පෙර කොටසට 👇
https://whatsapp.com/channel/0029VbD9WihKmCPZJAtjov0N/325
_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *විසිහයවන කොටස (26)*
පෙර කොටසින්,,,
මලිත්ගෙ වචන වලට ඇදෙ උන්නු ඉරියව්ව වෙනස් කරලා ඇද උඩින් වාඩි උනු ඉදුවර මලිත් දුන්නු තේක අරන් මලිත් එක්ක පටන් ගන්න හැදුවෙ ඉතාමත් බැරෑරුම් කතාවක්...
_____එතැන් සිට_________________
එදා උනු සිද්ධියෙන් පස්සෙ සුමාන දෙකක්ම හීයක වේගෙන් ගෙවිලා ගියෙ ඉදුවරගෙත්,අහිලිගෙත්,සුදු හාමිනේගෙත් ජීවිත වල ගමන් මාර්ගය වෙනස් කරලා
ඉදුවර එදා මලිත් එක්ක කතා බහ කළාට පස්සෙ තිරණය කළේ මලිත් අදුරන කොළඹ ගරාජ් එකක වැඩට යන්න.
ඒ නිසාම දැන් ඉදුවර වැඩ කරන්නෙ බණ්ඩාරවෙල නෙමෙයි කොළඹ
අවුලක්ම නෑ ඉතින් එතන වැඩ.කොළඹ ලොකු තැනක් නිසා කලින් වැඩ කරපු තැනට වඩා වැඩ වැඩී..වාසියක් විදිහට ඒ වැඩ තොගේටම හරියන්න පඩිත් වැඩී.
ඒ නිසා පුරස්නයක්ම නෑ.
අනිත් එක අපේ ඉදූ කොල්ලා දැන් මෝටර් බයිසිකලේක අයිතිකාරයෙක්..
වැඩට ගිහින් සුමානයක් යද්දිම කොල්ලා වැඩි වැඩ නැති මෝටර් බයිසිකලයක් ගත්තෙ ගෙවීමෙ ක්‍රමයට
බෝඩිම් වෙලා ඉන්න නිසා කොහොමත් කොල්ලා මෝටර් බයිසිකලයක් ගත්තු නිසා හොදට ගියා.නැත්නම් නැහිලා හම්බෙන පඩිය වැඩිමනක්ම ගෙවිලා යන්නෙ පාරෙ යන බස් රථවලට
දියුණු වෙන්න ඕනි නිසාම රැයක් දවාලක් නොබලා ඉදුවර නැහෙනකොට බෙරලිගල්ල වලව්ව මේ සුමාන දෙකට කළ එළි උනෙ
අපෙ සුදු හාමිනේගෙ හදිසි මංගල්‍යෙට...
එදා උනු සිද්ධියත් එක්ක මහ නිළමේ තීරණේ කළේ සුදු හාමිනේගෙ අධ්‍යාපන කටයුතුත් කරලා සුදු හාමිනේව දීග දීලා බෙරලිගල්ල වලව්වෙන් වගෙම ගමේන්ම ඉක්මන් කොරලා පිටමං කොරන්න
මොකද හිතුවක්කාරයි කියලා හිතා උන්නු එකීට වඩා සුදු හාමිනේගෙ ඇඩිල්ල ඔක්කොටම වඩා වැඩී කියලා එදා උනු දේත් එක්ක මහ නිළමෙට හරි හැටි පැහැදිලි වෙලා ගියා.
ඉතින් ඒ හින්දම
හෙව්වා එදා සිද්ධියෙන් පස්සෙ සුමානයක් අහවර වෙනකොට වලව්වෙ පැලැන්තියට ගැලපෙන බෑණෙක්ව
මිනිහා ඉංජිනේරුවෙක්.නුවර පළාතෙ මුදියන්සේ පරම්පරාව අරන් යන වලව්කාරයෙක්.
වයසින් තමා අවුරුදු පහක් වැඩිමල්.පෙනුමින් නම් ඉලන්දාරියා සුදු හාමිනේට කැපෙන ලස්සනකින් උන්නා
පින්තූර වලින් දැකලා නොවෙයි මේ කියන්නෙ.උන්දැ ආවානෙ ගිය සුමානෙම ඉරිදා දවසක මනමාලි බලන්න
දෑහැට දැකලයි මේ කියන්නෙ.
සුදු හාමිනේ බිම හැපිලා,බෙහෙත් බොන්න හදලා ,මොන මොන විගඩම් නැටුවත් අහිලි එක්කයි මහ නිළමෙ එක්කයි දීග යනවා ඇරෙන්න වෙන කොරන්න කිසිම දෙයක් සුදු හාමිනේට නැති වෙනකොට හෙට උදා වෙන පුර පෝය දවසට සුදු හාමිනෙගෙ මංගල්‍යයෙ තීන්දු උනේ මහ නිළමෙගෙත් අහිලිගෙත් හිත් දෙක නිදහස් කරලා.
___ *පහුවෙනිදා උදෑසන*
*බෙරලිගල්ල වලව්ව* වෙනදටත් වඩා වැඩියෙන් දිස්නෙ දිදී තිබුනෙ වලව්වෙ පොඩි දුව උනු සුදු හාමිනේගෙ කසාද දවස හින්දා
ගජරාමෙට එක ඕසෙට වලව්වෙ වැඩට ඉන්න මිනිස්සුන්ට අද වැඩ.අද විතරක් නෙමෙයි මේ ගෙවුනු සුමානෙම උන්දැලට වැඩ
අහිලි තමයි වෙන කාටත් වැඩියෙන් මේ මංගල්‍යයෙ වැඩ කටයුතු ටික ඉහ මුදුනෙන් භාරගත්තෙ
මොකද
අහිලිට ඕනි ඉක්මන් කරලා සුදු හාමිනේව ඇණයක් නොවෙන්නම යවලා දාන්න. සුදු හාමිනේ ඉදුවරව හිතින් අත අරිනකම්
අහිලිට නින්ද යන්නෙ නෑ
ලොකු කුමාරිහාමි..නිකන් නෙමෙයිනෙ අපි ඉතින් අහිලිට කුමාරිහාමි කියන්නෙ..
මහ නිළමෙට නම් මේ එක්කලා අහිලිවත් පිටමං කරලා දාන්න ඕන උනත් *වද දුන්නොත් කියනවා වත ගොත සේරම* කියලා
බය කරපු නිසා කටවහන් අහිලිට ඕනි විදිහට නටන්න දීලා මහ නිළමෙත් සුදු හාමිනේව පිටමං කරන එක ගැන විතරක් හිතුවෙ ඉදුවර ගමට එන්න කලියෙන් කරගන්ඩ ඕනි දෙයක් කරගන්න ඕනි නිසා..
,,,
උදෑසන 11 වෙද්දි වලව්වට ගෙන්වපු ලියාපදිංචිකාරයෙකුට කියලා සුදුහාමිනෙගෙයි ඉංජිනේරු මහත්තයගෙයි කසාදය කරන්නයි හැමෝම ලැහැස්ති කරලා උන්නෙ
ඇස් දෙක මළානික උනත් පිවිතුරු සුදු නෙළුමක් වගෙ සුදු හාමිනේ සැරසිලා හිටියෙ කාටත් වඩා හරි ලස්සනට
*මයෙ සුදු හාමිනේ.මට තේරෙනවා ඔය හිතෙ තියෙන දුක.මක් කොරන්නද මැණිකෙ අපි හිතන පතන සේරොම අපිට කොරන්ඩ බෑනෙ*
සුදු හාමිනෙගෙ ලස්සනම දවස වෙනුවෙන් උදව් පදව්වට ආ කුසුමා ඇස් දෙකෙ කදුලු පුරවන් ඔහෙ බලාගත්තු අත බලන් ඉන්න සුදු හාමිනේට කිව්වෙ සෙනෙහසින්
හ්ම් සද්දයක් නෑ සුදු හාමිනේගෙන් නම් කුසුමහෙ වදන් වලට
ඔය තරම් තමන් ගැන හිතනව නම් ඉදුවරව තමන්ට නොදි ගමෙන් පිටමං කළෙ මොකද?
සුදු හාමිනෙගෙ ඉදූ අයියව
ගමෙන් පිටමං කරපු ආරංචිය කන වැකුනු දවසෙ ඉදන් සුදු හාමිනෙ කුසුමා එක්ක කතා නොකරන්නෙ ඔය කාරණාවට..
කුසුමත් අශිනි උනු සුදු හාමිනෙත් ඉන්න කාමරේට අහිලියි මහ මැණිකෙයි ඇතුළ් වෙනකොට කුසුමා බාල්දුවට හිස නමාගෙන කාමරෙන් එළියට ගියේ අහිලිගෙ ඇස් වල තිබ්බ විධානෙට
තමන්ගෙ අම්මත් එක්ක කාමරයට ආව අහිලි බලන් උන්නෙ සුදු සාරියකින් හැඩ වෙලා උන්නු තමන්ගෙ නංගිව
කරොලිනා මැණිකෙගෙ නම් තුන් හිතකවත් අද ගැන සංතෝසයක් නැ.මොකද මැණිකෙ දන්නවා කාටත් වඩා තමන්ගෙ පොඩි දුවගෙ හිත ගැන
මොනා කරන්නද? හැමදාමත් කට වහන් උන්නු තමන්ට පුලුවන් අදත් කට ව්හගෙන ඉන්න
කරොලිනා මහ මැණිකෙට ඔහෙ ඉන්න තමන්ගෙ පොඩි දුවව දැකලා හැඩුම් එනකොට අහිලි තදින් කිව්වෙ
"අම්මෙ අඩන්න නම් ලෑස්ති වෙන්න එපා අද වගෙ සුභ දවසක" කියලා
*මහ මැණිකෙ* අහිලිගෙ වචනෙට බයේ ඇස් වල පිරුනු කදුලු වාවගත්තෙ හරි ඉක්මනින්.
පස්සෙ හිමින් සීරුවෙ ඇදුනෙ සුදු හාමිනේ ගාවට..
*මගෙ මැණිකෙ.අම්මට සමාවෙන්න රත්තරනේ* අහිලිට බයෙ හැඩුම් වාවගන්න ගමන් මහ මැණිකෙ සුදු හාමිනෙගෙ හිස අත ගෑවෙ ආදරෙන් වගෙම කියාගන්න බැරි දුකකින්..
වලව්වක වාසගම නමේ කොණක තියන් වලව් ලේ ඇග පුරා දිව්වට මොකද?
උසස් පැලැන්තියක උනත් ගෑනුන්ට තියෙන්නෙ පිරිමින්ගෙ ඕනෑ එපාකම් විතරක් ඉස්ට කොරලා කන පාත් කරන් ඉන්න තියෙනකොට
මහ මැණිකෙගෙ කටහඩට සුදු හාමිනෙත් මහ හයියෙන් විලාප දෙන්න පටන් ගන්නකොට අහිලි නම් මූණ ඇඹුල් කරගත්තෙ මේ දෙන්නගෙ අදෝනාව අහන්න අකමැත්තෙන්
________________________
ලොකු කුමාරිහාමි දුස්ටයි කිව්වෙ නිකන්ද?
ඇත්තටම සුදු හාමිනෙ බදීද ඉතින්🌝