_____•• *අහංකාර වලව් හාමිනේ~* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *පළමු කොටස (01)*
උදෙන්ම ලැබුණු ගැමුණු අයියගෙ දුරකථන ඇමතුමට කුකුළත් අතින් අරගෙන උදේ හයයි ගානට මං ගෙදර දොට්ට පිලෙන් එළියට බැස්සෙ ගමට ආවාත් හරි
හා හා පුරා කියලා පිටගමකින් ලැබුණු මුල්ම වැඩේට බහින්න
*මං සසිත ඉදුවර*.නමේ ඉස්සරහින් වාසගමක් නොලියුණු අවුරුදු 25 ක්ම මාව එපා නොකියා මාව වදලා හදා ගත්තු අම්මව බලාගෙන ඉන්න මජං නාන කොල්ලෙක්.
මීට අවුරුද්දකට කලින් ටවුන් එකෙ ගරාජ් එකක වැඩ කරපු මං අම්මගෙ අසනීප තත්වෙත් එක්ක ටවුමෙ රස්සාවත් අත ඇරලා ගම ඇතුලේ වාහන හදන්න පටන් ගත්තෙ අප්පෙකුත් නැතුව මාව උස්මහත් කරපු අම්මව බලාගන්න ඉන්න එකම ප්‍රාණියා මං නිසා.
හැමදාම වාහන හදන්න හම්බුණෙ නැතත් සතියට දෙතුන් වතාවක් නම් ගමේ ඉන්න රස්තියාදු පොඩි එකෙක්ගෙ ඇනගැනිල්ලකට හරියන්න උස් රෝද දෙකක් *අනේ ඉදු අයියෙ මේක හදලා දියන්කො* ගාගෙන අපේ ගෙදර දෙවැටෙන් නතර වෙනවමයි.
ගමට ආවාත් හරි පිටගමක උන්නු ගැමුණු අයියගෙ කලු පාට ජිප් රිය හදන්න ඇමතුමක් ආපු පාර ඒකත් හදලා දීලා ගෑවුනු මජං පිටින්ම මං ගෙදර ආවේ අවුරුදු 18 ඉදන් ඇග හැමතැන ගෑවුනු මජං මගෙ ඇගේම කොටසක් වෙලා තිබ්බ හින්දා නොදැනුනු ලැජ්ජාවත් එක්ක.
හිමි හිමින් හිමි හිමින් ඇවිද ගිය පියවරවල් එක්ක උදේ දහය පහුවෙලා විනාඩි දහයක් ගෙවෙනකොට
සුදු පාට සමන් පිච්ච මලින් පිරුනු දෙවැට දිගෙ ගෙයි දොරකඩට මං ආවේ
ඇදන් ගිය නිල් පාට ගරාජ් කිට් එකේ උඩු බොත්තම් දෙක පන්නලා අතේ තිබ්බ යතුරු කවරෙත් ගෙයි පිල උඩින් තියලා..
ඇගපුරාම මජං.රැවුල් කොට පිරුණු තලෙලු මූණත් තහඩුවෙත් මජං
*සුදු පුතෙ උබට නම් කොච්චර කිව්වත් වැඩක් නැ.බීරි අලින්ට වීණා වයනවා වගේයි*
*කොච්චරවත් කියනවා ඔය දැලි කුණු පාට ගාන් පාර දිගෙ යන්ඩ එන්ඩ තියාගන්න එපා කියලා*
පිළ උඩට සමාන්තරව උඩින් එල්ලුනු හතරැස් කණ්නාඩියට පින් සිද්ද වෙන්න මගෙම මූණත් තහඩුව ඇස් වලට වැටුනු ගමන් මට තනියම හිනා ගියෙ අපෙ අම්මා මාව මෙහෙම දකින දකින ගානට කියන නෝක්කාඩු කතා මතක් වෙලා.
..අපෙ අම්මා මොකද වෙනදා වගෙ ගෙයි දොරකඩ නැත්තෙ..
වෙනදට ගෙයින් එළියට ගිහින් ගෙදර එනකම්ම ගෙයි පිළ උඩට වෙලා මග බලා ඉන්න අපෙ අම්මා අද පේන්න නැති හින්දා මං මටම මුමුණ ගත්තෙ ගෙයි පිළිකන්නෙ කුස්සි වහලෙන් දාන දුම් දිහත් බලලා
එකත් එකටම මාවත් අමතක වෙන විදියෙ කවුරුම හරි අපෙ අම්මගෙ ළිද ළග සංගමේට අහුවෙලා ඇති.
ඒකනෙ මේ සුදු පුතාව අද මතක නැත්තෙ...
මුලුඇග පුරාම තැනින් තැන
ගෑවුනු මජං යන්නම නාන්නත් අපෙ අම්මව කතාවට අල්ලන් ඉන්නෙ කවුද කියලා බලන්නත් හිතන් ගෙයි පිලිකන්නෙ තිබුනු ළිද ගාවට මං ඇදුනෙ ගරාජ් කිට් එකෙ ඉතිරි බොත්තම් ටිකත් පන්නලා වැලෙ තිබුනු අළු තුවා පටත් අරන්.
*හත්දෙයියනෙ හැබෑට,අපේ ලොකු කුමාරිහාමි ඒ මිනිහට පතබාලාද?*
*දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ,නොදන්න දේසේක ගෑනු දැරිවියක් කියන දේත් අමතක කරලා මුරණ්ඩුකම් පානා එක හරිද මං අහන්නෙ?*
*මහ කුමාරිහාමි නම් ඕන දෙයක් වෙච්චාවෙ කියලා ඉදී.එකත් එකටම ලොකු කුමාරිහාමි ආව ගමන් මහ නිළමේ එක්ක ආයෙම රණ්ඩු අල්ලාවි*
*මට නම් තේරෙන්නෙ නෑ සුදු හාමිනෙ.මහ නිළමෙගෙම කුකුළ් කේන්තිය තමා අපේ ලොකු කුමාරිහාමිටත් ගිහින් තියෙන්නෙ*
*අප්පයි දුවයි එක වල්ලෙම පොල් ඕං*
ගෙයි පිළිකන්නෙ වැටමාර ගස් අස්සෙන් තුවා පටත් උරිස්සෙ දාන් කුස්සියට ළං වෙනවත් එක්කම මට ඇහුනෙ කාත් එක්කදෝ කියවන අපෙ අම්මාගෙ දුක් ගැනවිල්ල
*මොනවට කියනවද කුසුමෙ අම්මා දන්නවනෙ අපෙ අක්කගෙ හැටි*
*හිටියට වඩා මුරණ්ඩු වෙලාලු.නැත්නම් කොල්ලෙක්ට ගහයිද අනේ පස්සෙන් ආවා කියලා*
අපෙ අම්මගෙ ළිද ළග කදේට එක් උනු කයියකාරිත් අපෙ අම්මගෙ කතාවට උල්පන්දන් දුන්නෙ මං ගිහින් කුස්සිය දොරමුල්ලෙ උලුවස්සට හේත්තුවක් දාද්දි
*අපෙ අප්පේ සුදු පුතා.හාංකවිසියක් මතක නැතුව ගියානෙ මයෙ අම්මා අද ගෙයින් එළි බැස්සා කියලා*
*සුදු හාමිනේ පයිණ්ඩෙ අරන් ආවාත් හරි හැමදේම අමතක උනා*
සුදු හාමිනෙ එක්ක කතා කර කර උන්නු අපෙ අම්මගෙ ඇස් වලට මාව අහුවුනු තැනදි අපෙ අම්මා මෙහෙම කිව්වෙ ගැස්සිලා මං දිහා බලන් ඉන්න සුදු හාමිනෙ දිහත් බලලා
#සුදු හාමිනේ
බෙරලිගල්ල අපෙ ගම් තුලානෙම වංශක්කාරයො විදිහට එදා හිටන් හිස නමන බෙරලිගල්ල වලව් වත්තෙ දොන් පියස් මහ නිළමෙගෙ පොඩි දුව *අශිනි අමායානා දොන් පියස්*
සුදු පාට මුහුණ,රෝස පාටට හැරුනු කම්බුල්.ශ්‍රියා කාන්තාවකගෙ හැඩ ගත් ශරීරෙ , අවිහිංසක ගතිගුණ.. ගමේ මිනිස්සු කරොලිනා මහ මැණිකෙට පස්සෙ ආදරේ කරන එකම වලව්කාරයා උනෙ සුදු පාට නෙලුම් මලක හැඩේට සමාන, වලව්කාරිනියක් උනත් වලව් මාන්නෙ නියපොතු අග්ගිසකවත් නැති වලව් වත්තෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොවටින අපෙ ගෙයි ඇතුලෙ බංකු පුටුවෙ ඉදන් ඉන්න සුදු හාමිනෙව.
.. අපෙ අම්මටත් කියවන්න තියෙයි නම් කවුරු උනත් මොකද?
නාගන්න කියලා අපෙ අම්මා,මොකද්ද දැන් සුදු හාමිනෙයි අපෙ අම්මයි බරසාරෙට කියොපු ඔය ඕපදූප කතාව..
කුස්සියෙ උලුවස්සෙන් ගෙයි බිම්කඩට බර උනු මං ලාවට රෝස පාට ගැහිලා ඉන්න සුදු හාමිනෙ දිහත් එක පාරක් බලලා මීට ඩිංගකට කලින් කනට වැටුනු කතාව ගැන අපෙ අම්මගෙන් ඇහුවෙ අපෙ අම්මාත් සුදු හාමිනෙත් ඔහොම කලබල වෙන්න තරම් වලව් වත්ත ගිනි තිබ්බෙ මොකද්ද කියලා දැනගන්න දැනුනු හදිස්සි උවමනාවට...
*හප්පෙ සුදු පුතෙ මේකනෙ...*
_______________________
ඊළග කොටසින් හම්බෙමු,,,
මං A.Eshani Chathumika.. (𝓐.𝓔.𝓒)
react,comment කරන් යන්න❤️🩹දිගටම ලියාගෙන යන්න ඒක ලොකු උදව්වක්.