_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *තෙවන කොටස (03)*
පෙර කොටසින්,,,
හිතෙ ඇදුනු උද්ධච්ච නැට්ටිච්චිව ඇස් දෙකට මුලින්ම බලා ගන්න හිතාගෙන සුදු හාමිනේ දිහත් එක පාරක් බලලා මං පිටිපස්ස හැරුනෙ වයසින් වැඩිමල් උනත් තරාතිරම් එක්ක වලව්වෙ ඇත්තන්ට පෙන්නන්න ඕන කරන බයාදුකම ඇස් වල තියන්
_____එතැන් සිට___________________
ඔලුවත් ඩිංගිත්තක් නමාගෙන ඇස් වල තැවරුනු බයාදු බැල්මත් එක්ක මං මගෙ ඇස් පහළට අරන් ගියේ ලොකු කුමාරිහාමිගෙ දේහෙ දිහා බලන්න
තද රතු මුහුණ,හීනියට රැලි වෙලා තියෙන ඇහිබැම,ඊට යටින් දිගු ඇස් පිහාටු එක්කලා තියෙන ගිනි ගහන ඇස් දෙක
සුදු හාමිනෙ මගේ ඉනට යාවෙන උසක උන්නත් මගෙ බඩ මැද්දට යාවෙන උසකින් උන්නු ලොකු කුමාරිහාමි දිහා මං හොදට බැලුවේ
*යකින්නකට පුලුවන් ද මනුස්ස වෙස් අරන් පොළොවෙ පය ගහලා ඉන්න* කියන දේ සනාත කරගන්න හිතාන
රූප සම්පත්තිය සුදු හාමිනේටත් වඩා තිබ්බට මොකද ? මූණෙ තියෙන සිරියාව රුසියාව දිහාවට පියඹලා ගිහින් තිබ්බෙ හිතෙ තියෙන දුෂ්ටකමට ද කොහෙද?
අත් දෙක පිටිපස්සට බැදන් අගල් ගානක් උස මගෙ දිහා අඩියක විතරක ඈතින් ඉදන් බලා ඉදපු ලොකු කුමාරිහාමිගෙ මුහුණ දැක්කාම මට හිතුනෙ ඔහොම
අගලක්වත් වෙනස් නොකර කැකෑරෙන කේන්තිය මුලු මුහුණෙන්ම පිට කරන ගමන් පිරිමියෙක්ගෙ වගේ තේජසකින් ලා රතු උඩු තොලත් තද රතු යටි තොලත් අස්සෙන් මට රැව්ව ලොකු කුමාරිහාමි
" සුදු හාමිනේ උබ මොකා කියල හිතාගෙනද මේ කොහෙවත් යන උන් එක්ක රෝන්දෙ යන්නෙ
ඈ ය|කෝ තිට අමතකද උබ බෙරලිගල්ල වලව්වෙ පොඩි හාමිනෙ කියන්න
පලයන් අමා මගෙන් පාරක් නොකා විජහට ගෙදෙට්ට
එතකොට තමුන්.ආතක් පාතක් නැති පාංකඩයන්ට පුලුවන් ද බොල වලව්වෙ උන් එක්ක එක මගකවත් යන්න
ඕන තරම් මේ ගම් තුලානේ ඉන්නෙ පාංකඩියො.උන්ගෙ අතින් අල්ලන් ඕන දිහාක පලයන්කො" කියලා කිව්වෙ
ඇස් දෙකටම හරි යන වක්කඩේ වතුර ඇරියා වගෙ හැ|ක|ර කටකින්.
__,,,,,
පනිට්ටුවෙන් වතුර ඇදලා නාගෙන කරගෙන ලොකු කුමාරිහාමිව දැක්ක පලවෙනි වගෙම අවසාන වතාවින් මිදුණු මං වැලෙන් අරගත්තු සරමත් කමිසෙත් ඇගට දාගෙන ගෙයි ඉස්සරහට ඇදුනෙ
තුවා පටින් ඔලුව පිහදන ගමන්
*සුදු පුතෙ ආ මේ තේ කෝප්පෙ ගනින්*
ගෙයි ඉස්සරහට ළං වෙනවත් එක්කම ගෙයි දොරකඩින් එබුනු අපෙ අම්මා මගෙ අතට උණු උණුවෙම තේ කොප්පයක් දුන්නෙ මෙහෙම කියන ගමන්
.. සුදු හාමිනේ හෙට ඉදන් ගමේ රෝන්දෙ ගහලා නම් ඉවරයි නේද?..
ගෙයි ඉස්සරහා සියඹලා ගහ යට තිබ්බ බංකු පොඩිත්තට වෙලා අපෙ අම්මගෙ තේ කහට රස විදින ගමන් ඉන්න සුදු හාමිනේගෙන් මං ඇහුවෙ හෙට ඉදන් මේ ගමට වඩින යක්ස පරානේගෙ ගිනි ඇස් දෙක
එක්ක වක්කඩ කට මතක් වෙලා
*අනේ ඉස්සර බය උනාට මං නම් දැන් අක්කට බය නෑ.කොහොමත් අපෙ අප්පච්චි අක්කා වලව්වට ආවට පස්සෙ අක්කට දොරකඩින් එලියටවත් බහින්න ඉඩ තියන්නෙ නැ*
*ඒ නිසා ඉදු අයියාවයි කුසුම් අම්මවයි බලන්න මං අනිවාරෙන් එනවා*
සුදු හාමිනෙ දිගු ඇස් පිහාටුතියෙන ඇස් වලින් කෝළම් කරකරා මට උත්තර බැන්දේ අපෙ අම්මගෙ තේක බොන ගමන්..
___,,,,
සුදු හාමිනේ මා එක්කත් කතාවට වැටිලා අපේ ගෙයින් එලියට බැස්සෙ හවස හයත් පහු වෙලා අපෙ අම්මා රෑට තම්බපු ඉදිආප්පත් කාලා
වලව් වත්තයි අපේ ගෙදරයි වෙන් වෙලා තිබ්බෙ වලව් එක වංගුවකින් හින්දා රෑ බෝ උනත් සුදු හාමිනේට වලව්වට යන එක බය වෙන්න කාරණයක් උනෙ නැ
කොහොමත් මේ ගම් තුලානෙ සුදු හාමිනේට අත තියන්න එකෙක්වත් නෑ
සුදු හාමිනේ එක්ක වචනයක් හරි කියවන්න මහ නිළමෙගෙන් අවසර තියෙන එකම කොලු පරානෙත් මං උනු හින්දා දුර තියා සුදු හාමිනේ දිහා බැලුවත් හුස්ම වාටෙන මායිමකටවත් එන්න ගමෙ කොල්ලො කුරුට්ටන්ට නම් දකින්න වෙන්නෙ දවල් හීන ඉතින්
හෙට උදේ සිරිපාල මාමගෙ මදුරු බයිසිකලේ හදන්න තියෙන නිසා අපෙ අම්මගෙ රහම රහ ඉදි ආප්ප කටට දාගෙන මං ඇවිත් වැටුනෙ හොදට නිදාගන්න.
ඒත් නින්ද බොහො ඈතයි කියලා කාලෙකට පස්සෙ අපෙ අම්මගෙයි සුදු හාමිනෙගෙයි කතාවත් එක්ක මතකෙට ආපු ලොකු කුමාරිහාමිගෙ ගිනි ගහන ඇස් දෙක මගෙ ඇස් අස්සට මැවි මැවි පේන්නෙ මගෙ නින්ද නැති කරගෙන
මොනා නැතත් දැන් නම් ලොකු කුමාරිහාමි හොද ගැහැණු ළමයෙක් වගෙ හැදිලා ඇති
කොළඹ වගෙ නගරෙක අවුරුදු ගානක් හිටියා කියන්නෙ ගමේ තිබ්බ සම්ප්‍රදායිකකම් හිතන්නත් කලින් දූරින් භූත වෙලා යනවා කියන එකනෙ
එදා වයස 16ට තිබුනු කලු ඇස් වලින් ගිනි පිටවුනා වගෙ කේන්ති ගියාම දැන් තියෙන්නෙ සුදු හාම්නෙගෙ වගෙ හරි අහිංසක ඉගිබිගි පාන ඇස් දෙකක්ද දන්නෑ..
ආහ්.එකත් එකට මට මොකටද ලොකු කුමාරිහාමි පොඩි යක්සනීගෙන් ලොකු යක්සනී උනත්
වයසවත් නොබලා එදා කෑගෑහුවෙ මහ නිළමෙගෙම අනුරුව අරන්
හෙට වලව් වත්ත රතිඤ්ඤා කරල් පිපිරෙන සැණකෙළියක් වගෙ තියෙවි හැබැයි ..
ආයෙ මං මොකටද මේ හීනෙන්වත් හිතන්න හොද නැති වලව් වත්ත ගැන මතක් කරන්නෙ
අපෙ අම්මයි සුදු හාමිනෙයි තමා ඕපදූප කතා කියලා මාවත් ඇවිස්සුවේ
පපුවෙ වැවුනු කලු රෝම ගස් අස්සෙ ඇගිලි තුඩු යවමින් අනම් මනම් හිතන එක නතර කරපු මං එහා පැත්තෙන් තිබුනු ඇග පොරවන රෙද්දත් ඔලුවෙ හිටන් පෙරවන් ඇස් පියාගත්තෙ
වැඩකඩ නැති ඕපදූප කතා ගැන හිතලා නිදාගන්න තියෙන වෙලාවත් නාස්ති කරගත්තට මටම දොස් කියන ගමන්
_______________________
බෙරලිගල්ල ග්‍රාමයට කුකුළා හඩලලා හෝරා කිහිපයක්ම ගෙවිලා ගිහින් තිබුණෙ ගමේ ජීවත් වෙන මිනිස්සු තම තමන්ගෙ සුපුරුදු රාජකාරින්ට යොමු වෙලා
බෙරලිගල්ල වලව් වත්ත..
අවුරුදු හතරක් තිස්සෙ සාමකාමීව තිබුණු වලව් වත්ත අද උදෙන්ම එහෙන් පිටින්ම කණපිට හරවලා
ගිහින් තිබ්බෙ ගිනි ගහන ඇස් දෙකකට පින් සිද්ද වෙන්න..
වෙනදට අලුයමට හඩලන කුකුළ් සද්දෙට ඇහැරෙන වලව්වෙ ඈයො අද ඇහැරුනෙ අවුරුදු හතරකට කලියෙන් ගමින් පිටමං කරපු ඝන්ඨාර හඩකට හරි යන්න.
වලව්වෙ දොරකඩට වෙලා දොන් පියස් මහ නිළමෙ කේන්තියෙන් පරල වෙන ගමන් වලව් මිදුලෙ ඇස් තියන් ඉන්නෙ මහ නිළමෙගෙ පැත්තකින් කරොලිනා මහ මැණිකෙත් මහ මැණිකෙගෙ පිටිපස්සෙන් සුදු හාමිනෙත් බයේ ගැහෙන ගමන් ඉන්නකොටම
*ඈ බොල ලොකු හාමිනෙ උබේ ඔය කටේ සද්දෙ මහා වීරකමක් කරලා ආයෙම වලව්වට ආවා කියලද?*
තත්පර ගානක ඉවසුම යන්ඩ ඇරලා මහ නිළමේ මුලු වලව්වම දෙදරලා අරින ගමන් කටහඩ අවදි කළේ
වලව් දොරකඩ උන්නු මහ මැණිකෙත් සුදු හාමිනෙත් ගැස්සිලා යන්ඩ
" හහ් ඇයි මහ නිළමෙට රිදෙනවද මං අරූට ගහපු එකට.අම්මපා මේ රටේ නීතියක් නැත්නම් මං ඔය ප*ඩ*ත්*ත*ර*ය*ව ම|ර|ලා දානවා ගහලා විතරක් නතර වෙන්නෑ
ඌ කොහොමද මාව බදින්න හිතුවෙවත් "
මිදුලට වෙලා සූට්කේස් එකත් පැත්තකින් තියන් ගිනි ගහන අළු පාටත් කහ පාටත් මිශ්‍ර උනු ඇස් එක්ක අහිලි අමායානා හෙවත් ලොකු කුමාරිහාමි මහ නිළමෙගෙ සද්දෙටත් වඩා දෙගුණ සද්දෙකින් කෑගැහුවේ දත් මිටි කාන් අත මිට මොලවන්
*හහ් පෙනෙද මේකිගෙ කට,උබ ඔය කාට කතා කරනවා කියලා හිතන්ද ලොකු හාමිනෙ කතා කරන්නෙ*
*දැනගනින් මං උබෙ ඔය කට කඩලා දානවා*
අහිලිගෙ කටේ සද්දෙට හිතෙ කේන්තිය අසූහාරදාහට නැග්ග මහ නිළමේ බස්තමත් එක අතකින් අරගෙන වලව්වෙ දොරකඩෙන් පඩියක් බිමට බැස්සෙ අහිලි දිහාම බලාගෙන
" අනේ ප්ලීස් අප්පච්චී,අනෙ මට ගහන්න නම් එපා.ඔයා කියන ඕන දෙයක් කරන්නම් අප්පච්චී"
_______________________
ඉතුරුවා හෙට..ටටා බායි...
Coment තියෙ නම් දාන් යන්න.