Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 10 2026 @ 10:42

හෘද ලිලී - 25

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *විසිපස්වෙනි කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

*ගනන් ගන්න එපා බන් දුවමු දුවමු* කියලා තමන්ගෙ වම් අත තාදිගෙ උරහිස්ස වටෙ දාලා තාදිව තමන් ගාවට ඇදලා ගත්තෙ

හොරෙන් නැතුව තනි කෙලින් යෙධාර දිහා බලලා කින්ඩි හිනාවකුත් දාන ගමන්.

_____එතැන් සිට___________________

හිතුවත් වගේ ප්‍රබෝගෙ වැඩේටයි කින්ඩි හිනාවටයි යෙධාරගෙ ඉරිසියාව ඉහළ නැග්ගෙ අසූහාරදාහට වඩා ඉහළින්..

කනවා තෝව කනවා.ම|රා|ගෙන කනවා

යෙධාර දැන් ඉන්නෙ ආන් ඒ සීන් එකෙ..

ප්‍රබෝට නම් හරි ආතල් අල්ලපු වැටෙන් පේන යෙධාරගෙ ඉරිසියා මූණ් දැකලා

ප්‍රබෝට විතරක් නෙමෙ යෙධාර ගාව ඉන්න මෙත්ටත් ආතල්

තරහින් රතු උනු යෙධාගෙ මූණ පොඩ්ඩ දැකලා

මේ මොකුත්නොදන්න තාදි නම් බයේ ගැහි ගැහි ප්‍රබෝගෙ ශක්තිමත් අතෙන් ගැලවෙන්න දගලනකොට 

මෙත් ප්‍රබෝට ඉගි කළේ වැඩේ මරු කියලා.

මෙත්ගෙ මේ ඉගි කිරිල්ලත් එක්ක තව ටිකක් වැඩෙට බැහැපු ප්‍රබෝ තාදිගෙ ඔලුවත් අත ගෑවේ 

*උබට පුලුවන් බන්.මොකො අපිත් මෙහෙම හිටියට දුවන්න පුලුවන් උන් නෙමෙ* කියලා තාදිට කියන ගමන්..

තාදි නම් ඉතින් මේ චියර් කිරිල්ල යෙධාරව අවුස්සන්න හිතන් කරන්නෙ කියලා දන්නෙ නැනෙ

අමාරුවෙන් ප්‍රබෝගෙන් ඈත් වෙලා ප්‍රබෝට ලස්සන හිනාවක් දුන්නෙ අනෙ තමන්ව දිරිගන්වන්නනෙ මේ කියන්නෙ කියලා හිතලා

යෙධාට නම් තවත් කේන්ති තමන්ටවත් ලස්සනට හිනා වෙලා නැති තාදි

ප්‍රබෝ එක්ක ලස්සනට හිනාවෙනවා දැකලා

ගිහින් තාදිගෙයි ප්‍රබෝගෙයි දෙන්නගෙම කන පලලා එන්න හිතිලා තියෙන්නෙ යෙධාට..

ප්‍රබෝ නම් ආතල් එකෙ 

යෙධාව තව තවත් අවුස්සන්න හිතන් අහිංසක තාදිව රවට්ටන ගමන් එයාගෙ චියර් කිරිල්ල කරන් යනකොට

මේ සීන් එක කේශ්ටයි යේශ්ටයි ඉගි කරන ගමන් මෙත් හිටියෙ හිනා යන්න එන කට අත් දෙකෙන්ම වහන් 

සද්ද නැතුව හිනා වෙන ගමන්..

,,, ҽʂԋαɳι....

චියර් කිරිල්ලත් ඉරිසියාවෙ පිපිරිල්ලත් ,සද්ද නැතුව හිනාවිල්ලත්


විනාඩි කීපයක්ම එකම විදිහට තිබිලා යනකොට 

නිවාස වලින් දොළහා වසරෙ අයට දුවන්න කතා කරපු පාර ප්‍රබෝ මෙත් යෙධාර කේශ් සහ යේශ්

ටික වෙලාවකට හැමදේම අමතක කරලා දුවන්න හදපු පථේ ගාවට ඇවිත් හිටගත්තෙ සම වයසෙ හිටපු තමන්ගෙ නිවාසෙට වැටුණු ළමයි ගාවින්..

කෙයිමි..එයත් වැටිලා තිබ්බෙ යෙධාගෙ නිවාසෙ උනු ලිහිණි නිවාසෙට

ඉතින් එයත් පාසල් යන කාලෙ බැහැලම ක්‍රීඩා කරලා තිබ්බා නිසා

අව්වට කලුවෙයි කියන දේත් අත් ඇරලා පුලුවන් උපරිමෙන්ම චියර් කරන්නෙ තමන්ගෙ නිවාසෙ දුවන්න හදන ළමයින්ට...

*ඔයාලා හැමෝටම පුලුවන් ළමයි..ඇගේම තියෙන ශක්තිය දාලා දුවන්න*

මියුරු කටහඩින් දුවන්න ලෑස්ති උනු මෙත් යෙධාර ඇතුලු ළමයි හැමෝම දිහා බලන් කෙයිමි කියන්නෙ ඔහොම..

මයුර නිවාසෙනුත් කේශ් යේශ් හිටපු නිවාස වලිනුත් ඒ ඒ ගුරුවරු ඒ ඒ ළමයින්ව දිරි ගන්වනකොට

යෙධාර 
විනාඩියකින් නිකුත් වෙන්න තියෙන සංඣාව (කීබෝඩ් එකෙ ගැලපෙන අකුර හොයාගන්න බෑ සොම්රි😑) 

දිහාත් බලලා එක පාරක් මයුර නිවාසෙ ඉදන් ප්‍රබෝ දිහාත් තමන් දිහාවටත් ඇස් ගෙනියන

තාදි දිහාත් බලලා ලෑස්ති උනෙ ඇගෙම තියෙන වේගෙ දාලා දුවන්න...

*එකායි දෙකායි තුනායි*..

නිවාස හතරෙන් එකම වෙලාවට නැතත් තත්පර කීපෙක වෙනසකින් දුවන්න වෙඩිල්ල හම්බෙනකොට

කොල්ලො පස්දෙනා තම තමන්ගෙ නිවාස වල හදලා තිබ්බ පථ දිගෙ දුවන්න ගත්තෙ උපරිම වේගෙන්...

යෙධාර මෙත් ඩබල කරට කර තමන්ගෙ නිවාසෙ හැමෝවම පාස් කරලා දුවනකොට 

කේශ් යෙශ් දෙන්නත් ප්‍රබෝත් අර ඩබල වගේම වේගෙන් දුවනවා...

වටේ පිටේ හිටපු කෙල්ලන්ගෙ ඇසුත් තම තමන්ගෙ නිවාස වලින් දුවන මේ කොල්ලො පස්දෙනාට වැටිලා තියෙනකොට 

තාදිත් බලා හිටියෙ ගෙවුනු අවුරුදු දෙකෙ ඉදන් වෙනසක් නැතුව තමන්ගෙ ඇස් වලට පේන යෙධාරගෙ වේගවත් දිවිල්ල දිහා...

,,,

දුවලා දුවලා දුවලා තම තමන්ගෙ නිවාස වලින් තම තමන්ගෙ වයසෙ සහෝදරයින්ගෙන් පළවෙනි ස්ථාන ටිකට ආවේ යෙධාර,ප්‍රබෝ වගේම යේශ්..

මෙත් කේශ් පිලිවෙළින් දෙවෙනි ස්ථානෙත් ප්‍රබෝගෙ යාලුවෙක් උනු පැතුම් මයුර නිවාසෙන් දෙවෙනි තැනටත් ඇවිත් තිබ්බා

*අනේ උන් ටික නම් මරු නේ බන්*

කොට ශෝට් එක ඇදලා දහඩිය වගුරන් දිව්ව කොල්ලොපස් දෙනා දිහා බලන් ඉදපු සම වයස් කෙල්ලො ටිකත්

පීරියඩ් කට් කරලා හොරෙන් ඔලුව දාන්න ඇවිත් හිටපු කෙල්ලො ටිකත් එකිනෙකාට මුමුණ ගන්නෙ කොල්ලො පස්දෙනාගෙන් ඇස් ගෙඩි ටික

අහක් කරගන්න එකත් අමතක කරලා

කෙල්ලො ටික විතරක් නෙමෙ ගුරුවරු ටිකත් අවුරුදු දෙකක ඉදන් දැක්ක කොල්ලො පස්දෙනාගෙ දිවිල්ල දිහා බලන් හිටියෙ හරි ආසාවෙන්..

පිට්ටනියෙ පුරාවටම විසිරිලා හිටපු කෙල්ලො ටිකත්

මයුර නිවාසෙට වෙලා යෙධාර දිහාවටම ඇස් තියන් හිටපු තාදිත් 

තම තමන්ගෙ නිවස වලින් වෙන්න ගෑනු ළමයි කියලා ඇහුනු ආමන්ත්‍රනේට 

කොල්ලො පස්දෙනාගෙන් ඉවතට ඇස් අරන් එනකොට කොල්ලො ටික නිවාසෙ උන්නු නායක නායිකාවන්ට තමන්ගෙ නම දුන්නෙ දුවන්න රෙඩි කරපු ක්‍රීඩා උත්සවෙ හැම ඉනිමටම.

,,
අඩියෙන් අඩිය ..හෙමින් හෙමින් තියලා 


වටේ පිටේ හිටපු කෙල්ලො ටික වගේම තාදිත් බයෙ ගැහෙන හිතත් එක්ක ඇවිදින් නතර උනෙ තමන්ගෙ නිවාසෙ දුවන්න ලෑස්ති කරපු පථෙ ගාව..

යෙධාර නම් ඇදන් උන්නු ටීශර්ට් එක ඔසොලා වටෙ ගෑනුන්ව පිස්සු වට්ටන ගමන් උනපු දාඩිය පිහදදා 

බයෙන් බයේ දුවන තැනට ළං වෙලා ඉන්න තාදි දිහාවටම ඇස් තියන් ඉන්නවා..

තාදිට නම් ඔව්වා ගැන සිහියක් නැ..
තාදි ඉන්නෙ බයටම වෙව්ලන කකුල් දෙක සන්සුන් කරගන්න බරට බරෙ හුස්මවල් පිට කරන ගමන්..

අන්තිමයා එහෙම උනොත් වහ කාලා මැරෙන්න වෙන්නෙ..

පළවෙනියා කෙසෙ වෙතත් තාදිට ඕන උනෙ අවසානයා නොවී ඉන්න

ප්‍රබෝත් දැන් නම් තමන්ගෙ අවංක සිතින් ඇවිත් කෙල්ලට බය වෙන්න එපා උබට පුලුවන් කියනකොට 

තාදිව බලෙන් දුවන්න දාපු ආර්ට් අක්කණ්ඩි

දුවන්න කවුන්ට් එක ගනන් කරන්න ගත්තෙ 

කොල්ලො පස් දෙනාම මයුර නිවාසෙ දුවන්න ඉන්න තාදි දිහාවටම ඇස් තියන් ඉද්දි...

________________________

මං ඔය ක්‍රීඩා ගැන නම් දන්නෑ.වැරදිලා තිබ්බොත් සොරි වෙන්ඩ ඕනි 😑💔