Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 23 2026 @ 05:30

හෘද ලිලී - 7



_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *හත්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,


නොහිතපු වෙලාවක තමන්ව බය කලා වගෙ තමන්ගෙ වචන ඉස්සරහා යෙධාත් ගැස්සුනු බවක් තාදිට පෙනිලා යනකොට හිත ඇතුලින් නොසෑහෙන්න සංතෝස උනු තාදි රවන්න පුලුවන් උපරිම ප්‍රමානෙන් තමන් දිහා බලන් ඉන්න යෙධාට රවලා අතු ගාන්න ගත්තෙ පන්තිය අතෙ තිබ්බ කොස්ස අරන්..

____එතැන් සිට___________________
__

රවන්න පුලුවන් උපරිමෙට රවලා කොස්ස අරන් තාදි පන්තිය අතුගානකොට 


තමන්ගෙ කකුලට අන්ඩ කියලා අපහාස කරලා ඒ මදිවට රවන්න පුලුවන් උපරිමේට තමන්ට රවපු කොණ්ඩ කරල දිහා යෙධා බලන් ඉන්නෙ විසික් වෙලා යන්න පයින් ගහන්න තරම් කේන්තියකින්..


කොල්ලො එක්ක වචනයක් මිස් උනත් වලි දාගත්තට කෙල්ලො එක්ක වලි දාගන්නකමක් තමන්ගෙ ප්‍රතිපත්තිය ඇතුලෙ නෑ කියන්න යෙධාර හොදට දන්නවා..

හැබැයි මොකද්දො හේතුවකට තමන්ගෙ මේ ඇස් ඉස්සරහා ඉන්න ඇග නැතත් උස නැතත් අඩුම වයසෙ හැටියට පෙනුමක්වත් නැති කොට පොඩි හු* දකින කොට ගෑනු එක්ක නැතත් මේකි එක්ක නම් කෙ|ල|ගන්න ඕනි කියලා ප්‍රතිපත්තියක් ඇඩ් වෙනවා කියලා යෙධාරට තේරෙනවා


අම්මපා මේ හු*ව මට එක අතකින් උස්සලා අරන් වීසි කරලා දාතහැකි.

තාලෙට කොස්සත් අරන් අතුගාන තාදි ව දකිනකොට යෙධාරහෙ හිත යෙධාරට කියන්නෙ ඔහොම.

ශික්.කට හැකර අහිංසක නැති ගෑනු නම් මට පේන්න බෑ

ආයෙත් තාදි දිහා බලා ඉන්න යෙධා හිත එක්ක කියවන්නෙ ඔහොම.

දැනෙන කේන්තියට ඉදන් ඉන්න පුටුවෙන් පැනලා ගිහින් තාදිව අල්ලන් ඇරලා තියෙන ජනේලෙන් හෙල්ල විසික් කරනවා වගෙ විසික් කරන්න අමාරුවක් යෙධාට ඇති වෙනකොට

ගිනි ඇවිලෙන ගිනිගොඩකට වතුර දැම්මා වගෙ දෙමළ හැඩෙට මල් වැල් ගෙතුනු සුදු සාරිය ඇදගෙන කෙයිමි මිස් පන්තියට අඩිය තිබ්බේ යෙධාගෙ ඇස් එක එල්ලෙ පන්තියට අඩිය තිබ්බ කෙයිමි දිහාවට වැටෙනකොට..

" ගුඩ් මෝනින් දරුවනේ,ශා තාදියි සමායි හොද ළමයිනෙ.වෙරි ගුඩ් ඔහොම තමයි ළමයි උනහම තමන්ගෙ පන්තියට ආදරේ කරලා ඉන්න ඕනේ "

එක් අතක රැදුනු ලිලී මලක් ඇදපු වතුර බෝතලෙ මේසෙ උඩින් තියාගෙනම පන්තිය ඇතුලට ආපු කෙයිමි පන්තිය අතුගාන ගෑනු ළමයි දෙන්නට කිව්වෙ සෙනෙහෙබර බැල්මක් දාලා පන්තියෙ ඉන්න එකම පිර්මි ළමයා උනු යෙධා දිහත් ඇහැ කොනට බලලා 

" ගුඩ් මෝනින් මිස්" පන්තිය අතු ගගා හිටපු කෙල්ලො දෙන්නා තමන්ගෙ මිස්ගෙ කටහඩින් ඔලුව උස්සලා බලලා කෙයිමිට කිව්වෙ කට පුරා හිනාවක් දාලා 

" තාම අනික් තුන් දෙනා ආවෙ නැද්ද"

ආයෙම කෙයිමි තාදිගෙන් ඇහුවෙ පන්තියෙ අනිත් ගෑනුළමයි තුන් දෙනාගැන 


ම්හු..කටින් නොකියා ඔලුව දෙපැත්තට වනලා ගුරුවරුන් එක්ක වැඩි කතාවකට නොයන තාදි කෙයිමිට උත්තර දුන්නෙ සමා දිහත් එක පාරක් බලලා

" හරි දූලා අතුගාන්නකො.යෙධාර පුලුවන් නම් ගිහින් නාම ලේඛනයෙයි පන්තිවාර්තා පොතයි අරන් එන්නකො "

තාදි දුන්නු උත්තරෙටප්‍රති පිල්තුරුදීලා කෙයිමි ඊගාවට හැරුනෙ යෙධාර දිහාවට කරන්න ඕනි වැඩකුත් පවරලා 

ඒත් ඉතින් වැඩක් තියෙද?

මහ ඒජන්ත පැවරුවත් තමන්ට ඕන්නම් විතරක් වැඩ කරන පුරුද්ද තියෙන යෙධාර 

... දැන් යන්න බැ.එලියෙ ඉන්න කෙනෙක්ට කියන්න..

කියලා ගත් කටටම 
තමන් දිහාවට හැරුනු කෙයිමිගෙ මූණ දිහම බලාගෙන කිව්වෙ යෙධාරගෙ උත්තරෙට පන්තියෙ උන්නු කෙල්ලො දෙන්න පුදුමෙන් පස්සෙ නොරිස්සමෙන් යෙධා දිහාවට ඇස් ගේනකොට 

යෙධාගෙ උත්තරෙත් එක්ක යෙධා ඔහොම කියයි කියලා කලින්ම හිතපු කෙයිමි අහිංසක හිනාවකුත් දාලා ඇවිදන් ගියෙ පන්ති කාමරෙන් එලියට වෙන ළමයෙක් ඔෆිස් එකට යවන්න හිතගෙන

" අපෝ තමුසෙ නම් මහා මූ|ස|ල|යෙ ක්නෙ "

කෙයිමි ගිය සැනින් යෙධාර දිහාවට ඇවිදන් එන ගමන් තාදි කියන්නෙ අප්පිරියාවෙන් යෙධාර දිහා බලන ගමන් 

.. දැන් තමුසෙ මොකද්ද කියන්නෙ..

යෙධාරත් තමන් දිහා අප්පිරියාවෙන් මූණත් රතු කරන් බලන් ඉන්න තාදිගෙන් අහන්නෙ ගහගන්න වගෙ

" අච්චර අහිංසක ටීචටනෙ තමුසෙ ඔහොම කිව්වෙ.තමන්ට වඩා වැඩිමල් කියලාවත් අඩුම තමන්ගෙ ටීච කියලවත් ඔහෙට හිතන්න තිබ්බා

සැක් එක්කො මං මොකද ඔහෙට මේවා කියන්න යන්නෙ .මටත් පිස්සුනෙ "

මුල් ටික වේගෙනුත් අග ටික හෙමිනුත් කියවන් ගිය තාදි යෙධාට ගස්සලා අනික් පැත්ත හැරුනෙ ආයෙම කොස්සෙන් අතුගාන්න ගන්නගමන්..

..තමුසෙට පිස්සු තමයි,බෙල්ලෙන් අල්ලලා ගිහින් අංගොඩට භාර දෙන්න කලියෙන් කට වහන් මගෙන් ඈත් වෙලා ඉන්නවා..


තමන්ට පිටුපාලා අතුගාන තාදි දිහාම බලලා එහෙම කිව්ව යෙධාර ආයෙම ඒ එක් කකුලක් තියාගත්තෙ තාදී ගෙ පුටු කකුලෙ තිබ්බ යකඩ බටේ උඩින්...

තාදිගෙ පුටුවට එක කකුලකුත් තියාගෙන යෙධාර ඉන්ඩැද්දි තාදිත් සමාත් ඉවර උනෙ පන්තිය අතු ගාලා..

පස්සෙ විනාඩි කිපෙකට කලින් ආව අනික් ගෑනු ළමයි තුන් දෙනාට කුණු එක දුන්නෙ ගිහින් විසික් කරන්න කියලා..

*අනේ ඔයාලටම බැයිද ගෙනිහින් දාන්න,මට දූවිලි ඇලජික් අනේ* 

*ඔව් අනේ මටත් එහෙමයි*

*මටත් එහෙමයි ඒකමයි මං පරක්කු වෙලත් එන්නෙ* 

මුලු පන්තියම ඩෙස් ඇදලා කරලා අතුගාලා අවසානෙට ඉතුරු උනු කුණු එක විසික් කරලා වරෙන් කියලා කිව්ව තැනදි ඕන් ඔය විදිහට 
අනික් කෙල්ලො තුන්දෙනා බොරු පුස් ගතිය දාන්නෙ ඇස් කොනට පන්තියට වෙලා ඉන්න යෙධා දිහත් බලලා...

නාටිකාංගනාවො තුන් දෙනා නම් වලින් තේශි,කේන්‍යා,මෙනෝලි..

රූපෙ ලස්සන ඇරෙන්න වෙන නම් ඇති ල|බ්|බක් නෑ මුන්ට
.හැබැයි තියෙනවා වගෙ රගපාන්නෙ කුණු එකගිහින් විසික් කරන්න බැරි හින්දම..


තාදිට නම් දැන් මල
ඇයි ය|කෝ අතුත් ගාලා මුන්ගෙ බොරු පුස් එක අහන් ඉදපන්කො..

නාලා වරෙන් ඉතින් බේරෙ වැවෙන්,නැද්ද අනේ මාර වාතයක්නෙ...

කෙල්ලො තුන් දෙනා යෙධාටත් එලියෙ ඉන්න කොල්ලො ටිකටත් පේන්න ඇබරිඇබරි තව තවත් පුස් ගතිය කියවද්දි

ඔය වගෙ ඒවට තරහා යන සමා කිව්වෙ " ඒවා වැඩක් නැ,ඔයාලගෙ පරණ ඉස්කොලේ වගෙ මෙහෙ ඉන්න බැ,එකතු වෙලා වැඩ කරන්න ඕනි.

යන්න දැන් ගිහින් විසික් කරලා එන්න " කියලා..

__________________________
ලයික් දාන් යන්නෙ කියොන හින්දනෙ නේද? මේ කතාව එපා වගෙ නම් කියන්න ඈ