Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:46

හෘද ලිලී - 50

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *හතළිස් නවවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

යෙධාගෙ වචන එක්ක තව ටිකක් හයියෙන් ඉකි ගහන කෙල්ලගෙ කකුල් දෙක යටින් අත් යවලා තාදිව තමන්ගෙ ඔඩොක්කුවට ගත්ත යෙධා තාදිව අල්ලන් ඉන්න අත් වල ග්‍රහණය ටිකක් වැඩි කලෙ තව තවත් තමන්ගෙ සිරුරට තාදිව තද කරගන්න ගමන්.

______එතැන් සිට_________________

දවස් දෙකක්ම හරි ඉක්මනින් ගෙවිලා ගියෙ සිතුම්ගෙ උදවුත් ඇතිව යෙධාටයි තාදිටයි මේ අලුත් ගෙදර ජීවත් වෙන්න ලාවට හුරු කරවලා

අද උදෙන්ම යෙධා මේ යන්න ලෑස්ති වෙන්නෙ සිතුම් සෙට් කරලා දුන්නු අල්ලපු ගමේ තියෙන ලී මෝලේ වැඩට 

තාදි නම් කැමති නෑ..ගෙවුනු දින දෙකේම වගේම දැනුත් කෙල්ල චුරු චුරු ගාන්නෙ මට ඉගෙන ගන්න ඕනි නෑ අපි පුලුවන් විදිහට ඉමුකො අනේ කිය කිය

.. පුලුවන් විදිහට ඉමු කියන්නෙ සල්ලි උඩින් පාත් වෙනවද තාදි.ගුටි නොකා අහකට වෙනවා තාදි

මං එනකම් සිතුම් ඇවිත් කතා කළත් දොර අරින්නෙ එහෙම නෑ.හවස පහ වෙනකොට මං එනවා

පඩි හම්බුනාම මං කොත්තුවක් රයිස් එකක් ගෙනත් දෙනකම් හොද පැටියා වගෙ මේවා කාලා ඉමු ම්ම්..

තමන්ගෙ ඇගෙ පූසෙක් වගෙ ඇතිල්ලි ඇතිල්ලි යන්න එප කියලා නහයෙන් අඩන කෙල්ලව පැත්තකට කරලා යෙධා කිව්වෙ ඒ හිස අතගාන ගමන් 

" ලී වැඩ අමාරුයිනෙ.අපිට බැයිද සිතුම් අයියගෙ අක්කා වගෙ එලවලු වවලා විකුනන්න" 

කොච්චර නහයෙන් අඩන්න එපා කිව්වත් ඒ දේ තඹේකට ගනන් නොගෙන සිතුම්ගෙ වයිෆ් උනු පවනිගෙ රස්සාව මතකෙට අරන් කෙල්ල ආපහු කියවන්නෙ යෙධා යන්න හදන ගමන නවත්තන්න තාම ට්‍රයි කරන ගමන්..

කොච්චර කිව්වත් කොච්චර ඇඩුවත් යෙධාත් තාදි වගෙම තාදි කියන දේ තඹේකට තියා කනකටවත් නොගනිද්දි

යෙධාව එක්කන් යන්න ආපු සිතුම් යෙධාට කතා කළේ වීල් රාජයගෙ පිට උඩ නැගලා හෝන් කරන ගමන් 

" අනේ යන්න එපා " හෝන් සද්දෙ එක්ක යෙධාගෙ අතේ එල්ලුනු තාදි චුරු චුරු ගාන්නෙ එපා කරපු වැස්සක් වගෙ

.. මං එනකම් පරිස්සමට ඉන්න ම්ම්..

තාදිගෙ නළලට කිස් එකක් දීලා 
යෙධා කිව්වෙ
කොච්චර වැස්සත් ඉස්කොලේට උගන්නන්න එන ගණන් සර් වගෙ 

චුරු චුරු අදෝනාව කොච්චර චුරු චුරු ගෑවත් අවසානෙදි යෙධාගෙ ට්‍රයි එක දිනනකොට එලියට බැහැලා වීල් එකටත් නැගලා තමන්ගෙ දිහා බලලා දොර වහගන්න කිව්ව යෙධා දිහා තාදි බලා හිටියෙ ඇස් වල කදුලු පුරවන්...

_____ ,,, 𝓐.𝓔.𝓒 

තාදිව තනියම දාලා එන්න දුක හිතුනත් බැරි උනත් රස්සාවක් නොකර තාදිව බලාගන්න බැරි නිසා සුපුරුදු යෙධාරව අවදි කරන් සිතුම් එක්ක යෙධා ඇවිත් බැහැගත්තෙ අල්ලපු ගමේ තිබුනු ලී මෝල ගාවින්..

*නන්දන අයියේ* යෙධාටත් එන්න කියලා හිසින් සන් කරගෙන ලී මෝලෙ භාරකාරයා උනු නන්දනව හොයන් සිතුම් යද්දි ලී මෝලේ ලී ඉරන කොල්ලො දිහා බලන ගමන් යෙධාත් ඇදුනෙ සිතුම් පිටිපස්සෙන්

*නන්දන අයියෙ මේ තමයි මං කිව්ව කොල්ලා* 

සිතුම්ගෙ අඩ ගෑමට මෝලෙ කාර්‍යාලේ ඇතුලෙ ඉදන් එලුයට ආපු කලු තඩි බඩක් තිබුනු මූනෙ හිනාවක් තිබුනු නන්දන දිහා බලාගෙන සිතුම් කිව්වෙ යෙධා නන්දන දිහා බලාගෙන ලාවට හිස පාත් කරනකොට

*හප්පේ පොඩි කොල්ලෙක් කියලා හිතුවට හොද හැඩිදැඩි ඉලන්දාරියෙක්නෙ ඉන්නෙ.ඒක හොදා මෙව්වල වැඩ කරන්න නම් හොදට හයි හත්තිය තියෙන්න ඕනා*

යෙධා දිහා බලලා හොද හිනාවක් දාන ගමන් නන්දන කිව්වෙ යෙධාව පලමු දැක්මෙන්ම හිතට අල්ලගෙන

*පෙනුම වගේම තමා අයියෙ කොල්ලත්.මට මූව හම්බුනෙත් ඉස්සර මෝලෙ වැඩ කරද්දි දර කොටන් පටවන්න ගිහින්.අයියට මතකත් ඇති මං කිව්වෙ වැස්සෙ නොදන්න හිත හොද කොල්ලෙක් උදව්වට ආවා කියලා මේ ඒ කොල්ලා තමා* 

නන්දනගෙ පෙනුමෙන්ම යෙධාව හිතට අල්ලපු බවක් පේද්දි පෝර දාන්නත් එක්ක යෙධාව හම්බුනු හැටි සිතුම් විස්තර කළේ නන්දනට නොපෙනෙන්න ජොබ ස්තීරයි කියලා යෙධාට කියන ගමන්...

තවත් ටිකක් වෙලා නන්දන එක්ක කරන්න ඕනි වැඩ ගැන පැහැදිලි විස්තරයක් අහගත්තු යෙධා සිතුම්ට ස්තූති කරලා නන්දනගෙ පස්සෙන් මෝල ඇතුලට ඇදුනෙ 

තාදිව මතක් කරන් .. කොහොම හරි තද කාන්.. මේ රස්සාව කරනවා කියලා තමන්ටම පොරොන්දු දීගෙන

*යෙධාර මල්ලී*

.. ඔව් බොස්.. අයියා කියන්න හොද නැති නිසා නන්දන කතා කරපු පාර කොල්ලා උත්තර දුන්නෙ බොස් කියලා

*අයියා කියපන් මල්ලි බොස් හොස් ගාන්න ඕනි නැ.උබ සතියක් විතර යනකම් ලී කොට පටවහන්කො.*

*ඉට පස්සෙ මං උබව කාර්‍යාලෙ වැඩට ගන්නම්.මුන් එකෙක්වත් ඉගෙන ගෙන නැති එකෙ.උබ වගෙ එකෙක්ව හොය හොයාමයි මං උන්නෙත්* 

*කොහෙද අපේ දුවෙක් කිය්ලා එකියක් ඉන්නවා මෙලො මගුලකට උදව් දෙනවෑ* 

යෙධාරගෙ පිටටත් තට්ටුවක් දාලා නන්දන කිව්වෙ තමන්ගෙ එකම දුව සිගිති දෝනියන්දැවත් මතක් කරන්

තවත් විස්තර ටිකකට පස්සෙ කොට පටවන ලොරිය මෝලට එනකොට නන්දනට හිස වනලා හොද හුස්මක් අරන් යෙධා ඇදුනෙ නන්දන කිව්ව විදිහට ලොරියෙ පටවන් ආපු ගස් කොටන් ටික බිමට බාන්න 

___,,,

යෙධා නන්දනගෙන් ලැබුනු රස්සාවේ වැඩ ඒ විදිහට පටන් ගන්නකොට දවස් දෙකක් යෙධා එක්ක ගෙවපු ගෙදෙට්ට වෙලා තාදි හිටියෙ හරිම පාලුවකින්...

දහවල් එකත් පහුවෙලා,ඒත් කෙල්ල නම් නෙමෙයි උදේ දවල්ටත් එක්ක ඉව්ව කෑම ටිකක් කටටවත් ගත්තෙ

" අයියෝ කොට පටෝනවා ඇති.ඒවා හුගක් බර ඇති..ඉරන්න දුන්නත් ඩස් එක ගියාම අමාරුයිනෙ" 

යෙධාර ගිය වෙලේ ඉදන් එකම දේ රිපීට් කර කර හිත හිත තාදි උන්නෙ තමන් හින්දා කටු කන යෙධාර ගැන දුකින්...

මේ දෙන්නා මේ විදිහට ඉදිද්දි යෙධාරගෙ ගැහැනු රූපේ ගෙදර ඉදන් පරල වෙලා යෙධාරව හොයාගන්න සෑහෙන්න උත්සාහයක් දරනකොට 

කොල්ලගෙ යාලුවො ටිකත් කොල්ලයි කෙල්ලයි ගැන හිත හිතාම පන්ති කාමරේට වෙලා මුලු ගැහිලා හිටියෙ වටේ පිටේ යාලුවො අහන ප්‍රශ්න වලිනුත් පැනලා ගිහින්...

__________________________