_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *පනස් හතරවන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,
දුකින් බලා ඉන්න කෙල්ලගෙ නලල කිස් කරන ගමන් මෙහෙම කියලා ඒ කම්බුල් දෙකත් මිරිකලා කෙල්ලව අත් දෙකෙන්ම බදාගන්න ගමන් කොල්ලත් කෙල්ල එක්කම ජනේලෙන් එලිය බලාගත්තෙ බස් එක යන්න යන්න ටිකින් ටික වැඩිවෙන අමුතුම දුකට බයෙන්...
______එතැන් සිට_______________
කාලය වේගෙන් වේගෙන් ගෙවිලා ගිහින් මගදි ආපු කොල්ලොන්ගෙ කෝල් එකටත් උත්තර දීල හවස හත වෙද්දි කොල්ලයි කෙල්ලයි පරණ පුරුදු බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැගත්තෙ යෙධාලා එනවා කියන්න දන්න යාලුවො හතර කට්ටුව බස් ස්ටෑන්ඩ් එකට වෙලා අත වනද්දි...
යේශ් කේශ් මෙත් ප්‍රබෝ..කොල්ලො හතර දෙනාම හිටියෙ කොන්ඩෙ රැවුල දෙකම වවලා බමුණු කුලේ
හැබැයි කොල්ලො හතර දෙනාගෙම අමුතු කඩවසම්කමක් එක්ක පාට වැඩි වෙලා තිබ්බෙ කොල්ලො හතර දෙනාම ජොබ් එක විදිහට කරන්නෙ *Nihal Fasion house* එකෙ සේවකයෝ විදිහට හින්දා
*යෙධා මචං බොක්කහ්*
තාදිවත් අතින් අල්ලන් බෑග් මලු ටිකත් කරට දාන් බස් එකෙන් බැස්ස යෙධාගෙ අවුරුද්දක වෙනස් විල්ල ඇස් වලින් තත්පර ගානක් විදගත්තට පස්සෙ කොල්ලො හතර දෙනා එක පොදියට ගිහින් කොල්ලව බදාගත්තෙ
ඇස් වල කදුලු පුරවන්
*හු| පුතො තෝ වෙනස් වෙලා*
යෙධාව තදින් තුරුලු කරගන්න ගමන් යෙධා නැති පාලුව තදින්ම දැනුනු මෙත් කියන්නෙ අඩන ගමන්
.. උබලත් වෙනස් වෙලානෙ,තොපි සුදු වෙලා මහත් වෙලා..
යෙධාත් කියනවා කොල්ලොන්ව තදින් බදාගෙන ඇස් වල කදුලු පුරවන්
*ආයෙ නම් තොට යන්න දෙන්නැ නැද්ද බන්.බලපන්කො මූ කලු කුමාරයා වගෙ කලු වෙලා ගිහින්*
කොල්ලගෙ අඩු උනු පාට දිහා බලලා ඔය කියන්නෙ යේශ් කේශ්..
.. කලු උනාට කොල්ලාගෙ ඇග හැදිලනෙ..
ඇස් වලින් තාදි දිහාවට මනමාල බැල්මක් දාලා යෙධා නොකියා කියන්නෙ කෙල්ලගෙ අත් ගුනෙ කියලා
*හප්පෙ බලපන්කො අපෙ තාදි කෙල්ලගෙ හැඩ.කටු බොඩිය නම් දැන් පේන්නවත් නෑ*
*යෙධා උබල අපිව මාමලා එහෙම කළේ නෑ නෙද*
ඇස් වල තියෙන කදුලු පිහිදාන් බෑග් ටිකත් අත්වල පටලන් රතු වෙලා ඉන්න තාදිගෙ කරවටා අතක් යවලා ඒ හිස අත ගාන ගමන් ප්‍රබෝ කියන්නෙ කෙල්ලවත් සමාගමට පිලිගන්න ගමන්
*හම්මට ඔව්මයි*
*චුට්ටං බට්ටිච්චි නේත මේ හැඩකාරි වෙලා ඉන්නෙ.අපෙ එකා කෝමත් දක්සයා*
ප්‍රබෝගෙ කතාවත් එක්ක කොල්ලො ටිකගෙ බයිට් එකට තාදිව අහුවෙනකොට යෙධා හිනාවෙන ගමනුත් තාදි රතු වෙන ගමනුත් කොල්ලන්ගෙ ජෝක් වලට ඇහුම්කන් දුන්නෙ කාලෙකට පස්සෙ දන්න අදුනන යාලුවන්ව හම්බුනු එකට හුගක්ම සංතෝසෙන්...
,,,,____
කියවලා කියවලා කියවලා ඉවර වෙලා ප්‍රබෝගෙ තාත්තට පින් සිද්ද වෙන්න ගත්තු ඩිෆෙන්ඩර් පොජ්ජෙ නැගලා කොල්ලො පහත් එක කෙල්ලත් ආගිය තොරතුරු කතා කරන ගමන් දැන් මේ යන්නෙ ප්‍රබෝටයි කොල්ලො ටිකටයි තාත්තා අරන් දුන්නු තනි තට්ටුවෙ ඇනෙක්ස් එකට
ප්‍රබොගෙ තාත්තා කොල්ලො ටිකගෙ ඉස්කොලේ ගමන අහවර උනු ගමන්ම තමයි මේක අරන් දුන්නෙ
අපරාදෙ කියන්න බෑ යෙධාත් දිගටම මෙහෙ උන්නා නම් අරෙහෙම දුක් විදින්නෙ නැතුව එල කොල්ලා වගෙ ඉන්නෙ සැපෙන්
යෙධාට ඇරෙන්න මේ වෙද්දි මොන විගඩම් කලින් නටපු උන් උනත් අනිත් කොල්ලො තුනටත් ප්‍රබොට වගෙ ඩිෆෙන්ඩර් නැතත් බයික් එකක් තිබුනෙ හම්බ කරලා ගත්තු සල්ලි වලින්...
*උබලා දෙන්නගෙ වෙඩිමෙ වැඩ අපි ඔක්කොම බලාගන්නම්
ඩ්‍රෙසස් පවා ලෑස්ති කරන්නම්.උබලට ඉන්න ඇනෙක්ස් එකකුත් හොයලා දෙන්නම්,දිගටම ඉමු මචො මෙහෙ*
ඩිෆෙන්ඩර් එක එලවන ගමන් පිටිපස්සෙ ඉන්න යෙධත් යෙධාගෙ උකුලෙ ඉන්න තාදි දිහත් කණ්නාඩියෙන් බලන ගමන් ප්‍රබො කිව්වෙ කොල්ලො ටිකත් එක්ක යෙධයි තාදියි මෙහෙට එනවා කිව්ව වෙලෙ ඉදන් කතා බහ කරගත්තු කතාව..
*ඔව් බන්.ජොබකුත් හොයාගත්තහැකු,ඒ නැතත් උබලා දෙන්නව අපි හරි බලාගන්නම්*
*අනේ චුට්ටං බට්ටිච්චි උබෙ මිනිහට කියපන්කො මෙහෙම දිගටම ඉමු කියලා*
ප්‍රබෝගෙ කතාව ඇහුනු සැනින් ප්‍රබොගෙ කතාවට මේ විදිහට පොහොර දාන්න ගත්තෙ යේශ් වගෙම කේශ් එක්ක මෙත්
යෙධා..පොර නම් අකමැති මේ පොළෝ තලේ ඉන්න.ඒකට හේතුව යෙධාත් ඔයලත් මමත් දන්නවනෙ
ඉතින් කොල්ලා කලේ කොල්ලො හතර දෙනා කිව්ව කතාව ඇහුන්නැ වගෙ අහක බලාගත්තු එක
*මොකද්ද හු| පුතො උබට යන්නම ඕනිද අර වන්නියට*
යෙධාගෙ නොසැලකිල්ලත් එක්ක මල පැන්න මෙත් තෑං ගාලා යෙධාගෙ පිටට එකක් ගහන ගමන් යෙධාට කුනුහරපෙන් බයින්නෙ
යෙධා නැතුව හිස් උනු අවුරුද්ද පුරා හිතින් කාපු කට්ට එපා උනු තරම් නිසා
" මට නම් ඉතින් අවුලක් නෑ,හැබැයි ඉතින් මාවයි මෙයාවයි දන්න කවුරුම හරි දැක්කොත් කේස් නෙ*
වාහනේට නැග්ග වෙලෙ ඉදන් හ්ම් සද්දයක්වත් නැතුව හිටපු තාදි ඒ ගමන මෙහෙම කිව්වෙ තාදිගෙ කට ඇරිල්ලට යෙධාගෙ ඇස් තාදි දිහාවට හැරෙනකොට
*ඉතින් චුට්ටං බට්ටිච්චියෙ කොහොමත් තොපි දෙන්නා පැනලා ගියා කියන්න දන්නවා ගමෙ උනුයි ඉස්කොලේ උනුයි*
*අමුතුවෙන් ඉතින් උබලව දැක්කා කියලා මොකාවත් ජාතකෙ හොයන්න එන්නෙ නෑ*
*මොකද්ද බන් යෙධා එක බත් කට කාන් ඉදපු අපිව ඈත් කරලා ඉන්න උබට දුක නැද්ද?*
මුල් ටික තාදිටත් අග ටික යෙධාටත් කියපු කේශ් අනික් කොල්ලො ටික කතාව ඇත්ත කියන්න ඔලුව හොල්ලද්දි කකුලෙ තිබ්බ සෙරෙප්පුව ගලොලා යෙධාගෙ ඔලුවට සෙරෙප්පු පාරක් දුන්නෙ යෙධාට තාදි ඉන්න එකත් අමතක වෙලා කුනුහරප කියවෙද්දි
.. ඔච්චර පු* අමාරුව නම් වරෙල්ලා යන්න පොළොන්නරුවට..
කේශ්ගෙ සෙරෙප්පුව උදුරලා අරන් ඉස්සරහට විසික් කරන ගමන් යෙධා කියන්නෙ තාදිට පාරක් වැදුනෙ නෑ නේද කියලා ඒ අත් පා හිස අතගාලා චෙක් කරන ගමන්
*අනෙ මේ මට නම් බැ අලි ගහලා මැරෙන්න*
ඒ සැනින් මෙත් කිව්වෙ ප්‍රබො දිහත් බලලා යෙධාට රවන ගමන්
.. හේතුවක් ඇතුව ඉන්න බෑ කියන්නෙ,අනිද්දා උදෙම මායි කෙල්ලයි යනවා
උබලත් වරෙල්ලා ටික දවසක් එහෙ ඉන්න යන්න.ගන්න මගුලක් මෙහෙ ඔනි නැ එහෙ ගමු..
යෙධා කිව්වෙ ටිකක් දැඩි කටහඩකින්
" යාග්"
ඕන් ඒ පාර තාදි කට අරිනවා චුරු චුරු ගාන්න..
.. මගෙ යකා අවුස්සගන්න එපා වස්තු,හොදට ඉදපු අවුරුද්ද වගෙ ඉතුරු අවුරුදු ටිකත් මට ඉන්න ඕනි හොදට
මට ඔන්නැ පරණ කුණු අවුස්සගන්න
කියවන් එන්න එපා දැන්ම යනවා හු* එක්කන් ගෙදර..
වාහනේ සීටුත් ගැලවෙන්න තරම් තරහකින් කෑගහපු යෙධා ඒ තරහෙන්ම කොල්ලො ටික දිහත් බලලා කියලා ඉවර වෙලා අත මිටමොලොලා වාහනෙ බදට ගැහුවෙ එලියට පැන්න මල ඇතුලට දාගන්න බැරි වෙන්න තරම් තරහකින්
වාහනෙ ඇතුලම කුංචනාදෙන් බීරි කරලා යෙධා පුතා දැවුන පාර කොල්ලො ටිකත් කට වහගත්තෙ යෙධාගෙ හැටි දන්න නිසා
ඊටත් වඩා මෙච්චර ඉන්න බෑ කියන්න තරම් මොකක් හෝ ලොකු හේතුවක් තියෙනවා කියන්නත් කොල්ලො ටිකට තේරුනා
ඒත්
අහෝ දුකකි ඉරක තිතකි .මේ මොන මගුලක්වත් නොතෙරුනු තාදි යෙධාගෙ සද්දෙට දුක් වෙලා සහ බය වෙලා අත් දෙකෙන් මූණ වහගත්තෙ අඩන ගමන්
යෙධාට නම් ගානක් නෑ තාදි අඩනවා කියන්න..කොල්ලො ටිකට අඩන්න එපා කියලා කියාගන්න බෑ යෙධාට ආයෙම තද වෙයි කියලා දැනුනු බයට
තාදි කදුලු පෙරන් යෙධා අහක බලන් කොල්ලො මූණට මූණ බලන් ..
සංසාරෙ ගන්දස්සාරෙ ජීවිතෙ දුකයි කිව්වෙ ඇත්ත නේන්නම්
කතාව කොහොම එන්ඩ් උනත් කතාවෙන් කතාව කොල්ලො ටික ඉන්න ඇනෙක්ස් එක ගාවට ගානට ඇවිත් ඉද්දි ගේට් එකෙන් ඇතුලට ප්‍රබෝ වාහනෙ දැම්මෙ යෙධාගෙ ඇසුත් ඇනෙක්ස් එක පුරා දුවන්න ගද්දි
________________________