පෙර කොටසට 👇
https://whatsapp.com/channel/0029VbD9WihKmCPZJAtjov0N/308
_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *විසිපස්වන කොටස (25)*
පෙර කොටසින්,,,
මට යන්න බෑ අපෙ අම්මා.ආයෙ එහෙම මොකුත් වෙන එකක් නෑ
කියලා කියන්න ඉදුවර කොච්චර උත්සාහ කළත් කුසුමගෙන් ඒකට ඉඩක් නැති වෙනකොට කුසුමා අඩියට දෙකට ඉදුවරගෙ කාමරේට ගිහින් ලෑස්ති කරන්න ගත්තෙ ඉදුවරව ගමින් පිටමං කරන්න ඕනි කරන රෙදි පෙරෙදි ටික..
____එතැන් සිට_________________
ඉදුවරගෙ කාමරේට වැදුනු කුසුමා පරණ ගැහුනු කලු පාට ට්‍රන්ක් පෙට්ටියකට දාන්න ගත්තෙ පුංචි කබඩ් එකක තිබුනු ඉදුවරගෙ රෙදි පෙරදි ටික
ඉදුවර නම් ඉන්නෙ තමන්ට කතා කරන්න ඉඩ නොතියා අමුතුම ජවයක් ලැබුනා වගෙ පරණ ගැහුනු ට්‍රන්ක් පෙට්ටියට තමන්ගෙ රෙදි පෙරෙදි අඩුක් කරන අම්මා දිහා වේදනාවෙන් උලුවස්සට බරවෙලා බලන ගමන්
රෙදි පෙරෙදි අඩුක් කළා.කොහු ඇද යට තිබ්බ ඉදුවරගෙ ඇණ නියන් තිබුනු මල්ල එබුවා
පැය භාගයක් විතර යනකොට ඉදුවරට තිබ්බෙ පුංචිම පුංචි බඩු ගොඩක් හින්දා කුසුමා ට්‍රන්ක් පෙට්ටියෙ සිපර් එක වැහුවේ ඉදුවරගෙ සේරොම බඩු මුට්ටු ටික ට්‍රන්ක් පෙට්ටිය ඇතුළෙ අඩුක් කරලා
..අපෙ අම්මා කියන දේ ඩිංගක් අහන්නකො.. අවසාන වතාවටත් උත්සාහෙ අත් නොහැර ඉදුවර කතා කරන්න උත්සාහ කළේ තමන්ගෙ අම්මට
*කටවහගෙන ඇදගනින් මේ සූට් එක.ටවුමෙ ඉන්නවයි කිව්වා නේද උබෙ මලිත් කියල යාලුවෙක්*
*උට ටෙලිපෝන් කරලා අද උබ එහෙ එනවා කියලා කියපන් සුදු පුතෙ*
ගත්තු අවසාන උත්සාහයත් ගගට ඉනි කැපුවා වගෙ වෙන්ඩ ඇරලා කොහු මෙට්ටෙ උඩින් තිබ්බ කලු කමිසෙකුත් අලු කලිසමත් පෙන්නලා කුසුමා ඉදුවරගෙ කාමරෙන් එළියට ගියෙ ඉදුවර දිහා නොබලා
දුකක් නැතුවා නෙමෙ කුසුමට ඉදුවර යවනවට.ඒත් අද උනු දේවල් , බොරලු පාරෙදි නොහිතා තමන්ගෙ පුතාගෙ කටින් පිටවුනු වදන්
මහා ගින්නකට අර අදින බව කුසුමට තේරුනා.
හොදම දේ මේක තමයි සුදු පුතෙ.උබට බෑ උබෙ නංගියෙක්ව කරකාර බදින්ඩ.
කොයි ලෝකෙවත් අහස පොළොව නුහුලන අපරාධ වෙලා තියෙනවද?
ඉදුවරගෙ කාමරෙන් සාලෙ කෑල්ලට ආ කුසුමා තමන්ගෙ හිතටම මෙහෙම කියාගන්න ගමන් අතට අහුවුනු ඇදුමක් අරන් තමන්ගෙ කාමරේට යන්න ගියේ තමන්ගෙ එකම පුතාව ගමෙන් පිටුවහල් කරලා දාන්න.
,,
ඉදුවරගෙ අකමැත්තෙන් කුසුමගෙ කැමැත්තෙන් හෝරා කිහිපයක් ගත වෙන තැනදි බෙරලිගල්ල ගමේ රූපයක්වත් ඇස් වලට නොගැටෙන්න ඉදුවරත් කුසුමත් බෙරලිගල්ල ගමෙන් ටවුම දිහාවට ඇදුනෙ ලංගම බස් රථයකින්.
ඉදුවර ගමෙන් පිටමං උනා කියලා අහිලිවත්,මහ නිළමෙ අහිලිව ඊයෙ හිර කළා වගෙ කාමරයක් ඇතුළෙ හිර කළ සුදු හාමිනේවත් දැනන් උන්නෙ නෑ..
ඉදුවරගෙ පපු කැනැත්ත දනවා දනවා වගෙ..ඉදුවරගෙ අහිංසක ඇස් අස්සෙ මැවෙන්නෙ සුදු හාමිනෙ තමන්ට ළං වෙනකොට ඉරිසියාවෙන් ගිනි ගත්තු අහිලිගෙ ඇස් වගෙම ඒ සුදු මුව කමල
ඉදුවරට අද තේරුනා ලොකු කුමාරිහාමි උනු තමන්ගෙ යානා තමන්ට කැමැත්තෙන් ඉන්නවා කියලා
සමාජෙ නිසා නිළමෙ නිසා තමන්ට හිතෙ තියෙන කැමැත්ත පෙන්නන්නෙ නෑ කියන දේත් ඉදුවරට තේරුනා
..මට ඔයාට නොකියා එන්න බැරි උනා මගෙ ලොකු කුමාරිහාමි
හැබැයි අපෙ අම්මා මොනවා කිව්වත් මං මේ ගමට ආපහු එනවා
එන්නෙ ඔයාව කැන්දන් යන්න බලාගෙනම පෝසත් මනුස්සයෙක් වෙලා..
ජනෙලේන් වදින ඉර රස්මියටත් හුළං පාර දිහාත් බලාගෙන ඉදුවර තමන්ටම සපත කරගත්තෙ ලොකු කුමාරිහාමිව අතාරින්න තරම් තමන්ගෙ හිතට වාරු නැති හින්දා..
ඉදුවර ලංගම බස් රථයෙ ආසනේකට වෙලා මෙහෙම කල්පනා කරනකොට කුසුමත් *උබට ආයෙම නම් මං ගම් පළාතට අඩිය තියන්නවත් ඉඩ දෙන්නැ මයෙ සුදු පුතෙ* කියලා සපත කරගත්තෙ කරන්න පුලුවන් හැමදේම කරලා තමන්ගෙ පුතාගෙ හදවතෙ ලොකු කුමාරිහාමි ගැන තියෙන හැගීම නතර කරනවා කියලා හිතන්.
___ A.E.C 𝓐.𝓔.𝓬
තවත් හෝරා දෙකක් පහුවෙලා ගිහින් තුනේ කණිසම පහු වෙනකොට ඉදුවරත් කුසුමත් බැහැගත්තෙ ගජරාමෙට මිනිස්සු,යාන වාහන එහා මෙහා දුවන බණ්ඩාරවෙල ටවුන් එකෙන්
*උබ අර කොලුවට ටෙලිපෝන් කළා නේද?*
බස් රියෙන් බැහැලා පදික වේදිකාවෙ අයිනකට වෙන ගමන් කුසුමා ඇහුවෙ තමන් ගාව ඉන්න පුතණ්ඩියාව විශ්වාස කොරන්ඩ බැරි සැකේකින්
..ඔව් අපෙ අම්මා.ඌ දැන් එයි අපෙ අම්මා යන්න මං ඌ ආවහම ඌ එක්ක යන්නම්..
තමන් දිහා ඔලුව උස්සලා සැකෙන් වගෙ බලන තමන්ගෙ අම්මව නොදැක්ක ගානට ඉදුවර කිව්වෙ බණ්ඩාරවෙල ටවුන් එකම ඇස් වලින් පීරමින්
*ඇයි උබ මගෙ ඇස් වහලා ආපහු ගමට යන්නද?*
*සුදු පුතෙ,උබ නටන්න හදන නාඩගම මට හොදට තේරෙනවා.එකක් මතක තියාගනින්*
*වලව්වෙ උන් කියන්නෙ උබට කරකාරෙට ගන්න පුලුවන් උන්දැල නෙමෙයි*
තමන් දිහා නොබලන සුදු පුතාගෙ බාහුවකට පහරක් ගහලා කුසුමා කියවන් ගියේ කේන්තියෙන්
.. අපෙ අම්මා මං දැන් ආවනෙ,ඩිංගක් කට වහන් සැර නොකර ඉන්නකො..
තමන්ගෙ යාලුවගෙ මෝටර් සයිකලේ තමනුයි අම්මයි උන්නු දිහාවට ඇදෙනවා පේනකොට ඉදුවර කිව්වෙ නොරිස්සුමෙන්
ඉදුවරගෙ වචනත් එක්ක කුසුමා ඉදුවරට තව පාරක් එල්ල කරනකොට
ඉදුවර එක්ක එක ගරාජ් එකෙ වැඩ කරපු මලිත්ගෙ මෝටර් සයිකලෙ ඇවිත් නතර උනෙ අම්මයි පුතයි හිටන් උන්නු පදික වේදිකාව ළගින්..
____,,,
මෝටර් සයිකලේ මලිත් ආවට පස්සෙ කුසුමව ගමේ බස් රියට නංවලා ඉදුවර ආවෙ මලිත් එක්ක මලිත්ගෙ නෝනයි අම්මයි මලිතුයි උන්නු ගෙදරට
දැන් නම් ඇවිත් ටිකක් වෙලා.ඒ නිසා හිතෙ දුක යන්නත් එක්ක නාකියාගත්තු ඉදුවර මලිත් එනකොට වැටිලා හිටියෙ මලිත්ගෙ ගෙදරින් දුන්නු කාමරේ ඇද උඩ
*මොකෑ බන් ගෑනි මැරුණු මිනිහා වගෙ.වෙනදට දාහක් ජාති කියොන මිනිහා අද සයිලන්ට්*
ඉදුවරට බොන්න නෝනා හදලා දුන්නු කිරි තේ එකත් අරන් ඉදුවරගෙ කාමරෙට එබුනු මලිත් කිව්වෙ ඉදුවර උන්නු විදිහ දැකලා
..මැරෙන්නත් ගෑනිව මගෙ ගෑනි කරන් ඉන්ඩ එපැයි බන්
මචං මලිතයා,මට උදව්වක් කරපන්කො..
මලිත්ගෙ වචන වලට ඇදෙ උන්නු ඉරියව්ව වෙනස් කරලා ඇද උඩින් වාඩි උනු ඉදුවර මලිත් දුන්නු තේක අරන් මලිත් එක්ක පටන් ගන්න හැදුවෙ ඉතාමත් බැරෑරුම් කතාවක්...
______________________
ලාල ලාල ලා..අදහස් කියන් යන්න.රියැක්ට් දාන් යන්න 😗🫶