Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:46

හෘද ලිලී - 51

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *පනස්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

කොල්ලගෙ යාලුවො ටිකත් කොල්ලයි කෙල්ලයි ගැන හිත හිතාම පන්ති කාමරේට වෙලා මුලු ගැහිලා හිටියෙ වටේ පිටේ යාලුවො අහන ප්‍රශ්න වලිනුත් පැනලා ගිහින්...

____එතැන් සිට______________________ 

පැයක් දෙකක් ම්හු.පැය කිහිපයක්..


උදේම පායපු ඉර අවරට ගිහින් යෙධාගෙ අද දවසෙ වැඩ ටික ඉවර උනෙ යෙධාව සෑහෙන්න හෙම්බත් කරලා 

වෙලාව හවස පහයි..වැඩ පටන් ගන්නකොට උදේ 8.30යි.. හෙට ඉදන් තවත් පැය භාගයක් වැඩියෙන් පටන් අරන් 5ට ඉවර කරන්න ඕන

කොල්ලට ඒ දේ මතක් වෙනකොටත් තිත්තයි..ඒත් මොනා කරන්නද?

තාදිව මතක් වෙනකොට කොල්ලගෙ හැම අමාරුකමක්ම ඉවරයි...

එහෙම තමයි ආදරේ හැටි..ඒ දේ ඉතුන් විදලාම බලන්න ඕනි..මට කියන්න තියෙන්නෙත් එච්චරයි..

දාඩිය වලින් පෙගිලා ඇගටම ඇලුනු අත් නැති ටී එකෙ කොණකින් මූණ පුරා ගලන දාඩිය පිහදාගන්න ගමන් යෙධා හිතින් තාදිව මතක් කර කරා ඉන්නකොට

අද වැඩට ආපු කොල්ලගෙ වැඩ ගැන හොදටම පැහැදීමෙන් ඉන්න නන්දන ගලක් උඩට වෙලා පාඩුවෙ දාඩිය පිහදාගන්න ගමන් ඉන්න ඉර එලිය වැටිලා දිස්නෙ ගහන ඉලන්දාරියා දිහා බලා හිටියෙ යෙධාව එක්කන් යන්න ආපු සිතුම් එක්ක *කොල්ලා නම් හොද වැඩ්ඩෙක්* කියලා කියන ගමන්

*ඒකනෙ අයියට මං කිව්වෙ පොඩි උනාට වැඩට දක්ෂයා.අපිටවත් බැ මූ එක්ක හැරෙන්න* 

නන්දනගෙ කතාවට පාඩුවෙ ටැප් එක ගාවට ගිහින් මූණ අත පය හෝදන යෙධාර දිහා බලලා සිතුම් කිව්වෙ අවංක හදවතින්.

සිතුම්ගෙ වචනත් එක්ක කොල්ලගෙ වැඩ හොදකමට නන්දන හොද හිනාවක් දානකොට කොල්ලගෙ ඇස් මෝලෙ ඉස්සරහින් නතර කරලා තියෙන සිතුම්ගෙ වීල් එක දිහාවට ඇදුනෙ ඒක දැකපු සිතුම් නන්දනගෙන් සමුදීලා යෙධා දිහාවට ඇවිදන් එන්ඩ ගද්දි.

*මචං,මහන්සිද?*

තමන්ව දැකලා හිනාවක් දාගෙන එන යෙධාර දිහා බලලා සිතුම් ඇහුවෙ යෙධාරගෙන්

.. ටිකක් බන් යමන්ද? කෙල්ල බලාගෙන ඇති..

සිතුම්ගෙ පිටට තට්ටුවක් දාන ගමන් යෙධාර කිව්වෙ තාදිව බලන්න යන්න තිබ්බ උවමනාව්‍රන්

*මූ යකෝ,මහන්සියත් අමතක වෙනවද උබට කෙල්ලව මතක් වෙද්දි..හ්ම් හ්ම් යමන් යමන්,දොරත් වහලා තිබ්බෙ සමහරවිට කෙල්ල උබ නැති පාලුවට නිදි ඇති*

යෙධාරගෙ කතාවට හිනාවෙන ගමන් වීල් එකට නැග්ග සිතුම් යෙධාත් නැග්ගට පස්සෙ වීල් එක ස්ටාට් කරලා මෝලෙන් එලියට ගත්තෙ නන්දනටත් හෝන් පාරක් ගහන්.

___,,,

වංගුවෙන් වංගුව පහු කරන් ඇවිත් සිතුම් පරිස්සමට කොල්ලව ගෙනත් ඇරලුවෙ කොල්ලයි කෙල්ලය් ඉන්න ගෙදර ගාවින්..

කෙල්ල නම් කල් ඇතුවම කොල්ලා 5ට ඇරෙනවයි කිව්ව හින්දා උයලා කරලා අතු පතු ගාලා දොර හිලෙන් එබිලා බලන් උන්නෙ කොල්ලා එනකම් 

වීල් එකෙන් බැස්සා.සිතුම්ට මොන මොනවදො කිව්වා.සිතුම් යන්න හදනවා

හීබිච්චි වගෙ සිතුම් යනකම් දොර අරින්නෙ නැතුව තාදි කෙල්ල මේ සේරම වගතුග දොර හිලෙන් බලාගෙන ඉන්නෙ දාඩියට කලු වෙලා ඉන්න මූණෙන් මහන්සිය ඕනිවටත් වඩා පේන යෙධාර දැකලා ඇඩෙන්න එන කදුලුත් වාවගන්න ගමන්..


තත්පර දෙක තුනක් එක්ක සිතුම් හෝන් එකකුත් ගහගෙන තාදිට පුන පුනා බලා හිටපු අවස්ථාව උදා කරලා දෙද්දි සිතුම් ගිය සැනින් දොර හිලෙන් බල බලා උන්නු තාදි දොර ඇරගෙන මිදුලට පැන්නෙ තාදි නිදන් ඇති කියලා හිතා උන්නු යෙධා ගැස්සිලා තාදි ආපු පැත්තට හැරෙනකොට...

" යෙධා..මහන්සිද ම්ම් "

මිදුලට පැන්න සැනින් යෙධා ගාවට දුවන් ආපු තාදි යෙධාගෙ අතෙ තිබ්බ බෑග් එකත් අතට අරන් යෙධාගෙන් ඇහුවෙ දාඩිය වලින් පෙගුනු ඒ ඉනවටා අත් යවලා ළං වෙන ගමන් 

.. අහක් වෙනවා,දාඩියයි මං ගාව..

තාදිව දැකලා සංතෝස උනු හිතයි ඇසුයි එක්ක තමන්ට ළං වෙන්න හදන තාදිව පැත්තකට කරන ගමන් යෙධා කියන්නෙ ආදරෙන්..

" සැක් ඇයි දාඩිය දාන්නෙ ඔයාට විතරද? මට දාන්නෙ නැද්ද? මේන් මෙහෙ එනවා යන්න" 

යෙධාගෙ වචන සතේකට ගනන් නොගත්ත තාදි යෙධාගෙ ඇගට තව ටිකක් ළං වෙන ගමන් යෙධාව ඇදන් ආවේ ගෙදර ඇතුලට

යෙධාගෙ ඉනවටෙත් අත දාන් අනිත් අතින් බෑග් එකත් අල්ලන් ගේ ඇතුලට ආපු තාදි දොර පියන් වහනකොට යෙධා තාදිගෙ ක්‍රියා ඉස්සරහා දැනෙන හැගීමත් එක්ක තාදි දිහා බලා හිටියෙ කියාගන්න බැරි ආදරේකින්...

.. දාඩිය නැත්නම් මේකිව බදන් ඉබ්බහැකි.. කියලා හිතන ගමන්.

"යං යං ,වාඩිවෙන්නකො.මං තේකක් හදන් එන්නම්,අර අයියා ගෙනත් දුන්නු කේක් එකෙන් මං කෑලි ටිකක් කපලා තිබ්බා.සුටුස් ගාලා ගේන්නම්කො ඈ "

යෙධාට ඉදගන්න කියලා මෙහෙම කියන ගමන් තාදි උඩ පැන පැන දිව්වෙ කුස්සිය දිහාවට යෙධාට කේක් ගෙන්න

.. හෙමින් හෙමින්.වැටුනොත් දෙනවා රිදෙන්න පාරක් ..

තාදිගෙ දගකාරකමත් සැලකිල්ලත් එක්ක බොරු කේන්තියකින් ඔහොම කියලා යෙධා ඇවිදන් ගියෙ තාදිගෙ පස්සෙන් කුස්සියට

,,. තාදිගෙ පස්සෙන් යෙධාර ඇදන් උන්නු ටී එකත් ගලොලා කුස්සියට යනකොට 
කඩාගෙන බිදගෙන කුස්සියට ආපු තාදි හැරෙන තැපැලේන් කපපු කේක් කෑලි ටික අරන් දුවන්න හැදුවෙ සාලෙ දිහාවට

කෙල්ල දන්නෙ නැනෙ කොල්ලා පිටිපස්සෙන් ආවා කියන්න.ඉතින් කෙල්ල හැදුවෙ ටෑර් ගාලා හැරිලා දුවන්න 

" හහ් තව ඩිංගෙන් ඉවරයි" දුවන්න හැරෙද්දි තමන්ගෙ පිටිපස්සෙ උන්නු යෙධා දැකලා තාදිගෙ කටින් පැන්නෙ තව වේගෙන් දුවන්න හැරුනා නම් කේක් ටික බඩට කෙසේවෙතත් පොළො තලේට වැටෙන්න ගිය හින්දා

" මොනා කරනවද මන්දා භූතයෙක් වගෙ." ටික වෙලාවක් යෙධා දිහා බලා ඉදලා කේක් ටික යෙධා දිහාවට දිග් කරන ගමන් කෙල්ල ඒ පාර කියන්නෙ කොල්ලට රවලා 

රැව්වත් ගෙරෙව්වත් කෙල්ලගෙ ඕනම කෝළමක් යෙධාට නම් හරි ආසාවෙන් බලා ඉන්න පුලුවන් වෙද්දි ඒ සුදු කම්බුලක් මිරිකන ගමන් කේක් කෑල්ලක් අතට ගත්තු යෙධා හෙමින් ඇවිදන් ගිහින් පැන්ට්‍රියට නැග්ගෙ ඇස් වලින් .. ඔයත් කන්න.. කියලා කෙල්ලට කියන ගමන් 

කොල්ලගෙ ඇස් වලින් කිව්ව ඉගියත් එක්ක හා කියන්න ඔලුව වනලා ඉතුරු කේක් කෑලි දෙකෙන් එකක් අරන් කෙල්ලත් හිමින් සිරුවෙ කොල්ලා ගාවට ඇදුනෙ අනිත් කේක් කෑල්ල කොල්ලට කන්න කියලා පෙන්නලා

" වැඩ අමාරුයි නේද? ඔයාට රිදුනද?" 

කටට දෙකට කේක් කෑල්ලත් කටෙ ඔබන් කොල්ල ගාවට ගිහින් කරගැට දාපු ඒ අතක් අරන් බලන ගමන් තාදි යෙධාගෙන් අහන්නෙ මූණ මලවන්

.. තමුසෙ මෙහෙම සලකනකොට මහන්සිය නතින් , ඒ හින්දා හොට්ටි වෙන්න එපා නලවන්න බැ මං ගාව ගස් ගදයි..

කොල්ලා කිව්වෙ අඩන්න රෙඩි වෙන කෙල්ලගෙ කම්බුල් දෙක මිරිකලා අනෙක් කේක් කෑල්ලෙන් කොටසක් ඒ කටටත් දාලා 

" මට ආයෙ ඉස්කොලේ යන්න බෑ..මං ඉන්නම්කො මේ විදිහට "

බලෙන් දාපු කේක් කෑල්ල ගිල්ලයින් පස්සෙ තාදි යෙධාට කියන්නෙ ඒ අතක් අත් දෙකෙන්ම අල්ලන් 

.. මෙහෙම ඉදලා ඉතින් බැදගන්න වෙන්නෙ මං වගෙ එකෙක්වම තමා

හොද කොල්ලෙක්ව බැදන් පවුල් කන්න නම් ඉගෙන ගන්න ඕනි කෙල්ලෙ..

ඒ සුදු මූණ එක් අතකින් අල්ලලා මිරිකන ගමන් කොල්ලා කියන්නෙ දිලිසෙන ඇස් වලින් 

" මො..මොකද්ද බදින්න වෙන කෙනෙක්ව.එතකොට තමුසෙ මේ මාව එක්කන් ආවෙ වෙන එකෙක්ට පුදන්නද?" 

කොල්ලගෙ වචනෙත් එක්ක ආදර ලීලාවෙන් කාලි ලීලාවට ආපු තාදි කොල්ලා මූණ අල්ලන් උන්නු කොල්ලගෙ අතටත් ගහලා පුප්පලා කොල්ලා ගාවින් ඈත් උනෙ කොල්ලා මොකුත් නොකියා කෙල්ල දිහා බලන් ඉන්ඩැද්ද්...

________________________

යෙධා ඇත්ත කියන්න ඇද්ද? නැත්නම් අවුස්සන්න කියන්න ඇද්ද? 👀 ඔයාලා හිතන දේ කියන්න බලන්න