Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:57

අහංකාර වලව් හාමිනේ - 27

පෙර කොටසට 👇
https://whatsapp.com/channel/0029VbD9WihKmCPZJAtjov0N/328

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *විසිහත්වන කොටස (27)*

පෙර කොටසින්,,,

මහ මැණිකෙගෙ කටහඩට සුදු හාමිනෙත් මහ හයියෙන් විලාප දෙන්න පටන් ගන්නකොට අහිලි නම් මූණ ඇඹුල් කරගත්තෙ මේ දෙන්නගෙ අදෝනාව අහන්න අකමැත්තෙන්

______එතැන් සිට__________________


හෝරා කිහිපයක්ම ගෙවිලා ගිහින් අහිලිගෙත් මහ නිළමෙගෙත් පූර්ණ ආරක්ෂාව මැද සුදු හාමිනේගෙ ජීවිතෙන් සදහටම ඉදුවරට යන්න උනේ සුදු හාමිනේ නුවර වලව්වක ඉංජිනේරු මහත්තයට නීතියෙන් අයිති උනු නිසා 

සුදු හාමිනේ ගෙදරින් ගිහින් දැන් පැය කිහිපයක්..මහ නිළමෙ නම් සතුටින් මත්වතුර ඩිංගක් තොල ගාන්නෙ හිතපු විදිහටම එක බරක් නිදහස් උනු නිසා

මහ මැණිකෙ නම් සයනෙට බර වෙලා කදුලු සලන්නෙ නිළමෙගෙ හිතෙ සතුටට හාත්පසින්ම විරුද්ධ ව.

මහ නිළමෙට නොදැවෙනිව සුදු හාමිනේව යවාගන්න දගලපු ලොකු කුමාරිහාමිගෙත් හිත සතුටින් පීදෙනකොට මහ නිළමෙ උන්නු කාමරයට අහිලිත් ඇතුළ් උනෙ අත පිරෙන්නම වයින් වීදුරුවක් පුරෝගෙන

,,

මත් වතුර ටිකින් ටික උගුර පල්ලට යවන ගමන් උන්නු මහ නිළමෙ හොද හිනාවක් දාන ගමන් තමන්ගෙ කාමරයට ඇතුල් උනු ලොකු කුමාරිහාමිව පිළිගන්නෙ සංතෝසෙන්

*වාඩිවෙයන් ලොකු දූ* හොද පදමට මත් උනු නිළමේ තමන් වාඩි වෙලා උන්නු අසුනෙන්ම ඉඩක් වෙන් කළෙ අහිලිට

" අප්පච්චි හරිම සංතෝසෙන් වගේ" 

නිළමෙගෙ ඇරයුම පිළි අරගත් අහිලි මහ නිළමෙ ගාවින්ම වාඩි වෙන ගමන් මෙහෙම අහන්නෙ තමන්ගෙ අප්පච්චිගෙන්

අහිලිගෙ ප්‍රශ්නෙට නිළමෙට ගියේ හරිම ලස්සන හිනාවක්..

*නැතුව නැතුව.එක බරකින් මං නිදහස් උනා නෙව* මත් වතුරට පින් සිද්ද වෙන්න රතු උනු ඇස් වලිනුත් බර උනු කටහඩිනුත් මහ නිළමෙ කියවන් ගියෙ අත රැදි මත් බදුනට අතැගිලි වලින් තට්ටු කර කර

මහ නිළමෙගෙ සංතෝසෙට අහිලිටත් වාදෙකින් තොරවම එකතු වෙන්න පුලුවන් වෙනකොට අහිලිත් චියර්ස් කියලා වයින් වීදුරුව එක කටට හලාගත්තෙ හරි සතුටින්...

__,,

දවස තිස්සෙම වාහන එක්ක ඔට්ටු වෙලා නැහුනු නැහුනු ඉදුවර අම්මගෙන් ආපු ඇමතුමකට සම්බන්ධ උනෙ බෝඩිමට ඇවිත් නාකියාගත්තු ගමන් 

ඉදුවර තාම දන්නෙ නෑ සුදු හාමිනෙ බැන්දයි කියන්න..කුසුමා කලින්ම කිව්වෙත් නෑ කෝකටත් හොදයිනෙ කියලත් 

ඒත් අද සුදු හාමිනේ දීග ගිය නිසාමත් ඊගාවට ලොකු කුමාරිහාමි තමා කියලා නොකියා කියන්නත් හිතාගෙන කුසුමා ටෙලිපෝන් කළේ ඉදුවර අරන් දුන්නු පොඩි පෝන් එකෙන් තමන්ගෙ සුදු පුතාට

*සුදු පුතෙ* ඉදුවර දුරකථන ඇමතුම ගත්තු ගමන් එහා පස උන්නු කුසුමා ආදරෙන් කතා කළෙ ඉදුවරට

..අපෙ අම්මා...සුදු හාමිනේට උනු දේ ගැන හාංකවසියක්වත් නොදැන ඉදුවරත් කුසුමට උත්තර බැන්දෙ ඇගේ පතේ මහන්සියට ඇදෙන් ඇල වෙන ගමන් 

*කාලා එහෙමද?* මුලින්ම කාරණේට එන්ඩ කලියෙන් කුසුමා ඇහුවෙ ඉදුවරගෙන් වතගොත විස්තර

ඉදුවරත් ඉතින් විනාඩි දහයක් දිගට ඇදුනු වගතුග ඇහිල්ලට උත්තර බැන්දෙ අකුරක් නෑර අම්මගෙ කනේ තියන ගමන්

නොරිස්සුමක් ඇති උනා ඉදුවරට එදා නම් අම්මා ගැන.ඒත් කල් යද්දි අම්මට දැනුනු බය සාධාරණයි කියලා තේරුනු නිසාත් මේ ලෝකෙ කාටත් වඩා තමන් ආදරෙ කරන්නෙ අම්මටත් නිසා ඉදුවරගෙ හිතෙ ඇති උනු නොරිස්සුම නැති වෙලා ගියෙ වාෂ්ප වගෙ..

හිමින් සැරේ කාලෙ ගෙවිලා ගිහින් කුසුමා කියන්න ගත්තු සැබෑම කාරණේ කියන්න වෙලාව එනකොට හිමින් සැරේ කුසුමා කිව්වෙ *අද සුදු හාමිනේ දීග ගියා* කියලා..

හිමින් සැරේ කතාව ඉදුවරට කියාදානවත් එක්කලම උණුසුම් පුවත කනට වැටුනු ඉදුවරට නොහිතාම උනත් කෙලින් උනෙ ඇදේ ඉදන්ම

..ඇත්තද අපෙ අම්මා කියන්නෙ.. කුසුමා කිව්ව දේ විශ්වාස කරන්න බැ වගෙ කියලා හිතෙනකොට ඇස් අග්ගිස්සෙ මැවෙන සුදු හාමිනෙගෙ රුව මතකෙ තියන් ඉදුවර ඇහුවෙ කුසුමගෙන්

*ඔව් පුතෙ.ගිය සුමානෙමයි තීන්දු උනෙ.අද කසාද බන්දලා යැව්වා*

*නුවර ඉංජිනෙරු මහත්තයෙක්.ඊගාවට ඉතින් ලොකු කුමාරිහාමි තමා* 

කියන්න ඕනි වගතුග ටික කෙටියෙන් කියලා අවසානෙට අවශ්‍යම දේ ඉදුවරගෙ කනට කුසුමා දැම්මෙ දුරකථනය හරහා.

කුසුමගෙ ඒ වචනත් එක්ක ඉදුවරගෙ හිතට කලබල වෙන්න ගියේ මිලි තත්පර ගානයි.

දාඩියත් උනනවා වගේ කලබල උනු පාර ඇදෙනුත් නැගිට්ටුනු ඉදුවරට දැනුනෙ පපුව හරිය හිරවෙනවා වගේ..

සුමාන දෙකක් විතරක් දැනට ගෙවිලා ගිය නිසා ඉදුවර හිතාන උන්නෙ මාසයක් ගෙවිලා ගියහම අම්මට හොරෙන් ගමේ රෑට ගිහින් කරක් ගහලා ලොකු කුමාරිහාමිව බලලා එන්න

ඉදුවරට ඕනි නෑ ලොකු කුමාරිහාමිව අතාරින්න..ඒත් තමන් පරක්කු උනු මේ සුමාන දෙකට නිකමට හරි සුදු හාමිනේ වෙනුවට ලොකු කුමාරිහාමි දීග ගියා නම් කියලා හිතෙනකොට හිර උනු ඉදුවරගෙ පපුව තව ටිකක් හිර වෙන්න ගත්තෙ ක්ශනිකව..

,,
විනාඩියක් දෙකක්..ම්හු විනාඩි දහයක්..

කුසුමා ඇමතුමේ ඉන්නකොටම ඉදුවර වැටුනෙ බර කල්පනාවකට

කොල්ලගෙ ඇගෙ මයිලුත් කෙලින් උනා වගෙ නිකන් හරි අද දීග ගියෙ ලොකු කුමාරිහාමි කියලා හිතනකොටත් 

විනාඩි දහයක් විතරම තමන් කිව්ව කාරණාවත් එක්ක තමන්ගෙ පුතාගෙන් සද්දයක් නැති වෙනකොට ඊගාව හෙණ ගෙඩිය කුසුමා දුන්නෙ ආයෙමත් ඉදුවරට.

________________________

සල ලල ලා..කතාව ඉවර කරන්නයි යන්නෙ...