
_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *විසිහතරවෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
මයුර නිවාසෙ දකුණු අත පැත්තෙ තියෙන
ලිහිණි නිවාසෙන් නම් මේ වෙද්දි එන්න පටන් ගත්තෙ කේන්තියටම පිච්චෙන
මහාම මහා කර වෙන ගදක්...
_____එතැන් සිට__________________
තාදිගෙ හොර පූස් ලෙස්සිල්ලෙ ඉදන් ප්‍රබෝ ගාවට ළං වෙන එකත් ප්‍රබෝත් තාදිත් කලින් ඉදන් දැන අදුනන් කතා කරන එකත් ඇහැ ගැටුනු යෙධාරගෙ ඇගේම ලේ කෝප උනේ
ප්‍රබෝගෙයි තාදිගෙයි මේ හැසිරීමට..
..මා එක්කවත් හිනා වෙලා කතා කරලා නැ,ඒකට යකො මේකි,මූ එක්ක හෙන කදේ..
ඉරිසියාවට අත පයත් නලියනවා දැනෙද්දි ලග තිබ්බ ගල් කැටේකටත් පයින් ගහන ගමන් යෙධාර කියවන්නෙ තනියෙන්..
මෙත් නම් නිවාසෙට ආපු වෙලාවෙ ඉදන් යෙධාරගෙ මේ හැසිරීම දිහා ඇහැ ගහගෙන උන්නෙ.
වෙනදට ක්‍රීඩා කිව්වොත් යාලුවොත් කැලේ දාන එකා අද මොකද සතුරු පාර්ශවේට බෙල්ල දිග් කරන්නෙ කියලා තමා
මෙත් යෙධාර දිහා බලාගෙනම හිත හිතා හිටියෙ..
හහ්..ඒත් දැන් නම් යෙධාරගෙ ඉරිසියා මූණයි ඉරිසියාවෙන් පුපුරන ඇස් ගෙඩි දෙක තියෙන තැනයි දැකලා
උගුරට හොරා බෙහෙත්බොන යෙධාරගෙ හරිම උවමනාව මෙත්ට වැටහිලයි තියෙන්නෙ..
මේ කිසි දෙයක් නොදන්න ප්‍රබෝ තාදිනිත්,මෙත් තමන් දිහා බලන් ඉන්නවා කියලා නොදන්න
යෙධාරත් තම තමන්ගෙ ලෝකවල කල්පනාවෙ ඉද්දි
පිට්ටනියෙ එහා කෙළවර ඉදන් එනවුස්මන්ට් එකක් ගියෙ ළමයි හැමෝටම දුවන තරගෙට සහභාගි වෙන්න සූදානම් වෙන්න කියලා...
,,,,
පිට්ටනියෙ එහා කෙළවර තිබ්බ ස්ටේජ් එක උඩ ඉදන් එනවුස්මන්ට් එක දීලා ඉවර වෙනවත් එක්කම
ඔහේ තැන් තැන් වල හිටපු ළමයි හැමෝම තම තමන්ගෙ නිවාස වලින් වෙන් කරගත්තු පථ ගාවට ආවේ තම තමන්ගෙ ලෝකවල හිටපු යෙධාර,මෙත් ,ප්‍රබෝ වගේම තාදිත් එනවුස්මන්ට් එක අනුව පෙළ ගැහෙන්න යනකොට..
*උබලා ඔක්කොම දුවපල්ලා,මේක මේ තෝරගන්න එකක් විතරක් නිසා ඔක්කොම යමන්ලා*
නිවස හතරෙම නායක නායිකාවන් වයස් අනුව ගෑනු පිරිමි විදිහට පෝළිම් බෙදන ගමන්
තම තමන්ගෙ නිවාස වල සහෝදර සහෝදරියන්ට කියන්නෙ තම තමන්ගෙ නිවාස දිනවීමෙ අරමුණින්...
,,
තත්පරයක් දෙකක් එක්ක
පුලු පුලුවන් විදිහට පැනලා දුවන්න බැරි වෙන්න නිවාසෙට වැටුනු ඔක්කොම ළමයින්ව කොහොම හරි නිවාස වල වැඩිමල් නායක නායිකාවො පෙළ ගැස්සුවා
යෙධාරත් මෙතුත්,කේශ් යේශ් දෙන්නත් ප්‍රබෝත් කියන පස් දෙනාම එක සිතින් නිවාසෙ දිනවන්න දුවන්න ලෑස්ති කරපු හැම ඉනිමකට ම තමන්ගෙ නම දීලා
ඇදන් උන්නු බොටමෙන් දුවන්න ලේසි වෙන්න කොට ශෝට් එකකට මාරු උනා...
*මේ බලපන්කො යෙධාර,මුන් මේ පාරත් අපෙන් ඉල්ලන් කන්න හදන්නෙ*
බොටම් කලිසම් ටිකත් එක කරකට දාන් තම තමන්ගෙ නිවාස දිහාට ඇවිදන් යන ගමන් හිටපු කේශ් යේශ්ව වගේම ප්‍රබෝව දැකලා
මෙත් කියන්නෙ තමන්ගෙ යාලුවොන්ව අවුස්සන්න හිතාන් කොල්ලො ටිකට විතරක් ඇහෙන්න සද්දෙ දාලා
*මොකද්ද ප| කියන්නෙ* හොස්ස ලගින් මැස්ස යන්න බැරි කේශ්
මෙත්ගෙ වචන වලට ආරූඪ වෙලා යනකොට මෙච්චර වෙලා තමන් ගියපු පැත්තත් වෙනස් කරලා ආපහු මෙත් හිටපු දිහාවට හැරෙන ගමන් එන්න ආවේ මෙත් ඉන්න දිහාවට..
යන්න හිටපු දිහාත් නොයා කේශ් මෙත් ගාවට ඇදෙද්දි
.. නවත්තපන් බන්.. ගගා යෙධාර නම් හිටියෙ මුන්ගෙ මේ ක්‍රීඩා උත්සව දවස් වලට විතරක් ඇවිලෙන රණ්ඩුව දිහා බල බල හිනා වෙවි..
*ඇයි මොකද බ්‍රෝ බයද ? බයද? කැට තියලා කියන්නෙ 4000 දුවලා දිනන්නෙ අපේ මේ යෙධාර ඈ,උබ මේ පාරත් මගෙ හු|පුතාට සෙකන්ඩ් තමයි*
යන එකත් පැත්තක තියලා තමන් දිහාවට ඇවිදන් එන කොල්ලො තුන් දෙනා දිහා බල බලා මෙත් කියන්නෙ දිව එලියට දාලා ඇද කරලා
*හා බලමුකො අඩියක්වත් උස නැති බටු ප|.මේ පාර දිනන්නෙ අපි මයුරො*
මෙත්ගෙයි කේශ්ගෙයි වලිය මැද්දට එන්ටර් වෙන ගමන් ප්‍රබෝත් ඔන්න ඔහොම කියනවා
තමන්ගෙ කරේ තිබ්බ බොටමෙන් මෙත්ට දමලාත් ගහලා
ඇත්තද ඇත්තද හූ..දිනයි කියලා තම බය වගේ වචන එක්ක මෙත් තව තව ඇවිලෙන ගින්නට පිදුරු දාද්දි
මුන්ගෙ මේ සිගිති වලියට හිනා වෙන ගමන් යෙධාර ඇස් කැරකෙව්වේ මේ ඉන්නවා මේ නැති වෙන
තාදිව හොයන්න..
,,
ඈතින් පේන මයුර නිවාසෙ දුවන පථේ පුරාම ඇස් කරකපු යෙධාරට අන්තිමේදි තාදිනිව දැක ගන්න පුලුවන් උනේ
මයුර නිවාසෙ වැඩිමල් නායිකාවක් ලග තාදි ඉන්ඩැද්දි
" අනේ මට දුවන්න බෑ අප්පා"
දුවන්න හැමෝම සහභාගි වෙන්න ඕනි කිව්ව සැනින් ලෙස්සලා යන්න හදපු පාර තමන්ව් අල්ලගත්ත ආර්ට් එකෙ අක්කට තාදි කියන්නෙ
මූණ ඇඹුල් කරන්
*කමක් නෑ දුවපන් නංගි .උබලාට කිසි හැගිමක් නැනෙ තමන්ගෙ නිවාසෙ ගැන*
තාදිව අල්ලගත්තු අක්කා බලෙන්ම තාදිගෙ නම ලියාගන්න ගමන් තාදිට බණ කියනවා..
තාදිට නම් දැන් ටික ටික මල..ඇයි ඉතින් තාදි ආසම නෑ මෙහෙම අව්වෙ කර වෙන්න
සමා නිසාමයි තාදි අද ඉස්කොලේ ආවෙත්.නැත්නම් මෙලහකටත් තාදි හොදට ඇදට වෙලා නිදි...
පුලුවන් තරම් කුනු කුනු ගාලා අහිංසක ඇස් දාලාත් දුවන්න සහභාගි වෙන එක නතර කරගන්න බැරි වෙද්දි
තාදිට වෙලා තියෙන වැඩේ දැකපු යෙධාර නම් උන්නෙ තදි දිහාම බලන් හිනා වෙන ගමන්..
,,
විනාඩියක් දෙකක් එක්ක විනාඩි කීපයක් ගෙවිලා ගිහින් තියෙද්දි
සිගිති වලිය නතර කරලා කොල්ලො පස්දෙනාත් ඇවිල්ලා තිබ්බෙ
තම තමන්ගෙ නිවාස වල දුවන පථ ගාවට..
අද දවසේ ක්‍රීඩා වලට අනික් පිල් එක්ක තරග කරන්න හොද ක්‍රීඩකයො කවුද කියලා තෝරන එක විතරයි වෙන්නෙ..
නැතුව ක්‍රීඩා උත්සවේ තියන්න සතියකට කලින් ඇරඹෙන උණුසුම් දිවීමෙ තරග නෙමෙයි මේ...
යෙධා මෙත් එක්ක වගේම කේශ් යේශ් එක්ක තම තමන්ගෙ නිවාස වල පොඩි උන් දුවන දිහා බලා ඉද්දි
මූණත් ඇඹුල් කරන් රතු උනු මූණත් එක්ක ඉන්න තාදි ගාවට ප්‍රබෝ ඇදුනෙ කරේ තිබ්බ තමන්ගෙ බොටම තාදිගෙ කර මතටත් දාන ගමන්..
"අහ් ඔයා"
තමන්ගෙ කරමත තිබ්බ බොටම් කලිසම තාදිගෙ ඇගට දාපු ප්‍රබෝ
තාදි ගැස්සිලා තමන් දිහා බලනවා දැකලා හිනා උනෙ යෙධාරගෙ ඇසුත් මේ ඩබල දිහාවට වැටෙද්දි.
මොකො බන් මේ මූණ කොරහක් කරන් ඉන්නෙ ඇස් කොනෙන් යෙධාර මේ දිහා බලනවද කියලත් බලන් ප්‍රබෝ අහන්නෙ තමන් දිහා බලාගෙනත්
සසර කලකිරිලා වගෙ ඉන්න කෙල්ලගෙන්..
"මුන් මාව බලෙන් දුවන්ඩදැම්මනෙ රෙද්ද "
තාදි කියන්නෙ පයින් වැලි කැට විසික් වෙන්නත් ගහලා කේන්තියෙන්..
යෙධාරගෙ ඇස් මේ පැත්තට වැටිලා තියෙනවත් ප්‍රබෝගෙ හිතට
යෙධාරව අවුස්සන්න හොද සිතුවිල්ලකුත් ඇවිත්
ප්‍රබෝගෙ වෙලාවටම
ගුරුවරුත් ලගපාත පේන්න නැති වෙද්දි
*ගනන් ගන්න එපා බන් දුවමු දුවමු* කියලා තමන්ගෙ වම් අත තාදිගෙ උරහිස්ස වටෙ දාලා තාදිව තමන් ගාවට ඇදලා ගත්තෙ
හොරෙන් නැතුව තනි කෙලින් යෙධාර දිහා බලලා කින්ඩි හිනාවකුත් දාන ගමන්.
________________________
ආ ආ ආ..යෙධාර ඉරිසියාවෙ පුපුරන්නයි යන්නේ....