Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:47

හෘද ලිලී - 54

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *පනස්තුන්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

එක පැත්තකින් යන්න එපා කියන දේත් තව පැත්තකින් කෙල්ලගෙ ආසාවට බෑ කියන්න බැරිකමත් යෙධාට එනකොට යෙධා වැටුනෙ හරි අමාරුවක

____එතැන් සිට___________________

එදා දවස කෙල්ලගෙ චුරු චුරුවත් එක්ක ගෙවිලා ගියේ අවසානෙදි කොහොම හරි තාදි තාදිගෙ ළග තියෙන මායම් 64ම දාලා ගමන යන්න යෙධාව කැමති කරගෙන..

වෙනදට කම්මැලිකමේ ඇහැරෙන කෙල්ල අද වෙනදටත් කලින් ඇහැරිලා දන්න දන්න විදිහට කෑම ටිකක් හදන්නෙ යේශ් කේශ් ප්‍රබො මෙත් කියන අපේ කොල්ලො ටිකව බලන්න යන්න.

.. බෑග් ටික ලෑස්ති කළා වස්තු.උබට යන්නම ඕනිද බන්?..

තාදිගෙ කීමට කැමති උනා මිසක් ආයෙ දමලා ගහලා ආපු ගමට යන්න තියෙන අකමැත්තට යෙධා මේ අහන්නෙ පැටිස් හදලා බදින ගමන් ඉන්න කෙල්ලගෙන්..

" මොකද්ද අනේ ඔයාට ඕනි නැද්ද ඔයාගෙ යාලුවො බලන්න ම්ම්.අනික නන්දන අයියත් ඔයාට සතියකටම නිමාඩුත් දුන්න එකෙ ප්‍රශ්න්‍රකුත් නැනෙ බබා

ප්ලීස් යාග් යං හොදද තව චූට්ටයි..එකොලහ වෙද්දි අපිට යන්න පුලුවන් "

තෙලෙ බැදුනු පැටිස් ටික අයින් කරන ගමන් තමන්ගෙ ඉනවටා අත් යවලා බෙල්ලෙ මූණ ගහන් ඉන්න කොල්ලට කිව්වෙ කෙල්ල ආදරෙන්.

යෙධා..ගෙවුනු අවුරුද්දට ලී මෝලෙ වැඩට ගිය හින්දා ශරීරෙ පාට අඩු උනත් ඇග පිරිපුන් වෙලා වවපු රැවුලට පින් සිද්ද වෙන්න කඩවසම් වෙලා තිබ්බෙ gym නොගියත් ඒ ඇගත් ගානට හැදිලා ඇවිල්ලා තියෙද්දි

"හප්පේ මේකට මගෙම ඇස්වහ වදීද මන්දා" හුගක් වෙලාවට යෙධාගෙ කඩවසම් බව රස විදින තාදි මුමුණන්නෙ කොල්ලගෙ බෙල්ල බදාගෙන කොල්ලව ඉබින ගමන්..

අවුරුද්දක් කියන්නෙ ලේසි පහසු කාලයක් නෙමෙයි..ගෙවා දමපු අවුරුද්දට තාදිත් යෙධාත් මහ ලොකු මිනිස්සු වගේ නොබැන්දත් දෙන්නා අතර සමගිය පවත්තන් ගියෙ හරි ආදරෙන්

ඉස්සර වගෙ එකට එක කියන් ගියෙ නෑ.තරහා වෙලා පළි ගන්න ගියෙ නැ

පොඩි උනත් දෙන්නගෙන් වෙන්න ඕන කරන හැම යුතුකමක්ම දෙන්නට දෙන්නා ඉටු කරන ගමන් හිටියා

ඉතින් ඒ නිසාමද මන්දා මෙච්චර ලස්සනට ගෙවුනු 
ජීවිත පරිසරයෙන් 
මිදිලා කොල්ලා ආපහු තමනුත් කෙල්ලත් දාලා ආපු ඒ පරිසරෙට යන්න අකමැති..

කොහොමින් කොහොම උනත් කෙල්ලගෙ ආසාව හින්දත් යාලුවො ටික බලන්න ආසාවක් තියෙන හින්දත් හිතට දැනෙන මූසල ගතිය අමතක කරලා කොල්ලා කෙල්ලවත් බදාගෙනම කෙල්ල හදපු පැටිසක් කටේ දාගත්තෙ තව ටිකකින් කෙල්ලගෙ වැඩ ඉවර උනාම කෙල්ලත් එක්ක ලෑස්ති වෙලා දොළහට තියෙන බස් එකෙ මග ඇරලා ආපු ගම් පළාතට ආයෙම යන්න...

______ ....eshani,,,

වෙලාව හෙමි හෙමින් ගත වෙලා ගිහින් කෙල්ලගෙ වැඩ ඉවර උනාට පස්සෙ කෙල්ලයි කොල්ලයි දෙන්නම හෙමි හෙමින්ම ලෑස්ති වෙලා එලියට බැස්සෙ සිතුම්ට කතා කරලා එයාගෙ වීල් එකෙන් ටවුන් එකට යන්න 

යෙධා..යෙධා ඇදන් උන්නෙ කලු පාට ශර්ට් එකකට දුඹුරු පාට කලිසමක්..

තාදි...තාදි ඇදන් උන්නෙ කොල්ලට ගැලපෙන විදිහට කලු පාට ගවුමෙ ඉනට යටින් පැත්තකින් දුඹුරු පාට මල් වැලක් ගියපු දනිස්සට කොට ගවුමක්..

මේ ගවුම නම් කෙල්ලට අරන් දුන්නෙ කොල්ලා කෙල්ලගෙ උපන්දිනේට..

ඉස්සර නහරකාරයෙක්.හැබැයි කෙල්ලට තියෙන ආදරේ නිසාමද මන්දා වගකීම් කරට අරන් ගමේම මිනිස්සුන්ගෙ හිත දිනාගෙන සමගියෙන් ඉන්න හොද කොලුවෙක් දැන් යෙධා කියන්නෙ

මෙහෙ ජීවත් වෙන්න ආපු දවසෙ පටන්ම තාමත් එක විදිහටම ලෙංගතුකමින් ඉන්න සිතුම් එයාගෙ වීල් එකත් අරගෙන කෙල්ලවයි කොල්ලවයි ටවුමට ගිහින් දාන්න ආවහම

බෑග් මලු තුනත් වීල් එකෙන් දාලා යෙධා නැග්ගෙ වීල් එකට කෙල්ලවත් පරිස්සමෙන් නග්ගලා

*උබලා සතියක් විතර ඉන්නවද මල්ලි*

සිතුම් අහන්නෙ වීල් එක එලවන ගමන්

.. ඔව් අයියෙ,කොල්ලො ටිකව හම්බෙන්නෙ සෑහෙන කාලෙකින්නෙ

නිමාඩුවත් හම්බුනු නිසා සතියම ඉන්න බැලුවෙ .මෙයාටත් ඔනිලුනෙ ඉන්න..

කොල්ලා කිව්වෙ තමන් ගාවටම වෙලා වීල් එකෙන් එලිය බලන් ඉන්න කෙල්ල දිහත් බලලා

*හරි හරි පරිස්සමෙන් වරෙල්ලා දෙන්නම ගිහින්,එන දවසට කියහන් මං එන්නම් උබලව ගන්න ටවුන් එකට*

කවදත් නෑ බෑ නොකියා උදව් කරන සිතුම් හිනාවෙලා එහෙම කියලා ඉවර වෙද්දි සිතුම්ට ස්තූති කරලා හා අයියෙ කිව්වායෙධා තාදිගෙ වම් අත තමන්ගෙ දකුනු අතට හිර කරන් එලිය බලාගත්තෙ තාමත් යන්න බෑ කියන සිතුවිල්ලෙන්

____,,

විනාඩියක් දෙකක් එක්ක පැය භාගයක් විතර යද්දි සිතුම්ට පින් සිද්ද වෙන්න කෙල්ලයි කොල්ලයි ටවුන් එකට ඇවිත් බස් එකට නැග්ගෙ සිතුම්ටත් සමුදීලා

සෙනග ටිකක් හිටියත් වාසනාවකට වගෙ කෙල්ලටයි කොල්ලටයි ඉදගන්නත් තිබ්බ හින්දා බෑග් මලු ටිකත් සීට් එක උඩින් දාලා කෙල්ලව ජනේලෙ පැත්තටත් කොල්ලා කෙල්ලට එහාහිනුත් ඉදගත්තෙ දෙකෙ සීට් එකක් හින්දා ගමනාන්තෙ වෙනකම්ම නිදහසෙ යන්න පුලුවන් කියලා හිතන ගමන්..

.. වස්තූ,නිදාගන්නවා නම් නිදාගන්න.හුගක් දුරයිනෙ..

බස් එකත් ස්ටාට් කරලා යන්න පටන් අරන් කොන්දොස්තරට සල්ලි දුන්නට පස්සෙ යෙධා කිව්වෙ තමන්ගෙ අත්වල අත් දෙක පටලන් ජනේලෙන් එලිය බලන් ඉන්න තාදිට

" තව චුට්ටකින් හොදේ,ඔයා දෝගන්නකො යාග්,මහන්සිනෙ ඔයාට මං හින්දා ඔයාට නිමාඩු දවසෙ නිදහසෙ ඉන්නත් නෑ නේද?"

යෙධාගෙ කලින්ටත් වඩා රලු උනු අත්ල පිරිමදින ගමන් කෙල්ල කිව්වෙ ගමන යන්න කරදර කරපු එකට ලාවට දැනෙන දුකින්


.. පිස්සු ගෑනි,උබ ලග ඉන්නවා නම් මට කොහෙද බන් මහන්සියක් ම්ම්

මගෙ වස්තුව තුරුලු කරන් අපායට උනත් යන්න මං එනවනෙ..

දුකින් බලා ඉන්න කෙල්ලගෙ නලල කිස් කරන ගමන් මෙහෙම කියලා ඒ කම්බුල් දෙකත් මිරිකලා කෙල්ලව අත් දෙකෙන්ම බදාගන්න ගමන් කොල්ලත් කෙල්ල එක්කම ජනේලෙන් එලිය බලාගත්තෙ බස් එක යන්න යන්න ටිකින් ටික වැඩිවෙන අමුතුම දුකට බයෙන්...

_____________________