Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 19 2026 @ 12:56

හෘද ලිලී - 32

_______*හෘදලිලී*__________ 
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃* 
 
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )* 
 
•••• *තිස්තුන්වන කතාංගය* 🤍🍃 
 
පෙර කොටසින්,,,, 
 
ආයෙම පාරක් එහා පැත්තෙන් සමා එහෙම අහනකොට කොල්ලො පස්දෙනාගෙම ඇස් මොකො බන් ඒ වගෙ සීන් එකකින් ර්‍ රැලි ගැහිලා අමුතු බයක් හිත් වලට ආවේ ඇයි සමා එහෙම ඇහුවෙ කියලා හිතාගන්න බැරුව  
 
___එතැන් සිට____________________ 
 
 
විනාඩියක්ද දෙකක්ද? එහෙමත් නැත්නම් කල්ප ගානක්ද මේ ගෙවිලා යන්නෙ කියලා හිතාගන්න බැරිව  
 
කොල්ලො පස්දෙනාටම තමන්ගෙ හද ගැස්ම වේගවත් වෙලා මුලු ලෝකෙම නතර උනා වගෙ හැගීමක් දැනුනෙ එහා පැත්තෙ උන්නු සමාගෙ වොයිස් එකත් එක්ක පිටවුනු ඒ වචන ටිකට 
 
විශේෂයෙන් ම සමාට තාදිගෙ කාරණාව නොකියා ඉන්න ඕනි කෙනා මේ වෙලාවෙ හිටියෙ  
 
මොනවා කියන්නද? තමන්ට ඇහුනු දේ ඇත්තක්ද? නැත්නම් තමන් ඉන්නෙ හීනෙකද? 
 
කියලා කනට ඇහුනු වචනත් එක්ක 
මොකුත්ම හිතාගන්න බැරි තත්වෙක 
 
යෙධාරට හිතාගන්න බෑ තමන්ට විනාඩි කීපෙකට කලින් ඇහුනු ඒ වචන ටික ඇත්තටම තමන්ට ඇහුනු වචන ටිකක්ද කියලා 
 
තෝන්තු මාන්තුවෙලා උන් හිටි තැනුත් අමතක වෙලා ඇගම පණ නැතුව යන්නෙ 
 
ඉතින් යෙධාරත් මේ ලෝකෙ තමන්ට අහන්න පුලුවන් දරුණුම වචන ටිකක් එක්ක කකුල් දෙක පණ නැතුව ගිහින් ඔටෝම හේත්තු වෙලා ගියෙ ළග උන්නු ප්‍රබෝගෙ උරහිස්සකට 
 
මොකද්ද ඒ ඇහුනෙ?ඇත්තක්මද? මං දැන් මොකද කරන්නෙ ?  
 
යෙධාගෙ හිත ඇතුලෙන් එකම වාක්‍ය ටික එක පිට එක පිට රීපීට් වෙන්න ගත්තා  
 
තව ටිකක් යෙධාරගෙ ශක්තිය එක්ක සිහිය මේ ලෝකෙන් කලුවර ලෝකෙකට ඇදලා අරගෙන 
 
කලුම කලු කාමරේක තමන් හිර උනා වගෙ යෙධාට දැනෙනවා 
 
පුංචිවත් එළියක් නැති කාමරේ අස්සකින් එන තාදිගෙ ඉකිබිදුම් හඩ. 
 
මෙච්චර කල් බයෙන් හිටපු රහස හැමෝම අහලා තමන්ගෙ යාලුවො පවා 
තැනින් තැන කුටු කුටු ගගා කියොන පාච්චල් වචන 
 
යෙධාරව සම්පූර්ණෙන් මේ ලෝකෙන් ඈතකට අදුරකට අරන් ගියේ ඔලුව අස්සෙන් ඇහෙන මේ කෑගැහිම් ටික 
 
..එපා යකෝ එපා.මට යන්න දීපන්.. 
 
..උබලගෙ ඔය කටවල් වහගනින්. 
 
..තාදි අඩන එක නතර කරගනින්.තොපි ඔක්කොම මරන්න කලින් මෙතනින් පලයව්... 
 
හිත අස්සෙන් ඇහෙන කෑගැහිම් පාච්චල් කිරිම් ඇඩිලි එක්ක 
 
යෙධාර තමන්ගෙ දෑතින්ම කෙස් ගස් ටික අදින ගමන් බිම ඉදගත්තෙ කෑගහගෙන 
 
*අඩෝ යෙ..ධා..මච...මචං* 
 
සමාගෙ වචනත් එක්ක දෙන්න උත්තර හිතාගන්න බැරුව තම තමන්ගෙ ලෝකවල් වල මනෝ ගහපු කොල්ලො හතර දෙනා 
 
මේ ලෝකෙට ආවේ යෙධාරගෙ හැසිරීමත් එක්ක 
 
*යෙ..ධා..ම..ච..ං* 
 
වචනයක්වත් කියාගන්න හයියක් නැතුව කොල්ලො හතර දෙනා වෙව්ලන්න ගත්තෙ 
 
යෙධා ඉන්න විදිහ ඇස් දෙකට දැකලා සමා කියන්න එපා කියපු මිනිහටත් මේ දෙ ඇහුනනෙ කියලා මතක් වෙලා 
 
..තොපි ඔක්කොම ම|ර|නවා මං තොපි ඔක්කොම ම|රන|වා.. 
 
..මුලින්ම මං අර පො* ම|ර|නවා ඔව් ඔව් ඌව ඉවරයක් කරනවා 
 
මාවයි මගෙ කෙල්ලවයි කෑවා 
 
කලින්ම මට ඔය හු* ම|ර|න්න තිබ්බා 
 
දැන් ම|ර|න්වා මං ඕකව බාවනවා.. 
 
 
පිස්සෙක් වගෙ අත් දෙකෙන්ම ඔලුවට ගහගන්න ගමන් තවත් වෙලාවක කෙස් ගස් ටික ඇදගන්න ගමන් යෙධා කෑගැහුවෙ 
 
වටේ පිටේ අයවත් බය කරලා දාලා 
 
*ප්ලීස් කාම් ඩවුන් මචං..යෙධා සිහියට වරෙන් මචං* 
 
කොල්ලො හතර දෙනා පිස්සෙක් වගෙ කෑගගහා දගලන යෙධාව කාම් කරගන්න දගලන්නෙ පුලුවන් වෙර දාලා යෙධාව තදින් අල්ලගෙන  
 
*සිහියට වරෙන් මැණිකෙ* රතු වෙලා ඇස් වලින් ගලන කදුලු වලට පෙගෙන යෙධාරගෙ කම්බුල් වලට ගගහා කොල්ලො ටික දත කන්නෙ යෙධාව මේ ලෝකෙට ගේන්න 
 
..අයින් වෙයන් යකෝ,මං ඌව බාවනවා 
 
ඔය හු* මාවත් කාලා මගෙ කෙල්ලවත් කෑවා 
 
ඕකව ම|ර|ලා මං හිරේ යනවා 
 
මුලු මනසම මේ ලොකෙන් පිට කරන් යෙධාර කුලප්පු උනු සතෙක් වගෙ දගලනවා 
 
කොල්ලො හතර දෙනා කියන කිසි වචනයක්වත් යෙධාගෙ කන් අස්සට එබෙන්නෙ නැතුව 
 
*අනෙ හු| ඇයි බන් මේ.සිහියට වරෙන්කො* 
 
පිස්සෙක් වගෙ දගලන යෙධාව දැකලා අඩ අඩාම මෙත් යෙධාට කතා කරනවා යෙධාව බදාගන්න උත්සාහ කර කර 
 
..අයින් වෙයන්,මගෙ කෙල්ලට ඔහොම කළාට මාව කෑවට මං ඕකව ම|ර|නවා.. 
 
මේ ලෝකෙ තියා සිහියවත් හරි හැටි නැතුව යෙධා පිස්සෙක් වගෙ කොල්ලො හතර දෙනාව පැත්තකට කරලා යන්න දගලන්නෙ තමන්ව බදාගන්න හදන මෙත්වත් විසී වෙලා යන්න පයින් ගහගෙන 
 
කුලප්පු උනු කුලු මීමෙක් වගෙ.එක්කො පිස්සු හැදුනු උමතු මිනිහෙක් වගෙ 
 
යෙධාර කොල්ලො ටික එක්ක අඩ අඩ කෑගගහා පොර කන්නෙ බලන් ඉන්න අයගෙ හිත් වලට ඔන්න ඔය විදිහට දැනෙනකොය  
 
ග්‍රවුන්ඩ් එකේම හිටපු අය මේ වෙද්දි ඉන්නවා යෙධාගෙ මේ හැසිරීම එක්ක තුශ්නිම්භූත වෙලා 
 
නිවාස වල හිටපු ගුරුවරු පවා පිස්සෙක් වගෙ දගලන යෙධාර ගාවට නොයා ගල් ගිලලා වගෙ ඉන්නෙ යෙධාරගෙන් දකින්නෙ 
 
වචන කරන්න බැරි ස|යි|කො කාරයෙක්ගෙ හැසිරීමක් නිසා 
 
.. අතෑරපන්.. දාන්න පුලුවන් උපරිම වෙර දාලා කොල්ලො හතර දෙනාව තමන්ගෙන් ඈත් කරලා යෙධා ඉස්කොලේන් පිටවෙන්න හදනවා 
 
මොන දේ උනත් කරදරේකදි ඉන්නෙ ළගම යාලුවො විතරක් කියන කතාව ඇත්තක් කරලා කොල්ලො හතර දෙනා 
 
යෙධාව කාම් කරගන්න දගලනවා 
 
..යන්ඩ දීපන්.. 
 
*සිහියට වරෙන් හු* 
 
..තොපි ඔක්කොම ම|ර|නවා.. 
 
*සිහියට වරෙන් යෙධා* 
 
අංගොඩ මානසික රෝහලක වෙව් අරගෙන කොල්ලො ටිකයි යෙධාරයි දගලනවා 
 
තවත් තත්පර කීපයක් කොල්ලො හතර දෙනත් යෙධාත් තම තමන්ට ඕනි දේ කරගන්න දගලලා තවත් තත්පර දෙක තුනක් ගෙවිලා යන තැනදි  
 
දරාගැනීමෙ උමතුවෙ අවසානෙට ගිය යෙධාර  
 
මෙච්චර වෙලා නටපු උමතුව අතෑරලා මැරිච්ච මිනිහෙක් වගෙ කොල්ලො හතර දෙනාගෙ ඇගට කඩන් වැටුනෙ 
 
කොල්ලො හතර දෙනාටත් වටේ පිටේ බලන් හිටපු අයටත් හුස්ම ගන්න එකත් අමතක කරෝලා 
වගේම 
එතනිනුත් සමහර අයට යෙධාගෙ නම කියලා කෑ 
ගැහෙනකොට  
 
________________________ 
 
ඊලග කොටස දිගට දෙන්නම්.. 
 
ගෙස් කරන්න මොකක් වෙලා ඇද්ද කියලා  
පස්සෙ 
දොර දෙකෙ ෆ්‍රිජ් එකක් දිනාගන්න 😁🤍