_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *පනස් දෙවන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
කොච්චර යෙධා කතා කලත් යෙධාගෙ පහසත් එක්ක වචනයක් ගැට ගහන්න තියා දැනෙන හැගීම් ගොන්නත් තෝරලා බේරලා ගන්න අමාරුවෙනකොට
යෙධාගෙ ඇගටම කවර් වෙලා තාදි නින්දට වැටුනෙ ඒ පපුවට ඔලුව තියන්..
_____එතැන් සිට___________________
නොහිතා උනත් එදායින් ඇරඹුනු ඒ කතාවේ ආරම්භයත් එක්ක අවුරුද්දක් ගෙවිලා ගියේ දෙන්නා අතර බැදීම වෙනස් උනත් ප්ලෑන් කරපු විදිහටම තාදි පිරිවෙනට ගිහින් ඉගෙන ගෙන එක්සෑම් එකත් ලියලා ඉවර වෙද්දි
කාලය වේගෙන් ගෙවිලා ගියා උනත් එදා රෑ තාදි යෙධාට ආදරෙයි කිව්ව නිසාත් යෙධාගෙන් උනු හදන්න බැරි හේතුවත් තාදි ගැන තියෙන ආදරේ නිසාත් දෙන්නාට දෙන්නා ආදරේ කරන ගමන් අවුරුද්දක්ම හීන් සීරුවෙ ගෙවලා දැම්මෙ ආදරෙන් වලියෙන් වගෙම සහයෝගයෙන්...
" හලෝ මගෙ කලු මහත්තයා "
අදත් පුරුදු විදිහටම ලී මෝලේ නන්දනගෙ කාර්‍යාලෙ ගනම් මිනුම් බොසා විදිහට වැඩ කරන උදව් ඕනි වෙලාවට කොට අදින පටවන යෙධා කොල්ලා ගත්තු ෆුට් සයිකලෙන් ගෙදෙට්ට එද්දි තාදි දුවගෙන මිදුලට පැන්නෙ යෙධාට තාදිව දැකලා ලස්සන හිනාවක් යද්දි...
.. ඈ යකෝ කලු උනා කියලා ඔහොම මූණට කියනවද?..
ෆුට් බයිසිකලේ පැත්තකින් හේත්තු කරලා එන ගමන් යෙධා කියන්නෙ කඩෙන් හැමදාම ගේන කඩචෝරු මල්ල තාදි අතට දිග් කරන්
" ආ මං ලග නෑනෙ ඔය බොරු ආටෝප.කෙලින්ම කියන්නෙ ඇත්ත තමයි "
යෙධා දුන්නු කඩචෝරු මල්ලත් අතට ගන්න ගමන් ඔහොම කිව්ව තාදී අත් දෙක දෙපසට කලේ කොල්ලට වඩාගන්න කියන්න
.. මේකිට නහයක් නැද්ද මන්දා.හඩු ගද ගගහා එද්දි වඩාගන්න කියන්නෙ..
" වඩාගන්න අනේ , විස්තරයක් කියන්නත් තියෙ"
කෙල්ල කියන්නෙ කඩචෝරු මල්ලටත් ඔලුව දාන ගමන්...
ආදරේ කිව්ව දවසට පස්සෙ ඉදන් ගෙවුනු අවුරුද්ද පුරාවටම කෙල්ලගෙ මේ හුරතල් ගති එකක් නෑරම යෙධාට පුරුදු වෙලා ගිහින්.
ඉස්සර මල යක්ෂණී වගෙ හිටපු එකී දැන් කොහොමද මෙච්චර හුරතල් වෙන්නෙ කියලාත් එක වෙලාවකට යෙධාර හිතනවා..
අත් දෙකත් දෙපැත්තට කරන් වඩාගන්නකො ගගා කෙල්ල ආයෙ ආයෙත් හුරතල් වෙනකොට කෙල්ලගෙ කෝළම් දිහා බලා ඉදපු යෙධා
ඒ ඉනෙන් උස්සලා වඩාගෙන ඒ කම්බුල් ඉබින ගමන් කෙල්ලත් එක්ක ගියෙ ගේ ඇතුලට..
,,,
කෙල්ලවත් වඩාගෙන ගේ ඇතුලට ගිය යෙධා සෝෆා එකෙන් ඉදගෙන කඩචෝරු මල්ලට එබිලා ඉන්න කෙල්ල දිහා බලා හිටියෙ ආදරෙන්...
තාදිට නම් යෙධා බලන් ඉන්නෙ තමන් දිහා කියන්න ගානක් නැ කෙල්ල ඉන්නෙ කඩචෝරු මල්ලට වහ වැටිලා
විනාඩි පහකට වගෙ පස්සෙ ගෙනාපු ටිපි ටිප් පැකට් වලින් එකක් තෝරන් කඩපු තාදි මුල්ම කොටස යෙධාගෙ කටට දාන ගමන් ඒ දාඩිය පිරුනු පපුවට තුරුලු උනෙ හැමදාම ගන්න කොල්ලගෙ යාලුවො හතර දෙනා අද ගත්තු පාර කිව්ව පණිවිඩෙ කියන්න හිතන්
" අහන්නකො "
.. ම්ම් ..
" ඔයැයිගෙ යාලුවො ටික අද කෝල් කළා හරිත.ඒගොල්ලො කිව්වා"
.. ම්ම් කිව්වා..
"එයාලා කිව්වා"
..මොකද්ද බන්.. කොල්ලා අහන්නෙ තමන්ගෙ පපුවෙ රෝම අස්සෙ දාඩිය බිදු අල්ලන ගමන් කෙකර ගාන කෙල්ල දිහා බලලා කට ඇද කරලා
" එක්සෑම් එකත් ලිව්වනෙ.ඉතින් ඒ හින්දා එයාලව බලලා පාටියක් දාන්න එහෙට එන්න කියලා"
.. තමුසෙ මොකෑ කිව්වෙ..
කෙල්ලගෙ කතාවත් එක්ක කිව්වෙ එන්නම් කියන එක කියලා දැන දැනත් නොදන්න විදිහට කොල්ලා ඇහුවෙ මූණ ටිකක් නපුරු කරලා
" මොකද්ද ඉතින් ඒයි,නොබැන්දට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්නෙ අපි.ඉතින් ඒ හින්දා මං කිව්වා මගෙ ආදරණීය හස්බන්ඩ්ගෙ හිත සුව හින්දාම මං නම් ඔහෙ එන්න කැමති කියලා
අනික එයාලා කිව්වා දැන් මේ අවුරුද්දට 18 හින්දා එහෙදි බදිමුත් කියලා
අනෙ සුදූ යංකො අපී.ට්‍රිප් එකක් වගෙනෙ ගිහින් එමුකො.
අපිට එහෙදි බදින්නත් පුලුවන් නෙ, කෝමත් ඉතින් මේ තාදි කැම්පස් නම් යන්නෙ නැ.අපිට පුලුවන් වෙන හොද ජොබක් හොයාගන්න
ඔයා දුක් වින්දා ඇති.ඉස්සරහට මං ඔයාව බලාගන්නම් හාද?"
එකදිගට නන්ස්ටොප් එක වගෙ කෙල්ල කියවන් ගිහින් ඉවර කලේ කෝළම් කරන ගමන්..
යන්නත් හිතයි කොල්ලට.යේශ් කේශ් ප්‍රබො මෙත් .උන් කොහොම වෙනස් වෙලා ඇද්ද කියලා හිතෙද්දි
ඒත් යන්න බයයි මෙච්චර කල් ගෙවුනු නිදහසට කණ කොකා හඩලයිද කියලා හිතෙද්දි
කොහොමත් කොල්ලගෙ එහෙ ඉතිහාසෙ අවුල් මෙහෙ ඉතිහාසෙ හොද උනාට .
ඉතින් ඒ නිසාම යන්නෑ කියලා ආපු දිහාවට ආයෙම යන්ඩ කොල්ලට හිත දෙන්නෙම නෑ
කොල්ලගෙ දාඩිය පිරුනු ඇගට තුරුල් වෙලා කොල්ලගෙ හැගීම් වෙනස් වෙන දිහා බලන් ඉදපු තාදිට ඔය නම් අවසානෙදි කියන්න හදන්නෙ "බෑහ්" කියන දේ කියලා ඉවෙන් තේරෙද්දි
ඉක්මන් කරලා ඒ උගුරු ගැටේට කෙල්ල හාද්දක් තිබ්බෙ යෙධා කල්පනා ලෝකෙන් මේ ලෝකෙට ගැස්සිලා එද්දි
..මොකො මොනවද ඉල්ලන්නෙ ම්ම්..
කෙල්ලගෙ කපටි ඇස් දිහාම බලාගෙන කොල්ලා අහන්නෙ ඒ නහයෙ නහය වද්දන ගමන්
" අපි යමුකො.හෙට කෝමත් නිමාඩුනෙ ඉරිදා හින්දා ඉතින් හෙට යංකො"
" ඉතුරු කරගත්තු සල්ලිත් තියෙ යාග් යංකෝ..අපි ගිහින් එහෙදි බැදලා මෙහෙ එමු හාද හාද
අරගොල්ලො ඔක්කොම රෙඩි කරයි බබූ
යංකො වස්තුවේ"
ඒ පපුවෙ එල්ලීගෙන කෙල්ල කියන්නෙ ආදරේට කොල්ලට කියන නිත්‍යාග් කොටසෙ යාග් කෑල්ලත් ඇදලා කරල පද්දලා කියන ගමන්
එක පැත්තකින් යන්න එපා කියන දේත් තව පැත්තකින් කෙල්ලගෙ ආසාවට බෑ කියන්න බැරිකමත් යෙධාට එනකොට යෙධා වැටුනෙ හරි අමාරුවක
_______________________
ඉවරයි කියලා හිතුවට ඉවර නෑ...👀 මෙයැයිලා බැන්දෙ නෑනෙ ඒයිලා
ඉවසීමෙන් කියවලා ඉන්ඩො.ඉක්මනින් වෙඩිමකට යං ම්ම්