_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *තිස්වෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
හොස්ටල් කාමරෙන් එළියට පැන්නෙ තව පාරක් හතරම එකතු වෙලා නිදන් ඉන්න යෙධාට අහුවුනු එකෙනුත් ගහලා දාලා...
_____එතැන් සිට___________________
කාලය තත්පරෙන් තත්පරේ විනාඩි වෙලා පැය වෙලා හරි ඉක්මනින් ගෙවිලා ගියා...
අවසානෙදි මර නින්දෙන් අවදි උනු යෙධා කොලුවාත් නැගිටලා ලෑස්ති වෙලා කොල්ලො හතර දෙනාගෙ පණිවිඩෙට අනුව උදේ දහයා මාර වෙද්දි තමන්ගෙ පාසලේ ග්‍රවුන්ඩ් එකෙ වම් කෙළවරේ තිබ්බ තමන්ගෙ ලිහිණි නිවාසෙ ඉස්සරහට ඇවිත් හිටියෙ
කලු බොටමට කලු ටී එක එක්ක ඉස්කොලේ නිල ලාංජ්නය තියෙන කලු කැප් එක දාන්..
*අඩෝ හු|පුතෝව් උබ ආවා*
තමන්ගෙ නිවාසෙ පොඩි කෙල්ලො ගාවට වෙලා උන් එක්ක කදේ දාගෙන හිටපු මෙත් අහම්බෙන් ඇහැ කරකෝනකොට අහුවුනු යෙධාව දැකලා හරි සංතෝසෙන් බෙරිහන් දීගෙන
යෙධා ගාවට දුවන් ආවේ උන් හිටි තැනුත් අමතක කරලා දාලා .
පොරට සංතෝසෙ බෑ..දුවන් ගියපු ගමන් මායා එකෙ පුබුදු චතුරංග වගෙ මෙත් උන්නෙ යෙධාගෙ ඉනට නැගලා හරි හයියෙන් යෙධාව බදන්
*මගෙ හු|පුතා,ඒනම් උබ ආවා..ආදරෙයි බොක්ක ආදරෙයි.උබ නැතුව හෙන ඩුකෙන් මං උන්නෙ*
ඇත්තත් නොවුනු බොරුවකුත් නොවන හිත ඇතුළෙ තිබ්බ ආදරේ වචන කරලා මෙත් කියන්නෙ සතුටට අඩනවා වගෙ මූණකුත් හදාගෙන යෙධාට තොත්තුවක් දීලා
..බැහැපන් බිමට මුන් හිතයි තෝයි මායි ගේ| කියලා..
මෙත්ගෙ ආදරබර ලයින් එකට තිත තියලා ඉන වටා එතුනු මෙත්ගෙ කකුල් දෙක අත් වලින් පල්ලෙහාට තල්ලු කරලා යෙධා කියන්නෙ බොරුවට තරහා මූණක් අරන් මේ දිහා හින කකා බලා ඉන්න කෙල්ලො කොල්ලො දිහා ඇස් කොණට බලලා
*ඉතින් මොකෑ හු| පුතො ඇයි මං කැතද? කැතද? කැතද?*
ආන් ඒ පාර
අකමැත්තෙන් යෙධාගෙ ඇගෙන් බැහින ගමන් වටේ පිටේ මේ දිහා බලන් ඉන්න උන්ව ආයෙම හිනස්සලා
මෙත් අහන්නෙ කට මොකද්දො එකක් කරලා අමුතුම ඇක්ෂන් එකක් දාලා
මෙත් ඔහොම කටත් පු|ප වගෙ කරන් සමනල් සීන් එකෙන් ඇක්ෂන් දානකොට
යෙධා වටේටම ඇස් යැව්වෙ කොල්ලො සෙට් එකයි ඊයෙ හවස ඉදන් නොදැකපු තාදිවයි ඇස් වලට අල්ලගන්න..
ම්හු..බැලුවා බැලුවා බැලුවා ගේට් එකෙන් පය තිබ්බ වෙලෙ ඉදන් බැලුවා
එක ප* වත් මේන් කියලා යෙධාගෙ ඇස් ගෙඩි දෙකට අහු උනෙ නෑ
ඉතින් ඒ නිසාම
මෙත්ට බම්බු ගහන්න කියලා මෙත්ගෙ පිටට පාරක් දීලා
...උදේම ගුලි කෑවද තෝ බෙරිහන් දෙන්නෙ.කෝ අනික් උන් අරකි ආවාද? මාව හෙව්වද?..
කියලා
යෙධා අහගෙන අහගෙන ගියේ වටේට ඇස් යවලා කොල්ලො ටිකයි අරකි නමින් නම් කරන ලත් අපේ තාදිනිවයි හෙව්වත් තමන්ගෙ ඇස් වලට සෙට් එකවම අහුනොවුනු හින්දා
*ර් හු|පුතා උබට මට වඩා අනික් උන්ව ලොකුයි නේද?
..හු* හු* කියපන්කො..
*බෑ ඩැඩී මට බෑ,බල කරොත් මං මැරෙනවා*
අත් ගස ගසා මෙත් කියවන් යන්නෙ යෙධාගෙ මූණ වාහනේකට අහුවුනු කජු ලෙල්ලක් කරලා
.. මෙත් කියපන්කො .කොල්ලො නැතත් තාදි ආවාද කියපන්..
මෙත්ගෙ මල විකාර වලට වඩා තාදිව හම්බෙන එක ලොකු නිසා ඇහි බැමි ළං කරලා රවන ගමන් යෙධා මෙත්ට සැර කලා
ආවෙත් තාදිව බලන්න ඕනි නිසා ක්‍රීඩා ටිකටත් වඩා.එහෙව් එකෙ ඉතින් ඕනි එකි නැත්නම් වැඩක් තියෙවැ..
රවන්න පුලුවන් රැවිල්ල සැරටම දාලා යෙධා ආයෙ ඇහුවෙ
..කියපන්කො ..කියලා
*හපෝ තෝ අපි කැළේ ඒකි හදේ.ආවෙ නෑ ඒ චුට්ටං බට්ටිච්චි*
*උබ නිසාමද මන්දා ප්‍රබෝ අර ඒකිගෙ සමා කියන යාලුවගෙන් ඇහුවා ඒකි කෝ කියලා*
*ඒකිත් යෙධා උබටම සෙට් ගෑනි ආ.ආන් රෙද්දත් පොරවන් සැපට සැපේ නිදිලු*
*ඒකි නම් අද එන එකක් නැ කියල තමා කිව්වෙ.ඊයෙත් බලෙන්නෙ දාලා තිබ්බෙ.අදත් ආවොත් දායි කියලා කෙල්ලට හිතෙන්න ඇති*
දීර්ඝ විස්තරේකට පස්සෙ දාන්නම ඕනි ටික දාලා මෙත් යෙධාරට සීන් එක කියලා දැම්මෙඈත ඉදන් වොලිබෝල් පැක්ට්‍රිස් කරන සමාවත් ඇහෙන් පෙන්නලා
සමාවත් පෙන්නලා කියපු සීන් එකත් එක්ක හිල් උනු බැලුම වගෙ යෙධාරගෙ මූණ හිස් වෙලා ගියෙ බලන් ඉන්ඩැද්දි..
කටින් නොකිව්වත් මෙත්ගෙ හිතටත් ඔය දේ ඔය විදිහටම ආවා යෙධාගෙ මූණ වෙනස් උනු විදිහ දැකලා
සිරාවටම මූ ඒකිට ලව්ද? ඒ අස්සෙන් යෙධාගෙ රියැක්ශන් දැකලා මෙත්ට ප්‍රශ්නයක් එන්නෙ
චුට්ටං බට්ටිච්චි යෙධාගෙ චොයිස් ගාවින් තත්පරේකටවත් ලගින් තියන්න බැරි හින්දා
.. ආ මෙ හු* නින්දෙන් තොර ලොවක් නැනෙ..
කෙටි කට වහගැනීමකට පස්සෙ යෙධා කට ඇරියෙ හිතට දැනෙන අමුතුම මෙව්ව එක බැනුමකට හරවන්
*හරි බන් ඒකි දන්නවෑ උබ ඒකිට ලව් කරන වගක්.අඩුම තෝවත් දන්නවද?*
ලග උන්නු යෙධාව උරහිස්සෙන් ඇදලා හට් එක ගාවට එක්කන් යන ගමන් මෙත් කියන්නෙ යෙධාට ඇහෙන්න වචන ටික බර කරලා
...ඕකිට මං ලව් නෑ තමා.අනික මට මේ දුක ඒකි ආපු එක ගැන නෙමෙ ප්‍රබෝගෙ නිවාසෙන් හරි හමන් දුවන්න එකියක් නැති උනාම අපිට ලේසියෙන්ම දිනුම එන නිසා
හහ් මං මොකටද කොහෙවත් යන උන් ආවෙ නෑ කියලා දුක් වෙන්නෙ..
යන ගමන් හිටපු වේගෙත් වැඩි කරලා මෙහෙම කියන ගමන් යෙධා ගිහින් කේන්තියෙන්ම ඉදගත්තෙ නිවාසෙට හදලා දීලා තිබ්බ හට් එක යටින්...
යෙධාගෙ මේ මෝඩ ලව් රියැක්ශන් එක්ක මෙත්ට නම් බඩ අල්ලන් හිනා වෙන්න තරම් හිනාවක් ආවේ තාමත් කොල්ලා උගුරට හොරා බෙහෙත් බොන නිසා
හැබැයි තාදිට තියෙන්නෙ මූ ආසා ගතිවල විරුද්ධ පැත්තෙ ගති හින්දා එක අතකට ඒ අහිංසකී ගැන මුගෙ හිතෙ තියෙන දේවල් මුට නොතෙරෙන එක හොදයි කියලත් මෙත්ට හිතෙනවා
කොහොමින් කොහොම හරි අරෙහෙට හිතලා මෙහෙට හිතලා
අවසානෙදි මෙත් යෙධා ගාවින්ම ගිහින් වාඩි උනෙ උදේ ඉදන් සිද්ධ උනු වැඩ ටික යෙධාට කියන්න ඕනි හින්දා...
,,,,,
උදේ ඉදන් සිද්ධ උනු සීන් කෝන් ටික අකුරන් හලන්නෙ නැතුව මෙත් යෙධාට කියලා දැම්මෙ 100%ක් නැතත් 75% වගෙ ඇහුම්කන් දීමක් එක්ක යෙධාත් අහන් ඉන්ඩැද්දි..
කතාව අතරෙන් පතරෙන් මෙච්චර වෙලා ග්‍රවුන්ඩ් එකෙන් අතුරුදහන් වෙලා හිටපු අනික් කොල්ලො තුනත් සැරින් සැරෙ මතුවෙලා යෙධාට ටටා බායියක් දාලා ගිහින් තිබුනා...
ප්‍රබෝ නම් ළගටම ඇවිත් කතා කරලා
තාදි ගැන කියලා කින්ඩියක් දාලා ගිහින් තිබ්බෙ යෙධාව ජෝක් එකට අල්ලගෙන
කේශ් යේශ් ඩබලට නම් ළං වෙන්න එන්න උනෙ නැ වොලිබෝල් එල්ලෙ ටීම් වල ලීඩර්ස්ලා නිසා වැඩ වැඩි වෙලා තිබ්බ හින්දා..
වෙලාව කැරකිලා කැරකිලා ගිහින් අවසානෙදි 12.30 වගෙ වෙනකොට හැමදේම අමතක කරලා දාලා යෙධා කිට ගහන් වොලිබෝල් කෝඩ් එකට බැස්සෙ වටෙ පිටෙ කෙල්ලොන්ගෙ ඇසුත් ගානට තමන් දිහාවට හරවලා...
,,,
කිට ගහලා වොලිබෝල් පැක්ට්‍රිස් එකට බැහැපු යෙධා හිතෙ තියෙන කේන්තියත් අතට අරන් එක දිගට හවස හතර වෙනකම්ම සෙල්ලම් කරගෙන ගියෙ වටේම කෙල්ලො ටිකගෙ ඇස් වලට
*අනේව් මේ අයියා* කියන ක්‍රශ් බ්‍රශ් සීන් එක දීලා
හැබැයි මෙහෙමයි..උලුප්පලා උඩට අරන් යෙධා ගැන විතරක් කිව්වට
අපෙ කොල්ලො හතරයි තව නිවාස හතරෙ කොල්ලො ටිකකුයිත් මේ කෙල්ලන්ගෙ මල් මල් හිනා ටිකට අහුවෙලා ඉන්නවා
ඒත් අපෙ කතාවෙ නලුවා යෙධානෙ.ඒ නිසායි පොර ගැන විතරක් කිව්වෙ...
නැත්නම් තව තව හොද පෙනුමැති රූබර කුමරුවො ඉන්නවා නිවාස සෙට් එකටම වැටිලා
කොහොම නමුත්
හති වැටෙනකම් මුලු ඇගම දාඩියට කලු ගැහිලා පෙගෙනකම්ම යෙධා අද සෙල්ලම් කරලා තියෙනකොට හවස හතර වෙනකොට අනික් කොල්ලො හතර දෙනත් එක්ක ගේට් එකෙන් එළියට ආවේ අද දවසෙ වැඩ ටික ඉවර කරලා දාලා .
නිවාස භාර ගුරුභවතුන්ටත් වැදලා කරලා...
යෙධා එක්ක යෙධාට නොදැවෙනි විදිහට දාඩිය පෙරන් එලියට බැහැපු සෙට් එකම හිමින් සැරේ ඇවිදන් ගියේ බස් හෝල්ට් එකට
ගිනි කාස්ටක අව්වෙ සෙල්ලම් කරල මුන් ටික දැන් අයිස් පැකට් එකකුත් උරෝනවා
හදාගන්න තමා ඔය හදන්නෙ ලෙඩක්..අයිස් ගන්නවා දැකපු කෙයිමි ආදරබර තරවටුවක්
කොල්ලො ටිකට දාලා යන්න ගියේ කොල්ලො ටිකට චොකලට් පහකුත් අරන් දීල
*මිස් නම් දේවාලයක් නේද බන්*
අතට හම්බුනු චොකලට් එක දිහා බලලා මෙත් කියන්නෙ යේශ්ගෙ ඇගට බර වෙලා කෙයිමි මිස් ගිය දිහාම බලලා
*දේවාලයක්දත් අහනවා.මිස් ඇවිත් නතර වෙලා ඉන්නෙ මචං මගෙ පපුවෙ උඩම කොනේ.අපෙ ගෑනිටත් වඩා උඩින්*
පපුවටත් ඇගිල්ලක් තියලා මෙත්ගෙ කතාවට යේශ් පෝර දානවා අනික් උන් හිනා වෙනකොට
.. ගෑනිට ඇහෙන්න කියපන් දෙයි ඒකි උබට හොද පාරක්..
මේ පාර ඕලෙවල් ලියන යේශ්ගෙ කෙල්ලව මතක් කරලා යෙධා කියනවා කේශ්ගෙ කර වටේ අතක් දාලා
*මූ ඒ පොඩි එකිට බයයි බන්.ඒකි හප් කියන්න ඕනි මූ හ්ම් සද්දයක් නෑ ගානට සැලැන්ඩර්*
කේශුත් කියන්නෙ යේශ් බඩට පාරක් දීලා යේශ්ව පල් කරලා
*අනෙ පලයන් යන්න ප|ගෝ,තෝත් බයයිනෙ උබෙ කොමස් කෑල්ලට*
*උබලට කියන්න ඒකි එන්න කියන්නෙ කොයි වෙලෙද මූ යන්නෙ ඉගිලීගෙන*
යේශ් කියනවා කේශ්ගෙ බඩට ආපස්සට රිටන් දීලා
යේශ්ගෙ ඒ කතාවත් එක්ක
කොල්ලො සෙට් එකටම මැරෙන්න තරම් හිනා යනකොට
ප්‍රබෝගෙ නවය වසරේ කෑල්ලත් ගෙදරින් ප්‍රපෝසල් කරපු බයෝ කෑල්ල ගැනත් කියො කියෝ
හෝල්ට් එකට ආව බස් පැටියට නැගගත්තු කොල්ලො ටික ෆුඩ් බෝඩ් එකෙ වීරයෝ ගානට
බස් එකෙ එල්ලිලා යන්න ගියේ බස් එකෙ හිටපු කෙල්ලො ටිකටත් වැඩ පෙන්නලා සිරික්කිය දාලා...
______________________
ඊලග කොටසින් හම්බෙමු.🖤🥀
Comment වැටුනහම ඊගාව කොටසින් හමුවෙමු.❤️🩹