Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 19 2026 @ 12:56

හෘද ලිලී - 31

_______*හෘදලිලී*__________ 
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃* 
 
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )* 
 
•••• *තිස්දෙවෙනි කතාංගය* 🤍🍃 
 
පෙර කොටසින්,,,, 
 
 
යෙධාගෙ උත්තරෙත් එක්ක හුස්මක් අතෑරපු යේශ් අඩියට දෙකට එහෙම කියලා හට් එකෙන් එළියට ගියෙ  
කන එකත් පැත්තක දාලා ඇහුනු දේට 
යෙධාගෙ ඇස් දිලිසෙන්න ගන්නකොට  
 
 
_____එතැන් සිට__________________ 
 
අඩියට දෙකට කන එකත් පැත්තක තියපු යේශ් ක්ලාස් එකට ඇදෙනකොට 
 
කේශ් කොල්ලා ඇදුනෙ තිසර නිවාසෙ හිටපු විදූෂ කොල්ලව හොයාගෙන.. 
 
යෙධාරට නම් පට්ට හැපි.කාන්තාරෙට දිය බිදක් වැටුනා වගෙ කියලා කතාවක් තියෙනවනෙ 
 
ආන් ඒ වගෙ යෙධාරගෙ මූණ දිලිසෙන්නෙ උදේ ඉදන් තිබ්බ මූ|ස|ල ගතිය මූණෙන් යන්නම ගිහින්.. 
 
... නම්බරේ අරන් කතා කරලා අවුලක් වෙන එකක් නෑ නේද බන්.. 
 
සැරින් සැරෙ බත් කවන අනික් කොල්ලො දෙන්නා දිහ බලලා යෙධා අහන්නෙ දැනෙන සතුට එක්කම පැත්තකින් එන ගැස්මකින්.. 
 
*නෑ නෑ අවුලක් නෑ.නිවාසෙ වැඩකට වගෙ ගමු.* 
 
*සමහරවිට අරූ තාදිගෙ නම්බර් එකම උස්සන් එයි.එතකොට ඒකිට ගමු.එතකොට රිස්ක් එකක් ඇත්තෙම නැනෙ* 
 
යෙධාගෙ එළිය වැටුනු මූණ දැකල යෙධාගැන හෙන අනුකම්පාවක් ආව ප්‍රබෝ යෙධාට කිව්වෙ මෙත් දිහත් එකපාරක් බලලා යෙධාගෙ හිත හදන්නත් හිතන් 
 
.. වෙන එකියක් උනා නම් උබලට වද දෙන්නැ බන්.ඒත් ඒකිට මගෙ මුරණ්ඩු ගති පෙන්නන්න මං ආසා නෑ 
 
ආසාත් නැ නෙමෙ බන් මං බයයි.එකපාරකට වඩා ඒකි මගෙ යකා උබලටත් වඩා බලලා තියෙයි 
 
ආයෙ මට ඒකි ඉස්සරහා එහෙම වෙන්න ඕනි නෑ.. 
 
තත්පර ගානක් නිහඩවම බත් කට හපලා වතුර බොන ගමන් යෙධාර කියවන් ගියෙ  
 
ප්‍රබෝටයි මෙත්ටයි ඇහුනු කතාවට සතර දිසාවම පැටලෙද්දි.. 
 
*කියන දෙයක් තෙරෙන්න කියපන් යෙධා.උබෙයි ඒකිගෙයි අතර මොකද්ද තියෙන ඇදුනුම්කම* 
 
පාඩුවෙ වතුර බොන යෙධා දිහා බලන් ඉදලා බැරිම තැන මෙත් ඇහුවෙ කලිනුත් ඔහොම කතාවක් යෙධා කිව්ව කියලා මතක් කරගෙන 
 
... ඒක කියන්න බැරි කතාවක් මෙත්.ඒක දන්නෙ මායි ඒකියි තව දෙන්නෙකුයිවිතරයි.. 
 
*ඇයි බන් උබට අපිව ශුවර් නැත්තෙ* 
 
 
කොච්චර එකට හිටියත් රහස් කෝටියක් හංගන් ඉන්න යෙධාර ගැන ලාවට දැනෙන කේන්තිය එක්ක ප්‍රබෝ සැරෙන්ම යෙධාට බත් කටක් කැව්වෙ මෙත් ප්‍රබෝගෙ අතට ගහනකොට 
 
... ශුවර් නැතිකම නෙමෙ බන්.ගද ගහන කුණු අවුස්සන්න ආසා නැතිකම. 
 
මට බය දැන් දැනෙන බයත් ඒ කුණු ටිකට අයිතිද කියන එක  
 
මට ඕන හු* මං කොල්ලෙක්.ඒත් ඒකි කෙල්ලෙක්.අනික ඉස්සරටත් වඩා ඒකි මට දැන් ළගයි.කොහොමත් මට ඒකි දිහා ඉස්සර කළා වගෙ නොබලා ඉන්න බැ.. 
 
කියන්න ඕනි උනත් කියන්න බැරි හේතුව මහා ලොකු හේතුවක් නිසා  
තව ටිකක් ප්‍රබෝවයි මෙත්වයි කරකෝලා අතාරින ගමන් යෙධාර කියවල අවසන් කළේ ඇස් වලින් බත් ඇති කියලත් පෙන්නලා 
 
,, 
 
ඇස් වලින් බත් ඇති කියලා පෙන්නපු යෙධාර ඊගාවට කේශුයි යේශුයි දෙන්නා ගියපු පාරවල් වලට ඇස් හැරෙව්වෙ කෝලක් ගන්න තියෙන හදිස්සියෙන් 
 
හිතෙ එක පැත්තක් කියනවා යෙධාරට තමන් මෙහෙම දැගලුවට පොඩි හු* කට කපලා බුදිද දන්නෙත් නෑ කියලා  
 
.. එහෙම උනොත් නම් ඕකිට දෙනවා මං පාරක්.. 
 
කට කොණකට රැවුමක් ගන්න ගමන් යෙධාර තනි හිතටම කියොනවා 
 
බලන් ඉන්න කොල්ලො දෙන්නට වගෙම උදෙ ඉදන් අමුතුවට ඉන්න යෙධාරව දකින දැකපු හැම එකාගෙම ඇස් විටින් විටෙ යෙධාරගෙ මේ හැසිරීම් දිහාවට ඇදෙනකොට 
 
කේශ් යේශ් දෙන්නම එකට පෝන් එකයි නම්බරෙයි අරන් ආවේ 
 
යෙධා මනෝ ලෝකෙන් බැහැලා මේ ලෝකෙට ගෙන්නගෙන 
 
.. කාගෙ නම්බරෙද ගෙනාවේ.. 
 
යේශ් ආපු ගමන් ඉවසිල්ලක් නැතුව යෙධාර අහන්නෙ යේශ්ගෙ උරහිස්සෙන් අල්ලන් 
 
*කෝකටත් කියලා දෙන්නගෙම ගෙනාවා.මුලින්ම තාදිට ගමු.ඒකිගෙ එක නම් ඉල්ලන් ආවෙ මං පන්තියෙ හිටපු පෝන් එක ගෙනාපු කෙල්ලෙක්ගෙන්* 
 
කලබලෙන් තමන්ගෙන් ප්‍රශ්න අහන යෙධාව සන්සුන් කරන ගමන් යේශ් කියවන් ගියා 
 
.. ගනින්කො ගනින්කො.මට නිකන් පිස්සු වගෙ.ඕලෙවල් රිසාල්ට් බලද්දිවත් මෙච්චර කලබලයක් තිබ්බෙ නෑ.. 
 
එක පිට එක පිට හුස්ම පිට කරලා දාලා සන්සුන් වෙන්න ට්‍රයි කර කර යෙධා උත්තර දුන්නා 
 
*හරි ගමු.උබලා කවර් කරපන්කො මොකා හරි පෝන් එක දැක්කොත් කේස් * 
 
...හරි හරි උබ ගනින්.. 
 
,,,, 
 
පස්දෙනා එක්ක වට සාකච්ඡාවට වගෙ වටවෙලා කාටත් පේන්නෙ නැති විදිහට යේශ් ලියන් ආපු කොළ කෑල්ලෙ තිබ්බ 
තාදිගෙ නම්බරේට කෝල් කළේ කේශ්.. 
 
රින්ස් යනවා රින්ස් යනවා 
 
කෝල් එක අරන් ස්පිකර් දාලා කේශ් යේශ් ප්‍රබො මෙත් යෙධා වගෙම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා  
 
..අනෙ මැණික ගනින්.මාව පුපුරන්න වගෙ.. 
 
..ආ හු* මගෙ ඔලුවත් රිදෙනවා.. 
 
කිසිම ඉවසිල්ලක් නැතුව යෙධාර නියපොතු කන්නෙ ඔහොම හිත හිතා 
 
තවත් රින්ස් දෙක තුනක් එක්ක තාදිට ගත්තු කෝල් එක උච්චතම අවස්ථාවට ඇවිත් 
 
*No answer* වෙලා යනකොට මෙච්චර වෙලා තද කාන් හිටපු යෙධාර කුනුහරපයක් කියාගෙන ඔලුවට එකක් ගහගත්තෙ 
 
අනික් කොල්ලො හතර දෙනාත් සැක් ගානකොට.. 
 
 
*ආයෙ ගනින්* 
 
*ඔව් ඔව් ඕකි නිදි ඇති* 
 
රින්ස් ගිහින් කට් උනු කෝල් එකත් එක්ක වෙනස් උනු යෙධාව සන්සුන් කරන ගමන් කොල්ලො ටික ආයෙම තාදිට කෝල් කළේ මේ පාරවත් උස්සපන්කො කියලා හිතින් හිත හිතා 
 
ආහ්.රින්ස් නම් යනවා කලින් වගෙම ඒත් නෝ ආන්සර්. 
 
ආයෙ ආයෙ ගත්තා යෙධා කුලප්පු උනු එක ඇරෙන්න තාදි කෝල් එක ගත්තෙ නම්නෑ 
 
*දැන් ගමු අරකිට* 
 
යෙධාර එන පොට හොද නැති නිසාම ක්ශනික පටස් කේශ් සමාගෙ නම්බරෙ ගහලා ඩයල් කළේ මෙත්ට යෙධාව සන්සුන් කරන්න කියලා ඉගි කරගෙන 
 
නැත්නම් යෙධා මේ නටන්න හදන වන්නමේ බේස් එක අනුව  
හොද පරිප්පුවක් සෙට් වෙනවා කියන්න කොල්ලො හතර දෙනාටම එක හා සමානව දැනිලායි තිබුනෙ  
 
ඉල්ලන් කන්නෙ මොකටද? අනික යෙධාගෙ ට්‍රැක් පැන්නොත් ආයෙ හරිගස්සන එකත් ලේසියෙන් කරන්න බැරි දෙයක්.. 
 
තවත් තත්පර ගානක් එක්ක රින්ස් ගිහින් සමාගෙ ඒ කෝල් එකත් කට් වෙලා  
 
ඊගාවට ගත්තු කෝල් එක නම් ඉස්සෙනකොට කොල්ලො ටික එක රොත්තට පෝන් එක දිහාවට නැමුනෙ 
 
සමා එහා පැත්තෙන් හෙලො කියලා කොල්ලො පස්දෙනාගෙම හදවත් සනසනකොට... 
 
,, 
 
කොල්ලො ටිකගෙ හදවත් ටිකට පැන් ඉස්සා වගෙ එහා පැත්තෙන් සමා හෙලො කිව්වට පස්සෙ  
 
*හලො සමා නෙද මේ..මං කේශ් ඔයාගෙ නිවාසෙන්* 
කියලා  
කෝල් එකට උත්තර බැන්දෙ කේශ් 
 
*ආ ඔව් කේශ් මං තමයි.තාදි ගැන අහන්නද ගත්තෙ* 
 
කේශ් බැන්ද උත්තරෙ එක්ක කේශ් අහන්නත් කලින් එහා පැත්තෙන් සමා උත්තර දුන්නෙ  
 
කොල්ලො පස්දෙනාට එකිනෙකාගෙ මූණු දිහා බැලවෙනකොට 
 
 
අහන්න කලින් ඇහුවෙ ඇයි බන්.කොල්ලොපස්දෙනාගෙම හිතට ආපු ප්‍රශ්නෙ ඕක 
 
දැන් ඒත් හිතින් ප්‍රශ්න විසදන්න කාලෙ නෙමෙයිනෙ  
 
*මේ ඔව් බන්.ඒකි මොකො ආවෙ නැත්තෙ.පොල්ල තිබ්බද දුවන්න බැරුව* 
 
*පොඩ්ඩක් මේ ඒක ගැන දැනගන්න කෝල් කළේ* කියලා කේශ්ට කලින් ප්‍රබෝ උත්තර දුන්නෙ තමන් ලගින් හිටපු යෙධාගෙ උරහිස්ස වටෙ අතක් යවන ගමන්  
 
*ආ අද පැක්ට්‍රිස් නේද ඔයා කියද්දි මතක් උනෙ ප්‍රබෝද් .නිකන්වත් මතක් උනෙ නැනෙ* 
 
සමා උත්තර දුන්නෙ එහා පැත්තෙන් බරට හුස්මක් දාලා  
 
*ආ එහෙනම් තාදිත් ගෙදෙට්ට වෙලා නිදි ඇති නෙද?* 
 
සමාගෙ කතාව එක්ක ඇද්ද උබට වගෙ බැල්මක් යෙධාර දිහාවට දාලා ප්‍රබෝ ඇහුවෙ කටත් ඇද කරලා  
 
*නෑ ප්‍රබෝද් තාදි නම් ගෙදර නෙමෙයි..මේ යෙධාර ළග පාත ඉන්නවද?* 
 
 
ආයෙම පාරක් එහා පැත්තෙන් සමා එහෙම අහනකොට කොල්ලො පස්දෙනාගෙම ඇස් මොකො බන් ඒ වගෙ සීන් එකකින් ර්‍ රැලි ගැහිලා අමුතු බයක් හිත් වලට ආවේ ඇයි සමා එහෙම ඇහුවෙ කියලා හිතාගන්න බැරුව  
 
_______________________ 
 
තාදිව හොයන් යන්ඩයි යන්නෙ..හයියෙන් අල්ලගන්ඩෝ..යෝ යෝ