_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *විසිවෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
බයෙන් තමන්ගෙ පිට දිහා බලන් ඉන්න තාදි දිහා යෙධා හිත හිත හිටියෙ අමාරුවෙන් උනත් බෙල්ල හරෝගෙනම බලන ඉන්න ගමන්
______එතැන් සිට_________________
අමාරුවෙන් උනත් තමන්ගෙ බෙල්ල හරෝගෙන යෙධා බලන් හිටියෙ තාදිගෙ බය උනු ඇස් ගෙඩි දිහා
තාදි ඇස් දෙකත් ලොකු කරන් මෙහෙම බය වෙලා බලා උන්නට
මෙච්චර වෙලා නාඩගම් නැටුවේ ඇයි කියන්න හොදට දැනන් හිටිය යෙධා නම් දන්නවා
තමන්ට යකෙක් ගැහුවෙ නෑ කියන්න..
ඒත් ඉතින් මෙ තාදි බලන් ඉන්නෙ සිරාවටම තමන්ට යකෙක් ගහලා වගේනේ
වචනයක්වත් නොකියා අත් දෙකෙන්ම උඩට උස්සන් ඉන්න ශර්ට් එක මිරිකන් තාදි සිරාවටම ඉන්නෙ යෙධාවත් ටිකින් ටික බය කරලා
හෙල්ලෙන්නෙවත් නැතුව තමන්ගෙ පිට දිහාම බලන් ඉන්න තාදිගෙ
මේ නිහැඩියාව යෙධාට ඉවසන්නම බැරි කුතුහලයක් ගේද්දි
..ඕයිහ් මොකද..කියලා යෙධා ඇහුවෙ තාදිගෙන් වම් අතෙන් තාදිගෙ උකුල හරියට පාරක් ගහලා
" මොකද අහන්නෙ ඕයි,ඔහෙට යකෙක් ගහලා තමා හැබැයි නිව් වර්ශන් එකෙ ඉපදුනු එකෙක්ද කොහෙද ?
මේ බලනවකො තමුසෙගෙ මුලු පිටම සූරලානෙ..මේ ඒවායෙ ලේත් පුරලා
මොකද කියන්නෙ යමන්ද අල්ලපු ගමේ තියෙන දේවාලෙට "
පිට පුරා අත් අරන් යන එක නතර කරලා හිටපු තාදි බෙල්ල හරවන් පුදුමෙන් තමන් දිහා බලා ඉන්න යෙධාගෙන් ඇහුවෙ ඒ මූණටම එබිලා ඇත්තටම යෙධා ගැන හිතට දැනෙන
බය ගැන නොකියා කියලා..
තාදිට නම් බයයි ඇස් වලට පෙවුනු යෙධාගෙ පිට දැක්ක පාර..
තාදිට හිතෙන්නෙම නිව් ජෙනරේෂන් එකෙ යකෙක් යෙධාට ගහලා තමා කියලමයි..
ඒ තරම් ලේ පුරපු සීරපු පාරවල් අහුමුල්ලක් ඉතිරි නොකර යෙධාගෙ පිටෙ ඇදිලා ගිහින් තිබ්බා..
ඉතින් ඒවා දැකලා
තමන්ගෙ හිතට දැනෙන මේ බය තාදි මේ විදිහට නොකිය
කිව්ව පාර මෙච්චර වෙලා නොතෙරුනු දේ තේරුනු යෙධා හිතන්න ගත්තෙ
තාදිනිගෙ මොට්ටසෝරි මොළ පොඩ්ඩ ගැන..
අම්මපා
මේ පොඩි හු* නම්.හිතුවටත් වඩා මොට්ටසෝරි ගනේ එකියක්නෙ
ගෑනියෙක්ගෙ නියපොතු පාරක්වත් අදුනගන්න බෑ
අඩුම කලින් දැක්ක මාර්ක් එක්කවත් මේකිට හිතාගන්න බැයුද?
මොට්ටසෝරියෙම බට්ටියක් තමා ..
අම්මොහ් මේකි නම්..
තාදිගෙ වචනත් එක්ක ටිකින් ටික කටින් පයින්න දගලන හිනාවත් එක්ක යෙධා හිතන්නෙ ඔය විදිහට.
තමන්ගෙ පිටෙ තියෙන්නෙ මීට ටික වෙලාවකට කලින්
නටපු වන්නමේ මාර්ක් කියලා
තාදිගෙ වචන ඉස්සරහා යෙධාට ඕනිවටත් වඩා තේරුනා..
දැන් නම් ඔක්කොටමත් වඩා තාදිගෙ මූණෙ තියෙන බයයි
තාදිගෙ චුට්ටං මොළෙයි ගැන හිතලා
යෙධාට යන්න ආපු හිනාව කට දෙපැත්තෙන්ම පයින්න එනවා..
අවුරුදු 17ක් වෙලා,ඒත් තාම මෙහෙම මගුලක්වත් තේරුම් ගන්න බෑ
ඉතින් යෙධාර වගෙ ඔය සම්බන්ධව මනා දැනුමක් තියෙන
කොල්ලෙක්ට හිනා නොයා ඉදිවීද ?මං අහන්නේ...
කොච්චර උත්සාහ කළත්
තාදිගෙ මේ මොට්ටසෝරි මොළෙ එක්කලා යෙධාට යෙධාගෙ හිනාව පාලනේ කරගන්න බැරි වෙද්දි
හැමදේම අමතක කරලා යෙධා හිනාවෙන්න ගත්තෙ දෙකට තුනට නැමිලා බඩත් අල්ලන්...
තාදිගෙ මේ ලද බොලද ගතිය ඉස්සරහා හිනාවෙන්න ගත්තු යෙධාරව දැකලා
තාදිට උන් හිටි දැනුත් අමතක වෙලා ගියෙ
ආයෙත් යෙධාට යකා ගැහුවාදො කියලා හිතෙන්න ගන්නකොට
පව් අපේ තාදි කෙල්ල යෙධා හිනා වෙන්නෙ ඇයි කියලා නොදැන
"මො..මොකද මොකද"
"ආයෙ ගැහුවද? වැහුනද?"
"ඉතිපිසො..දුප් දුප්..යෙධාගෙ ඇගෙන් දුප්" ගගා
තාදි දන්න දේවල් ඔක්කොම කියලා නැති යකෙක්ව පන්නන්න දගලනවා
තාදිගෙ මේ අලුත් හැසිරීමත් එක්ක
යෙධා නම් තව තව හයියෙන් හිනාවෙනවා..
පොර දැන් ඉන්නෙ බිම පෙරලිලා හිනාවෙන ගමන්...
ඒ තරමට යෙධාට නම් තාදිගෙ මේ බය ආතල්..
හිනායන හැටියට යෙධාගෙ තලෙලු මූණත් හිනාවටම රතු වෙලා ගිහින් ඇස් වලින් කදුලු පෙරනකොට
යෙධා තව තව හිනා උනෙ තව හයුයෙන්..
ආහ්..ඉතින්
අපේ චුට්ටං බට්ටිචි තාදි..ටිකින් ටික වැඩිවෙන යෙධාගෙ මේ හැසිරීමට බය වෙලා
අඩන්න අර අදින අහස වගෙ මූණත් හදන් බිම දිගෙ පෙරලෙන යෙධා දිහා බලන් ඉන්නවා
වටේ පිටේ ඇස් කැරකෙව්වත් ගමේ අයගෙ ඇස් වහලා ඉන්න ඕනි නිසා ආපු තැන ගමේ මිනිහෙක්වත් පේන්න නැති වෙද්දි මොකද්ද කරන්නෙ
කියලවත් තාදිට තේරෙන්නෙ නෑ..
ඒ අස්සෙන් බයට තමන්ව ගැහෙනවා වගෙත් දැනෙනවා
තත්පර කීපයක් යෙධා බිම පෙරලි පෙරලි හිනා වෙන දිහා බලා ඉදපු තාදි
මෙච්චර වෙලා අල්ලන් හිටපු ඇස් වල වේල්ල කැඩුවෙ
මහා හයියෙන් හූ තියලා අඩන්න පටන් ගන්න ගමන්
වගෙම ඒ සද්දෙට මෙච්චර වෙලා හිනා වෙවි උන්නු යෙධාරගෙ හිනාවටත්
පලයන් පගයො යන්න කියලා පල නොකියා පලා බෙදලා...
"අ..නේ..හ්..ය..න්..න..කො...ය..න්න්කො...යෙධාගෙ ඇගෙන්..යන්...නකො...අ..නේහ්.."
ගගා
එක සීරුවට වේල්ල කැඩුනු ජලාශෙ වගෙ තාදි අඩන්නෙ
යෙධා වගෙම බිම ඉදගෙන අත් දෙකෙන් පොළොවට ගගහා
බිම පෙරලි පෙරලි ඇති පදම් හිනාවෙවි හිටපු යෙධා
තාදිගෙ මේ ඇඩිල්ලත් එක්ක හිනා වෙවි හිටපු තමන්ගෙ හිනාව කට ඇතුලෙම ලොප් කරන්
ගැස්සිලා ගිහින් ඔලුවත් උස්සලා මොක ද උනෙ
කියලා තාදි දිහා බලාගෙන ඉන්නෙ තාදි එකපාරටම අඩන්න ගත්තු එකට බය වෙලා
අම්මට හුඩු..මේකි අඩනවා නේද?
නාලා වරෙන් බේරෙ වැවෙන් කිව්වලු.ගංවතුර ගැලුවා වගෙනෙ යකො මේකි මේ අඩන්නෙ
බිම ඉදගෙන අත් දෙකෙන් ඔලුවටයි පොලොවටයි ගගහා එක සීරුවට අඩන තාදිව දැක්ක
පාර යෙධා හිතන්නෙ තමන්ගෙ ඔලුවටත් අතක් ගහගෙන ඇද උනු මූණත් එක්ක..
ආයියෝ..
මදැයි හු* හිනාවෙන්න ගියා..දැන් නලෝපන්කො ළමයි..
හප්පා යෙධා,උබ අද නම් දොට්ට බැහැලා තියෙන්නෙ
.වැරදි නැකතින්...
ඇහැක්වත් ඇරලා නොබලා සට පට ගාලා කදුලු වක්කර වක්කර
තාදි තමන් හිනා උනා වගේම මහා සද්දෙන් අඩනවා පේනකොට ආයෙන පාරක් යෙධා තමන්ටම
කියාගත්තෙ ඔහොම
තත්පර කීපයක් බලා ඉදලත්
තාදිගෙ කැඩුනු ඇඩුම් වේල්ල නම් හරියන පාටක් පේන්ඩම නෑ..
මොකා හරි දැන් ආවොත් වෙන්නෙ ගමේ උන්ගෙන් රේප් කලා කියලා මැ|රුම් කන්න තමා කියලා මොළෙත්
යෙධාට හිමීන් සීරුවෙ රතු එළි දෙනවා..
බලන් ඉදලා හරියන්නැ පපුවට අරන්වත් නලෝපන් දැන්
තත්පර කීපයක් බලන් ඉන්ඩැද්දි යෙධාගෙ හිත කිව්ව දේ එක්ක
හිත තමා හරි කියලා යෙධාට්
තෙර්‍රද්දි
..මගෙ මැනික් කැටේ...කියන ගමන් අඩන
තාදිව ඇදලා අරන් යෙධාර තුරුල් කරගත්තෙ ශර්ට් එකෙ බොත්තම් වලින් පිටට පෙවුනු තමන්ගෙ හැඩිදැඩි පපුවට...
,,, 𝓐.𝓔.𝓒.
"අ..නේහ්. යෙධා...ගා..වින්...ය..න්..නකො...."
තමන් මේ ඉන්නෙ යෙධාරගෙ පපුවෙවත් කියලා නොදැන තාදි අඩන්නෙ මහා හයියෙන්..
.. මැණිකේ මේ මං යෙධාර,,සිහියට එන්නකො බට්ටි..
තමන්ගෙ පපුවටම වෙලා තමන්ව බේරගන්න අඩන තාදිට යෙධාර කියන්නෙ
අඩන තාදිව නලවගන්න ට්‍රයි කර කර..
" අනේ යන්නකො "
.. අනේ බන් නාඩා ඉදපන්කො...
ගතවෙන තත්පරයක් තත්පරයක් ගානෙ
සැරින් සැරේ මාරුවෙන් මාරුවට දෙන්නත් එක්ක
මුවා දුවනවා තිස්ස පන්නනවා
වගේ
එකම ටේප් එක ප්ලේ කරන්නෙ වටේ මොකා හරි බලා ඉන්නවා නම්
උන්ටත් ශුවර් ශොට් හිනාවක් පුද කරලා...
ඒ තරම් විදිහට දෙන්නත් එක්ක එකම ටේප් රෝල දිග ඇර ඇර කියවන්නෙ..
විනාඩි බර ගානක් තිස්සෙ ඉවසුවත් තාදිව මෙහෙම කියලා නම් නලෝගන්න බැරි බව තෙර්ද්දි
ඉවසලා ඉවසලා බැර්ම තැන
යෙධාර තමන්ගෙ දෙතොල් ගෙනිහින් තිබ්බෙ
අඩලා රතු උනු නහය යටින් තියෙන තාදිගෙ රතු උනු හීනි තොල් දෙක ගාව...
_______________________\
පොඩි ළමයි ඒ කෑල්ල නොදැක්කා වගෙ යන්ඩ හැබැයි අදහස් කියාගෙන රියැක්ට් එකක් දාගෙන..