. 
 
මහ නිළමේ උනත් ඉදුවරව සුදු හාමිනේට ආශ්‍රය කරන්න දෙන්නෙත් ඉදුවරගෙ තිබුනු අහිංසකකමත් අනික් කොල්ලොන්ට වගෙ නොතිබ්බ වැඩි නහරයත් හින්දා 
 
ඉතින් එහෙම ඉදලත් ලොකු කුමාරිහාමි ඉස්සරහත් පුලුවන් තරම් බයාදුවෙන් ඉදලා වැරැද්දක් නොකරම කතාවක් අහන එකෙත් සීමාවක් තියෙනවනෙ.. 
 
ඒකමයි මේ තරම් ඉදුවරට රිදෙන්නෙ.. 
 
ගල් කුළේ උඩම ගලට නැගලා ගල උඩින් වාඩි උනු ඉදුවර කේන්තියටත් ඇවිදන් ආපු වේගෙටත් උනපු දාඩිය නිසා ඇදන් උන්නු කමිසෙ ගලොලා විසික් කළේ ඉදන් උන්නු ගල් කුළින් පල්ලෙහා ගලකට වැටෙන්න 
 
*අහ් හ්* 
 
_______________________ 
 
කවුද ඉන්ඩ ඇත්තෙ ගෙස් කරන්ඩ..ගෙස් කලාම ඊගාව කොටස...