Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 08 2026 @ 14:14

හෘද ලිලී - 23

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *විසිතුන්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

ශවර් එක යටටම වෙලා උන්නෙ

තාදිගෙ ඇස් ඒ ඇස් අස්සෙයි පපුවෙ අස්සෙයි තියාගෙන

_____එතැන් සිට___________________

දවසක් දෙකක්..ම්හු සති දෙකක්..

ළග ළගම එන ක්‍රීඩා උත්සවයත් ඒලෙවල් සබ්ජෙක්ට් අතරත් දොළහා වසරේ ළමයින්ව හිර කරලා ගෙවිලා ගියෙ හරි වේගෙන්...

අද ඉතින් දොළහා වසරේ ළමයි ටිකට ඉගෙනීම පැත්තක තියලා මුලු දවසම ක්‍රීඩා පිටියට බහින්න ලැබුනු දවස.

වෙනදට උදෙන්ම යුනිෆෝම් එකෙන් ආපු දොළහා වසරෙ ළමයි ඉස්කොලේ ම ළමයින්ගෙ අවධානෙ තමන් ලගට ලැබෙන විදිහට ඇදන් ඇවිත් තිබ්බෙ පාසලේ ටීශර්ට් එකයි බොටම් කලිසමයි.

යෙධාරත් එයාගෙ මිතුරු නඩෙත් තාදිනිත් දොළහා වසරෙ මුලු සෙක්ශන් එකමත්
මේ වෙනකොට හිටියෙ ග්‍රවුන්ඩ් එකට වෙලා 

ගෙවුනු සති දෙක ඇතුළත සෙක්ශන් හෙඩ්ලා විසින් ළමයින්වත් ගුරුවරුන්වත් *ළිහිණි,මයුර,තිසර,පරෙවි* කියන නිවාස හතරට බෙදලා තිබ්බ නිසා

7.30 බෙල් එක ගහපු සැනින් දොළහා වසරේ ළමයි රංචුව තම තමන්ගෙ නිවාස වලට බෙදිලා ගියේ 

ගුරුවරුත් තම තමන්ගෙ නිවාස වලට කිසි කරදරයක් නැතුව බෙදිලා යනකොට


*ලිහිණි නිවාසය* ග්‍රවුන්ඩ් එකේ වම් කෙළවරින් ස්ථාන ගත වෙලා තිබ්බේ නිල් පාට ධජේකින් තමන්ගෙ ස්ථානය පාසලෙ ළමයින්ට පෙන්නලා 

*මයුර නිවාසය* ලිහිණි නිවාසය වගේම කොළපාට ධජයක් එක්කලා ලිහිණි නිවාසෙට වම් අත පැත්තෙනුත් 

*තිසර නිවාසය* කහ පාට කොඩියක් එක්ක අනෙක් නිවාස දෙක වගෙම මයුර නිවාසයට අනෙක් පැත්තෙනුත්  

අවසාන වශයෙන් *පරෙවි නිවාසයත්* ග්‍රවුන්ඩ් එකේ දකුණු කෙළවරින් රෝස පාට ධජයක් එක්ක ස්ථාන ගත වෙලා තිබ්බේ

පාසලේම නිවාස හතර කරට කර මේ පාරත් තරගෙ දෙනවා කියලා පෙන්නලා...


නිවාස හතරෙ ධජ හතර මේ විදිහට එකිනෙකාට නොදැවෙනි වෙන්න පිට්ටනිය පුරාම උඩු දුවන හුළගට තේජාන්විතව ලෙලදෙනකොට 

 යෙධාරත් මෙතුත් ලිහිණි නිවාසෙටත් 

කේශ් යේශ් පරෙවි නිවාසෙටත් 

ප්‍රබෝ එක්ක තාදිනි මයුර නිවාසෙටත් 

තාදිනි යාලුවා තිසර නිවාසෙටත් බෙදිලා ගිහින් තිබ්බෙ 

පාසල් ඇතුළත් වීමෙ අංකෙ බෙදපු පිළිවෙළට නිවාස හතරට ළමුන් ටික කඩපු නිසා..

යෙධාර මෙත්..හය වසරෙ ඉදන් ඉගෙනීම නොකළත් ඕනෙම ක්‍රීඩාවක් කරපු

 මේ පාසලේම වොලිබෝල්,කරාටි,කබඩි ටීම් තුනෙම හිටපු හොද සාමාජිකයො 
දෙන්නෙක් ..

කේශ් යේශ් දහය වසරේ පාපන්දු ටීම් එකෙ කැප්ටන් වගේම උප කැප්ටන්.

ප්‍රබෝ...පාසලේ වේගවත්ම දුවන්නන් අතර වගේම හෙල්ල,යගුලිය,කවපෙත්ත,උස දුර කියන හැම පරාසෙම ක්‍රීඩා වලටත් 

කරාටි ටීම් එකේ එකොළහ වසරෙ කැප්ටන් කමත්

දිනාගෙන දක්ශයතාවය පෙන්නපු කොල්ලෙක්.

දොළහා වසරෙදි පාසල් නීතියට අනුව දොළහා දහතුන අයට ක්‍රීඩා තහනම් කළේ නැත්නම් මේ වෙද්දිත් කොල්ලො පස්දෙනා ඉන්නෙ මුලු දවසම ග්‍රවුන්ඩ් එකට වෙලා 

මොන දේ කොහොම කිව්වත් මේ වෙනකොටත් යාලුකම් පැත්තක තියලා

කොල්ලො පස්දෙනා තම තමන්ගෙ නිවාස වලට බෙදිලා එකිනෙකා කෙරෙහි තරග කරන්න සූදානම් වෙලා හිටියා..
,,,
විනාඩියක් දෙකක්..ම්හු විනාඩි පහළොවක්..

නිල් ධජය ගාව තිබ්බ තමන්ගෙ නිවාසෙට ආපු යෙධාර ගෙවිලා ගිය

විනාඩි පහළොව තිස්සෙ අල්ලපු පැත්තෙන් තියෙන සතුරු නිවාසෙට වැටුනු තාදිනිව හෙව්වේ උදේ ඉදන් නොදැකපු මුණ පොඩ්ඩ බලාගන්නත්

මොනාමහරි කියලා කෙල්ලව අවුස්සන්නත් හිතන්..
ඒත් කෝ..

හොයනවා හොයනවා හොයනවා..නිවාස වලට බෙදිලා ආපු වෙලේ ඉදන්

තමන් ජිරාෆ් කෙනෙක් වගේ බෙල්ල දිග් කර කරා බලනවා 

තාදිනි ඉල්ලෙයි කොහෙට හරි ගිහින් අන්තරස්දහන්

... ආහ් මේ ගෑනි තමන්ගෙ නිවාසෙට එන්නැතුව කොහෙ මක බෑවිලා ගිහින්ද?..

හොයලා හොයලා එපා උනු පාර
දැනෙන කේන්තියට යෙධාර හිතින් බයින්නෙ තාදිට

..මේකිට ඇයි අනික් උන් වගෙ තමන්ගෙ නිවාසෙ ඉන්ඩ බැරි...

ආයෙම ඔන්න යෙධාර බයිනවා හිතින් තාදිට ...

කෝ ඒත් තාදිට ඇහෙනවද? අපෝ නෑ කෙල්ලගෙ නහය පොඩ්ඩක් දෑවට කෙල්ල මේ ගැන හාංකවසියක්වත් දන්නෙ නෑ 

තාදිනි ඉන්නවා සමාගෙ නිවාසෙට වෙලා සැපේ


තවත් වචන කීපයක් එක්ක කුනුහරප ටිකකුත් ඔබලා යෙධාර තව තවත් තාදිව හොයන ගමන්ම තාදිට හිතින් බයින්න ගන්නකොට 

මේ මොකුත් නොදන්න තාදි හිටියෙ 

මෙච්චර වෙලා සමා එක්ක සමා වැටුනු නිවාසෙට වෙලා ඉදලා මූණ පෙන්නලා යන්න හිතාගෙන මයුර නිවාසෙට ඇවිදන් එන ගමන්..

,,, අඩියක් දෙකක්..නැනෑ අඩි කිහිපයක්...

අකමැත්තෙන් උනත් මූණ පෙන්නන්න ඕනි නිසාම සමාගෙන් වෙන් උනු තාදි හිමින් සැරේ ඇවිදන් ඇවිත් නතර උනෙ කොළ ධජයක් ඔසෝලා තිබ්බ තමන්ගෙ නිවාසෙ ගාව

යෙධාර නම් හෙමි හෙමින් හොර පූසි වගෙ ආව තාදිව දැක්කා..

හම්බේ පොරට ඉතින් නිවන් ගියා වගෙ..ඇයි ඉතින් 
 දත කාන් බැන බැනා තමන් මේ හොයපු පොල් පැලෙනෙ දැන් දිලිසි දිලිසි අල්ලපු සතුරු පාර්ශවේට වෙලා ඉන්නෙ 

හේතුවක් නැති උනත් යෙධාගෙ ඇස් කැමති හැමවෙලෙම තාදිව ඒ ඇස් අස්සෙ 
තියන් ඉන්න 

නිවාසෙ ඉස්සරහට වෙලා නිවාසෙ පුරාම සැටලයිට් යවන 

 තාදිව යෙධාර දැක්කත් තාදි නම් යෙධාර තමා දිහාම බලා ඉන්නවා නොදකිද්දි

හිමින් සැරේ නිවාසෙ පුරාවටම සැටලයිට් එක ගහලා ඉවර වෙලා ඒකට තමන්ට අහුවුනු කෙනාව හොයන් තාදි නිවාසෙ පුරාම උන්නු ළමයි ගාවට ලෙස්සලා ගිහින්

අවසානෙදි නතර උනෙ නිවාසෙන්ම දැනන් උන්නු පොල්ලක් අතේ තියන් තවත් කොල්ලෙක් එක්ක මොන මොනවදෝ කියෝන ගමන් හිටපු ප්‍රබො ගාව...

වට පිටේම බලලා තමන් දන්න ප්‍රබෝ ගාවින් තාදි ගිහින් නතර උනෙ සද්ද බද්ද නොකර 

තාද්නි දැන් හිතන්නෙ කොල්ලෙක් එක්ක කතාවෙ ඉන්න ප්‍රබෝ එයාව දැක්කෙ නෑ කියලා..

හැබැයි යෙධා වගෙම හොර පූසි වගෙ 
 නිවාසෙට ඇවිත් වටේටේටම ඇස් ය්වලා අවසානෙදි තමන්ව දැකලා තමන් ගාව

 නතර උනු තාදිව ප්‍රබෝ දැක්කා..

යෙධාර එක්ක එල්ලෙන මෙත් ගෙ නමින් චුට්ටං බට්ටිච්චි උනු කෙල්ල හ්ම් සද්දයක් නැතුව තමන් ගාවට වෙලා ඉන්නවා දැකලා

ප්‍රබෝට තනි හිතට හිනායනකොට 


*ආ චුට්ටං බට්ටිච්චි.දැන්ද නිවාසෙ මතක් උනෙ ම්ම්*

කියලා ප්‍රබෝ කතා කලේ තමන්ගෙ එහා පැත්තෙ උන්නු තාදිනිට. 

"අහ් හේහේ " ප්‍රබෝ දැක්කෙ නැ කියලා හිතුවත් ප්‍රබෝ කතා කරපු පාර

තාදි ගැස්සිලා ගියෙ මූණ ලැජ්ජාවට රතු වෙද්දි 

හයියො මෙයා දැකලනෙ 
තමන්ව දැකලා කතා කරපු ප්‍රබො දිහා බලලා 

දත් තිස් දෙකම දාලා උත්තර දෙන ගමන් තාදි හිතන්නෙ එහෙම..

හැබැයි ඉතින් 

තාදිට ප්‍රබෝ තමන්ව නොදැක්කා වගෙ ඉන්නැතුව කතා කරපු එකටත් හෙන සංතෝසයි
මොකද 
දැන් තමන්ටත් වචනයක් දෙකක් කතා කරන්න හරි යාලුවෙක් ඉන්න්වනෙ 

ප්‍රබෝ ආයෙම පාරක් තමන් ගාවට වෙලා ඉන්න කෙල්ලට හුග කාලෙක ඉදන් දන්න යාලුවෙක්ට වගේ කතා කරනකොට 

 මයුර නිවාසෙ දකුණු අත පැත්තෙ තියෙන 
ලිහිණි නිවාසෙන් නම් මේ වෙද්දි එන්න පටන් ගත්තෙ කේන්තියටම පිච්චෙන 
මහාම මහා කර වෙන ගදක්...

_______________________