Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:45

හෘද ලිලී - 49

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *හතළිස් අටවෙනි කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

සිතුම් කිව්වෙ *නෑ නෑ නංගි.මේ පැත්තෙ නැ..අර ඈතින් පේන කන්දෙ දකුණු පැත්තෙ ගම් වල තමා ඉන්නෙ* කියලා

" ආ හ්ම් "

___එතැන් සිට___________________


කෝමින් කෝම හරි වෙලාව ගෙවිලා ගිහින් සිතුම්ගෙ වීල්රාජයා එක්ක සිතුම්ගෙ තනි තට්ටුවෙ සුදු හුණු බිත්ති තියෙන මහ ගෙදර ගාවින් යෙධාරත් තාදිත් බැහැගත්තෙ හිත් ඇතුලින් එන අමුතුම ෆීලින්ග් එකත් එක්ක

ඩබල ඒ දේට නමක් දෙන්න නොදන්නවා උනාට මට හිතෙන හැටියට නම් ඒ අලුත බැදපු ජෝඩුවක් ඉස් ඉස්සෙල්ලාම දෙන්නා එක්ක ජීවිතෙ පටන් ගන්න තැනට ආවහම කපල් වලට දැනෙන ඒ හැගීම වෙන්න ඕන..

කොහොම උනත් සිතුම් අත තිබ්බ යතුර අරන් යෙධා අද ඉදන් ඉන්න යන සිතුම්ගෙ මහ ගෙදර ප්‍රධාන දොර පලු දෙක තමන්ගෙ අතින් විවර කරද්දි තාදිනිත් යෙධා ගාවටම ඇවිත් සිතුම්ගෙ කීමත් එක්ක දකුණු අඩිය ඉස්සරහින් තියලා ගෙට ඇතුල් උනෙ 
යෙධාගෙ හැඩිදැඩි බාහුවක වෙලෙමින්..

පිටට සුදු පාටත් ඇතුළට කහ පාටත් ගාපු සුදු බිත්ති...කාමර දෙකයි කුස්සියයි සාලෙයි එක්ක යෙධාටත් තාදිටත් ජිවත් වෙන්න වැඩි තරම් හොදට සිතුම්ගෙ මහ ගෙදර තිබ්බෙ ඉහලින්..

*මචං කාමර දෙකක් තිබ්බට එක ඇදයි තියෙන්නෙ නම්.සෝෆාවක් තියෙ ප්ලාස්ටික් පුටු දෙකක් තියෙ,උබලට උයාගන්න ගෑස් එකකුයි ලිපකුයි එක්ක අලුත් පිගන් කෝප්ප සෙට් එකකුයි උයන භාණ්ඩයි තියෙයි..*

*ටොයිලට් එකයි නාන ලිදයි මචං තියෙන්නෙ පිටිපස්ස පැත්තෙ.උබලා කනවද නොකනවද නම් දන්නැ ඒත් මං එලවලු පරිප්පු ටිකක් ගෙනත් තිබ්බා*

ගෙදර අහුමුල්ලක් නෑර ඇස් වලින් පිරික්සන කෙල්ලයි කොල්ලයි දිහා බලලා සිතුම් කිව්වෙ ගෙදර දොරේ බඩු ගැන විස්තරයක්..

.. උබට තැන්කිව් කියලා වචනෙන් කියන්න බැරි තරම් බන්.මේ අපි දෙන්නට වැඩිත් එක්ක.

උබට කොහොම ස්තූති කරන්නද මන්දා..

සිතුම්ගෙ කතාවත් එක්ක ගේ වටා යැවුනු ඇස් සිතුම්ගෙ දිහාවට එල්ල කරන් යෙධා කිව්වෙ ස්තූති බැල්මකින්.

*තැන්කිව දීපන් බල්ලට උබලා දෙන්නා හොදින් නම් මං සතුටින්.එහෙනම් දෙන්නා එක්ක අස්පස් කරගන්නකො*

*අනිද්දට මං උබව මෝලෙ වැඩට දාන්නම්.උයන්න එපා මං උබලට අද කන්න ගේන්නම්*

යෙධගෙ පිටට තට්ටු කරලා සිතුම් කිව්වෙ සහෝදර භක්තියෙන්..

සිතුම්ගෙත් යෙධාගෙත් කතාවට හූමිටියක්වත් නොතිබ්බත් සිතුම්ගෙ උදව්වත් එක්ක සිතුම් ගැන සහෝදර හැගීමක් තාදිගෙ ඇස් වලත් තියෙනකොට

යන්නම් නංගි ගාගෙන සිතුම් ගියෙ තාදිත් හිනාවෙලා සිතුම්ට සමුදෙද්දි..

,,

යාලුකම් කියන්නෙ මෙන්න මේවයි කියලා ටක්කෙටම ඔප්පු කරලා සිතුම් ගියායින් පස්සෙ කොල්ලයි කෙල්ලයි දෙන්නම ඇදුනෙ පිටිපස්ස දොරත් ඇරගෙන එලියට..

බලන බලන තැන කොළ පාටයි..කොස් ගස් කෙසෙල් ගස්.බඩ ඉරිගු යායවල්.කුඹුරු. යෙධාත් තාදිත් අදුන නොගත්ත භෝගත් මිදුල පුරාත් ඇස් වලට අහුවෙන මායිම් වලත් තිබ්බෙ හරි ලස්සනට.

"මෙහෙ පෑවිල්ල කිව්වට බලන හැමතැනම කොළ පාටයිනෙ අනෙ"

වටපිටාව දිහාම බලලා පැත්තක තිබුනු ගස් කොටයක් උඩින් වාඩි වෙලා උන්නු යෙධා ගාවට ගිහින් හිටගන්න ගමන් තාදි කිව්වෙ එක අතක් ඉනටත් තියන්

යෙධාගෙ ඇස් නම් දැන් විනාඩි ගානකට කලින් ඉදන්ම තිබ්බෙ වටපිට සිරි නරබපු තාදි ගාව

දනිස්සට තියෙන මල් මල් ගවුමට කෙල්ල හැඩයි..සකබඹරෙ වගෙ කැරකෙනකොට ඊටත් වඩා හැඩයි..

.. අල්ලලා මිරිකන්න හිතෙනවා.. තාදිව දකින දකින වාරයක් පාසා යෙධාගෙ හිත යෙධාට කියන්නෙ ඔහොම

ඉනටත් එක අතක් තියන් වටපිට යවන ඇස් තමන් දිහාවටත් එවන ගමන් තමන් දිහා බලන කෙල්ලව ඇදලා අරන් තුරුල් කරගන්න හැගීමක් එනකොට ඒක හින් සීරුවෙ යටපත් කරන් කොල්ලා කිව්වෙ

.. මේ කාලෙට වහිනවා ඇති.. කියලා 

"ඔව් නේද?ඒක තමා මෙච්චර ලස්සනට ඇත්තෙ.පායද්දි නම් එපා වෙයි නෙහ්.මොකද්ද අර ඔයාව මෝලට දානවා කිව්වෙ "

යෙධාගෙ උත්තරෙත් එක්ක වටපිට බලන එකත් නතර කරලා දබරැගිල්ලෙන් තොල නොපිටට හරෝන ගමන් තාදි ආයෙම ප්‍රශ්නයක් ඇහුවෙ යෙධාගෙන්


.. රස්සාවක් නොකර කොහොමද මෝඩියෙ ජීවත් වෙන්නෙ.අරූ මෙහෙ තියෙන ලී මෝලට දාලා දෙන්නම් කිව්වා

තමුසෙ පැහෙන්නැතුව ඉන්නවකො.ලග පාත ඉස්කොලයක් තියෙනවා කිව්වා ඒකට දාන්නම් මං ඉක්මනටම.

ඔහේව මං බලාගන්නම් තාදි.බය වෙන්න එපා ම්ම්..

තමන්ගෙ ඉස්සරහට වෙලා හිටන් ඉන්න තාදිගෙ ඔලුව අතගාලා යෙධා වචන කළේ තාදි වෙනුවෙන් තමන්ට කරන්න බැරි දෙයක් නෑ කියන හැගීම වක්‍රකාරව

යෙධාගෙ වචනයක් වචනයක් ගානෙ තමන් වෙනුවෙන් ලියවුනු හැගීම තාදිට වචන වලිනුත් තමන්ගෙ ඇස් ඉස්සරහට වෙලා කොටයක් උඩ වාඩි වෙලා ඉන්න නාහෙට නාහන කොල්ලගෙ ඇස් වලිනුත් පෙවුනා

ඇත්තටම පුදුමයි කාලෙකට කලින් පේන්න බැරි උනු කෙල්ල වෙනුවෙන් අද ඉදන් මේ නාහෙට නාහන නහරකාරයා ගන්න හදන වගකීම් ගොන්න ගැනත් .

කොහොම උනත් යෙධාගෙ වචනත් ඒ ඇස්වල බැල්මත් එක්ක කාත් කවුරුවත් නැති ලෝකෙ තමන්ට එක්කෙනෙක් හරි ආදරේ කරන්න ඉන්නවනෙ කියලා හැගීම තාදිට එනකොට

දෙපාරක් නොහිතා ඒ ඇගට බරවෙන ගමන් ඉකිගහන්න ගත්තෙ තාදි හරි හයියෙන්...

..මොකද මගෙ මැණිකෙ ම්ම්..කවදා ඉදන්ද හොට්ටියක් වෙන්න පටන් ගත්තෙ
ඉස්සර ගැහුවත් කදුලක් ගන්න බැරි එකිනේ යකො මේ..

තමන්ගෙ තුරුලට පැනලා තමන්ගෙ බෙල්ලෙ එල්ලිලා අඩන කෙල්ලගෙ පිට සෙනෙහසින් පිරිමදින ගමන් කොල්ලා කියන්නෙ ආදරෙන්...

.. කෝ මගෙ හොට්ටි නවත්තනවකො ඔය ඇඩිල්ල
අඩවන්නද මං මෙච්චර දුරක් අරන් ආවේ ම්ම්

ඕනිම දෙයක් කියනවා තාදි මට,මොන ලෝකෙන් හරි මං උබට ගෙනත් දෙන්නම් 

මං දන්නැ බන් මං ඇයි උබ වෙනුවෙන් මෙහෙම කරන්නෙ කියලා.හැබැයි මං උබව බලාගන්නෙ පණ තියෙනකම් විතරක් නෙමෙයි පණ නැති උනත්

මං ඉන්නවා සුදු පැටියො උබට.හැමදාම වචනෙන් කියන්න බෑ ඒත් මේ දැන් කිව්ව ටික හොදට මතක තියාගනින් වස්තු..

ඒ කම්බුලකුත් උරහිස්සකුත් ඉබින ගමන් යෙධා කිව්වෙ තව ටිකක් තදට තාදිව තමන්ට තුරුලු කරන්..

යෙධාගෙ බෙල්ල වටා තාදිගෙ අතුත් තාදිගෙ ඉනත් කොන්ද වටාත් යෙධාගෙ අතුත් තදට බැදිලා තියෙනකොට

යෙධාගෙ වචන එක්ක තව ටිකක් හයියෙන් ඉකි ගහන කෙල්ලගෙ කකුල් දෙක යටින් අත් යවලා තාදිව ගත්තෙ තමන්ගෙ ඔඩොක්කුවට ගත්ත යෙධා තාදිව අල්ලන් ඉන්න අත් වල ග්‍රහණය ටිකක් වැඩි කලෙ තව තවත් තමන්ගෙ සිරුරට තාදිව තද කරගන්න ගමන්.

_______________________

එයාලට ඉන්න දීලා අපි යං..🙈💗