_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *දෙවන කොටස (02)*
පෙර කොටසින්,,,,
*හප්පෙ සුදු පුතෙ මේකනෙ...*
____එතැන් සිට___________________
*අපේ මේ ලොකු කුමාරිහාමි,අර යැව්වයි කිව්ව සිදාදියෙ කොල්ලෙක්ට ගහලලුනෙ ඉස්පිරිතාලෙ යන්ඩම*
*අර අමාරු උනහම දාන්නෙ සුදු පුතෙ..ඒ ඉලන්දාරියා දාලා ඉන්නෙ ආන් ඒකෙලු දැන්*
*මහ නිළමේට යකා නැගලා මහ මෑනිකෙටත් කෑගහලා.හෙටම ඔන්න ලොකු කුමාරිහාමි ආපහු එනවලු ගමට*
*හැදෙන්ඩ කියලා යැව්වත් මොකද සුදු පුතෙ ඕකෙන් මේකෙන් වෙලා තියෙන්නෙ අපෙ ලොකු කුමාරිහාමිගෙ තද මුරණ්ඩු ගති ටික වැඩි වෙලා ගොහින් තියෙන එක විතරයි*
මං අහපු කාරණාවත් එක්ක බර හුස්මක් අතෑරපු අපෙ අම්මා මගෙ කනට වැටුනු කතාවෙ දිග පළල මැනලා විස්තරෙ කිව්වෙ කම්බුලටත් අත තියලා
#ලොකු කුමාරිහාමි
*මහ නිළමෙගෙත් මහ මැණිකෙගෙත් වැඩිමල් දුව වගේම සුදු හාමිනෙගෙ අක්කා *අහිලි අමායානා දොන් පියස්*
සුදු හාමිනෙ සුදු නෙළුමක් නම් ලොකු කුමාරිහාමි කටු පදුරක්.
සුදු හාමිනේට හාමිනෙ කියන්නත් ලොකු හාමිනෙට ලොකු කුමාරිහාමි කියන්නත් සහෝදරියො උනත් අහසට පොළොව වගෙ වෙනස් වෙලා නපුරු උනු ලොකු කුමාරිහාමිව ගමේ කවුරු කවුරුත් මහ නිළමෙගෙම කපාපු පලුව කියලා හැදින්නුවෙ
ඒ තරමට සුදු හාමිනෙහෙ සිතුවිලි වල ඉදන් ඇගෙ පැහැය ඇරෙන්න පෙනුමෙ ඉදන්ම තිබ්බ නපුරු පාට හින්දා
.. ඒ කොල්ලා ලොකු කුමාරිහාමිට කරදරවත් කළාද දන්නෑ අපෙ අම්මා..
ඇස් දිහා බැලුවත් ගිනි පිටවෙන බැල්මවල් පාන ගමින් පිටවෙන්න කලියෙන් මගෙ මතකෙ රැදුනු ලොකු කුමාරිහාමිගෙ නපුරු රූපෙ මතක් කරගෙන මං අපෙ අම්මට කිව්වෙ
නපුරු උනත් ලොකු කුමාරිහාමිට සුදු හාමිනේට තරම්ම කැපෙන්න තිබුනු රූප සොබාව හින්දා
*අනේ නැහැ ඉදු අයියේ,ඒ අපේ අප්පච්චි අපෙ අක්කට බලපු මනමාලයා*
*අක්කට අවුරුදු 21 හින්දා අප්පච්චිලා හිතාන උන්නෙ අක්කගෙ මේ උපන්දිනෙට අක්කවයි ඒ අයියවයි එන්ගේජ් කරන්න*
*කොහෙද අනේ ඉතින්.ඒ අයියා ගිහින් ඔයාගෙ අප්පච්චි හෙව්ව මනමාලයා මං කියලා කිව්ව විතරයි පරල වෙලා අපෙ අක්කා ඒ අයියට හොදටෝම ගහලනෙ*
අපෙ අම්මා දිහාත් මගෙ දිහාත් සැරින් සැරේ බලන ගමන් සුදු හාමිනෙ කියවන් ගියේ දුකින්...
යක්ස ලොකු කුමාරිහාමි.. හිතාගත්ත හැකි අවුරුදු 16දී තිබ්බ නපුරුකම දැන් වැඩි වෙලා තියෙන තරම්
කොහොම අමතක වෙන්නද ඒ ගිනි ගහන ඇස් දෙක.
එකත් එකටම හෙටින් පස්සෙ වලව් වත්ත තියෙයි අබ දැම්මත් පුපුරන ගානට
සුදු හාමිනෙගෙත් අපෙ අම්මගෙත් කතාව ලොකු කුමාරිහාමිගෙ ළදරු වයසෙ නපුරකම් වලිනුත් පිරෙනකොට
.. මං ගිහින් නාගෙන එන්නම් අපෙ අම්මා .. කියාගෙන ළිද ගාවට හෙමි හෙමින් අඩි තියලා මං ආවේ ලිද මායිමට වෙන්න ගැට ගහලා තිබුනු වැලෙන් අදින්න සරමකුත් කමිසෙකුත් අරගෙන.
__,,,,,
එක දෙක එකින් එක පනිට්ටු පාරවල් ලිදෙන් ඇදලා ඔලුවෙ හලා ගන්න ගමන් මගෙ මතකෙ ඇදිලා ගියේ මීට අවුරුදු පහකට කලින් ටවුමෙ ඉදන් කෝස් එකෙ නිමාඩුවට ඇවිදන් හිටපු අගෝස්තු මාසෙ දිහාවට
ඉද හිට හම්බෙන නිමාඩුවට අපෙ අම්මව බලන්න තියෙන උවමනාවටම නිමාඩුවක් හම්බුනු ගමන් මං ගමට එන්නෙ ආසාවෙන්..
අගෝස්තු මාසෙ අල්ලලා එනවා කියන්නෙ කොහොමත් කොල්ලො කුරුට්ටො එක්ක සරුංගල් යවන්න පුලුවන් සරුංගල් කාලේ
ලොකු පොඩි කියලා නෑ..අදටත් වෙලෙ පැනලා ඉවුරු දිගෙ දුවන ගමන් සරුංගල් යවන්නෙ කොල්ලො කුරුට්ටො හරි ආසාවෙන්.
එදාත්..
නිමාඩුවට ගෙදර ඇවිත් සතියකට විතර පස්සෙ අහල පහල පොඩි උන් ටිකත් එක්ක සරුංගලයකුත් හදාගෙන වෙලේ පයින්න හිතාගෙන උන්නෙ සරුංගල් යවන්න
සුදු හාමිනෙට එතකොට වයස අවුරුදු 15යි..දැන් වගේමයි ඒ කාලෙදිත් සුදු හාමිනෙ වලව් උෂ්ණෙ පැත්තක තියලා ගමෙ අය එක්ක සෙල්ලම් කරන්න එන්නෙ ආසාවෙන්
කොහොමත් අපෙ අම්මා වලව්වෙ වැඩ කරන නිසා සුදු හාමිනෙ වැඩි හරියක්ම ගත කළේ අපෙ ගෙදරින් වලව්වටත් වලව්වෙන් අපෙ ගෙදෙට්ටත්
අපෙ අම්මගෙත් හිතෙයි කටෙයි දෙකක් නැති හින්දා මහ නිළමෙ උනත් සුදු හාමිනේට අපෙ ගෙදරට එන්න තහංචි දාලා තිබ්බෙ නෑ..
ඉතින් ඒ නිසාම එදා පොඩියට හිටපු සුදු හාමිනේගෙ අතකිනුත් අල්ලන් එයාට වඩා අවුරුදු හයකින් වැඩිමහල්ව උන්නු මං සුදු හාමිනේවත් එක්කගෙන දෙවැට දිගෙ ගිහින් වෙලෙ නියරට ගොඩ උනෙ සුදු හාමිනේවත් පරිස්සමෙන් එක්කරගෙන වෙලෙ කෙළවරෙ තිබුනු ගල් පොත්තට නැගලා සරුංගල් යවන්න හිතාගෙන
*ඔහොම නැවතියන්*
නියර දිගෙ සුදු හාමිනේව ඉස්සර කරන් ඇවිදන් යන ගමන් හිටපු මගෙ අඩි ටික ලප් තැනම ලොප් උනේ මගෙ පිටිපස්සෙන් ඇහුනු ගැහැනු ළමයෙක්ගෙ උනත් අහංකාරකම බල පරාක්‍රමය පිරිලා ඉතිරිලා යන්න තරම් සැර පිරුණු කටහඩක් හින්දා
*හ්හ් අක්කා*
පිටිපස්සෙන් ඇහුනු කටහඩත් එක්ක මගෙ ඉස්සරහින් උන්නු සුදු හාමිනෙ ඉක්මන් කරලා මගෙ අත අතෑරලා කටහඩෙ සැරට බය වෙලා ඇස් වල කදුලු පුරව ගන්න ගත්තෙ මගෙනුත් ඉක්මනින් අහක් වෙලා
මං නපුරු නෑ.මගෙ මූණෙන් නපුරු පාටක් පෙනුනත් පොඩ්ඩ ඇත්නම් ඇවිලෙන්න තරම් නහරයක් ඇත්තටම මගෙ වැඩි නෑ.
ඒත් එහෙමයි කියලා පිරිමි වෙන්න දගලන ගැහැනුන්ට මං ආසාත් නෑ..
කොටින්ම කිව්වොත් ජීවිතෙට නොදැක්කත් ගමෙ අයත් අපෙ අම්මගෙත් සුදු හාමිනෙගෙත් කතා බස් ඇතුළෙ ගොඩ නැගුනු මහ නිළමෙගෙ වලව් උෂ්ණෙ ගහපු වලව්වෙ ලොකු කුමාරිහාමි ගැන දන්න දවසෙ ඉදන් මගෙ හදවතෙ සුදු හාමිනේට වගේ කිසි ලෙංගතුකමක් නෑ
ඇහිලා තිබුනු කතා එක්ක මගෙ රූපෙ ලොකු කුමාරිහාමි ගැන මැවිලා තිබුනෙත් මහාම මහා උද්ධච්ච නැට්ටිච්චියක් විදිහට.
පිටිපස්සෙන් ඇහුනු සැර කටහඩට පස්සෙ කුලප්පු වෙලා වගෙ වේගවත් අඩි හඩක් මගෙ කන් පිටිපස්සට එදා ඇහෙනකොට
හිතෙ ඇදුනු උද්ධච්ච නැට්ටිච්චිව ඇස් දෙකට මුලින්ම බලා ගන්න හිතාගෙන සුදු හාමිනේ දිහත් එක පාරක් බලලා මං පිටිපස්ස හැරුනෙ වයසින් වැඩිමල් උනත් තරාතිරම් එක්ක වලව්වෙ ඇත්තන්ට පෙන්නන්න ඕන කරන බයාදුකම ඇස් වල තියන්
________________________
ඊලග කොටසින් හම්බෙමු...