Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 07 2026 @ 12:15

අහංකාර වලව් හාමිනේ - 3

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *හතරවන කොටස (04)*

පෙර කොටසින්,,,,

" අනේ ප්ලීස් අප්පච්චී,අනෙ මට ගහන්න නම් එපා.ඔයා කියන ඕන දෙයක් කරන්නම් අප්පච්චී" 

______එතැන් සිට_________________

" ප්ලීස් අප්පච්චි ප්ලීස්

හහ් මහලොකු දොන් පියස් නිළමේ තමුසෙ හිතුවද මං තමුසෙ ගාව ඔහොම වැද වැටෙයි කියලා"

මොණර පිලක් වගෙ තිබුනු කොණ්ඩ පිල කොන්දෙ මැද්ද තෙක් කපා දාලා සංකර විදිහට සකස් කරපු කොණ්ඩ රැල්ලක් උල් නියපොතු සහිත දබරැගිල්ලෙන් වට දෙක තුනක් කරකන ගමන් අහිලි මහා සද්දෙට හිනා උනේ මහ නිළමෙට සමච්චලෙන් 

අහිලි අමායානා...මීට අවුරුදු හතරකට කලින් මහ නිළමෙගෙ යහලුවෙක් උනු මුදියන්සෙ නිළමෙගෙ ගෙදෙට්ට පටවලා ඇරියෙ අහිලි කොයිවෙලෙත් මහ නිළමෙ එක්ක දබරෙට යන හින්දා

මහ නිළමේ..

වලව් මාන්නෙ කර පින්නුවත් ගෑනුන්ගෙ ගෙට රිංගන්නෙ වලව් මාන්නෙ පු* අස්සෙ ගහන් 

කරොලිනා මහ මැණිකෙ ඒ කාලෙ ඉදන්ම මහ නිළමෙගෙ හැටි දැන දැනත් වචනයක්වත් පිට නොකළේ වලව්වල ගෑනු ඉන්නෙ පිරිමින්ගෙ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්නත් ළමයි වදලා උන්ව පෝෂණේ කරන්නත් කියන මතේ මහ නිළමෙගෙ මුලු ඔලු ගෙඩිය පුරා විතරක් නෙමෙයි ඕනම වලව්වක මුල් බැහැලා තිබ්බ කරුණක් උනු නිසා 

කොහොමත් මහ නිළමේ නහරකාරයා..පෙනුමම උනත් ඇති බයේ ගැහිලා මුත්‍රා පිටවෙන්න.

ඉතින් කවුරුවත්ම මහ නිළමෙට සද්ද දාන්න මේ ලෝකෙ හිටියෙ නෑ..

ඒ ඉතින් 
අහිලි අමායානා ලොකු හාමිනෙ ඉපදිලා අවුරුදු පහ හයක් යනකම් විතරයි.

ටිකින් ටික තේරුම් බේරුම් කාලෙට එනකොට මුලු වලව් පරම්පරාවම කණපිට ගහන්න උපන් එකා යකා කියන දෝණියැන්දා උනෙ අහිලි..

කරන්න එපා කියන්නෙ මොකද්ද අහිලිගෙ තියරිය උනෙ ඒ එපා කියන දේ කරන්න කියන එක

නොසෑහෙන්න ගුටි කාලා ඇති.පරණ කාලෙ තිබ්බ දඩුකදේට ඉදන් අහුවෙලා ඇති 

කදේ බැයි නම් වැවේ ගිල්ලලා ගලේ ගහලා ගත්තත් කිසිම කෙනෙක්ට අහිලිව පාලනේ කරන්න බැරි උනෙ අහිලිගෙ ගති ගුණ එහෙන් පිටින්ම මහ නිළමෙට වඩා හපන්ව ගිහින් තිබ්බ නිසා 

*අහිලි කට වහන් පලයන් ගේ ඇතුළට,උබ මට කියලා ඔය හොක්ක තලාගන්න එපා*

*උබ හිතනවා නම් දෝනියන්දො අර ළමයට ගහලා උබ දිණුවයි කියලා අන්න එතනයි උබට වැරදුනෙ*

*ලෑස්ති වෙයන් මං උබව පෝසතෙක්ට බැයි නම් හිගන්නෙක්ට හරි බන්දලා දීලා මෙහෙන් පිටමං කරනවා* 

අතේ තිබ්බ බස්තම දණිස් පොල් කටු පේන්න ක්‍රීම් පාට ටයිට් ගවුමක් ඇදන් උන්නු අහිලි දිහාවට දිග් කරලා මහ නිළමේ කෑගැහුවෙ මේකිව සිදාදි යවලත් හදලා ගන්න බැරි උනානෙ කියන තරහින් 

" හහ් මාව යවන්ඩ මෙහෙන්.හපොයි නිළමෙ තුමා ඒවා නම් ඉතින් ඔයැයිගෙ හදේ තමයි ඕං

මං මෙහෙ ලොකු හාමිනෙ.හාමිනෙත් නෙමෙ ගමේ එකාලා කියනවා වගෙ මං ලොකු කුමාරිහාමි..

මට නැත්නම් මේ ගෙදර මං උබලට ඉන්ඩ තියන්නෙත් නෑ බොලව්.

තියනවා තො|පි ඔක්කොම පණ පිටින්ම පිච්චිලා අලුවෙලා යන්ඩ

ආසා ඇති මාව යවලා හොර ගෑනුන්ගෙ ළමයින්ට මේ ඉඩ කඩම් දෙන්න

මතක තියාගනින් අප්පච්චී,මේවා මට නැත්නම් කාටවත් නෑ

මැරුණත් මං යන්නැ මේවා දාලා.හිතාන ඉන්නවා නම් බන්දලා පිටමං කරන්න මං කැමති මිනිහෙක් බැදලා මං ඌවත් අරන් එනවා මේ ගෙදෙට්ට

අඩුම මේවා මේ සුදු හාමිනේටවත් දෙන්නෑ " 

මහ නිළමෙගෙ වචන ටිකට යකා ඩබල් උනු ලොකු කුමාරිහාමි පය පොළොවෙ ගගහා මහ සද්දෙන් කෑගැහුව පාර අහිලිගෙ වචන ඉස්සරහා තත්පර ගානකට 
මහ නිළමෙත් මහ මැණිකෙත් සුදු හාමිනෙත් අහිලිගෙ කටේ සද්දෙට පින් සිද්ද වෙන්න වලව් වත්තෙ මායිමෙන් එබිලා උන්නු කුසුම්, ඉදුවර ඇතුළු ගමේ එකාලාත් ගොලු වෙලා ගියේ සේරොමලගෙ ඇස් ගෙඩි ටික දොඹ ගෙඩි සයිස් වෙනකොට 

*ලො..කු..හා...මි..නේ*

තමන්ගෙ දුවගෙන් මේ තරම් දරුණු වචන ටිකක් කන් බෙර අස්සට රිංගලා තත්පර ගානකට පස්සෙ කරොලිනා මැණිකෙ තමන්ගෙ කටහඩ අවදි කළේ වෙව්ලන ගමන්

සංකර විදිහට ඇද පැළදලා එක අතකින් සූට්කේස් එකත් අල්ලන් ඉන්න අහිලි නම් කට්ටියගෙ මූණු දැකලා හිනා වෙන්නෙ කට කොණින්..

මහ නිළමෙට පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද?

තේරෙන වයසෙ ඉදන් නාහෙට නාහන ගති තිබ්බ අහිලි හැමෝම එක්ක කට ගහන් යන්නෙ මුලු පවුලෙන්ම දුරස් වෙලා 

*මගෙ පුතෙ මොනාද මේ කියන්නෙ*

අවුරුදු හතරකට කලින් තිබ්බ ගිනි ගහන ඇස් වලට වඩා දැන් ගිනි ගහන ඇස්වල තියෙන සැර අධිකකම දරාගන්න බැරුව කරොලිනා මැණිකෙ ආයෙම කටහඩ අවදි කළේ අහිලිගෙ සද්දෙට බයේ ගැහෙන සුදු හාමිනේගෙත් අතින් අල්ලන්  

" අනෙ අම්මා මේ,හැමෝම එක්ක එකතු වෙලා මාව යවලා සතුටින් පවුල් කන්න නම් හිතන්න එපා 

කොහොමත් ඔයාලා හැමෝටම ලොකු සුදු හාමිනේව මිසක් මාව නෙමෙයිනෙ

මගෙ බල්ලටවත් ඕන්නැ තමුන්ලගෙ ආදරේ නම්.මට කියන්න තියෙන්නෙ මගෙ ලයිෆ් එකට ඇගිලි ගහන්න එපා කියන එක විතරයි 

ඔයාගෙ හස්බන්ඩ්ට කියන්න අම්මා පාඩුවෙ ඉන්න කියලා.හොර ගෑනු එක්ක බැයි නම් පිරිමි එක්ක බු* මට මොකද?

ඔයාටත් ඉතින් මෙයා මොකා එක්ක වේ* ගිහින් ආවාත් ගෙට ගන්නෙ නාවලනෙ

අපි යන පාරකවත් යන්න බැරි පහත් උන්ට මේවා නම් දෙන්ඩ මං ඉඩ තියන්නැ

මේ වලව්ව මං නංගිටවත් දෙන්නැ.මේක මගෙ එච්චරයි හොදින් බැයි නම් නරකින් හරි මං මට ඕනි දේවල් ගන්නවා

ගන්න බැයි නම් මොකාටවත් ගන්න බැරි වෙන්න විනාස කරනවා

මට බඩගිනී කෑම මගෙ රූම් එකට එවන්න.ඕන මගුලක් ඔයාලා කරගන්න මට disturb නොකර "

කාටවත්ම වචනයක්වත් කියන්න ඉඩ නොතියා වක්කඩ ඇරියා වගෙ කියවන් ගිහින් වලව්වෙ හැමෝටම ගස්සගෙන වලව්ව ඇතුළට අහිලි ගියෙ සූට්කේස් එකත් බිම දිගෙ ඇදගෙන...

_______________________

ඊයෙ ලැබුණු වැඩට සිරිපාල මාමගෙ වාහනේ හදන්න උදේ හයට මං එළියට බැහැලා ගියෙ වලව් මායිමෙන් දකුණට වෙන්න තිබ්බ සිරිපාල මාමගෙ ගෙදෙට්ට..

වාහනේ ලෙඩෙ හොයාගෙන පැයක් වාහනෙ හද හදා ඉන්න ඇති වලව් වත්තෙන් ඇහුණු මහ නිළමෙගෙ ගාම්භීර සද්දෙටත් 
ඒ එක්කම නැගුණු මහ නිළමෙගෙ හඩට වඩා වැඩි සද්දෙකින් කතා කරන ගැහැනු ළමයෙක්ගෙ අහංකාර නමුත් ගාම්භීර කටහඩටත් සිරිපාල මාමාත් එක්කම මං වලව් වත්තෙ මායිමට ගියෙ ඇස් වලට දඩිබිඩි ගාලා වලව් මායිමට දුවන් එන ගම්මු දිහත් බලන් 

දනිස්සට උඩින් තිබුනු ක්‍රීම් පාට සංකර ඇදුම.
සංකර විදිහටම පිට මැද්දට තිබුණු කොණ්ඩෙ කඩා දාලා ක්‍රීම් පාටම සමනල් කොණ්ඩ කට්ට.. සංකර උනත් හිත් ඇදලා යන්න තරම් ලස්සනක් එක්ක වලව් මිදුලෙ හිටියෙ 

මීට අවුරුදු ගානකට කලින් ජීවිතෙටම එක පාරක් දැකලා බැනුමුත් ඇහුව සුදු හාමිනෙගෙ මූණු හැඩරුවම තිබ්බ මේ අවුරුදු ගානට නොසෑහෙන්න රූපෙන් වෙනස් උනු අහිලි අමායානා ලොකු කුමාරිහාමි..

*හප්පට බොල මේ ලොකු කුමාරිහාමි නේද?*

සිරිපාල මාමා ඇස් කටේ දාන් වගේ නිළනෙගෙත් කුමාරිහාමිගෙත් කතා බහට ඇහුම්කන් දෙන ගමන් මාත් එක්ක කිව්වෙ සුදු හාමිනෙගෙ ලගින් තියන්නවත් බැරි වෙන්න වෙනස් උනු ලොකු කුමාරිහාමිව අදුන ගත්තු සැනින්

*හප්පෙ බන්.හිටියටත් වඩා නපුරු ගෑනියෙක් වෙලානෙ*

*මහා නිළමෙගෙ අප්පොච්චාගෙ ආයෙ උපතද දන්නැ*

*උන් වහන්සෙත් මොකාටවත් හිස නමන එකෙක් නෙමෙයි.තමන්ගෙම අයිය තමන් කැමති කෙල්ලව දීග ගියා කියලා දෙන්නවම මැ|රු|ව යි කියලා ඉස්සර කට කතාවකුත් ගියා*

 ලොකු කුමාරිහාමි වලව්ව ඇතුළට ගියාට පස්සෙ සිරිපාල මාමා කිව්වෙ පපුවටත් අතක් තියන්

මෙච්චර නපුරුකමක්..මහ නිළමෙත් පරාදයි නෙව
අනේ අහිංසක සුදු හාමිනේ බයෙ ගැහෙනවා 

සිරිපාල මාමගෙ කතා බහටත් ඇහුම්කන් දෙන ගමන් මගෙ හිතත් එක්ක මං කියොගත්තෙ රූපෙ සුදු හාමිනේටත් වඩා ලස්සන උනත් සිතුවිලි යකින්නකගෙ වගෙ නිසා..

මොනා උනත් සුදු හාමිනේට දැන් පරිස්සම් වෙලා ඉන්ඩ තියෙන්නෙ

යකින්නි වගෙ සුදු හාමිනෙගෙ බොටුවට ලොකු කුමාරිහාමි කඩාගෙන පයින්නත් බැරි කමක් නැ

මගෙ ගෑනි වගෙ උනා නම් ආදරෙන් හරි හදලා ගන්ඩ තිබ්බා ලොකු කුමාරිහාමිව 

හහ්.කට වහගනින් ඉදුවරයො ලොකු කුමාරිහාමි උබ හිතන ඒවා දන්නවා නම් සුදු හාමිනෙගෙ කෙසෙ වෙතත් උබෙ බොටුව කඩාගෙන ලේ බොයි..

යුධ පිටියකට පස්සෙ විනාඩි ගානක් ගෙවිලා ගිහින් වලව් වත්ත හ්ම්වත් සද්දයක් නැති වෙන්න නිහඩ වෙනකොට 

සිරිපාල මාමවත් අඩගහගෙන අපෙ අම්මටත් යනවා කියාගෙන මං ආයෙම ආවෙ සිරිපාල මාමගෙ මදුරුවා හදන්න සිරිපාල මාමගෙ ගෙදෙට්ට..

________________________

ඉදුවරව ලොක් කුමාරිහාමිව දෙන්නද?

සුදු හාමිනේට දෙන්නද?