Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 06 2026 @ 10:59

හෘද ලිලී - 21

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *විසිඑක්වෙනි කතාංගය* 🤍🍃


පෙර කොටසින්,,,,

යෙධාර තමන්ගෙ දෙතොල් ගෙනිහින් තිබ්බෙ

අඩලා රතු උනු නහය යටින් තියෙන තාදිගෙ රතු උනු හීනි තොල් දෙක ගාව...

______එතැන් සිට_________________


උදේ ඉදන් තිබ්බ ටියුශන් ක්ලාස් වලට ගිහින් මෙත් ඇතුලු කොල්ලො හතර දෙනාම හොස්ටල් රූම් එකෙ දොරත් ඇරන්

රූම් එකට ආවේ ක්ලාස් දෙකෙ ඉදලම හති වැටුණු මූණත් එක්ක..

*මේ බලපල්ලකො බන්.මොකද මේ හු|පුතා වහලේ දිහා බලන් හිනා වෙන්නෙ*

හොස්ටල් රූම් එකට ඇතුලු උනු ගමන් ඇදට පයින්න හිතාන ඇද දිහාවට හැරුනු

මෙත්ගෙ ඇස් ගෙඩි දෙක උඩ යන්නෙ

ඇදට වෙලා කොල්ලො ටික ආවා කියලවත් නොදැන වහලේ දිහාම බලාගෙන

පිස්සෙක් වගෙ හිනාවෙන යෙධාරව දැකලා..

*හම්මට ඔව්මනෙ,මොකද මූ මේ කවදාවත් නැතුව.*

*ඒකනෙ බන්.මුට මොනයකෙක් ගහලද? මං හිතන්නෙ මූ අපි සෙට් එක ආවා කියලවත් දන්නෙ නෑ*

මෙත්ගෙ වචන ටිකට පේළියට යෙධාර දිහා බලන ගමන්

ප්‍රබෝ වගේම කේශුත් ඔලුව වනලා ඒවා අනුමත කරන ගමන් යේශුත් කියවන් ගියෙ 
වහලේ දිහා බලන් හිනවෙන යෙධා දිහාම බලාගෙන...

*මචං යෙධා*
යේශ් යෙධා ගාවට ගිහින්ම කතා කරනවා

ම්හු..යෙධාට ඇහෙන්නැ එයා ඉන්නෙ තාදි එක්ක ගෙව්ව හීන ලෝකේ ආයෙ ආයෙ මතක් කර කර

*හු|පුතෝ නැගිටපන්*

කතා කලාට මේ ලෝකෙට ආපු නැති පාර ඇද උඩට නැගලා ඒ එක් අතකින් ඇදලා හොලොන ගමන් මෙත් කෑගැහුවෙ ඔහොම

.. අහ් ආ,උබලා ආවද?..

ඔන්න දැනුයි ප්‍රේම කුරුල්ලා තාදිගෙ ලෝකෙන් මේ ලෝකෙට ආවේ

යෙධාගෙ ඇරෙන්න අනිත් කොල්ලො හතර දෙනාගෙම ඇස් දාසය 

මේ වෙලාවේ හොරයක් අල්ලන මුවාවෙන් පිරිලා ඉතිරිලා තියෙනකොට

මොකුත් නොදන්න ගානට

යෙධාර ඇහුවෙ ..මොකො තොපි කියලා

*මොකො මොකො නෙමෙ හු|කො.තෝ මොන ලෝකෙද හු|පුතො හිටියෙ*

කිසි ගානක් නැතුව මොකද කියලා අහන යෙධාගෙ ඇගට කඩා පයින ගමන්

මෙත් අහන්නෙ ලග තිබ්බ කොට්ටෙකින් යෙධාට දමලා ගහන ගමන් 

..මේ ලෝකෙ තමා ප* ඇයි තොපි දැක්කෙ නැද්ද මං ඇද උඩ ඉන්නවා..

යෙධාරත් තමන් දිහාවට ඇවිත් වැදුනු කොට්ටෙ ආපු දිහවටම යවන ගමන්

මෙත්ට කිව්වෙ දකුණු අතෙ මැදගිල්ලත් ඔසවලා

*හාහා නවත්තගනිල්ලා.හැබැයි යෙධා පුතෙ උබ අපිට දැන් දේවල් හංගනවා වැඩී* 

එහාට මෙහාට පාස් වෙන කොට්ට පොරේ ඊගාවට මහා යුද්ධයක් වෙනවයි කියන්න

අත්දැකීමෙන් දැනන් උන්නු කේශ්

මහා කොට්ට යුද්ධෙ නතර කරන්න හිතාගෙන ඩබලගෙම මැද්දට ආවේ ඔහොම කියන ගමන්..

යෙධාගෙත් මෙත්ගෙත් කොට්ට වලිය නතර කරන්න කේශ් මැද්දට පයින කොට

කේශ්ගෙ කතාව අනුමත කරන්න ඔලුව හොලො හොලෝ

ප්‍රබොත් යේශුත් ඇදට ආවේ තමන් ඉන්නෙ දාඩිය පෙරන් කියලත් අමතක කරලා

හපෝගදෙ බැ යකුනෙ..

තාදිව නලෝලා කන්නත් අරන් දීලා ගෙදෙට්ට ම ඇරලෝලා ආපු

යෙධා කියන්නෙ රූම් එකට ආපු සැනින් සුවදට සුවදේ යේශ්ගෙ බොඩිලෝශන් එකත් අරගෙන

නාලා හිටපු නිසා

*අනෙ තෝ නෙ ගදයා,හැමදාම නාන්නෙ අපි පැන්නුවාමනෙ*

යෙධා එක්ක එල්ලෙන්න හිතාගෙනම මෙත් යෙධාගෙ ඇගට පයින්න මාන බලන් 
ආයෙ 
ඔහොම කියනවා..

තවත් තත්පර කීපයක් ගෙවිලා ගිහින්

එහාට මෙහාට තල්ලු කර කර කොල්ලො පස්දෙනා
සාමාන්‍ය ගුටි කෙළියක්

පවත්වගෙන ගියේ
අතරින් පතර හූ තියන්නත් අමතක නොකර...

________ Eshani Chathumika...


කොල්ලො පස්දෙනාගෙම පොඩියට ගිය ගුටි කෙලියෙන් පස්සෙ

නා කියාගෙන කාලා බිලා
ඉරිදා දවසත් කොල්ලො හතර දෙනා ටියුශනුත් යෙධාර ගැහැනු රූපෙ ගාවටත් ගිහින්

ගෙවලා දැම්මෙ සුපුරුදු විදිහට..

දැන් ඉන්නෙ ඉතින් කොල්ලො පස්දෙනාම උදාවුනු 

සදුදා දවසෙ උදෙන්ම පාසල් ගිහින්
ළග එන ක්‍රීඩා උත්සවය ගැන පන්තිභාර ටීච උනු

කෙයිමි මිස් කියන තොරතුරු වලට කන් දීගෙන

*ළමයිනෙ ක්‍රීඩා උත්සවේ මාර්තු 31 තිබ්බට මාර්තු 11 වෙනකම්ම සුපුරුදු පරිදි ඉගැන්වීමේ කටයුතු සිද්ධ වෙනවා*

*මාර්තු 11 හින් පස්සෙත් උගන්නන එක නතර වෙන්නැ හැබැයි පීරියඩ් හතර බැගින් අරන් උදේ වරුවත් ඉන්ටවෙල් එකෙන් පස්සෙත් විදිහට කඩ කඩා උගන්නනවා* 

රෝස පාට සාරියකට කලු හැට්ටයක් ඇදන් තමන්ගෙ මියුරු හඩින් පන්තියට විස්තර කිය කිය මේ ඉන්නෙ යෙධාලගෙ පන්තුභාර ගුරුතුමී උනු

කෙයිමි මිස්..

*ඒත් මිස්,ක්‍රීඩා වලට යන අයට එහෙම අමාරුයිනෙ*


පන්තියෙ අවසන් පොලීමට ඉස්සරහින් හිටපු පිරිමි ළමයෙක් කෙයිමිගෙන් අහන්නෙ ලග උන්නු යාලුවන්ගෙනුත් සපෝට් එක අරගෙන පන්තියෙ හැමෝටම මේ වෙලාවෙ කෙයිමිගෙන් අහන්න ඕනි වෙලා තිබ්බ දේ 

*එහෙම නෑ පුතෙ.අදාළ දවසට ක්‍රීඩා කරන අයට පිට්ටනියට යන්න පුලුවන්*

*ඔයාලාව ඉස්සර වගේ පන්තියට එන්න එපා කියලා පිට්ටනියට දාලා තියන්න දැන් පොඩි නැනෙ ළමයිනෙ*

*අනික ඒලෙවල් කියන්නෙ ඔයාලගෙ මුලු ජීවිතෙ ම ගොඩ නගා ගන්න තියෙන තැනක්*

*ඒ නිසා කිව්ව ටික ඔලුවට දාන් දැන් අපි පාඩමට යමු.ඉන්ටවෙල් එකෙන් පස්සෙ ටික ඔයාලගෙ et bst සර්ලා ගන්නවා කිව්වා*

කියලා 
පුටුවෙන් නැගිටලා තමන්ගෙන් ප්‍රශ්නෙ අහපු සිසුවට අතින් ඉදගන්න කියලා සන් කරගෙනම

කෙයිමි දිග විස්තරයක් කියවන් ගිහින් ඉවර කළේ 

පන්තියෙ හැමෝම දිහා බලලා ලස්සනටත් හිනා වෙලා..


පන්තියෙ හැමෝම දිහත් බලලා කියන්න ඕන පණිවිඩ ටිකත් ඒ විදිහටම කිව්වට පස්සෙ

කෙයිමි Number system පාඩමේ ඉතුරු කොට්ස උගන්නන්න පටන් ගන්න කොට

යෙධා නම් හිටියෙ තමන්ගෙ ඉස්සරහට වෙලා සමා එක්ක කියොන 

තාදි දිහාවට ඇස් රදවගෙන

" අපෝ බන්,මං හිතුවෙ ආතල් එකෙ ගෙදෙට්ට වෙලා නිදාගන්න පුලුවන් " කියලා

ලග උන්නු සමා ට අතින් අයින ගමන් තාදි කියන්නෙ

කෙය්මිමිස්ගෙ කතාවට බොද උනු තමන්ගෙ හීන මාළිගාව ගැන මතක් කරලා

තාදිනි.එයා හිතන් උන්නෙ ක්‍රීඩා උත්සවේට හම්බෙන නිමාඩු ටික පිටින් දාලා 

ගෙදෙට්ට වෙලා සැපට සැපෙ නිදාගන්න.

කොහොමත් ගෙදර ඉන්න කරදරකාරී සතියෙ දවස් වලට නැති නිසා


තාදිට ගෙදර ඉන්න එක ගැටලුවක් උනෙම නැ..ඒත් කොහෙද මේ ඉස්කොලේ බවලත් උදවිය තාදිනිගෙ හීන මාළිගේ එහෙන් පිටින්ම

බිමට දාලා සමතලා කරලා දැම්මනෙ

කටත් ඇද කරන් පෑන හපන ගමන් තාදි දුකින් දුකට පත් වෙලා සමා දිහාවට ඇස් තුයන් ඉන්නකොට තමන් දිහා බලන් ඉන්න තාදිට සමා කිව්වෙ 

*හපෝ තෝ නම් නිදිකුම්බරියක්මයි යකො..කොය්වෙලෙත් නිදි නිදි නිදි*

*මේක පුදුම වැඩක් උනානෙ.අනෙ මේ ඒවා වැඩක් නැ කට වහන් ඉස්කොලේ වරෙන්*

කියලා.


" ම්ම් බලමුකො බලමුකො.හැමදාම ඉස්කොලේ එන එක නම් මහා එපා කරපු වැඩක් ඈ"

සමාගෙ වචනත් එක්ක සමාව ශේප් කරගන්න මල් මල් හිනාවක් දාන ගමන් තාදි කිවෙ 
බෝඩ් එකෙ ගානක් ලියන කෙය්මිදිහාත් බලලා..

*උබට කියන කට හොදයි ගලක උලාගන්න එක.ඕන දෙයක් කරගනින්කො*

තමන්ගෙයි තාදිනිගෙයි ඇදුරුම්කම එන්නෙ ඕලෙවල් කාලෙ ඉදන් නිසා තාදිනිව දන්න සමා තාදිනිව කොනිත්තන ගමන්


තාදිනිට බයින්නෙ තාදිගෙ මල් මල් හිනාව දැක්කෙ නෑ වගෙ...

තවත් දෙබස් කීපයක් එක්ක ඩබලගෙම කතා පෙට්ටි වැහෙනකොට

අවසානෙදි සමා කොනිත්තපු පාර ඇබුල් උනු මුණත් එක්ක තාදි පොතට එබුනෙ 

මේ කතාවට ඇහුම්කන් දීගෙන දෙන්නා දිහා බලා හිටපු යෙධාවත් හිනස්සලා..

කෙයිමි මිස් පණ දාගෙන අරෙහෙ උගන්නන අස්සෙ

ඇස් ඉස්සරහා ඉන්න තමන් ඉයෙ කිස් කරලා නලෝපු කෙල්ලගෙ කෝළම් වැඩ් දිහා බල බලා හිටපු
.යෙධා ඩබලගෙ කතාව අවසන් වෙනවත් එක්කම

කාටවත් නොපෙනෙන විදිහට
සපත්තුවෙන් නිදහස් කරගත්තු තමන්ගෙ දකුනු කකුල

ගිහින් නතර කළේ ඉස්සරහින් හිටපු තාදිගෙ ගවුමින් නොවැසුනු දකුනු කකුලේ 

"හ්හ් හහ්"

යෙධාරගෙ නොස|ණ්|ඩාල වැඩෙත් එක්කලා තාදි ගැස්සුනෙ වේගෙන් පොත අස්සෙ තිබ්බ ඇස්

තමන්ගෙයි තමන්ගෙ කකුලක් ලග තියෙන යෙධාරගෙ කකුල ගාවට ගෙනල්ලා

" මොකද මේ "

බෙල්ල හරවලා තාදි අහන්නෙ මොකුත් දන්නෙ නැති ගානට බෝඩ් එකෙ දාන නෝට් එක ලියාගන්න යෙධාර දිහා බලලා ඇස් වලින්..

අනෙ අනෙ මට නම් නෙමෙනෙ කියන්නෙ.
මං දන්නෙත් නැ මං දැක්කෙත් නැ

මං මේ නෝට් එක ලියනවා

ඇස් කොණට ලාවට වගෙ තාදි බලා ඉන්නවා දැක්කත් ඕන් ඔහොම කියන්න වගෙ

තමන් දිහා බලා ඉන්න තාදි දිහා නොබලා

හැබැයි තමන්ගෙ කකුලින් ඒ කකුල පිරිමදින ගමන්

යෙධා අවධානය දුන්නෙ නෝට් එක ලියන තමන්ගෙ පොතට...

විනාඩියක් දෙකක්..ම්හු විනාඩි තිහක්..

කාටවත් නොපෙනෙන්න කෙයිමි මිස්ගෙත් අවදානෙ නෝ එන්න

යෙධාර කෙයිමි මිස් යනකම්ම තාදිනිගෙ කකුල එක්ක සෙල්ලම් කර කර උන්නෙ

තාදිනි සැරින් සැරේ රවලා බලන දිහත් නොබලා

"මොකද යෙධාර" 

උගන්නන්න ඕන ටික කාලච්ඡේදය තුළ උගන්නලා කෙයිමි මිස් එළියට යනවත් එක්කම

මෙච්චර වෙලා දරන් උන්නු කේන්තිය ලැජ්ජාව උඩට ගන්න ගමන්

තාදිනි අහන්නෙ පෝළිම් දෙකෙම මේ මොකුත් නොදැන හිටපු ළමයිගෙ ඇස් තමන් දිහාවට එන්න සලස්සලා 

..මොකද තමුසෙ..

යෙධාරත් හොද පුතා වගෙ අහන්නෙ මෙච්චර වෙලා තාද්ගෙ කකුලෙ තිබ්බ තමන්ගෙ කකුලත් ලගට අරගෙන මොකුත් නොකරපු ගානට 

" දන්නෙම නැ තමුසෙ තොත්ත බබානෙ"

තමන්ගාවින් ඇදලා ගත්තු යෙධාරගෙ දකුණු කකුලට පාරක් දෙන ගමන්

තාදි කියන්නෙ මූණත් රතු කරන්

*මොකද බන් මේ*

*අනෙමන්දා*

පෝළිම් දෙකෙමළ්මයි මුන්දෙන්නගෙ මේ වැඩෙ දිහා බලා ඉන්නෙ

කුතුහලෙන්..

ඇයි දෙයියනෙ ඉතින් උගන්නපු දේ අහන් ඉදපු එකත් උදේ පාන්දර කියලා නෑ නිදිමරගාතෙ හිටපු එකත් ඇරෙන්න

මේ අහිංසක ළමයි මේ නාඩගම් බැලුවෙ නැනෙ

මූණත් රතු කරන් කෑගහන තාදි දිහයි කට කොනෙ ඇට්ටර හිනාවක් තියන් ඉන්න යෙධාර දිහායි

මාරුවෙන් මාරුවට බලලා

ඊටත් විනාඩි කීපෙකට පස්සෙ ළමය් හැමොම sft සර් නැති නිසා හිස් උනු පීරියඩ් දෙකෙ උපරිම ආතල් එක

ගන්න තම තමන්ගෙ ලෝකවල් වලට ගොඩ බැස්සෙ

තොපි දෙන්නා ඕන කුදක් නටා ගන්ම් වගෙ බැල්මක්

රණ්ඩු වෙන්න හදන දෙන්නා දිහාවටත් අමතක නොකරම දිලා..

______________________