Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 22 2026 @ 10:46

හෘද ලිලී - 6



_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *සයවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

එකා දෙන්නා ගානෙ පොරකාකෙන ගිහින් නැගලා බස් එක ෆුල් ලෝඩ් වෙද්දි ඊට පිටිපස්සෙන් ආපු කලු වීල් එකට තාදිනි නැග්ගෙ තාදිනිගෙ අම්මා ගාමට් යන නිසා තාදිනිව ගෙට උඩහා පියුමි නැන්දාගෙ වීල් හයර් එකට දාලා තිබ්බ නිස..

_______එතැන් සිට_________________

එදා දවස ඒ විදිහට ගෙවිලා ගිහින් දොළහ වසරෙ දෙවෙනි දවස පටන් ගන්නකොට කොල්ලො පස් දෙනා හිටියෙ මල් සරාගෙ හීසර වැදුනු කොල්ලො තුන්දෙනාගෙ ප්‍රියම්භිකාවො බලන්න කැන්ටින් එක ගාවට ගිහින්.

කොල්ලො තුන් දෙනා නම් තමන්ගෙන් අගලක් ඈතින් කෙල්ලො තියාගෙන මල් කඩන ගමන් දැන් ඉන්නවා..

ඒ අතර 

සිංගල් ජීවියො දෙන්නා රුපියල් 55ක් උනු රෝල්ස් දෙකකටයි රුපියල් 45ක් උනු වඩේ දෙකකටයි කැන්ටිමෙ බැම්මට වෙලා ඉදන් ඉන්න ගමන්වග කියනවා..

*යෙධා*

ප්ලේට් එකෙ තිබ්බ වඩයක් අතින් අරන් කටට දාගන්න ගමන් මෙත් කතා කරන්නෙ කැන්ටිමෙ ඉන්න කොල්ලොන්ට පේන්න උකුලු මුකුලු දාන අට වසරෙ පොඩි සිප්පි කටු දිහා බලා ඉන්න යෙධාට යෙධාගෙ පිටටත් තට්ටුවක් දාගෙන 

..කියපන්..එ සැනින් මෙත් දිහාවට ඇස් අරන් ඇවිත් ආයෙම පොඩි සිප්පි කටු දිහාට ඇස් යවන ගමන් යෙධා කිව්වෙ මෙත්ට කියපන් කියලා 

*ඈ බන් යෙධා උබ ඇයි ඊයෙ අර කෙල්ලට එහෙම කළේ* 

ඉයෙ ඉදන් සෙට් එකටම අහන්න ඕන වෙලා තිබ්බ
ප්‍රශ්නෙ තමයි මේක..

ඒත් යෙධා ඊයෙ දවසම කේන්තියෙන් ඉන්නවා වගෙ දැක්ක නිසා කොල්ලො ටික මොකුත් අහන්න ගියෙ නෑ


කොච්චර වලිකාගත්තත් 
කෙල්ලෙක් තමන්ට හිනා උනා කියලා පස්සෙන් පන්නලා ගිහින් කුනුහරපෙන් බයින්න තරම් යෙධා නරක කොල්ලෙක් නෙමෙයි..

මොකද යෙධා තමන්ට නොගැලපෙන, විශේශයෙන්ම කෙල්ලො කියන ගෑනු පාර්ශවේ උන් එක්ක පැටලෙන්න යන කොල්ලෙක් නෙමෙයි.

අඩුම ගානෙ ඕනම දේකට ඇරෙන්න කෙල්ලෙක් එක්ක කතාවකටවත් යන්නෑ යෙධාට කොහොමත් කටකාර කෙල්ලන්ව එයාට පේන්න බැ ඇලජික්..


ඉතින් 
 යෙධාගෙ කේන්තිය ඊයෙ දවස පුරා තිබ්බ නිසා අහන්න බැරි උනු හිතෙ පැසව පැසව තිබ්බ ප්‍රශ්නය මෙත් හිමින් සැරේ යෙධා ඉස්සරහා දිග ඇරියෙ ප්ලේට් එකෙ අවසානෙටම ඉතුරු උනු වඩේත් තමන්ගෙ අතට අරන් කටේ ඔබාගන්න ගමන්.

.. අර පොඩි හු* ගැනද අහන්නෙ..

මෙත්ගෙ ප්‍රශ්නෙ ඉස්සරහා යෙධා ආයෙම ප්‍රශ්නයක් අහන්නෙ මෙත් කටේ ඔබාගත්ත වඩයෙන් කෑල්ලක් දියන්කියලා මෙත්ට ඇස් වලින් ඉගි කරලා 


*ඔව් ඔව් ඒකි ගැන තමා.උබව ඒකි කෙනිත්තුවෙ උබ ගැහුව නිසා.උබගැහුවෙ ඒකි උබට හිනා උනා කියලා නම් පන්තියෙ උන් සේරොම උබටයි මටයි අරුන්ටයි හිනා උනානෙ.ඇයි උබ ඒ චුට්ටං බට්ටිච්චි එක්ක රණ්ඩු වෙන්න ගියේ*

නලලත් රැලි කරලා ඉනටත් අත් දෙක තියන් යෙධාට වඩෙ කෑල්ලක් දෙන ගමන් මෙත් යෙධාට ප්‍රශ්නෙ සැකෙවින් විස්තර කළා.

.. නෑ ඕකි එක්ක මට වෙන ගනුදෙනුවක් තියෙයි..

ගත් කටටම මෙත්ට උත්තර දෙන ගමන් මෙත් දුන්නු වඩේ කෑල්ල යෙධා දාගත්තෙ තමන්ගෙ කටට.

*මොකක්.උබ මීට කලින් ඒකිව දන්නවද? උබ මට කියලා නැ.අරුන්ට කිව්වා වෙන්නත් බෑ එහෙනම් උන් මට ඊයෙ කියන්න එපැයි*

*කවුද ඒකි.හංගන්නැතුව කියපන්කො* තමන් අහපු ප්‍රශ්නෙ ඩෝන්ට් කෙයා ගානට දාලා උත්තර දුන්නු යෙධාගෙ ඇගට කඩා පයින ගමන් මෙත් අහන්නෙ යෙධාගෙන් කටේ සද්දෙත් ටිකක් වැඩි කරලා 


.. ඒක රහසක්.මං ඇරෙන්න උබවත් අරුන්වත් දැනගන්න ඕනි නෑ

ආයෙම ඕක අහන්නත් එපා .දැනගන්න ඕනි කියලා හිතුනොත් මංම උබලට කියන්නම්.
..

යෙධා උත්තර දුන්නෙ ඉදන් උන්නු කැන්ටින් බැම්මෙන් නැගිටලා වතුර කරාමෙ දිහාවට ඇදෙන ගමන්

*අනේ මන්දා,උබ මට කොළේ වහන එක තමා මට පෙන්නන්නම බැරි හු * , අරුන් විශ්වාස නොකලත් ඇයි බැරි උබට මාව විශ්වාස කරන්න*

යෙධාගෙ උත්තරේට හිත රිදවගත්තු මෙත් අහන්නෙ කරාමෙ දිහාවට යෙධා පස්සෙන්ම ඇවිදන් ගෙනම යන ගමන්..

..උබ දන්නවනෙ මං ගෑනු වගෙ තැන තැන දේවල් කියවන්නැ කියන්න

 ඔය හු* ගෙ රෙද්දවල් නම් මට කොහොමත් කියවන්න ඕනි නෑ

ඕකි ඉන්න තැනක මං ඉන්න ආසාත් නැ .අනික 
 දැන් එව්වා වැඩකුත් නැ,ගෑනු එක්ක එල්ලි එල්ලි යන්න මට උවමනාකුත් නැ.

අරුන්වත් එක්කන් වරෙන් එහෙනම් මං යනවා ක්ලාස් එකට ...

මෙත්ගෙ පිටටත්තට්ටුවක් දාලා මෙහෙම කිව්ව යෙධා තමන් දිහා බලා ඉන්න මෙත්ගෙ ඇස් වල තිබ්බ ප්‍රශ්නෙ ගනන් නොගෙන 
ඇවිදන් එන්න ආවෙ තමන්ගෙ පන්තියට යන්න ටෙක් එක දිහාවට.

,,

මෙත්වත් අනික් තුන්දෙනාවත් කැන්ටිම ගාව දාලා තනියෙන්ම ඇවිදන් ආපු යෙධා ඇවිත් නතර උනේ තමන්ගෙ පන්ති කාමරේ ගාව උලුවස්ස ගාවින්.

ඒ මොකවත් හින්දා නෙමෙයි 


නමෝ විත්තියෙන් යෙධාට පේන්න බැරි කොණ්ඩ කරල තමන්ට පේන්න බැරි උස පොල් නට්ටා තමන්ගෙ පිටිපස්සෙ ඉන්නවා කියලා නොදැන කොස්සත් අතේ තියන් අනික් අතින් තමන්ගෙ ඩෙස් එක අදින ගමන් කොල්ලන්ගෙ එහා පෝළිමේ කෙළවර අතු ගාන කෙල්ලගෙ යාලුවා උන සමා එක්ක බරසාර ඕප දූපයක් කියොන ගමන් හිටපු නිසා...

" ඒකි මාව දැක්ක ගමන් ශොක් උනා ආයෙ නෑ,පුලුවන් නම් ඒකි එතනම හොල්මනක් වගෙ වාශ්ප වෙලා යනවා " 

යෙධාට පේන්න බැරි කොණ්ඩ කරල ඩෙස් එකත් අදින එක පැත්තකින් තියලා හිනාවෙන්නෙ දෙකට තුනට නැමිලා ඩෙස් එකටත් අතකින් පාරක් ගහලා..

 ඒ මදිවට තාදි ඉන්නෙ හිනා වෙවි පාර හරස් කරන් ඩෙස්ක් එකත් ඇදලා දාලා .නිසා යෙධාට පන්තියට ඇතුල් වෙන්න බෑ මොනා කලත්

 ඉතින් ඒ නිසා යෙධා තාමත් උලුවස්ස ගාව හිටගෙන බලන් ඉන්නෙ එහෙට මෙහෙට ඇඹරි ඇඹරි කැකිරි පලන කෙල්ල කොයිවෙලෙ තමන් මෙතන ඉන්නවා කියලා දැනගෙන තමන්ට පන්තිය ඇතුලට යන්න දෙයිද කියලා හිත හිත..

කටින් පිම්බත් විසි වෙලා යයි..තමන්ගෙත් , තමන්ගෙ ඇස් ඉස්සරහා තමන්ට පිටුපාලා ඉන්න තාදිගෙත් රුවවල් සසදනකොට යෙධගෙ හිත යෙධාටම කිව්වෙ එ විදියට...

අලියයි කූඹියයි තරම් නැතත් සැලකිය යුතු ශරීර වෙනසක් යෙධා අතරෙයි තාදි අතරෙයි තිබ්බා ඇත්තටම 

තත්පර කීපයක් ගත උනත් තාදිට තාමත් යෙධා ඉන්නවා කියලා ගානක් නොවෙද්දි 

පාරත් හරස් කරන් කැකිරි පලන තමන්ගෙ බඩේ උඩ හරියට වගෙ වෙන්න උසක් තියෙන කොණ්ඩ කරලගෙ කනක් ගාවට 
ළං වෙලා යෙධා කිව්වෙ

තමුසෙව මං වාශ්ප කරන්න කලින් පාරෙන් අයින් වෙනවද?.. කියලා.


" ඇ..හ්.හ්.." හිතපුවත්නැති වෙලවක කන ගාවින් ඇහුනු ගැඹුරු පිරිමි කටහඩට තාදි ගැස්සිලා ගියෙ කැකිරි පලපු කැකිරි සිනා පැලිලා ගිහින් පෑල දොරින්ම නැති වෙලා යද්දි 

ගැස්සුනු පාර තමන්ගෙ කන ගාවින් තර්ජනේ දාපු කොල්ලා මොකාද කියලා තාදි බැලුවෙ බය උනු කලු ඇස් බෝල ලොකු කරන් චූටි ඔලු ගෙඩිය අංශක අනුවටම හරෝගෙන 

" ආයිශ් මේ උස පොල්නට්ටනෙ " කන ගාව කෑගැහුවෙ මොකාද කියන්න බයේ ගැස්සිලා ඔලුව හරෝලා බලපු පාර මූණේ ගෑවෙන නොගෑවෙන තරමට ඉන්න යෙධාව දැකලා තාදි හිතින් තමන්ටම කියාගත්තෙ ක්ශනිකව තමන්ගෙ මූණ යෙධාගෙ මූණ ගාවින් පස්සටත් කරගන්න ගමන්..

" ර් ර් හරිම කරදරකාරී,මොකද තවුසෙ මදුරුවෙක්ද කන ගාව කූන් කූන් ගාන්නේ "

කටත් ඇද කරලා රවන ගමන් තාදි ඇහුවෙ යෙධාගෙන් කොස්ස නැති නිදහස් අත තමන්ගෙ ඉනටත් තියාගන්න ගමන් 

..කොට ගෑනුන්ට කන ළග කූන් ගෑවෙ නැත්නම් ඇහෙන්නැනෙ

special තමුසෙ වගෙ කොට හු* ක්ට..

සරදම් හිනාවක් කට කොනකට ගන්න ගමන් යෙධත් උත්තර දුන්නෙ නැවුනු කොන්ද ආයෙම තනි කෙලින් කරගන්න ගමන් 

" අනේ මේ ඕයි.තමුසෙ මට කුනුහරප කියන්න එපා,ආයෙ කොල්ලෙක් කියලා බලන්නැ මාත් දන්න කුනුහරප ඔක්කොගෙන්ම තමුසෙව අමතනවා හරිද?"

අඩියකුත් හප්පලා තාදි කිව්වෙ යෙධාව මරන් කන්න තරම් සැර බැල්මක් දාලා 


.. කුනුහරප දන්නැත්නම් අහනවකො.කියලා දෙන්නම්,දැන් අයින් වෙනවා පාරෙන් මේක තමුසෙගෙ පන්තිය විතරක් නෙමෙයි..

 ලාවට කේන්ති ඇස් වලින් තාදි දිහාම බලාගෙන යෙධා කිව්වෙ අඩියක් තියලා උලුවස්සෙන් මිදෙන ගමන් 

" යනවකො ඉතින්වද නොදි.ම්හ්.මං අල්ලන් හිටියවෑ" 

තාදිත් යෙධාට ගස්සලා අහක බලන් හිමින් සැරේ පාරෙන් අයින් උනෙ වැරැද්ද මගේ උනත් ඔහෙට නම් සෙකන්ඩ් වෙන්නැ කියලා යෙධාට නොකියා කියමින්..

වැරැද්ද තමන්ගෙ කියලා දැනගෙනත් ගස්සලා පුප්පලා රවන් හැරුනු තාදි දිහා ඇස් කොනින් බලාගෙනම යෙධා ඇවිදන් ඇවිත් නතර උනෙ බිත්තිය අයිනෙ තිබ්බ තමන්ගෙ පුටුව ගාවින්..

එ නතර උනු යෙධා ඊගාවට මේසෙ උඩ තිබ්බ බෑග් එක 
පුටු ඇන්දෙ එල්ලලා ඉවර වෙලා පුටුවෙන් වාඩි උනෙ දිග අන්ඩක් තාදිගෙ මේසයක් නැති පුටුව තියෙන දිහාවටත් දිග් කරලා 

තමන්ගෙ දිග් උනු කකුල තාදිගෙ පුටු කකුල දිහාට දිග් කරලා අවසන් වෙනවත් එක්ජම 

යෙධාගෙ කකුලක් තමන්ගෙ පටු කකුල් හරහා ගිය යකඩ දන්ඩට වැටෙනවා දැක්ක පාර තාදි එක සීරුවට කියවන් ගියෙ 

" ඕයි.ගන්නවා ඔය දිග් දන්ඩ,ඕක මගෙ ඒරියා එක ,තමුසෙට බෑ එහෙම මගෙ ඒරියා එකට අඩිය තියන්න

හොද හිතින් ඒ නිසා ගන්නවා ඔය අන්ඩ.දිගයි නම් කපන් එන්න මගෙ පුටුවෙන් නම් තියන්න එපා මට හෙලවෙන්නවත් බැ"

කියලා..

අනේ අම්මපා 

සාමකාමීව ඉන්න කැමති උනත් මොකද තාදිට ඇත්තටම මේ යෙධා එක්ක එල්ලෙන්නෙ නැතුව ඉන්න බැරි ඇයිද කියන්න තාදිවත් දන්නෙ නෑ 

ඒ අතකින් පාරක් හරි එල්ල උනොත් මැ|රි|ලා වැටෙනවා කියලා දැනගෙනත් තාදිටත් ඕනි මොනාම හරි කියලා යෙධාව පල් කරලා දාලා සතුටු වෙන්න

නොහිතපු වෙලාවක තමන්ව බය කලා වගෙ තමන්ගෙ වචන ඉස්සරහා යෙධාත් ගැස්සුනු බවක් තාදිට පෙනිලා යනකොට හිත ඇතුලින් නොසෑහෙන්න සංතෝස උනු තාදි රවන්න පුලුවන් උපරිම ප්‍රමානෙන් තමන් දිහා බලන් ඉන්න යෙධාට රවලා අතු ගාන්න ගත්තෙ පන්තිය අතෙ තිබ්බ කොස්ස අරන්..

_________________________