Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:48

හෘද ලිලී - 56

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *පනස්පස්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

කතාව කොහොම එන්ඩ් උනත් කතාවෙන් කතාව කොල්ලො ටික ඉන්න ඇනෙක්ස් එක ගාවට ගානට ඇවිත් ඉද්දි ගේට් එකෙන් ඇතුලට ප්‍රබෝ වාහනෙ දැම්මෙ යෙධාගෙ ඇසුත් ඇනෙක්ස් එක පුරා දුවන්න ගද්දි

_____එතැන් සිට___________________


තද උනු බවත් අමතක කරලා වාහනෙ නතර කලාට පස්සෙ අඩන තාදිවත් වඩාගෙනම වාහනෙන් බැස්ස යෙධා කොල්ලො ටික බඩු මලු ටික ගත්තු පාර උන් එක්කම ඇවිදන් ඇවිත් ඇතුල් උනෙ ඇතුලට..

අවුලක් නෑ කොල්ලො ටිකට සැපට සැපේ ශපාන් එකෙ ඉන්ඩ පුලුවන් වෙන්න ඇනෙක්ස් එක ඇතුල සුපිරියට තිබ්බෙ යෙධාට තාදි එක්ක ඉන්ඩ මේ වගෙ එකක් ගන්න ඕනි කියල හිත කියනකොට

*උබලා කෑවෙ නෑ නේද? වොශ් එකක් දාන් වරෙන්කො.අර රූම් එකට පලයන් මචං*

*ඊට පස්සෙ කයියක් දාමු*

බෙල්ලෙ මුල ඔලුව ගහන් ඉන්න තාදිව වඩාගෙන ඉන්න යෙධාට යේශ් කිව්වෙ පිටට තට්ටුවක් දාන ගමන්

.. හරි බන් .ඔය ගෙනාපු මලු ඔක්කොම ඇතුලෙ උබලට කන්න ජාති තියෙන්නෙ

ඔය බෑග් එක විතරක් දීලා උබලා කාලා ඉදහල්ලකො.පැටිස් එහෙම ඇති පුලුවන් නම් පොඩ්ඩක් බැදලා අරගනින්.ඇතුලට දැම්මෙ නම් නරක් වෙන්නැති වෙන්න මොනවදො මන්දා..

යේශ්ගෙ කීමට හා කියන්න හිස වනපු යෙධා මෙහෙමත් කියලා ඇදුම් තිබුනු බෑග් එකත් උස්සන් යේශ් පෙන්නපු රූම් එකට ඇතුල් උනා...

______ 𝓐.𝓔.𝓒 

යේශ් පෙන්නපු රූම් එකට ඇතුල් වෙලා මූණ එල්ලන් ඉන්න තාදිවත් වඩාගෙනම ගිහින් වොශ් එකක් දාන් ආපු යෙධා මූණ නොරොක් කරන් ඉන්න තාදිවත් යාලු කරගෙන කොල්ලො ටික ගාවට ගියෙ කලින් කේන්තිය අමතක කරලා

ඩබල යද්දි කොල්ලො ටික නම් මල පෙරෙතයො වගෙ කෙල්ල හදපු කෑම ටිකට වග කියන්නෙ ආසාවෙන්

*හම්බෙ යකො මේකි කුස්සි අම්මෙක් වෙයි කියලා මං නම් කවදාවත් හිතුවෙ නෑ*

සාලෙට ආපු ඩබලව දැකලා මුලු කටේම කෑම පුරවන් මෙත් කියන්නෙ තාදිගෙ කෑම පට්ට රසයි කියලා ඉගි කරලා

*ඇත්ත ඈ,නියමයි..මුගෙ බොඩියෙ පවර් එකට රහසත් අපෙ චුට්ටං බට්ටිච්චි හදලා දෙන කෑම වලද දන්නැ*

මෙත්ගෙ කතාව ඉවර වෙනවත් එක්ක ප්‍රබොත් කිව්වෙ තාදි දිහා බලලා යෙධාට මනමාල හිනාවක් දාන ගමන්

හම්බේ ඉතින් මේ කතා අහලා තාදි නම් ඉන්නෙ දැන් අඩි දෙකටත් වඩා උඩින්

කොහොමත් කෙල්ලො ආසායි නෙ තමන් ගැන හොද අහන්න...

කොල්ලො ටික හදපු කෑම ටික යෙධත් තාදිත් තාදි හදපු කෑම කොල්ලො ටිකත් බඩට දාගන්න ගමන් අවුරුද්දකම තොරතුරු බෙදා හදාගන්න ගත්තෙ හරි නොඉවසිල්ලෙන් ...

_________ Eshani...

එදා රෑ ක්ශනික ගත්ත තීරණේට පස්සෙ උනු සිද්ධීන් වත ගොත ටික කියොලා කොල්ලො ටිකත් අපේ කපල් එකත් නිදාගන්න ගියෙ පාන්දර තුනත් පහු වෙලා

පහුවෙනිදා දවසෙන් භාගයක්ම ඉවරයි ඉතින් සේරමෝලා හොදට නිදන් නැගිටිද්දි

.. ඉස්සරට වඩා නම් දියුනුයි නෙ බන් මෙහෙ..


නැගිටිනු වෙලාව එකත් පහු උනත් වෙලාවට බම්බු ගහගන්න කියලා කොල්ලො ටිකත් කෙල්ලත් මේ කතා කරන්නෙ ඉස්සර දවස් වල ඇවිදින්න ආව කෙල්ලො ටෝක් කරන්න ආපු පාර්ක් එකට වෙලා


*ඔව් බන්.පට්ට පොට් දැන් තියෙන්නෙ.අර ඉස්සර ගිය සිනමන් ෆිල්ම් හෝල් එක*

*අම්මො හු| ඒක.මං පෙරෙදත් ගියා කෑල්ලක් එක්ක.ආයෙ කියන්න වචන නෑ පට්ට ඈ*

පාර්ක් එක පුරාම එහෙ මෙහෙ ඉන්න කපල් දිහා බලලා පෙරෙදා හෝල් එකට රිංගපු කෙල්ලවත් මතකෙට අරන් මෙත් කියන්නෙ පැනි පෙරලා

*හපො පිහදගනින් ඔය පැණි ටික.පෙනෙද මුගෙ ව|ලත්|තකම.දස වලත්තයා*

*ඊට කලින් සතියෙ අට වසරෙ පොඩි එකියක් එක්කත් මූ ඕක අස්සට රිංගුවා* 

මෙත්ගෙ කතාවට මෙත්ට පයින් පාරක් දෙන ගමන් කේශ් කියන්නෙ තමන් ටෝක් කරන්න පස්සෙන් ගියපු කෙල්ල එක්ක හෝල් ඇද්ද මෙත් දිහා ඉරිසියාවෙන් බලලා

.. දැන් මොකෑ තොපෙ ලව් ඉලව් නැද්ද?..

කේශ්ගෙ ඉරිසියා මූණ එක්ක යෙධා මෙහෙම අහන්නෙ ඉස්කොලේ යනකම් ලව් කරපු උන් උනෙ යේශ් කේශ් හින්දා

*ඔහෙ පලයන් උබ දන්නැනෙ යෙධා ඒ විස්තර.ඒකි මුට බූට තිබ්බා*

*මූ බීලා හතර ගාතින් වැටිලා එපා කියද්දි ගියා ඒකිව හොයාගෙන..කෑවා කෑමක් ආයෙ නැ ප|ට වැදුනා හොද පාරවල් ටිකක් ඒ පොඩි එකිගෙ තාත්තගෙන්*

යෙධාගෙ කතාවට කේශ්ව බයිට් එකට අරන් ෆුල් සීන් එක යෙධාට දිග ඇරියෙ යේශ්..

*අනෙ ඇයි තෝ හොද එකාද? මේ ප| අරකිගෙන් කෑවා සිග** බීලා අහුවෙල*

*ඒකත් මුලු පන්තියෙ මැද්දෙම.උබ නැති පාලුවට ඒ දවස් වල අපි හෙනට පිස්සු කෙළියා බන්*

මුල් ටික ජෝක් එකෙනුත් අග ටික දුකිනුත් කියලා ඉවර් කලෙ කේශ්..

*ඒවා ඉවරනෙ පහුගිය හු| වැඩ්ක් නැ.කේශ් වරෙන් යන්න ඉස්සො වඩෙ ගේන්න*

කේශ්ගෙ කතාවත් එක්ක මූණ වෙනස් වුනු තාදිව දැකලා කේශ්ගෙ හොම්බට දෙකක් අයින්නත් හිතාගෙන ප්‍රබො කේශ්ව ඇදන් කට්ටිය ගාවින් ගියෙ

යෙධා තාදිව තුරුලට අරන් ඒ හිස කිස් කරනකොට...

,,,

විනාඩියක් එක්ක පැය හතරක් පහක්ම සෙට් එකම කළේ මුලු ටවුන් එක පුරාම ඇවිද ඇවිද කියො කියො ගියපු එක

තාදිට හිතුනා තමන් ජීවත් උනු ගමට ගිහින් තමන්ගෙ ගෙදර බලන්න

ඒත් තාදිටම හිතුනා ඒක මහා ඕනෙ නැති වැඩක් කියලා..අම්මා මැරුණු තැනට ආයෙම ගිහින් හිත නරක් කරගන්න ඕනි නැනෙ

කොල්ලො ටිකත් තාදිට එහෙම කිව්වා..

ඉතින් ඒ නිසාම තාදිගෙ ගම ගාවින් ඇවිද්දා මිසක් ගම ඇතුලට තාදිලා ගියෙ නැ..

හතර වටේම ඉස්කොලේ පේන පාර පුරා ඇවිද්දා..

කොහොමත් 

යෙධාගෙ තනි මතේ එක්ක කොල්ලො ටික තීරණේ කළා හෙට යෙධාලත් එක්කම පොළොන්නරු ගිහින් කසාදෙ වැඩ එහෙදි සිද්ධ කරන්න 

තාදිත් ඉතින් යෙධා ගන්නෙ හොදට හිතලා මතලා හරි තීරණ නිසා නෑ බෑ නොකියා එක පයින් කැමති උනා

කොහොමත් මෙච්චර කල් උදව් කරපු සිතුම් අයියව අමතක කරන්නත් බෑ කියලා කෙල්ලට හිතුනා.සිතුම් නැත්නම් මෙහෙම හිනා වෙලා කෙල්ලටයි කොල්ලටයි ඉන්නත් බෑ කියලත් තාදිට තෙරුන

ඉතින් හොදම දේ මෙච්චර කල් ජීවත් උනු පරිසරේම යෙධාගෙ නමට නීතියෙන් ලියවෙන එක කියලා තාදිටත් හිතුනා

මේන් මේ කාරණා නිසාත් ආයෙ මේ පැත්තට එන්න යෙධාගෙ කිසි කැමැත්තක් නැති නිසාත් 

හවස 6.30ත් පහුවෙලා ඉරත් ටටා බායි කියලා බැහැලා ගිහිල්ලා තිබ්බ නිසාත්
කකුල් දෙකට වැදලා කොල්ලො ටිකයි කෙල්ලයි යන්න පුලුවන් ගහන්න පුලුවන් උපරිම රෝන්දෙ ගැහුවෙ නගරෙ පුරා...

ඇවිදලා ඇවිදලා මහන්සි නිසා මොනාහරි බොමුද කියලා කියලා තාදි ඇහුව පාර කොල්ලො ටිකත් හා කිව්ව නිසා ඇනෙක්ස් එකට යන එක පැත්තක තියලා 
කොල්ලොයි කෙල්ලයි පාරෙ එහා පැත්තෙ තිබුනු රෙස්ටුරන්ට් එකට යන්න පාර පයින්න හැදුවෙ බ්‍රේක් නැතිව කියොන කටවල් ටිකට බ්‍රේකුත් නොදා...

චටාස්..

________________________

ඊලග කොටසින් හම්බෙමු...