_____•• ** ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *පස්වන කොටස (05)*
පෙර කොටසින්,,,,
සිරිපාල මාමවත් අඩගහගෙන අපෙ අම්මටත් යනවා කියාගෙන මං ආයෙම ආවෙ සිරිපාල මාමගෙ මදුරුවා හදන්න සිරිපාල මාමගෙ ගෙදෙට්ට..
____එතැන් සිට____________________
සුමාන දෙකක්ම සුපුරුදු ජීවිකාවෙ ගෙවිලා ගියේ ගම ඇතුළේ වාහන හදන්න කතා කරපු මට පිට ගම් වල වාහන හදන්නත් කතා කරලා
මේ ගෙවුනු සුමාන දෙකට විශේශයක් කියල උනා නම් ඒ උනෙ පිට ගම් වලට යන්න මං ෆුට් බයිසිකලයක් ගත්තු එකයි
වෙනදට හැමදාම අපෙ ගෙදර එන සුදු හාමිනෙ දැන් සතියට දෙවතාවක් විතර දූවලා යන්න අපෙ ගෙදර ආපු එක විතරයි..
ඒ දේවල් දෙක ඇරෙන්න අපෙ ගෙදරවත් ගම් තුලානෙවත් අඩුම ගානෙ ලොකු කුමාරිහාමි ඉන්න වලව් වත්තෙන්වත් හාංකවිසියක සද්ද බද්දයක් ආයෙ ඇහුනෙ නෑ..
.. අපෙ අම්මා මයෙ කාමරේ ඇද යට යතුරු තියෙන කවරෙන් කහ පාට නියනක් අරන් දෙන්නකො..
අද උදෙන්ම හදන්න ගත්තු ඊයෙ හවස දිනේශ් මල්ලි ගෙනත් ඇරලපු fz මෝටර් සයිකලේ එන්ජිම චෙක් කරන ගමන් හිටපු මං ගේ ඇතුළෙ උන්නු අපෙ අම්මට කෑගැහුවේ මජං පිටින් ගෙට ගියොත් අපෙ අම්මගෙන් ඉදල් පාරක් කොහු පාරක් ඇගෙ වද්දගන්න ආසා නැති නිසා
" ආයිශ් කටේ සද්දෙ.සද්ධන්ත ඇතා වගෙ අත පය තියෙද්දිත් කකුල් කැඩිලද තමුන්ගෙ, ගේ ඇතුලට ගිහින් ඕන කරන බඩු මුට්ටු ගන්න "
මජං තවරගෙන බයිසිකලේ එංජිම දිහාවටම ඇස් යොමු කරන් හිටපු මං මගෙ පිටිපස්සෙන් ඇහුනු කටහඩත් එක්ක
ගැස්සිලා ගියෙ කලබලේට නළලෙ කොණකුත් බයිසිකලේ බදේ වදිද්දි
බයිසිකලේ බදේ නළල කොණ වැදිලා නොසෑහෙන්න රිදුනත් රිදෙන එක පැත්තකින් තියලා මං වේගෙන් පිටිපස්සට හැරුනෙ ඇහුනු කටහඩට අයිතිකාරි හීනෙන්වත් අපෙ ගෙයි දොරකඩ නම් ඉන්න පුලුවන්කමක් නැති වෙද්දි
.. ලො..කු..ලොකු කුමාරිහාමි..
පිටිපස්ස හැරුනු ගමන් ඇස් වලට අහුවුනු සුදු දෙපා එක්ක වේගෙන් ඉහළට එසවුනු ඇස් වලට අහුවුනු රුවත් එක්ක පුදුම උනු මගෙ කටින් හිතන්නත් කලින් පිටවුනෙ
දැන් මගෙ ඉස්සරහාට වෙලා අත් පිටුපසට බැදන් ආඩම්බරෙන් හිටන් ඉන්න දවල් හීනෙකින්වත් හිතන්න බැරි රුවේ නම
"ම්ම්.බලාපොරොත්තු වෙන්න නම් ඇත්තෙ සුදු හාමිනේව වෙන්ඩ ඇති මයෙ හිතේ
සොරි ඩොට් කොම්.ඒත් තමුන්ලගෙ සුදු හාමිනේ වෙනුවට මෙතන ඉන්නෙ තමුන්ලා පොඩ්ඩක්වත් කැමති නැති ලොකු කුමාරිහාමි "
අළු පාට එක්ක කහ පාට එකතු වෙලා දිස්නෙ දෙන ඇස් වලින් ගස්සලා ලොකු කුමාරිහාමි අහක බලාගත්තෙ රතු රෝස තොල් වලින් මට රවලා
.. ලොකු කුමාරිහාමි මෙහෙ ?..
දඩි බිඩි ගාලා නැගිටලා ඇස් වල බයාදු බැල්ම තවරගන්න ගමන් එදා මගෙ බඩ මැද්දටත් අද මගෙ පපුව මැද්දටත් උස ලොකු කුමාරිහාමිගෙන් මං හීන් හඩින් අපෙ ගෙදෙට්ට ආවෙ ඇයි කියලා ඇහුවෙ මං මේ දකින්නෙ දවල් හීනයක්ද කියලා බලන්න ලාවට අතත් කොනිති ගහන්
"ම්ම් ගන්න තමුන්ලගෙ සුදු හාමිනේ කෑම එකක් එව්වා.
කොහෙද ඉතින් ඒකිට තමුන්ලට නොදි කටින් බඩට යන බත් ටික දිරවන්නෙ නැහැලුනෙ "
පිටිපස්සට බැදන් හිටපු අත් ඉස්සරහට කරන ගමන් අත් දෙකෙන්ම ලොකු කුමාරිහාමි මා දිහාවට දිග් කළේ බත් කොළ වල ඔතපු ලොකු බත් පාර්සල් දෙකක්..
ඇත්තටම මං මේ දකින්නෙ හීනයක්ද?ඇත්තක්ද?
ලොකු කුමාරිහාමිගෙ රස්තියාදු වළල්ලකින් හැඩවුනු සුදු හාමිනෙගෙ වගෙ පාට නොතැවුරුණු දිගු නියපොතු තියෙන සුදු ඇගිලි දිහත් කම්බුල් ලා රෝස ගැහුණු ඒ මූණ දිහත් පුදුමෙන් බලන ගමන් මං කතා කළෙ මගෙ හිතට
දැක්කෙ එක දවසක් උනත් අහලා තියෙන කට කතා එක්කලා ලොකු කුමාරිහාමි වගෙ කෙනෙක් අපෙ ගෙදර වැට මායිමකින් වාහනේකවත් යන්න විදිහක් නෑ
එදාත් කෑගැහුවෙ මල යකින්නි වගෙ.එහෙව් කුමාරිහාමි බත් පාර්සල් ගෙනත් දෙන්න මටයි අපෙ අම්මටයි
ඉදුවර උබට ලෙඩක්වත් හැදිගෙන එනවද නපුරු කුමාරිහාමිව මැවිලා පේන්න
නළල රැලි කරගන්න ගමන් හීන් සැරේ මං පිහදාගත්තෙ මජං ගෑවුනු අත් වලින්ම මගෙ ඇස් දෙක
" මේන් මේක ගන්නවා මනුස්සයො,ඇස් පිහදාන්නෙ මොකද
ඒකත් ඔය මජං ගාගෙන
අපෙ නංගිටත් පිස්සුද මන්දා මේ වගෙ උන්ව
ආශ්‍රෙ කරන්න
ආ මේං ගන්නවා ඔහෙලගෙ සුදු හාමිනෙ දෙන්ඩ කිව්වෙ
අර කවුද ඉදු ද උදු වඩේද කියන කොල්ලට කියනවා වලව්වට ඇවිත් සුදු හාමිනෙගෙ ස්කූටිය හදලා දෙන්ඩ කියලා "
තත්පරයක්වත් නොඉද මජං ගෑවුනු මගෙ අත් දෙක ඇදලා අරන් බත් පාර්සල් දෙක මගෙ අතට දීලා ලොකු කුමාරිහාමි යන්න ගියේ මීදුම වගෙ වාෂ්ප වෙලා
මොකද්ද ඒ උනෙ ?
තත්පරයක් දෙකක්....
තත්පර ගානක් උනු සිද්ධියත් එක්ක ලොකු කුමාරිහාමි අත් වලින් තිබ්බ බත් පාර්සල් දෙකත් දෝත දරන් කුමාරිහාමි ගස්සන් ගිය පාර දිහාවටම ඇස් තියාන මං උන්නෙ ලොකු කුමාරිහාමි ඇවිත් ගියා කියන එක විශ්වාස කරන්න බැරි පුදුමෙන්
මගෙ අත් දෙකත් ඇල්ලුවා.
පොඩ්ඩක්වත් රළු කියලා නාමයක් නැති සිනිදු අතැගිලි වල රස්නෙ දැනෙන මගෙ මජං ගෑවුනු අත් දිහත් බලලා මං තව තවත් කල්පනා කළේ මං ඉන්නෙ ජීවතුන් අතරද හීනයක හිර වෙලාද කියලා
*මොකෑ බන් ඔය පාර්සලයක් දෝත පුරවන් ගල් ගිලලා වගෙ ඉන්නෙ*
*උබට මහසෝනාවත් ගැහුවද මේ ගිනි දවාලේ මං බැද්දට ගිය ඩිංගට*
පාරෙ තිබුනු ඇස් අපෙ අම්මා දිහාවට එන්න පිට හරහට වැදුනු කොදු පාරත් එක්ක මං බැලුවේ අන්දුන් කුන්දුන් බැල්මෙන් අපෙ අම්මා දිහා
*මොකෑ බන් සුදු පුතෙ,කවුද හප්පේ මේ බත් පාර්සල් දුන්නෙ*
*වෙනදට ඉතින් ඕනිම දෙයක් උස්සන් එන්නෙ අපෙ සුදු හාමිනෙ නෙව*
*දවස් තුනකින් හාමිනේව දැක්කෙ නැතුව සාංකාවෙ බෑ වගෙ*
මගෙ මූන දිහාත් බලලා අපෙ අම්මා උනු දේ නොදැන නිදහසෙ කියවන් යන්නෙ මීට ටිකකට කලින් පෙ ගෙදෙට්ට වැඩිය සුදු හාමිනෙගෙ අක්කන්ඩි ගැන නොදැන
*පුතෙ උබට අසනීපයක්ද?*
*මොකෑ බන් මූණත් සුදුමැලි වෙන්නෙ*
අපෙ අම්මා ආයෙම මගෙන් අහන්නෙ මගෙ මූණ දිහත් බල බල
තවත් තත්පර දෙක තුනකට පස්සෙ බර හුස්මක් පිට කරපු මං අපෙ අම්මා අතින් බත් පාර්සල් දෙක තියලා හද හද උන්නු බයිසිකලේ දිහාවට නැමුනේ
අපෙ අම්මව උඩ යන්නත් එක්කම
.. ලොකු කුමාරිහාමි ඇවිත් ගෙනත් දුන්නෙ..කියලා
කියලා..
*මොකෑ උබ කියන්නෙ..*
හිතුවත් වගෙ අපෙ අම්මත් මං වගේ උඩ ගිහින් බිම වැටුනෙ
මගෙ කතාව අහලා
*මේ ලොකු කුමාරිහාමි.අපෙ මේ කටු මැටි ගෙදෙට්ට*
*ඒ බලවන්ති මේ ගෙදෙට්ට ආවා කියලද උබ ඔය කියන්නෙ*
ආයෙම මගෙ පිටට පාරක් දීලා අපෙ අම්මා අහන්නෙ පුදුමෙන්..
ඔව් අපෙ අම්මා,කටින් නොකියා කර කර හිටපු වැඩේට අවදානෙ දෙන ගමන් මං අපෙ අම්මගෙ කතාවට ඔලුව උඩ පල්ලෙහා ගෙනිච්චා
*ඒ මොකෑ බන්.අද ඉර පෑවුවෙ නැගෙනහිරින් නැතුව බටහිරින්ද?*
ආයෙම අපෙ අම්මා අහන්නෙ ලොකු කුමාරිහාමි ඇත්තටම ආවා කියන එක විශ්වාස කරන්න බැරි පුදුමෙන්
.. ආවා අම්මා ආවා.ඇවිත් මට සුදු හාමිනෙගෙ ස්කූටිය හදන්න එන්න කියලත් පණිවිඩෙ දීලා ගියා
හොද අම්මා වගෙ ගිහින් යතුරු මල්ලෙ තියෙන කහපාට නියන අරන් එනවද?..
අම්මා දිහාම නොබලා මං කිව්වෙ ලොකු කුමාරිහාමි මගෙ නම උදු වඩේකට සමාන කරපු එකට හිතෙන්වත් නෝක්කාඩු කියන්න හොද නෑ කියලා මගෙ හිතටම පැහැදිලි කරලා
විශ්වාස කරන්න බැරි උනත් මට බොරු කියන්න උවමනාවක් නැති නිසා ඇත්ත වෙන්නැති කියලා අමාරුවෙන් හරි පිලිගත්ත අපෙ අම්මා
ඔලුවත් කසන ගමන් ගේ ඇතුළට ගියෙ අතෙ තිබ්බ බත් පාර්සල් දෙක දිහාත් බල බලා...
_______________________
ඊලග කොටසින් සුදු හාමිනෙගෙ වාහනේ හදන්න යං